චිත්‍රපටයක රූගත කිරීම් සාර්ථකව අවසන් කිරීම් චිත්‍රපට කණ්ඩායම ලබන විශාල සතුටක්. විශාල පිරිසකගේ එකතුවෙන් සිදුවන ක්‍රියාදාමයක සාර්ථක නිමාව එහ...
චිත්‍රපටයක රූගත කිරීම් සාර්ථකව අවසන් කිරීම් චිත්‍රපට කණ්ඩායම ලබන විශාල සතුටක්. විශාල පිරිසකගේ එකතුවෙන් සිදුවන ක්‍රියාදාමයක සාර්ථක නිමාව එහි ඉදිරිගමනට ගෙන එන්නේ සවියක්. අභිෂේක් බච්චන් සහ යමී ගෞතම් රංගනයෙන් දායක වූ 'දස්වි' චිත්‍රපටයේද රූගත කිරීම් පසුගියදා නිම කෙරුණේ මෙලෙසින්. 'දස්වි' චිත්‍රපටය ඉන්දියාවේ අධ්‍යාපන ක්‍රමය මත පදනම් වූවකි. එහි රූගත කිරීම් අවසන් වූ බව එහි ප්‍රධාන නිළි චරිතයට පණ පෙවූ යමී ගෞතම් සැමරුවේ චිත්‍රපටයේ රූගත කිරීම්වලින් වීඩියෝ කිහිපයක් ඉන්ස්ටග්‍රැම් වෙත නිකුත් කරමින්.
එපමණක් නොව ප්‍රීතිමත් නර්තනයක් ඉදිරිපත් කරමින් 'දස්වි' චිත්‍රපටයේ රූගත කිරීම් සාර්ථකව අවසන් වූ බව පවසන වීඩියෝවක්ද ඒ අතර වේ. තවද අමතක නොවන අත්දැකීමක් යනුවෙන් සටහන් කරමින් චිත්‍රපට කණ්ඩායමට ස්තූතිය ද පුද කළාය. "අමතක නොවන දේ සහ ආදරණීය කණ්ඩායම් නිසා ඇතැම් චිත්‍රපටවලින් සමුගැනීම දුෂ්කරයි" යනුවෙන්ද ඇයගේ සටහනේ වේ. යමී පවසන්නේ නව චිත්‍රපටයක් ආරම්භ කිරීමට පෙර තමාට නිතරම තරමක බියක් දැනෙන නමුත් පළමු දර්ශනය රූගත කළ සැණින් එය තුරන් වී යන බවයි. මීළඟට තමා පැමිණෙන්නේ ත්‍රාසජනක චිත්‍රපටයකින් බවත් ඇය පවසන්නීය.