$type=grid$count=5$meta=0$sn=0$rm=0$show=home

[TV]_$type=carousel$count=24$cols=7$cate=0$space=10$show=home

හුරතලේට තියෙන ලෝබකමත් එක්ක ගෙදරට වෙලා ඉන්නමයි හිත - මංජුලා කුමාරි

    මංජුලා කුමාරි කියනවට වඩා ඇයව හඳුනන්නේ ඕලූ කිව්වම. ඒ තරමට ඕලූ හරහා ඇයට ප්‍රේක්ෂක ආකර්ෂණයක් ආදරයක් ලැබුණි. ඇගේ අහිංසක සිනහවට ළයාන්විත ආමන්...

 


  මංජුලා කුමාරි කියනවට වඩා ඇයව හඳුනන්නේ ඕලූ කිව්වම. ඒ තරමට ඕලූ හරහා ඇයට ප්‍රේක්ෂක ආකර්ෂණයක් ආදරයක් ලැබුණි. ඇගේ අහිංසක සිනහවට ළයාන්විත ආමන්ත්‍රණයට එකල තරුණයෝ පෙම් බැන්දෝය. තමන්ට ලැබුණ ආදරය එලෙසින්ම තබා ගනිමින් සිය රංගන දිවියට විරාමයක් දුන් මේ අහිංසකාවිය පසුගිය අවුරුදු කාලයේ නැවතත් ඇයටම උරුම නර්තන කෞශල්‍යයද රැගෙන පුංචිතිරයේ දකින්න ලැබුණි. ඇගේ කලා ජීවීතය පිළිබඳවත් ආදරණීය පවුල පිළිබඳවත් ඕලූ සරසවිය අපි එක්ක කතාකළේ මේ විදිහට...

 

ඔබ කලාවට දුන් විරාමයට තිත තබලා වගෙයි?


පසුගිය කාලයේදී මම නිර්මාණයකට දායක වුණා. නිවන්ත ප්‍රසාරගේ සිහින ගෙනෙන කුමාරියේ කියලා. එය හිරු නාළිකාවේ විකාශය වෙනවා. තෝරා බේරාගත් නිර්මාණවලට සම්බන්ධ වුණත් පූර්ණකාලීනව රංගනයේ යෙදෙන්න අදහසක් නෑ.

 

ඔබව ප්‍රේක්ෂකයා හඳුනාගත් 'ඕලූ' නැවත විකාශය වෙනවා. දැන් 'ඕලු' බලද්දි මොනවගේ හැඟීමක්ද තියෙන්නේ?


ඒ දැනෙන සතුට වචනයෙන් විස්තර කරන්න අමාරුයි. විශේෂයෙන්ම නපඪථඥ බඪථඥ එකක අවුරුදු දහයකටත් වඩා වැඩි පැරණි නාට්‍යයක් මෙලෙස නැවතත් විකාශය වීම එයට සම්බන්ධ වූ ශිල්පිනියක ලෙස මා හිතනවා එය ලොකු වාසනාවක් කියලා. වර්තමානයේ සිටිනවා 'ඕලූ' නොබලපු පිරිසක්. ඒ අයත් බලනවා. ඒ අය කතා කරනවා මේ ගැන. විශේෂම දේ මට ඕලූ ලෙස ආමන්ත්‍රණය කරත් මගේ බබාලට තේරුම්ක් නෑ ඇයි අම්මට ඕලු කියන්නේ කියලා. නමුත් දැන් රූපවාහිනියේ යනවිට ඔවුනුත් බලනවා. දැන් එයාලා දන්නවා අම්මා ඕලු කියලා.


නැවත පූර්ණකාලීනව රංගනයේ නියැළෙන්නේ නැද්ද?


ප්‍රධානම දේ බබාලා දෙන්නා. දුවට තාම අවුරුදු දෙක හමාරයි ඇය බිනෝලි පුතාට අවුරුදු පහ හමාරයි. ඔහු ඕලිත. ඒ ආදරේට දැන් හුරු වෙලා. ඒ හුරතලේට තියෙන ලෝබකමත් එක්ක ගෙදරට වෙලා ඉන්නමයි හිත කියන්නේ. නමුත් මා යම් නිර්මාණයකට මට සාධාරණය කළ හැකි නම් එය ගුණාත්මක අගයක් ඇති එකක් නම් මා භාර ගන්නවා.


ඔබ උගත් දේ ඔබට මේ ගමනට කොතරම් පිටුබලයක් වුණාද?


