සිංහල සිනමාව පිළිබදව සහ එහි සැබෑ තතු සොයා බැලීම වෙනුවෙන් Bottomline ගොඩනගන්නාවූ "CINEMATIC ” ...
සිංහල සිනමාව පිළිබදව සහ එහි සැබෑ තතු සොයා බැලීම වෙනුවෙන්
Bottomlineගොඩනගන්නාවූ
"CINEMATIC”
.......film එකට එහා ගිය කතාවක් ...
සින්ඩ්‍රෙල්ලා සමග ඉනෝකා සත්‍යාංගනී
“මගේ ඉඩමක් බැංකුවට තියලා තමයි සින්ඩ්‍රෙල්ලා හැදුවේ”..
01. මේදවස්වලකාර්යබහුලයි වගේනේද?
මේ දවස්වල සින්ඩ්‍රෙල්ලා චිත්‍රපටය ද්විත්වය ඒ කියන්නේ සින්ඩ්‍රෙල්ලා චිත්‍රපටයේ පළමු කොටස හා දෙවනි කොටස කියන චිත්‍රපට දෙක නිසා ටිකක් කාර්ය බහුලයි.
ජනවාරි මාසයේ පළමු හෝ දෙවැනි සතියේ මේ චිත්‍රපටයේ පළමු කොටස ලාංකීය ප්‍රේක්ෂකයන් සදහා ප්‍රදර්ශනය සුදානම් කරමින් ඉන්නවා රීගල් මණ්ඩලයේ සිනමාහල්වල තමයි මේ චිත්‍රපටය ප්‍රදර්ශනය කෙරෙන්නේ.
“දැන් ඒ ඉඩමත් බැංකුවට සින්න වෙලා ඉවරයි..
02. ඇයි සින්ඩ්‍රෙල්ලා වගේ චිත්‍රපටයක් හදන්න හිතුවේ.
ඔව් ඇත්තටම මිට අවුරුදු 14කට කලින් මම “සුළං කිරිල්ලි“ චිත්‍රපටය කලේ. ඒ සදහා චිත්‍රපට සංස්ථාව මගින් මට මුදලක් ප්‍රධානය කරා විශේෂයෙන් චිත්‍රපට සංවර්ධන අරමුදල මගින් තමයි. එය මට ප්‍රධානය කරේ. මොකද ලංකාවේ සිනමාවේ ප්‍රවර්ධනය සදහා කලාත්මක චිත්‍රපටයක් නිර්මාණය කරන්න කියලා ඉතින් මම ඒ චිත්‍රපටය මගේ ආත්මීය ප්‍රකාශනයක් හැටියට නිර්මාණය කරා.
නමුත් ඊට පස්සේ මට එවැනි අරමුදලක් හෝ වෙනයම් මුදලක් මට සින්ඩ්‍රෙල්ලා හදන්න ලැබුනේ නැහැ. නමුත් මම මගේ ඉඩමක් බැංකුවට තියලා තමයි සින්ඩ්‍රෙල්ලා හැදුවේ. තවත් සම නිෂ්පාදකවරු දෙන්නෙකුත් හොයාගෙන ඇත්තටම දැන් ඒ ඉඩමත් බැංකුවට සින්න වෙලා ඉවරයි.
නමුත් මම වානිජ දහරාවේ හොද නිර්මාණයක් කරා මොකද ඉනෝකා සත්‍යංගනී ලාංකිය සිනමාව තුල අනන්‍යතාවයක් ගොඩනගාගෙන තියෙනවා ඒක නැති කරගන්න ඉනෝකා සත්‍යංගනි කියන සිනමා කාරියට බැහැ.
පවතින වානිජ සිනමාවේ කුමක් හෝ දෙයක් කරලා මුදල් ඉපයිම මගේ අරමුණ නොවෙයි. ඒක මට පුළුවන් උනත් ඉනෝකා සත්‍යංගනි කියන සිනමා කාර්යට කරන්න බැහැ. අනික් එක සින්ඩ්‍රෙල්ලා කියන්නේ නිකන් වානිජ සිනමා කෘතියක් නොවෙයි. පර්යේෂණාත්මක වානිජ සිනමා කෘතියක්.
“ඒක නැති කරගන්න
ඉනෝකා සත්‍යංගනි කියන සිනමා කාරියට බැහැ”…
03. ඇයි සින්ඩ්‍රෙල්ලා කොටස් දෙකකින් එන්නේ. සාමානයෙන් ලාංකිය සිනමාවේ එහෙම අත්දැකීම් අඩුයි නේද?
