ප්‍රවීණ සිනමා හා ටෙලිනාට්‍ය අධ්‍යක්ෂකවරයෙක් වන , සිරස නාලිකාවේ නිව්ස් ෆස්ට් හි උපදේශක හා අධ්‍යක්ෂක තනතුරු දරන අනුරුද්ධ ජයසිංහ මහතා සම...
ප්‍රවීණ සිනමා හා ටෙලිනාට්‍ය අධ්‍යක්ෂකවරයෙක් වන , සිරස නාලිකාවේ නිව්ස් ෆස්ට් හි උපදේශක හා අධ්‍යක්ෂක තනතුරු දරන අනුරුද්ධ ජයසිංහ මහතා සමඟ සුහඳ කතාබහක යෙදෙන්නට අපට හමුවුණා .
ඔබේ සම්පූර්ණ නම කිව්වොත්?
අනුරුද්ධ රෝහණ ජයසිංහ.
කුඩා කල ගෙවෙන්නෙ කොහොමද?
මට අවුරුදු 12ක් පමණ වයස වන තුරු අපි ජීවත් වුනේ කොළඹ. මගේ පියා මැණික් ව්‍යාපාරිකයෙක්. එහෙත් ඔහුගේ ව්‍යාපාර කඩා වැටීමත් සමඟ නොසිතු අන්දමට අපිට මවගේ ගමට යෑමට සිදු වුණා. එය ජීවිතේ අපූරූ සංදිස්ථානයක් ලෙස කුඩා කාලයේ මට දැනුනා. අහිමි වීමම හිමිවීමක් බවට පත් කල ඒ ආගමනය නැවුම් සිතුවිලි හිත්වල හරි අපූරුවට මතුකරා කුරුණෑගලට මායිම්ව පිහිටි සුන්දර ගමක් වන සදලංකාව ජීවිතේ බොහෝ පාඩම් මට කියා දුන්නා. නාගරිකයෙක්ව හිඳ ගමට ගියාම එහි තියන සුන්දරත්වය හරි අපූරුවට දැනෙනවා. අම්මගෙ මහ ගෙදර මැදමිදුල ගොඩක් කතාවලින් කන් පිරෙව්වා. සංස්කෘතිමය වටිනාකමක් ජිවිතේට එක් කලා. අවුරුදු 12ක පොඩි කොල්ලෙක් හැටියට සදලංකාව මධ්‍ය මහ විද්‍යාලයට ඇතුල් වුණා. එහිදි මට ඕන වුනේ එහි විද්‍යාර්ථයෙක් වීමට ය. ඒ නිසා මම මහන්සිවෙලා වැඩකරා ඉගෙනීමේ වැඩ, බාහිර වැඩ, ක්‍රීඩා මේ හැමදෙයක්ම. මගේ ප්‍රථම ආදරෙත් පටන් ගත්තේ ඔය කාලෙමයි. සදලංකාව විදුහල කොයිතරම් සොදුරුද කියනවනම් ඒක කියවලා ඉවර කරන්න බැරි නවකතාවක් කියලා හිතෙනවා. ඒ එක්කම අවුරුදු 15ක් විතර වෙනකොට මම පොතපත පරිශීලනයට වඩා වැඩි නැඹුරක් දැක්වුවා. කියවන එක, ලියන එක ජීවිතේ කොටසක් බවට පත් වුනා. මේ නිසාම වගේ මම වමේ දෙශපාලනයට සම්බන්ධව ඒ ගැන පොත පත කියෙව්වා. පංති පහට සම්බන්ද වුනා, මේ අතර විශේෂයෙන්ම සිහියට එන අමතක නොවෙන දේ තමයි. ” ජේ.ආර් මරමු ”කියලා පාසලේ පෝස්ටර් ගහපු එක. එතකොට රටේ ජනධිපති මරන්න අවුරුදු 16ක කොල්ලෙක් පෝස්ටර් ගහනවා. මේ නිසා ලොකු කලබැගැනියක් ඇති වුණත් කිසිවෙක් මාව සැක කරේ නැහැ. පෝස්ටර් ගහපු එක හොයන්න දුන්නෙත් මම ඇතුලු ශිෂ්‍ය කණ්ඩායමකට වීම තමා විශේෂත්වය.
