ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාව මගින් සිනමා ක්ෂේත්‍රයේ නියුතු ශිල්පීන් සඳහා ලබාදෙනු ලබන සිනමා ශිල්පී හැඳුනුම්පත් නව ක්‍රමවේදයක් යටතේ නික...
ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාව මගින් සිනමා ක්ෂේත්‍රයේ නියුතු ශිල්පීන් සඳහා ලබාදෙනු ලබන සිනමා ශිල්පී හැඳුනුම්පත් නව ක්‍රමවේදයක් යටතේ නිකුත් කිරීමට කටයුතු සූදානම් කර ඇත. ඒ අනුව පහත සඳහන් කාණ්ඩ තුන යටතේ හැඳුනුම්පත් ලබාදීම සිදු කරනු ලැබේ.
සාමාජිකත්ව (Members) - සාමාජිකත්වය හැඳුනුම්පත ලබා ගැනීම ගැනීම සඳහා සෑම අංශයක් යටතේම අවම වශයෙන් චිත්‍රපට තුනකට දායකත්වය ලබාදී තිබිය යුතු අතර එම චිත්‍රපට මහජන ප්‍රදර්ශනය සඳහා මුදා හැර තිබිය යුතුය. එය වසර දෙකෙන් දෙකට අලුත් කළ යුතු අතර ඒ සඳහා රු. 500 මුදලක් අය කරනු ලැබේ.
රිදී - සාමාජිකත්ව හැඳුනුම්පත ලබා ගන්නා ශිල්පීන් වසර පහ ගත වූ පසු රිදී හැඳුනුම්පත ලබා ගැනීමට සුදුසුකම් ලබන අතර ඒ වනවිට ඔවුන් සිනමා නිර්මාණ දහයකට දායක වී සිටිය යුතුය.
රන් - වසර 50 ක කාලයක් සිනමාව වෙනුවෙන් දායකත්වය ලබා දී ඇති ශිල්පීන් සඳහා රන් හැඳුනුම්පත් නිකුත් කරනු ලැබේ. මෙහිදී රංගන ශිල්පීන් සඳහා සේවා කාලය වසර 50 ක් වන අතර කාර්මික ශිල්පීන් සඳහා සේවා කාලය වසර 40 වේ.
මෙයට අමතරව ජාතික සිනමා සම්මාන උලෙළයන්හි සම්මානලාභියෙකු ජාත්‍යන්තර වශයෙන් පිළිගත් සිනමා සම්මාන උලෙළයන්හි සම්මානලාභියෙකු වීම සලකා බැලේ. ඉහත කාණ්ඩ යටතේ හැඳුනුම්පත් නිකුත් කිරීමට අදාළව සකස් කරන ලද අයදුම්පත්‍රය ජාතික චිත්‍රපට සංස්ථාවෙන් ලබාගත යුතුය.
2021 මැයි 10 වැනිදා සිට නව අයදුම්පත් නිකුත් කරනු ලැබේ අයදුම්පත සමග මුද්දර ප්‍රමාණයේ ඡායාරූපයක් ලබාදිය යුතුය. ඡායාරූපය සඳහා පිරිමි ශිල්පීන් ජාතික ඇඳුමින් හෝ යුරෝපීය ඇඳුමින් සැරසී සිටිය යුතු අතර කාන්තා ශිල්පීන් ඔසරිය හෝ සාරියෙන් සැරසී සිටිය යුතුය. ඡායාරූපයෙ පසුබිම ලා නිල් පැහැයෙන් සමන්විත විය යුතුය.
වැඩි විස්තර සදහා විමසන්න - 0112593430