ඔව් සින්ඩ්‍රෙල්ලා මුලින්ම ලියවුනේ එක කොටසක් විදියට 2011දි නමුත් මෙය චිත්‍රපටයක් විදියට කරගෙන යද්දි සිනමා සංකල්පය ගොඩනැගුණ ආකාරය අනුවයි. මෙය මේ ආකාරයට සිද්ධවුනේ.
මෙය දින හතක් තුල ඇතිවෙන ප්‍රේම සම්බන්ධතාව මට පැවරෙන සිනමා පටයේ මගේ වගකීම මම හොදින් තේරුම් ගත්තා ඒ නිසා මගේ අනන්‍යතාව රැකෙන පරිදි මම මේකට වෙනම ආකෘතියක් තෝරා ගත්තා.
ඔබට මතක ඇති “සුලං කිරිල්ලී“ චිත්‍රපටයත් බොහෝ අය කිව්වේ වෙනස් ආකෘතියක් කියලා ඒ වගේම සින්ඩ්‍රෙල්ලා වෙනුවෙනුත් මට වෙනස් ආකෘතියක් තෝර ගත්තා ආකෘතියකින් පුළුවන් විශාල වෙනසක් කරන්න.
මේ චිත්‍රපටයෙන් මම අපේ සාමාන්‍ය ජීවිත රිද්මය සිනමා පටයකට ගේන්න උත්සාහ කරා ඇත්තටම මේ චිත්‍රපටය රූගත කිරීමේදී මට ඇතිවෙච්ච සෞදර්යාත්මක හැගීම් තිබුණා ඒ වගේ අවස්ථාවන්වලදී මට හිතුනා මේ සිනමා පටයට ගීතමට ජවනිකා කිහිපයක් ඇතුල් කරන්න පුළුවන් කියලා මේ චිත්‍රපටය රූපගත කරද්දී ඇත්තටම උපේක්ෂා හා අකලංක පෙන්නපු ඒ භාවයන් දකිද්දි මට ආපු සිනමා රූපි සංකල්ප හංගන් ඉන්න බැරි වුනා.
ඇත්තට මේ සිනමා පටයේ මම හිතාගෙන හිටියේ ගීත තුනක් අදාල කරන්න නමුත් අන්තිමට මේ චිත්‍රපටයට ගිත 13ක් රූප ගත කරන්න වුනා ඒ අනුව තමයි මේ චිත්‍රපය මේ තරම් දිග සිනමා පටයක් වුනේ. ඇත්තටම මෙය නරඹපු විචාරයකයන් කියපුදෙයක් තමයි. සියයට සියයක් දිය යට දර්ශන සහිත සම්පූර්ණ ගීතයක් අඩංගු ලෝකයේ පළමු චිත්‍රපටය මෙය බව ලෝකයේ සමහර චිත්‍රපයවල යම් කොටස් දිය යට දර්ශන තිබුනත් සම්පුර්න ගීතයක් පළවෙනි වතාවටයි.
චිත්‍රපටයකට ඇතුලත් වෙන්නේ මෙය ඇත්තටම Water ballet (වෝටර් බැලට්) එකක් ඒ කියන්නේ ජල මුදාවක්.
මෙහි පළවෙනි කොටසක් මම ප්‍රේමය විදගැනීමක් විදියට භාවයක් විදියට ප්‍රකාශ කරන්නයි. උත්සහ කරේ ඒ නිසා සාමාන්‍ය වානිජ සිනමා පටයක තියෙන වට්ටෝරු ස්වභාවය මෙහි දකින්න නැහැ ඒ වේගවත් ගලායාම චලනය මෙහි දකින්න නැහැ.
ඒත් දෙවැනි කොටස තුල නාට්‍යටය ගුණයක් හා කතා ශරීරයන් ඔබට දකින්න පුළුවන් එය තමයි මෙහි දකින්න තියෙන විශේෂත්වය. මම මේ මගින් අර වානිජ සිනමාවේ තිබුණු වට්ටෝරු ගුණය කුඩු පට්ටම් කරලා පැත්තකට විසි කරා
“සියයට සියයක් දිය යට දර්ශන සහිත
සම්පූර්ණ ගීතයක් අඩංගු ලෝකයේ පළමු චිත්‍රපටය මෙය”
04. මේ ටික පෙන්වන්නද ඔබ අකලංක හා උපේක්ෂා යොදා ගත්තේ
නැහැ අපිට ප්‍රේමය ශ්‍රංගාරය පෙන්වන්න ඕනම ස්ත්‍රී පුරුෂ ශරීර දෙකක් යොදා ගන්න පුළුවන්නේ ඒත් මට ඕන වුනා ඉහළ මධ්‍යම පාන්තික තරුණියක්ගේ තරුණයෙකුගේ ප්‍රේමයක් ගලායන හැඩය මේ සිනමා පටය තුළින් පෙන්වන්න. ඉතින් මට ඔවුන් දෙන්නාගේ බාහිර ස්වරූපය මේ සිනමා කෘතිය සදහා ඉතා හොදින් ගැලපුනා විශේෂයෙන්ම අකලංකගේ තිබුණු ජනප්‍රියත්වයත් ඔහු මේ චරිතය සදහා යොදාගන්න හේතුවක් වුනා ඒ වගේම අකලංකට තියන කාන්තාවන්ගේ තරුණියන්ගේ විශේෂ ආකාර්ෂණයත් Plus point එකක් විදියට මම පාවිච්චි කරා.