ඊට පස්සෙ මම නැවත 1986 කොළඹ තර්ස්ටන් විද්‍යාලයට ඇතුල්වෙනවා. එහිදිද ක්‍රියාකාරි ලෙස ඉගෙනීම් කටයුතුවල මෙන්ම බාහිර වැඩවලට ද සම්බන්ධව කටයුතු කරා.
ඔබ සිනමාවට සම්බන්ද වෙන්නෙ කොහොමද?
පොඩිකාලේ ඉදන්ම මම ලියන්න ගොඩක් කැමති කෙනෙක්. ඒ එක්කම මම ටෙලිවිව් ආයතනයෙත් තිරපිටපත් රචනය පිළිබද පාඨමාලාවක් කරමින් හිටියා. ඒ අතර මට ප්‍රියන්ත කොළඹගේ අයියාව මුන ගැහුනා. ඔහුත් අපේ පාසලේ සදලංකාව මධ්‍ය මහ විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක්. ඒ කාලේ ඔහු ”රාවය ”පත්තරේ වැඩකරා. ඔහු සමඟ එකතුව චිත්‍රපටයක් කරන්නට සැරසුනා. මේ කාලේ මගේ රට ඉන්න නැන්දා චිත්‍රපටය සඳහා වියදම් කරන්න කැමති වුනා. මේ සදහා අධ්‍යක්ෂක ලෙස ප්‍රියන්ත කොළඹගේ, සහය අධ්‍යක්ෂක සිවගුරුනාදන් මහතා නිශ්පාදක ලෙස මම කටයුතු කරා. මේ විදිහට පටන් ගත්තත් එය සාර්ථකව අවසන් කරන්න නොහැකි වුනා.
ඊට පස්සේ මම නැවත සම්බන්ධ වෙන්නෙ සුදත් රෝහණ අයියා සමඟ වැඩ කරන්න. මේ තමා සිනමා ජිවිතේ ආරම්භ කරන්න ලැබුනු අවස්ථාව වුණේ. සුදත් අයියා සමඟ සරත් විජේසුරිය මහතාගේ නවකතාවක් ටෙලිනාට්‍යක් කරන්නට අවසර ලබා ගන්න හම්බුනා. එහෙත් ඔහුට අවශ්‍ය වුනේ තිස්ස අබේසේකර මහතා අතින් එහි තිරපිටපත ලියනු දැකීමටය. මෙහිදි මට ලැබුණු ලොකුම අවස්තාව වන්නේ තිස්ස මහතා සමඟ මෙහි තිරපිටපත ලියන්නට අවස්ථාව ලැබීමයි. “අවිදු අදුර ” මට මතක හැටියට 1989 පමන අපි රූ ගත කිරීම් කරා. මෙහිදි මට ප්‍රවීන සහය අධ්‍යක්ෂකවරයෙක් වන සෝමදාස මල්දෙනිය මහතා සමඟ කටයුතු කරමින් සහය අධ්‍යක්ෂකවරයෙක් විදිහට වැඩකරන්න ලැබුනා. ඊට පස්සෙ මට දිගටම තිස්ස අබේසේකර මහතා සහ සුදත් රෝහණ මහතා සමඟ වැඩ කරන්න අවස්ථාව ලැබුනා. ඒක ජිවිතේ ලොකු ගමනක ආරම්භය වුනා. ප්‍රවීන නළු නිලියන් සමඟ වැඩ කරන්නටත්, අත්දැකීම් ලබන්නටත් අවස්ථාව උදා වුනා. නිරානන්දය, බැද්දේගෙදර, වනවදුලේ වසන්තය, පිටගම්කාරයෝ වැනි දැවන්ත සිනමා කෘති සමඟ සම්බන්දව වැඩ කරා.
ඔබ කල නිර්මාණ ගැන කතා කලොත්?
මගේ පළමු ඒකාංගික ටෙලිනාට්‍ය වූයේ,
සත්‍යා ,ඊට පස්සෙ අභිනික්මනයි.
ඒ වගේම මම ස්වර්ණවාහිනි නාලිකාවේ ආරම්භක යුගයේ නිශ්පාදකවරයෙක් ලෙස ටික කාලයක් සේවය කරා ඒ අතර කිනිහිරියා මල් චිත්‍රපටයට සම්බන්දව කටයුතු කරා.