මගේ පාසල නුගේගොඩ අනුලා විද්‍යාලය. පාසලෙන් ලබුණ දැනුම විශේෂයි. පාසල් කාලයේදීත් මා නර්තනය පැත්තෙන් බොහොම ඉදිරියෙන් සිටියා. ඒ නර්තන ගුරුවරු බොහොම ආදරයෙන් මතක් කරනවා. ඉන්පසු කුලසිරි බුදවත්ත රංගායතනයෙන් මා ඉදිරියට ආවා. දයා නෙල්ලම්පිටිය මහත්මිය මේ සෑම දෙනාම මතක් කළ යුතුයි. ඒ වගේම ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජනමාධ්‍ය ඩිප්ලෝමාව හා කලා මාධ්‍යයෙන් බාහිර උපාධිය හැදෑරුවා. පද්මිණී රාමනායක මහත්මිය යටතේ රූපලාවණ්‍යය ඩිප්ලෝමාව හැදෑරුවා. ඒ ලැබුණ අධ්‍යාපනය හා අත්දැකීම් මගේ නිර්මාණවලදී මා බොහෝ සෙයින් යොදා ගත්තා. නිළියක් විදිහට මම හිතනවා අධ්‍යාපනය බොහොම වැදගත් කියලා. හැසිරීමට කතාවට අපේ දැනුම වැදගත්. අධ්‍යාපනය තුළින් ශක්තිමත් වනඑක බොහොම වැදගත්.


අවුරුදු කාලයේ ඔබේ අපූරූ නර්තනාංග බොහොමයක් දුටුවා?


අවුරුදු කාලයේ තිබුණ වැඩසටහන් හා මා නර්තනයෙන් සම්බන්ධ වුණා. ඒවාට ඉතාම ඉහළ ප්‍රතිචාර ලැබුණා. දෙරණ නාළිකාවේ විකාශය වූ චැම්පියන් ස්ටාර් වැඩසටහනට කෙටි කාලයක් තුළ මා විසින්ම නිර්මාණය කළ නර්තනය සඳහා මට බොහෝ දෙනෙක්ගෙන් ඉතා හොඳ ප්‍රතිචාර තිබුණා. ඒ වගේම ස්වර්ණවාහිනී නාළිකාවේ ආබාධිත රණවිරුවන් සඳහා ඉදිරිපත් කළ නර්තනය. එය මට ලොකු ගෞරවයක්. මගේ තිඹිරිගෙය ස්වර්ණවාහිනී නාළිකාව. මාව හඳුනා ගන්නේ ඒ හරහා. ස්තූතියි සියලු දෙනාටම මාව යළිත් මෙවැනි දේ සඳහා සම්බන්ධ කරගැනීම වෙනුවෙන්. ඒ වගේම සුරාජ් මාපා සමඟ සඳවතියේ ගීතයට නර්තනයක් ඉදිරිපත් කළා. එයත් ලස්සනට තිබුණා. එයටද හොඳ ප්‍රතිචාර ලැබුණා.



ඔබ සහ සුරාජ් මාපාගේ සුසංයෝගය, ඔබ දෙපළගේ තාත්වික රංගනය ප්‍රේක්ෂකයා වැලඳගත්තේ හරි ආදරයෙන්?


මට ලැබුණ හොඳම සහාය නළුවෙක් සුරාජ් අයියා. කෙතරම් රංගනයේ යෙදුණත් වැඩක් නැහැ තමන් සමඟ රංගනයේ යෙදෙන්නාට සහාය නොදක්වනවානම්. නමුත් සුරාජ් අයියා කියන්නේ ඔහු තිරයේ නොසිටින අවස්ථාවක වුණත් චරිත නිරූපණය වෙනුවෙන් සහයෝගය ලබා දෙන නළුවෙක්. ඒ නිසාම අප දෙදෙනා තිරයට ඉතාම හොඳීන් ගැළපුණා. අපිට මඟහැරෙන තැන් අප කතා කළා. ඇත්තටම ඔහුගෙන් ලොකු සහයෝගයක් ලැබුණා.



කලා ක්ෂේත්‍රයේ දිගු ගමනක් ආ අයෙක් විදිහට වර්තමානයේ ටෙලිනාට්‍යකරණයේ හා කලා ක්ෂේත්‍රයේ සිදු වී ඇති වෙනස්කම් ගැන මොකද හිතෙන්නේ?


