$type=grid$count=5$meta=0$sn=0$rm=0$show=home

[TV]_$type=carousel$count=24$cols=7$cate=0$space=10$show=home

මුලදී නම් බයක් දැනුණා

ඇයට මේ දිනවල කවුරුත් කතා කරන්නේ “ආන්‍යා” කියලයි. අද අපි හදගැස්මට අපේ කතාබහට එක්කර ගත්තේ මේ දිනවල විකාශය වන ටෙලි නාට්‍යය ද්විත්වයකින්ම  රසිකය...


ඇයට මේ දිනවල කවුරුත් කතා කරන්නේ “ආන්‍යා” කියලයි. අද අපි හදගැස්මට අපේ කතාබහට එක්කර ගත්තේ මේ දිනවල විකාශය වන ටෙලි නාට්‍යය ද්විත්වයකින්ම  රසිකයන් අතරට එන නවක රංගන ශිල්පිනි දේශානි නෙහාරාවයි. 

ඇයත් සමඟ සතිඅන්ත පුවත්පතක් සිදු කළ කතාබහයි මේ 


මේ දවස්වල වැඩ කටයුතු මොනවද?


පාර දිගේ සහ බොනිකර තරු කියන ටෙලි නාට්‍ය දෙකේ වැඩ කරනවා. ඒ අතර මගේ අනෙකුත් වැඩකටයුතුත් සමබරව කරගෙන යනවා. තවත් ටෙලි නාට්‍යය කිහිපයකටත් ආරාධනා ලැබුණා. ඒ දේවලුත් ඉදිරියේදී සලකා බලනවා.


පාර දිගේ ටෙලි නාට්‍යයේ ආන්‍යාගේ චරිතය නිසා දේශානි රසිකයන් අතර දැන් හරිම ජනප්‍රියයිලු නේද?


ඔව්. ආන්‍යාට වගේම බොනිකර තරු ටෙලි නාට්‍යයේ අංජලීගේ චරිතයටත් ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. සමාජ මාධ්‍ය ජාලා තුළත් මට උත්තර දීගන්න බැරි තරම් සුබ පැතුම්, මැසේජ් ප්‍රමාණයක් ලැබෙනවා. පුළුවන් විධියට ස්තූතියි කියලා හරි හැමෝටම උත්තර සපයනවා. ඒ හැමෝටම මම ගොඩක් ආදරෙයි. මගේ කලා ගමන ආරම්භ වෙන්නේම පාරදිගේ ටෙලි නාට්‍යයේ ආන්‍යාගේ චරිතය හරහානේ. ඒ නිසා තාමත් මගේ දේශානි කියන නමට වඩා ගොඩක් අය මට කතා කරන්නේ “ආන්‍යා” කියලයි.


බොනිකර තරු ටෙලි නාට්‍යයේ අංජලීගේ චරිතයත් තරමක් වෙනස් නේද?


ඔව්. අංජලී කුඩා කල සිටම තාඩන පීඩනවලට ලක්වන ගැහැනු ළමයෙක්. ඇගේ පියා නැති වූ පසු මව වෙනත් විවාහයක් කරගන්නවා. ඉන්පසු සුළු පියාගෙන් ඇයට බොහෝ බලපෑම් එල්ල වනවා. එනිසා ඇය නිවෙසින් පැනගොස් කම්කටොලු රැසකට මුහුණදෙනවා. අවසානයේදී ඇයට ලස්සන පවුලක් හිමිවනවා. අවසානයේදී ඇයගේ මවටත් උදවු-උපකාර කරනවා. කොහොම හරි මේ සියල්ල තුළ අංජලී යනු ආදරය විශ්වාස නොකරන තරුණියක්.


බොනිකර තරු ටෙලි නාට්‍යයට ආරාධනා ලැබෙන්නේ කොහොමද?


රවීන්ද්‍ර විජේරත්න මහතා සහ තරංග දිසානායක මහතා මට කතා කළා. මේ වගේ චරිතයක් තිබෙනවා කැමැතිද කියලා ඇහුවා. ඉතින් ගොඩක් ආසාවෙන් සහ ආදරයෙන් මම ඒ ආරාධනාව පිළිගත්තා.



ආන්‍යාගේ චරිතයට සම්බන්ධ වීම විශේෂයි නේද?


