$type=grid$count=5$meta=0$sn=0$rm=0$show=home

[TV]_$type=carousel$count=24$cols=7$cate=0$space=10$show=home

මම කාගේ කවුද කියන්න ගොඩක් දෙනෙක් දන්නෙ නැහැ.

ඔබ ළඟ නැති මේ සසරේ, සුදු මීදුම පීදෙන තොටිල්ලේ, මා හඬවලා, කුසුම් ලතා රේණු ලතා, පුරාණේ ඔබට පිදු ආලේ වැනි ගීත හරහා සුන්දර 90 දශකයේ ඔබ හමුවට ආ ග...

ඔබ ළඟ නැති මේ සසරේ, සුදු මීදුම පීදෙන තොටිල්ලේ, මා හඬවලා, කුසුම් ලතා රේණු ලතා, පුරාණේ ඔබට පිදු ආලේ වැනි ගීත හරහා සුන්දර 90 දශකයේ ඔබ හමුවට ආ ග්‍රේෂන් ජයමහ ගැන ඔබට අපි අමුතුවෙන් කියන්න වුවමනා නැතුව ඇති. 

ග්‍රේෂන්ගේ ගීතවලට කැමති බොහෝ දෙනෙක් ඇත්තටම ඔහු දැන් මොනවද කරන්නෙ කියල විමසනව ඇති. නමුත් අද අපේ කතානායකයා ග්‍රේෂන් නම් නොවෙයි, ඔහුගේ ආදරණීය දියණිය චාපා ජයමහ සමගයි. 

චාපා තාත්තා ගිය අඩිපාරේමද මේ යන්න හදන්නෙ. නැහැ, ඇය වෙනස්ම මාවතක් තෝරාගෙන වෙනස්ම ගමනක් යන්න හදන වෙලාවෙ ඇය සති අන්තපුවත් පතනට මෙහෙම කිව්වා.


● චාපා ජයමහ කවුරු කියල හඳුන්වා දෙනවාටද වඩාත්ම කැමති?

මම කැමතියි නර් තන  උපදේශිකාවක් හැටියට හඳුන්වා දෙනවාට.

● චාපා ගැන බොහෝ දෙනෙක් දන්නෙ නැහැ?

ඇත්තටම මාව බොහෝ දෙනෙක් දන්නව අඩුයි. නමුත් මම දැන් නර්තනය කරගෙන ඉදිරියට ඇවිත් තියෙන නිසා ටික දෙනෙක් දන්නව. ඒ වුණත් මම කාගේ කවුද කියන්න ගොඩක් දෙනෙක් දන්නෙ නැහැ.

● ඔබේ තාත්තා ගැන කියමු?

මගේ තාත්තා ග්‍රේෂන් ජයමහ. මම ඉපදුන කාලේ ඔහු සංගීත ලෝකයේ තරුවක් කියල ගොඩක් දෙනෙක් කියනව. තාත්තාගේ හඬට ආදරේ කරන විශාල රසික පිරිසක් අදටත් ඉන්නව.




● තාත්තා ගැන මොකද අද ඔබට හිතෙන්නෙ?

ඇත්තටම තාත්තා ජනප්‍රිය ගායන ශිල්පියෙක්. මේ නිසාම බොහෝ දෙනෙක් කල්පනා කරනව ඇයි මම ගීත ගායනා කරන්නෙ නැත්තෙ කියල. ඒ වුණත් ග්‍රේෂන් ජයමහගේ දුව කියල දැනගත්තාම රසික ආදරය මටත් නොඅඩුව ලැබෙනව.

● ග්‍රේෂන් ජයමහගේ දියණිය වීම ගැන අදහස?

හොඳ දේවල් කරල ප්‍රසිද්ධ වෙන්න” ජනතාවගේ ආදරය දිනාගන්න හැමෝටම බැහැනෙ. මගේ තාත්තත් හොඳ ගායකයෙක්. ඉතිං එයාගේ දියණිය වෙන්න මට ලොකු වාසනාවක් තියෙන්න ඇති.