එය දිගු වේලාවක් කතා කළ යුතු පළල් මාතෘකාවක්. මම හිතනවා හැම දෙනාටම අඩුපාඩු තියෙනවා. නිර්මාණකරුවන්ගේ නිර්මාණවල ඇති ගුණාත්මකභාවය අද නැති තරම්. බොහෝ හරසුන් නිර්මාණ අතර බොහොම අතළොස්සක් තමයි ප්‍රශස්ත මට්ටමක තියෙන්නේ. සමහර නිර්මාණවල වචන හරිම සැර පරුෂයි. ගහ ගැනීම් මරා ගැනීම් වෙඩි තියන දර්ශන වගේ ඉතාම ප්‍රචණ්ඩකාරී දර්ශන අඩංගු වෙලා තියෙනවා. පොඩි දරුවෙක් එක්ක බලන්න බැහැ එවැනි නිර්මාණ. මේ සඳහා කලින් තිබූ වාරණයන් දැන් ක්‍රියාත්මක වන්නේ නැතිද යන ප්‍රශ්නය මට තියෙනවා. දවස පුරා මහන්සි වෙලා ගෙදර යන අයෙකුට රත් වූ යකඩයකට වතුර දාන්නක් මෙන් නිර්මාණයක් බලලා සැනසෙන්න රසවිදින්න හැකි විය යුතුයි. එයයි කලාව හරහා විය යුත්තේ. මේ විදිහට ගියොත් විදේශ නාට්‍යවලට තව තවත් ඉඩ ලැබෙයි.

 


පෙර නොවු විරු ලෙස සමාජ මාධ්‍ය නිර්මාණ ප්‍රෙක්ෂකයා අතරට ගෙනයන්න හොඳ මෙවලමක් වෙලා. ඔබට කොහොමද එය දැනෙන්නෙ?


එහි හොඳ වගේම නරක දෙකම තියෙනවා. පිහියකින් ඇපල් ගෙඩියක් වගේම බෙල්ල කපන්නත් පුළුවන්. තාක්ෂණය හා බැඳුණ මෙවැනි මෙවලම් හොඳයි. අපි ලෝකය සමඟ යා යුතුයි. එය සමාජයට යහපතක් වන ආකාරයට හා සමාජයේ ප්‍රගමනයට දායක විය යුතුයි. එසේ නොවන අහිතකර දේට යම් වාරණයක් තිබිය යුතුයි. කුඩා දරුවාගේ සිට වැඩිහිටියා දක්වා අද තාක්ෂණය හා බැදුණ උපකරණ භාවිත කරනවා. මෙය ඉතාම පරිස්සමින් කළ යුත්තක්.

 

ඔබ ව්‍යාපාරයක් ආරම්භ කළා කියලත් අපට ආරංචියි?


විවාහ මංගල උත්සව හා වෙනත් උත්සවවලට අවශ්‍ය විදේශ විලාසිතා එකතුවකින් නිර්මාණය වුණ මගේ 'ඕලු මනාලි' විලාසිතාගාරය ගැනයි ඔබ මේ කියන්නේ. ඇත්තටම මම විදේශ සංචාරවලට යන විට එහිදි මා සිත් ගත් ඇදුම් විලාසිතාවන් තමයි මෙහිදි මා අලෙවි කරන්නේ. චීනය ඇමරිකාව වගේ රටවල් වල ඉතාම ලස්සන විලාසිතා තියෙනවා. මේ කාලය තුළ යෑමට නොහැකි නිසා යම් පසු බෑමක් තිබුණත් මුල් කාලයෙදී මේ සඳහා ලොකු ඉල්ලුමක් තිබුණා.



ඕලු අම්මා කෙනෙක් දැන්. කොහොමද දරුවො එක්ක ගෙවෙන ජීවිතය?


ලොකු සතුටක් වගේම ලොකු වගකීමක් තියෙනවා. එයාලගේ මේ හුරතල් වයස ගෙවෙන්නේ. ඒ හුරතලය එක්ක දවස ගෙවෙනවා තේරෙන්නේ නෑ. පොඩි වෙලාවක් හරි පේන්න හිටියේ නැත්නම්


ප්‍රශ්න ගොඩයි. මගෙ මහත්තයා වගේම අම්මා, ආච්චි අම්මා හැමදේටම ළඟින් ඉන්නවා. එය මට ලොකු ශක්තියක්.