මුලින්ම මගේ නංගි කෙනෙක් වන ජාන්වි අප්සාරි නංගිගේ මවුපියන් මාව චාමර සමරවික්‍රම මහතා සහ සද්ධාමංගල සූරියබණ්ඩාර මහතාට හඳුන්වා දුන්නා. තිර පරීක්ෂණවලට එහෙමත් මුහුණ දුන්නා. ඒ අතර පාර දිගේ ටෙලි නාට්‍යයේ කිෂූ ගෝමස් අංකල්ගේ දුවගේ චරිතයට කෙනෙක්ට සෙව්වා. ඉතින් ඒ සඳහා එම චරිතයට මා යොදා ගත්තා.


ළමු ටෙලි නාට්‍යයේදීම දැවැන්තයන් රැසක් සමඟ රඟපාන්න ලැබීම ගැන මොකද සිතෙන්නේ?


ලංකාවේ ජනප්‍රියම ටෙලි නාට්‍යයට මගේ පළමුවැනි රංගනයෙන්ම දායක වීමට හැකිවීම ගැන ගොඩක් ලොකු සතුටක්, නිහතමානී ආඩම්බරයක් සහ ගෞරවයක් තිබෙනවා. එය මා ලද වාසනාවක්. ජනතාව අතරට මෙච්චර ඉක්මනින් යෑමට හැකි වීමට එයත් එක් හේතුවක් වෙන්න ඇති. ඒ වගේම ටෙලි නාට්‍යයේ ප්‍රවීණයන් අතරෙදි පවා, තවම මට හොඳට රඟපාන්න බැහැ, මම ආධුනිකයි කියලා කොන් කළේ නැහැ. මාවත් එයාලගේ මට්ටම ආසන්නයටම ගත්තා. ශිවගුරුනාදන් සර්ව ආදරෙන් මතක් කළ යුතුයි. මගේ අඩුපාඩු නිවැරැදි කොට, ඉවසීමෙන් මාව හරි විධියට පුහුණු කළා. මම තවමත් අලුත් නිසා දැනටත් මා තුළ අඩුපාඩු ඇති. ඒවත් ඉක්මනින් හදා ගන්න උත්සාහ ගන්නවා.


ඔබ කලාවට එන්න බෙහෝ සෙයින් ඇලුම් කළ කෙනෙක්ලු නේද?


ඔව්. රංගන ශිල්පිනියක් වනවා වගේම ගුවන් සේවිකාවන් වන එකත් කුඩා කල සිටම මට තිබුණු ලොකුම හීන දෙකයි. මගේ අක්කත් ගුවන් සේවිකාවක්. දැන් මගේ රංගන සිහිනය නම් හැබෑ වුණා. අනෙක් හීනයත් කෙසේ හෝ ඉදිරියේදී සැබෑ කරගන්න වැඩ කරගෙන යනවා.


ඔබ කරාතේ ක්‍රීඩාවටත් දක්ෂයෙක්ලු නේද?


මම පොඩි කාලේ සිටම පාසලේදී ක්‍රීඩාවක් විධියට කරාතේ, ජිම්නාස්ටික් සහ පිහිනීම කළා. කරාතේවලින් තමයි ගොඩක්ම ඉදිරියට ගියේ. නමුත් සාමාන්‍ය පෙළ නිසා එය අතරමඟදී නතර කරන්න වුණා. දැන් නම් අපරාදේ කියලා සිතෙනවා.


නවකයෙක් විධියට ප්‍රේම ජවනිකාවලදී එහෙම අපහසුවක් දැනුණේ නැද්ද?


මුලදී නම් බයක් දැනුණා. මුල්ම පෙම් ජවනිකාව කරන්න තිබුණේ ගයාන් ගුණවර්ධන අයියා සමඟ. ඇත්තටම හරිම නිහතමානී විධියට ඔහුගෙන් හොඳ සහයෝගයත් ලැබුණා. එනිසා එම ජවනිකා එතරම් අපහසු වුණේ නැහැ.


ඔබට ලැබෙන ජනප්‍රියත්වය විඳදරා ගනිමින් ඉදිරියට යන්නේ කොහොමද?


