උවමනාව සහ කැමැත්ත එක්ක කැපවීම තියෙනවා නම් ඕනම කෙනෙකුට තමන්ගෙ ජිවීතේ හීන හැබෑ කරගන්න පුළුවන්. ඒකට වයස පළාත සල්ලි මේ කිසිම දෙයක් බලපාන්නෙ නෑ ...
උවමනාව සහ කැමැත්ත එක්ක කැපවීම තියෙනවා නම් ඕනම කෙනෙකුට තමන්ගෙ ජිවීතේ හීන හැබෑ කරගන්න පුළුවන්.
ඒකට වයස පළාත සල්ලි මේ කිසිම දෙයක් බලපාන්නෙ නෑ
අද Star Gossip ඔබට කියන්න යන්නේ ඒ වගේ දක්ශයෙක් ගැන.
මේ අපේ රටේ ඡායාරූප කලාවේ අලුත් මානයක් හොයාගෙන යන තරුණයෙක්.
ඔහු නමින් ලහිරු දිසානායක.
ලහිරු අපට මුණ ගැහුනේ හරිම අහඹු විදියට.
ඒ අපේ රටේ නව පරපුරේ ඡායාරූප ශිල්පීන් ගැන හොයා ගෙන යද්දී
අපේ රටේ සුන්දර ගම්මානයකින් තමන්ගෙ නිර්මාණශීලී ගමන ලහිරු පටන් ගන්නවා.
ඒ බදුල්ල මීගහකිවුල ගමෙන්.
ලහිරු එයාගේ කතාව අපිත් එක්ක මෙහෙම බෙදාගත්තා.
" මගේ පාසල මීගහකිවුල ජාතික පාසල, ඉස්කෝලේ යන කාලේ ඉදලා මේ ක්ශේත්‍රයට එන්න ලොකු කැමැත්තක් ආසවක් තිබුනා.
ඉතිං ඒ වෙනුවෙන් මම ගොඩාක් උත්සහ කරලා කැපකිරීම් කරලා අද මේ තැන ඉන්නවා.
මේ ක්ශේත්‍රයට එන්න හැමෝටම බෑ.
මොකද photos ගන්න ඕනම කෙනෙක්ට පුළුවන්. හැබැයි ඒ දේ නිර්මාණශීලී විදියට අලුත් ඇහැකින් කරන්න අනිවාර්යයෙන්ම උපන් හැකියාවක් තියෙන්නම ඕන.
ඒ වගේම නිම නොවන හැදෑරීමක් තියෙන්න ඕන.."
සුන්දර හිනාවක් උපතින්ම රැගෙන ආව ලහිරු මේ ගමනේ පලමු පියවර ගැන මෙන්න මෙහෙම කිව්වා.
" මගේ හිතේ තිබුන මේ ආසාවට පණ දෙන්නෙ Image Art Academy ආයතනය.
එතනින් මම , මගේ සිහිනයට යන ගමනට වෘත්තීයමය පලපුරුද්දක් සහ අත්දැකීම් එකතු කරගන්න පටන් ගත්තා.
මම මුලින්ම Photo Shoot එකක් විදියට කලේ Model Shoot එකක්."
මේ තියෙන්න ලහිරු කැමරාවෙන් හරි අපූරුවට මවපු මුල්ම photo shoot එක.
ලහිරු මේ වෙන කොට තමගේම Studio එකක් ආරම්භ කරලා තියෙනවා.
ඔහු මංගල ඡායාරූපකරණය මේ වෙද්දී කරගෙන යනවා.
කොරෝනා වසංගත එක්ක මේ ක්ශේත්‍රයේ යම් බිදැවැටීමක් වුනා.
කොහොම නමුත් ලහිරු මේ හැම බාදාවක්ම සාර්ථකව ජයගෙන තමන්ගේ ගමන යන කෙනෙක්.
Wedding Photography ගැන ලහිරු මෙන්න මෙහෙම කිව්වා.
" Wedding එකක් කියන්නේ කෙනෙක්ගේ ජීවිතේ අතිශය සුන්දර අවස්ථාවක්.
ඉතිං ඒකේ photos ගන්නවා කියන්නේ බොහොම වගකීම් සහිත දෙයක්.
මොකද ඒ දවසෙ ගෙවෙන කිසිම මොහොතක් ආයේ කවදාවත් එන්නේ නෑ.
ඉතිං මම හිතන්නේ මට එයාලා පවරන්නේ ඒ මතකය හරියටම පරෙස්සම් කරන්න කියන වගකීම.
මොකද wedding එකක වෙන හැම දේම හැමෝටම දකින්න ලැබෙන්නෙ නෑ.
මොකද එදාට හැමෝම කාර්යබහුලයි.
ඉතිං මම ඇතුලු කණ්ඩායමේ වගකීම සහ වගවීම මම අදුනගෙන ඉන්නවා.
මම උපරිමයෙන් ඒ දවසේ මතකය මගේ සේවාදායකයාට පරෙස්සම් කරලා දෙන්න කැපවෙනවා."
ලහිරු මෙහෙම විස්තර කියද්දී වර්තමානයේ ගොඩාක් විවාහක යුවළ මුහුණ දෙන ප්‍රශ්නයක් අපි ඇහුවා.
මේ ඒකට ලහිරුගේ පිලිතුර.
" මෙහෙමයි.. මම මගේ සේවාදායකයා එක්ක ගිවිසුමක් අත්සන් කරනවා.
ඒක අපි හැමෝටම හොදයි.
අනික මම කැමති ගොඩාක් පිලිවෙලට,නිදහසේ මේ වැඩ කරන්න.
ඉතිං ඒ අනුව මගේ සේවාව ලබාදෙන ඕනම මංගල උත්සවයක් අවසන් වෙලා මාස දෙකක් ඇතුලත මම අපේ වගකීම ඉශ්ඨ කරලා Album එක එයාලට භාරදෙනවා
මෙන්න මේ විදිහට අලුත් පරම්පරාවෙ නවමු ඡායාරූපකරණයක් ලහිරු තමන්ගේ ගමන සිදුකරනවා.
මේ වෙද්දී ලහිරු Model shoot බොහොමයක් හරිම කලාත්මකව කරලා තියෙනවා.
ඒවා ඉදිරියේදී Star gossip Hot posses ඔස්සේ දකින්න අපි අවස්ථාව සලසනවා.
මේ අති දක්ශ තරුණයාගේ ජිවීතයට සුබ පතමින් අපි කතාව හමාර කලා.
ජීවිතේ සුන්දර මතක පරිස්සමට Focus කරගන්න මෙන්න ලහිරුගේ අංකය
0775983012