 


කාලයක් ක්ෂේත්‍රයෙන් ඈත්වෙලා ඉඳලා අයේම ක්ෂේත්‍රයට එනවිට ඔබ දුටු වෙනස්කම් මොනවද?


ඉස්සර තිබුණ සහයෝගය යම් තාක් දුරකට අඩු වෙලාදෝ කියලා මට හිතෙනවා.යම් නිර්මාණයක් කරනවිට තිබුණ බැඳීම අද දකින්න ලැබෙනවා හරි අඩුයි. කණ්ඩායමක් ලෙස වැඩ කටයුතු කරනවා වෙනුවට අද තමන්ගේ කොටස කළා පැත්තකට වුණා. අලුත් පරපුරේ බොහොම දක්ෂ හොඳ නිහතමානී අය ඉන්නවා. නමුත් රැල්ලට යන ගතියක් තමයි පේන්නේ.


ඕලූ පැත්තකට කළොත් මංජුලා කුමාරිට ආයෙම ජීවීතේ මේ ආ දුර දෙස හැරිලා බලද්දි මොකද අද හිතෙන්නේ?


අධ්‍යාපනය ලබන කාලය තුළ මම හොඳ ශිෂ්‍යාවක්. විවාහ ජීවීතය තුළ වුණත් උපරිම ඉවසීමක් ඇති බිරිඳක් වීමට උත්සහ කළා එය සාර්ථකයි. බොහොම ආදරණීය පවුල් ජීවීතයක් ගෙවන ආදරණීය අම්මා කෙනෙක් මං අද. කලා ශිල්පිනියක් වුණත් ජීවීතේ යම් ස්ථාවරත්වයක් තිබිය යුතුයි. ගන්න මුළු මුදලම විලාසිතාවලට වැය නොකොට අනාගතය වෙනුවෙන් ඉතුරු කිරීම වැදගත්. අද මම ස්ථාවරව ශක්තිමත්ව ඉන්නවා. ඒ ගැන සතුටක් ආඩම්බරයක් තියෙනවා. හැමදාමත් මා කලාව දේවත්වයෙන් සලකනවා. කලාවට ආදරෙයි


[MUSIC]_$type=carousel$count=4$cols=4$cate=0

[ON LOCATION]_$type=left$va=0$count=3

[BOLLYWOOD]_$type=right$va=0$count=3

[CHIT CHAT]_$type=three$count=3$h=360$author=hide$comment=hide$date=hide

[FRESHERS]_$type=carousel$count=5$cols=4$cate=0$h=360

Logo

[GOSSIP]_$type=three$count=3$h=360$rm=hide$author=hide$comment=hide$date=hide

[STAR TALKS]_$type=three$count=3$h=360$author=hide$comment=hide$date=hide

Name

accident,1,BestCovers,1,bollwood,7,Bollywood,31,ChitChat,18,Cinema,28,Cinematic,9,Dance,6,Fashion,18,Featured,1,Freshers,5,Gossip,61,HotPoses,22,Interview,24,MoviePremieres,13,Music,23,News,40,on location,2,Photos,15,StarTalks,18,Trending,6,TV,51,Video,12,
ltr
item
Star Gossip - BottomLine News: හුරතලේට තියෙන ලෝබකමත් එක්ක ගෙදරට වෙලා ඉන්නමයි හිත - මංජුලා කුමාරි
හුරතලේට තියෙන ලෝබකමත් එක්ක ගෙදරට වෙලා ඉන්නමයි හිත - මංජුලා කුමාරි
https://1.bp.blogspot.com/-wUsBYaTYDpc/YKU5yM5SDhI/AAAAAAAADno/4cU9oOgVZfITE_YulOD2cMzUi1IrZbQVwCLcBGAsYHQ/s16000/Manjula_Kumari.jpg
https://1.bp.blogspot.com/-wUsBYaTYDpc/YKU5yM5SDhI/AAAAAAAADno/4cU9oOgVZfITE_YulOD2cMzUi1IrZbQVwCLcBGAsYHQ/s72-c/Manjula_Kumari.jpg
Star Gossip - BottomLine News
https://stargossip.bottomline.asia/2021/05/blog-post.html
https://stargossip.bottomline.asia/
https://stargossip.bottomline.asia/
https://stargossip.bottomline.asia/2021/05/blog-post.html
true
3404992472536326279
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL View Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU CATEGORY ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS PREMIUM CONTENT IS LOCKED STEP 1: Share to a social network STEP 2: Click the link on your social network Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy Table of Content