ඉතා කෙටි කලකින් මාව ජනතාව අතරට ගිය බවත්, එයින් මට ලොකු ආදරයක් ලැබෙන බවත් මට දැනෙනවා. ඇත්තටම මම හරිම සරල කෙනෙක්. බොරු ලොකුකම්වලට මම අකැමැතියි. මට ඕනෑම මට්ටමක කෙනකු සමඟම වුවත් සුහදව වැඩ කළ හැකියි. ගරු කළ යුතු තැනදි ගරු කළ යුත්තන්ට මම ගරු කරනවා. කෙනෙක් සාර්ථක වීමට අවශ්‍ය ලොකුම ගුණාංගය නිහතමානීකමයි. මා එම ගුණය රැක ගන්න උපරිම උත්සාහ කරනවා.


ඉදිරියේදී කරන්න කැමැත්තෙන් ඉන්න විශේෂ චරිත මොනවද?


මිනිසුන්ට ගොඩක් ළං වෙන්න පුළුවන්, ඒකාකාරී නොවන, මිනිසුන්ගේ අනුකම්පාව ගැබ්වූ ආදරය ලැබෙන චරිතයක් කරන්න මම ගොඩක් කැමැතියි.


පුංචි තිරයේදී පෙම්වතා විධියට වඩාත්ම හොඳින් ඔබට ගැළපෙන රංගන ශිල්පියා කවුද?


එහෙම විශේෂ කෙනෙක් නැහැ. දැනට ගයාන් ගුණවර්ධන, ඉශාන් එස්. වන්නිආරච්චි, ධනුක දිල්ශාන්, සංජය මුරමුදලි අයියලා විතරයි හමුවුණේ. ඒ හතරදෙනාම මට නම් හොඳයි ඉතින්.


කැපිලි කෙටිලි ආදියට මුහුණදෙන්නට  සිදු වී නැද්ද?


ක්‍ෂේත්‍රය තුළ මට විරුද්ධව කැපිලි-කෙටිලි තිබේද කියා 100%ක්ම විශ්වාසයෙන් කියන්න බැහැ. නමුත් වචනයෙන් පවා අපහාස කරන, මාව වට්ටන්න උත්සාහ ගන්න පිරිසක් ඉන්නවා නම් ඒ අයට මම කියන්නේ, ඔබ මට ලොකු ශක්තියක්. එවැනි දේ තුළින් මම තවත් ශක්තිමත් වනවා හැර වැටෙන්නේ නැහැ. එවැනි දේ් මගේ ජීවිතයට භාරගන්නේ ධනාත්මක ආකාරයටයි. ගඟක් වුණත් ලස්සන කඳු හෙල් බාධක මැදින් ගලායන විටයි. ඉතින් කටකතා, කැපිලි කෙටිලි කියන දේ තුළින් මම මගේ ජීවිතයට අත්දැකීම් රැසක් එකතු කරනවා සේම පන්නරයක් ලබා ගන්නවා.


කලා කටයුතුවලට පවුලෙන් ලැබෙන සහයෝගය කොයි වගේද?


මම කලාවට එනවට මුලදි නම් තාත්තා ගොඩක් අකැමැති වුණා. දැන් නම් ගෙදරින් ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා.


පවුලේ විස්තර කීවොත්?


මගේ උපන් ගම කෑගල්ල _ මාවනැල්ල. දැන් ඉන්නේ මිනුවන්ගොඩ. මගේ පවුලේ ඉන්නේ මමයි, අක්කයි, අයියයි, අම්මයි, තාත්තයි. අක්කා හිටපු ගුවන් සේවිකාවක්. ඇය විවාහ වී වෙනම සිටින්නේ. තාත්තත් ගුවන් තොටුපොළේ කළමනාකාරවරයෙක් ලෙස වැඩ කරනවා. අම්මා ගෘහණියක්. දැන් ගෙදර ඉන්නේ මමයි, අම්මයි තාත්තායි විතරයි. අක්කයි, අයියයි රටින් පිට සිටින්නේ. මගේ පාසල් දෙක මරදගහමුල්ල _ Clayton College සහ ගම්පහ _ Wycherley International School එකයි.


සැබෑ ජීවිතයේදී ඔබ පෙම්වතියක්ද?


නැහැ. පෙම්වතියක් නෙමෙයි.


ඔබ ආදරය විඳලා තිබෙනවාද?