● ගීත ගායනා කරන්න කියල තාත්තා කිව්වෙ නැද්ද?

අපි පුංචි කාලෙ ඉඳන්ම අපි ආසා කරන දේ කරන්න තාත්තා ඉඩ දුන්න. මට ගීත ගායනා කරන්න බැහැ කියල මම කියන්නෙ නැහැ. උත්සව අවස්ථාවලදි මම ගීත ගායනා කරනව. නමුත් මම ඩාන්සිං වලට ගොඩක් ආදරය කරපු කෙනෙක්.

● ඔබට නර්තන කණ්ඩායමක් තියෙනව?

ඔව්” මම නර්තන ක්‍ෂේත්‍රයේ අවුරුදු පහළොවක පමණ කාලයක ඉඳන් වැඩ කරනවා. දැනට වසර පහකට පමණ කලින් චාපා ඩාන්සිං ස්කූල් කියල මගේම නර්තන පාසලක් ආරම්භ කළා. නමුත් පසුගිය කාලයේ ඇති වුණ කොරෝනා වසංගතය වගේම ආර්ථික අර්බුද හේතුවෙන් ඒ වැඩකටයුතු අතරමග නැවතුනා. දැන් නැවතත් ඒ වැඩකටයුතු ආරම්භ කරල තියෙනව.



● චාපා ඩාන්සිං ස්කූල් කවුරු වෙනුවෙන්ද?

වයස් බේදයක් නැහැ. නමුත් තරුණියන් වෙනුවෙන් පමණයි පන්ති පවත්වන්නෙ. විෂය නිර්දේශයක් නැහැ. මොඩ්ලි ඩාන්සිං” බොලිවුඩ් ඩාන්සිං සහ ෆ්‍රී ස්ටයිල් පුහුණු කරනව.

● ශාඛා කිහිපයකුත් ආරම්භ කළා?

මම මුලින්ම පන්ති ආරම්භ කළේ සීදූවෙන්. ඊට පස්සෙ ජා ඇල” ඒකල” වත්තල” මීගමුව” සහ පැලවත්ත කියන ප්‍රදේශවලත් පන්ති ආරම්භ කළා. ඉදිරියේදී ගම්පහ සහ කිරිබත්ගොඩ යන ප්‍රදේශවලත් පන්ති ආරම්භ කරන්න අදහසක් තියෙනව.

● ඔබේම නර්තන කණ්ඩායමක් තිබුණා?

ඔව්” මගේ කියල නර්තන කණ්ඩායමක් තිබුණ. ඒකට ගෘහස්ථ ප්‍රසංග” මංගල උත්සව වගේ විශේෂ උත්සව අවස්ථාවන් සඳහා ලැබුණු ආරාධනා භාරගත්තා. පසුගිය කාලයේ ඇතිවුණ තත්ත්වයන් එක්ක ඒකත් අතරමග නැවතුණා. නමුත් මේ වන විට නැවතත් CDS ගර්ල් නමින් නැවතත් නර්තන කණ්ඩායමක් ආරම්භ කළා. මේ කණ්ඩායමේ ඉන්නෙ තරුණියන් පමණයි.

● මොනවද CDS ගර්ල්ලා භාරගන්න වැඩ?

තාත්තා නිසා මට එළිමහන් ප්‍රසංගවලට බොහොමයකට ආරාධනා ලැබෙනවා. නමුත් මම ඒවා භාරගන්නෙ නැහැ. මොකද ලයිව් බෑන්ඩ්වලට මම ඩාන්ස් කරන්නෙ නැහැ. දෙසැම්බර් මාසයේ ඉඳන් ගෘහස්ථ ප්‍රසංග රැසකට ආරාධනා ලැබිල තියෙනව.

● ගීත ගායනා කරන්න අදහසක් නැද්ද?

නර්තනය කරද්දි ගෙදරින් ලැබුණ සහයෝගය නිසාම ගායනය පැත්තට යොමු වුණේ නැහැ. මම ගීතගායනා නොකළට මගේ දරුවා ගීත ගායනයට යොමුවෙයි කියල හිතනවා. මොකද එයා ගායනයට කැමතියි.

