$type=grid$count=5$meta=0$sn=0$rm=0$show=home

[TV]_$type=carousel$count=24$cols=7$cate=0$space=10$show=home

වැඩදාලා නටන හැඩකාර කොල්ලා

ජීවිතයම නර්ථනය කරගත් නර්ථන තරු අතර ඉහළින් වැජඹෙන  තරුවක් සොයා මීගමුවට අපි ගියා. ඉතින් අපි එක්ක අද සම්බන්ධ වෙන්නේ COOL STEPS DANCE STUDIO එකේ...

ජීවිතයම නර්ථනය කරගත් නර්ථන තරු අතර ඉහළින් වැජඹෙන  තරුවක් සොයා මීගමුවට අපි ගියා. ඉතින් අපි එක්ක අද සම්බන්ධ වෙන්නේ COOL STEPS DANCE STUDIO එකේ නර්ථන ගුරුවයා වන රමෝද්  ආදරෙන් පිලිගන්නවා අපේ කතා බහට...


ඔබේ සම්පූර්ණ නම කිව්වොත් ?

කුරුපනාව ගමගේ රමෝද් මාලක. හැබැයි මාව හැමෝම හදුන්වන්නේ රමෝද් කියන නමින්.


ඔබේ කුඩා කාලය ගෙවෙන්නෙ ?

මගෙ ගම වෙන්නප්පුව. මගෙ පවුලේ ඉන්නේ අම්මයි තාත්තයි. මමයි අයියයි.

පොඩිකාලේ ඉදලම මම නර්ථනයට ගොඩක් ආසයි. හැමවෙලේම මගේ ඔලුවේ තිබුනේ නර්ථන ශිල්පියෙක් වෙන්න. එක පවුලේ අයත් දැනගන හිටියා. මම පාසල් ගියේ වෙන්නප්පුවේ St. Josep Vaz College එකට. පාසල් යන කාලෙත් මම නර්ථනය හැදෑරුවා. මම අපොස සා.පෙළ විභාගයෙන් පස්සෙ Dancing class එකකට සම්බන්ධ වුණා.ඒ ඔස්සේ නර්ථනය හදාරන්න තිබ්බ උනන්දුව, ආසාව තව තව වැඩි වුනා. RnR DANCE STUDIO එකේ රුවන් ප්‍රනාන්දු සර් යටතේ තමා  මම මුලින්ම නර්තනය හැදෑරුවේ. සර්ටත් ස්තූතිවන්ත වෙනවා අද මම ඉන්න තැනට එන්න හයියක් වුනාට.


වර්ථමානය වන විට ඔබ ලංකාවේ ජනප්‍රිය නර්ථන තරුවක්.?


මගේ නර්ථන ජීවිතේ මම පියවරෙන් පියවර ඉදිරියට ආපු කෙනෙක්. විශේෂයෙන්ම දෙරණ නාලිකාවේ City Of Dance හරහා තමා මම මගේ නර්ථන ජීවිතයේ පාර විවර කරගත්තේ. මිනිසුන්ට විවිධාකාර දක්ෂතා තියනවා . සමහරු ඒ දක්ෂතාවලින් ගොඩක් ඉහළට යනවා තවත් අය මඟ නවතිනවා. ඇතැම් පිරිස් තමන් තුළ සැගවිලා තියන දක්ෂතා ඉදිරියට ගන්න මුළු ජීවිත කාලෙම උත්සහ කරනවා. ඒ නිසා මම විස්වාස කරනවා දක්ෂතාවය මෙන්ම ආත්ම විශ්වාසයත්, වාසනවත් එකතු වුණාම නිර්මාණය වෙන්නේ ජනප්‍රිය  තරුවක් කියලා. කඩා වැටෙන තරුවක් නෙමේ. දීප්තිමත් බැබලෙන තරුවක් වෙන්නයි මට ඕන වුණේ. ඉතින් අද මම ඒක කලා. සන්තෝසයි.


ඔබේ ඇකඩමිය ගැන කිව්වොත්?