ඔව්. මම ආදරය කරලාත් තිබෙනවා. ආදරය විඳලත් තිබෙනවා. දැන් නම් පොඩ්ඩක් ආදරයෙන් අෑත් වෙලා තමයි ඉන්නේ. ආදරය ඇතුළෙදි මට ලැබුණේ කටුක අත්දැකීම් සහ දුකයි විතරයි. එනිසා මම සිතනවා දැන් මට ආදරයක් ඕන නැහැ කියලා. ඊට වඩා යහළුවන් වගේ විධියට ආශ්‍රය කරලා ඉන්න තමයි කැමැති. ආදරය කරලා ඒ තුළ ආයේ විඳවන්න මම කැමැති නැහැ.


අනාගත බලාපොරොත්තු මොනවද?


උසස් අධ්‍යාපන කටයුතු සහ මගේ අනෙකුත් වැඩකටයුතු කරන ගමන් රංගනයේත් යෙදීමයි. ඒ අතරම වචනයකින්වත් වෙනස් නොවන, හොර-බොරු වංචාව නොමැති, අවංක, හොඳ වගේම හරිම මිනිස්සු මගේ ජීවිතයට හමුවන අනාගතයකුයි මගේ එකම බලාපොරොත්තුව.


ස්තූතිවන්ත විය යුතු පිරිසක් ඇති?


ඔව්. නම් වශයෙන් නොකිව්වත්, කෙටි කලකින් මිනිසුන් අතරට යෑමටත්, මෙච්චර ලොකු රසික ආදරයක් ලබන්නටත්, මගේ පිටුපසින් හිඳිමින් වචනයකින් හරි උදවු-උපකාර කළ, හැමෝටම පොදුවේ බොහොම ස්තූතියි.


දිනූෂා මනෝරි නිශ්ශංක

[MUSIC]_$type=carousel$count=4$cols=4$cate=0

[ON LOCATION]_$type=left$va=0$count=3

[BOLLYWOOD]_$type=right$va=0$count=3

[CHIT CHAT]_$type=three$count=3$h=360$author=hide$comment=hide$date=hide

[FRESHERS]_$type=carousel$count=5$cols=4$cate=0$h=360

Logo

[GOSSIP]_$type=three$count=3$h=360$rm=hide$author=hide$comment=hide$date=hide

[STAR TALKS]_$type=three$count=3$h=360$author=hide$comment=hide$date=hide

Name

accident,1,BestCovers,1,bollwood,7,Bollywood,31,ChitChat,18,Cinema,28,Cinematic,9,Dance,6,Fashion,18,Featured,1,Freshers,5,Gossip,61,HotPoses,22,Interview,24,MoviePremieres,13,Music,23,News,40,on location,2,Photos,15,StarTalks,18,Trending,6,TV,51,Video,12,
ltr
item
Star Gossip - BottomLine News: මුලදී නම් බයක් දැනුණා
මුලදී නම් බයක් දැනුණා
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhn2d4sUFJOq8kirAYMr1CpeFFdlSt9qA0t_PEXdDgjfytAci8_Edm9E8c_PECNsuM97nyedsFoRKy78aQXMknwwuUxa6dOTMB2AOisRhMoKI5TYPawVUw8dEVgVaP9jezVv7MbRvK3jxgoPjFNhBJZxQ77GHaXZk9I6_Gb0DBnF6vZ24St06a-5AeC/s16000/desha.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhn2d4sUFJOq8kirAYMr1CpeFFdlSt9qA0t_PEXdDgjfytAci8_Edm9E8c_PECNsuM97nyedsFoRKy78aQXMknwwuUxa6dOTMB2AOisRhMoKI5TYPawVUw8dEVgVaP9jezVv7MbRvK3jxgoPjFNhBJZxQ77GHaXZk9I6_Gb0DBnF6vZ24St06a-5AeC/s72-c/desha.jpg
Star Gossip - BottomLine News
https://stargossip.bottomline.asia/2022/11/06-deshani-nehara-interview.html
https://stargossip.bottomline.asia/
https://stargossip.bottomline.asia/
https://stargossip.bottomline.asia/2022/11/06-deshani-nehara-interview.html
true
3404992472536326279
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL View Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU CATEGORY ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS PREMIUM CONTENT IS LOCKED STEP 1: Share to a social network STEP 2: Click the link on your social network Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy Table of Content