● චාපා නර්තනය හදාරලා තියෙනවද?

ඔව්” මම පුංචි කාලෙ ඉඳන්ම නර්තනය හැදෑරුවා. චන්න විජේවර්ධන සර් ළඟ අවුරුදු හතක් නර්තනය හැදෑරුවා. සුජීව ජයතිලක සර් ළඟ ලතින් ඇමරිකානු නර්තනය අවුරුදු අටක් විතර හැදෑරුවා. ඉන්දියන් ක්ලැසික් ස්ටයිල් එක මෝක්‍ෂා මිස් ළඟ හැදෑරුවා.




● පසුගිය කාලය නිහඬවම ගෙවුණා?

මගේ නර්තන පාසල පටන්ගත්ත කාලයේම තමයි කොරෝනා වසංගතය ආවෙ. ඊට පස්සෙ මම විවාහ වුණා. බබා ලැබුණට පස්සෙ ටිකක් විතර කාර්බහුල වුණා. නමුත් නර්තනයට කාලය එනතුරු බලාගෙන හිටිය. දැන් මම සුපුරුදු විදිහට වැඩ.

මහේෂ් එදිරිසිංහ



[MUSIC]_$type=carousel$count=4$cols=4$cate=0

[ON LOCATION]_$type=left$va=0$count=3

[BOLLYWOOD]_$type=right$va=0$count=3

[CHIT CHAT]_$type=three$count=3$h=360$author=hide$comment=hide$date=hide

[FRESHERS]_$type=carousel$count=5$cols=4$cate=0$h=360

Logo

[GOSSIP]_$type=three$count=3$h=360$rm=hide$author=hide$comment=hide$date=hide

[STAR TALKS]_$type=three$count=3$h=360$author=hide$comment=hide$date=hide

Name

accident,1,BestCovers,1,bollwood,7,Bollywood,31,ChitChat,18,Cinema,28,Cinematic,9,Dance,6,Fashion,18,Featured,1,Freshers,5,Gossip,61,HotPoses,22,Interview,24,MoviePremieres,13,Music,23,News,40,on location,2,Photos,15,StarTalks,18,Trending,6,TV,51,Video,12,
ltr
item
Star Gossip - BottomLine News: මම කාගේ කවුද කියන්න ගොඩක් දෙනෙක් දන්නෙ නැහැ.
මම කාගේ කවුද කියන්න ගොඩක් දෙනෙක් දන්නෙ නැහැ.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEibyFgShPHsLetdQQNr_LiMKXqAcm3efRVzdIO7MSYWmTHv51mbeIwSQY50shMW0n5A08xDAupftCQr83QrekWUdGrj0Oip2Z7hA-z2ig4ysWv3WFdxREaWiUwePA4moNWmNyaBiLCLvf5zgjhG48W8YJOJQ_1d5K55x-aVmSc6k7Dh8zsH1Lughpyw/s16000/cha1.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEibyFgShPHsLetdQQNr_LiMKXqAcm3efRVzdIO7MSYWmTHv51mbeIwSQY50shMW0n5A08xDAupftCQr83QrekWUdGrj0Oip2Z7hA-z2ig4ysWv3WFdxREaWiUwePA4moNWmNyaBiLCLvf5zgjhG48W8YJOJQ_1d5K55x-aVmSc6k7Dh8zsH1Lughpyw/s72-c/cha1.jpg
Star Gossip - BottomLine News
https://stargossip.bottomline.asia/2022/10/31-chapa-jayamaha-dancer-greshan-jayamaha.html
https://stargossip.bottomline.asia/
https://stargossip.bottomline.asia/
https://stargossip.bottomline.asia/2022/10/31-chapa-jayamaha-dancer-greshan-jayamaha.html
true
3404992472536326279
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL View Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU CATEGORY ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS PREMIUM CONTENT IS LOCKED STEP 1: Share to a social network STEP 2: Click the link on your social network Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy Table of Content