මම නර්ථනයට ආස කෙනෙක්. ඒ වෙනුවෙන් කැපවුන කෙනෙක්. නර්ථනය හැදෑරුවත් ගුරුවරයෙක් වෙන එක හැමෝටම කරන්න පුළුවන් දෙයක් නෙමේ. ඉතින් මම නර්ථනය වෙනුවෙන් ඉදිරියට ගත්ත පියවරක් විදිහට මගේම කියලා ඇකඩමියක් පටන් ගත්තා. ඒකේ නම COOL STEPS DANCE STUDIO. අද වෙනකොට ලංකාව පුරාම නර්ථනය හදාරන  පිරිස් මගේ ඇකැඩමියට සම්බන්ධ වෙනවා. ඒක ලොකු සතුටක් මට. ඒ වගේම මම ප්‍රධාන නගර කිහිපයකම මගේ ඇකැඩමිය දියත් කරලා තියනවා. ඒ නිසා මට නර්ථනයත් එක්ක වැඩිවෙලාවක් ජිවිතේ ගත කරන්න අවස්ථාව හිමි වෙලා. මගේ විනෝදාංශයම වෘත්තීය වීමම මා ලැබූ ජයග්‍රහනයක්. ඒ වගේම විවිධ වයස් කාණ්ඩවල නර්ථන දක්ෂයින් මම පුහුණු කරනවා. කවදහරි ඔවුනුත් දක්ෂ තරු වෙනවා දකින එකයි මගේ හීනය. ඒ වගේම මම මීගමුවේදී  COOL STEPS DANCE STUDIO HEADQUARTERS නමින් ඇකඩමිය තවත් පුලුල් කරා. ඉතින් හිමීට Cool එකේ Step by Steps  ඉදිරියට යනවා.


ඔබේ ඇකඩමියේ සිසුන්ගේ ප්‍රවර්ධනය වෙනුවෙන් ඔබ ගෙන ඇති ක්‍රියාමාර්ග?


නර්ථනය කියන්නේ දිනෙන් දින වෙනස් වෙමින් ඉදිරියට යන කලාවක්. මම වඩාත් ප්‍රසිද්ධ  HipHop නර්ථන ශිල්පියෙක් විදිහට ඒ වගේම මම හිතනවා මගේ ඇකඩමියට එන සියළු දෙනාටම මම විවිධ  නර්ථන ශෛලීන් උගන්වනවා. ඒ සඳහා මා ඇතුළුව නර්ථන මඩුල්ලක් ඉන්නවා ඔවුන්ගේ කැපවීමත් COOL STEPS ඇකඩමියේ ජනප්‍රියත්වයට හේතුවක් .

  

මේ දිනවල ඔබ කරන වැඩ ගැන කතා කලොත්?

මේ දිනවල කොරෝනා කාලයත් සමඟ සීමාවාසිකව වැඩ කරන්න අපිට සිද්දවෙලා තියනවා. ඒ නිසා වැඩත් ගොඩක් කල් ගියා. හැබැයි online අපේ පංති පැවැත්වෙන නිසා ඒවට කාලය යොමු කරලා ඉන්නේ. ඒ නිසා මේ දවස්වල ගෙදර ඉදන් ඒ වැඩ කටයුතු කරනවා.


ඒ වගේම 2020දී අපි HIPHOP  Live Concert එකක් කරා BMICH එකේ  නර්ථන ශිල්පීන් 200ක වගේ පිරිසක්  මේ සදහා සම්බන්ධ  වුනා.  ඒක මගේ හීනයක්. ඉදිරියේදිත්  ඒ වගේ දැවැන්ත ප්‍රසංගයක් කරන්න බලාපොරොත්තු වෙනවා.

මගේ ඇකඩමියේ සිසුන් සම්බන්ධ කරගන තමා මම මගේ සියළු ප්‍රසංග පවත්වන්නේ ඒ වගේම ඔවුන්ගෙන් ලැබෙන සහයෝගය මන් ගොඩක් අගය කරනවා සහ මට ලැබෙන Event සදහාද මගේ කණ්ඩායම සමගයි මම ඉදිරිපත්කරන්නේ.