මගේ නිර්මාණ අතර,
අභිසමය නාට්‍යය ප්‍රථම නාට්‍යය ලෙස හැදින්වීීීමටට පුලුවන්. තට්ටුගෙවල් නාට්‍යද ලංකාවේ ගොඩක් ජනප්‍රිය වුණා. ඒ වගේම 2005 අවුරුද්දේ හොඳම නාට්‍ය, හොඳම නළුවා, හොඳම අධ්‍යක්ෂණය, විශිෂ්ඨතම කැමරාකරණය යන සම්මාන ධවල කන්‍යා ටෙලිනාට්‍යයට හිමි විය.
ශාන්ති දිසානායක මහත්මියගේ ”වරාමල් ” නවකතාව පාදක කොටගත් නාට්‍යය වන විය සිදුර නිර්මාණය ද මීදුම, මායාරංග, මායාරූ ටෙලිනාට්‍ය ද අතිශය ජනප්‍රියත්වයට පත් වුනා.
ප්‍රථම චිත්‍රපටය ලෙස ප්‍රොෆිසර් නිමල් සේනානායක මහතා නිෂ්පාදනයෙන් දායක වූ සංක්‍රාන්ති සිනමා කෘතියයි. මේ චිත්‍රපටය සමඟ ලෝකේ වටේ යන්න මට අවස්තාව හම්බෙනවා. මොකද මෙය (Indian film festival එකේ world cinema film section nominate) වුන නිසා.
2010 වසරේ බෝම්බ සහ රෝස, යකඩ පහන්තිර, 2017 ගින්නෙන් උපන් සීතල චිත්‍රපටය, මෙය සිනේ ප්‍රෝ ආයතනය මගින් නිශ්පාදනය කල සිනමා කෘතියක්. මෙය (Oscar) සම්මාන උළෙල සඳහා නිර්දේශ වීම මට ලැබුන විශිෂ්ඨතම ජයග්‍රහනයක්.
මා, එක දවසක අපි තමා මා අවසානයට කල චිත්‍රපට
ප්‍රේමය සහ විවාහය ගැන කිව්වොත්?
ප්‍රේමය සහ විවාහය කියන්නෙ එකිනෙකට වෙනස් අර්ථ සහිත දෙකක්. සියලු ප්‍රේමයන් විවහයෙන් කෙලවර වෙන්න්නෙ නෑ වගේම විවාහ වූ සියලු දෙනාම ප්‍රේම කරන්නෙත් නෑ. එකිනෙකාට ඇති විශ්වාසය හා ආදරය පිළිබඳ බයක්, සැකක් ඇති වුනාම ලියවිල්ලක අත්සන් කරලා. මොන දේ වුනත් දාලා යන්නෙ නෑ කියලා ප්‍රකාශ අරන් ඒවට අත්සන් තියන එක තමා විවාහය කියන්නේ කියලා දැන් හිතද්දි තේරෙනවා. මම විවාහ වෙලා 2005 වසරේ දික්කසාද වෙනවා. දැන් අවිවහකයෙක් විදිහට ජිවිතේ සරලව විදිනවා. මට දියණියන් දෙදෙනෙක් ඉන්නවා. පියෙක් විදිහට ඒ වගකීම් නොපිරිහෙලා ඉෂ්ට කරන්නේ ඉතා සතුටෙන්.
ඉදිරියේ කරන වැඩකටයුතු ?
වර්තමානයේ සිරස නාලිකාවේ නිව්ස් ෆස්ට් උපදේශක හා අධ්‍යක්ෂක විදිහට කටයුතු කරන ගමන් අලුත් වැඩකටත් අත ගහලා තියනවා -සිරස නාලිකාවෙම ටෙලිනාට්‍යක් කරන්න "පියාඹන මූනිස්සන්" නමින්, ඒ වගේම මේ දිනවල චිත්‍රපටයක් සඳහා තිර පිටපතක් ලියනවා. කලු දළ මල (Black Tulip) ලෙස, ඒ වගේම බත්තලන්ගුන්ඩුව සිනමා කෘතිය සදහාද අවශ්‍ය වැඩකටයුතු සිදුකරමින් යනවා.
එසේ නම් අපි ඔබට සියලු වැඩ කටයුතු සාර්ථක වෙන්න යැයි හදවතින් ප්‍රාර්ථනා කරන්නෙමු...
සාකච්ඡා කලේ : සඳූ ජයපත්ම