Social Media වල ඔබ ජනප්‍රිය තරුවක්?


ඔව් ඇත්තටම  මගේ Youtube Subscribes ලා ලක්ෂ දෙකක් පමණ සිටිනවා. මිලියන 38ක් පමණ ප්‍රේක්ෂකයන් පිරිසක් නරඹලා  තියනවා. Tiktok වල ලක්ෂ තුනක් පමණ Followers ඉන්නවා.  ඇත්තටම නිහතමානි සතුටක් දැනෙනවා සමාජ මාධ්‍ය ඔස්සේ නර්ථනය මගින් විශාල  ප්‍රේක්ෂක පිරිසක් වෙත යන්න ලැබීම ගැන. ඒ සම්බන්ධව අපිට ආදරය කරන ප්‍රේක්ෂකයන්ට හදවතින්ම  ස්තූති වන්ත වෙනවා.



අනාගත බලාපොරොත්තුව?

මගේ ඇකඩමිය තවත් දියුණු කරගන නර්ථන කලාව පිලිබද ප්‍රගුන කරමින් ඇකඩමියේ වැඩත් සාර්ථකව කරගන යෑමයි බලාපොරොත්තුව වන්නේ. ඒ වගේම මගේ ගීතයක් ද ඉදිරියට ප්‍රේක්ෂකයන්ට අහන්නට ලැබේවි. ඒ වගේම HIPHOP Live Concert එකක්ද කිරීමට බලාපොරොත්තු වෙනවා.


ඔබේ ප්‍රාර්ථනා එසේම සඵල වේවා යැයි අපිද ප්‍රාර්ථනා කරමින් රමෝද්ට සමු දෙමු.













[MUSIC]_$type=carousel$count=4$cols=4$cate=0

[ON LOCATION]_$type=left$va=0$count=3

[BOLLYWOOD]_$type=right$va=0$count=3

[CHIT CHAT]_$type=three$count=3$h=360$author=hide$comment=hide$date=hide

[FRESHERS]_$type=carousel$count=5$cols=4$cate=0$h=360

Logo

[GOSSIP]_$type=three$count=3$h=360$rm=hide$author=hide$comment=hide$date=hide

[STAR TALKS]_$type=three$count=3$h=360$author=hide$comment=hide$date=hide

Name

accident,1,BestCovers,1,bollwood,7,Bollywood,31,ChitChat,18,Cinema,28,Cinematic,9,Dance,6,Fashion,18,Featured,1,Freshers,5,Gossip,61,HotPoses,22,Interview,24,MoviePremieres,13,Music,23,News,40,on location,2,Photos,15,StarTalks,18,Trending,6,TV,51,Video,12,
ltr
item
Star Gossip - BottomLine News: වැඩදාලා නටන හැඩකාර කොල්ලා
වැඩදාලා නටන හැඩකාර කොල්ලා
https://1.bp.blogspot.com/-oyDHL9Aq5CA/YKUnZm0G2ZI/AAAAAAAADnQ/s7gRmTpTNVoxkDvMkMEVv44yi50_V-HbwCLcBGAsYHQ/s16000/9.jpg
https://1.bp.blogspot.com/-oyDHL9Aq5CA/YKUnZm0G2ZI/AAAAAAAADnQ/s7gRmTpTNVoxkDvMkMEVv44yi50_V-HbwCLcBGAsYHQ/s72-c/9.jpg
Star Gossip - BottomLine News
https://stargossip.bottomline.asia/2021/05/ramod-dance.html
https://stargossip.bottomline.asia/
https://stargossip.bottomline.asia/
https://stargossip.bottomline.asia/2021/05/ramod-dance.html
true
3404992472536326279
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL View Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU CATEGORY ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS PREMIUM CONTENT IS LOCKED STEP 1: Share to a social network STEP 2: Click the link on your social network Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy Table of Content