ඒ වගේ උපේක්ෂා ඔබ දන්නව අද බොහෝ තරුණයෝ රාත්‍රී කාලයේ නිදහසේ ඉන්නකොට අන්තර් ජාලයට ගිහින් තමන් කැමති කෙල්ලන්ගේ Photos බලනවා විවිධ කෝන වලින් ගත්ත.
ඉතින් එහෙම බලන රූප තියෙන කිහිප දෙනා අතර එක් කෙනෙක් තමයි උපේක්ෂා මම හැමෝගෙම නම් කියන එක හරි නැහැ. නමුත් අපේ කරුණයින්ගේ සිහින කුමරියක් ඇය.
තරුණයන්ට පෙම්වතියක් හිටියත් නැතත් හිතින් පෙම් කරන්න කැමති කෙනෙක් උපේක්ෂා ඒ නිසා මම වානිජ සිනමා මැධ්‍ය තෝරා ගන්නකොට මෙවැනි තැන්වලදි මම ටිකක් උපක්‍රමශිලි වුනා.
“තරුණයෝ රාත්‍රී කාලයේ නිදහසේ ඉන්නකොට කැමති කෙල්ලන්ගේ Photos බලන්න”
05. මේ සිනමාපටය අපේ තරුණ පරම්පරාව මොන විදියට වැළද ගනිවිද?
මේකආකර්ෂනියවිදියටවැළදගනීවි කියලා මම විශ්වාස කරන්නවා
දැන් අපි බලමු ,WORK TO REMEMBER, NOTE BOOK වගේ චිත්‍රපටයකින් ගත්තොත් BEFORE SUNSET AFTER SUN RISE වගේ චිත්‍රපටයක් ගත්තොත් මේවා තනිව රස විදින අයෙ ඉන්නවා නමුත් බහුජන ප්‍රේක්ෂකයින්ට රටාව ගෝචර වෙනවා අඩුයි. මේවාගේ භාවයත් රසයත් වෙනත් තලයක තමයි පිහිටවලා තියෙන්නේ නමුත් හොද නිර්මාණ කරුවෙක්ගේ වගකිම වෙන්නේ වානිජ සිනමා කෘතියක් කරද්දි අළුත් දෙයක් රෝපණය කිරීම එතකොට ඒකට රැල්ලක් trend එකක් හැදෙනවා ඒ නිසා “කඩවුණු පොරොන්දුව“ අද හදලා වැඩක් නැහැ නේ හැමෝම එකම දේ කිරීම නිසා වෙන්නේ ප්‍රේක්ෂකයා එකම තැන පල් වීම විතරයි ප්‍රේක්ෂකයා ඉස්සරහට තල්ලුවෙන්නේ නැහැ.
මට ඕන ප්‍රේක්ෂකයා ඉස්සරහට අරගෙන වානිජ සිනමාවේ නව මානයක් පෙන්වන්න එතකොට තමයි එය අළුත් නිර්මාණයක් වෙන්නේ
උදා :-විදියට අශෝක හදගමගේ “මේ මගේ සඳයි“ චිත්‍රපටය ගන්නකෝ ඒ චිත්‍රපටය ලාංකීය ප්‍රේක්ෂකය අළුත් අත් දැකිමකට තල්ලු කරා ඒක එහෙම වෙන්නේ තාක්ෂණික භාවිතාව නැත්නම් සිනමා අඛ්‍යානය ඒ මගින් කුඩු පට්ටම් කරා.
එකේ Jump Cuts තියෙනවා ඒකේරළු පරළු රංගනයක් තියෙනවා. සාමන්‍ය රංගනයන්ගෙන් බැහැර රග පෑම් තියෙනවා ඒ වගේම එකේම පෙන්නපු ගම ලංකාවේ කොහෙවත් තිවිච්ච ගමක් නොවෙයි. ඒක හදගමගේ ඔළුව ඇතුලේ තිබිච්ච ගමක් ඒ නිසාම හදගමට සිද්ධ වුනා මේ ගැන ලංකාව පුරා මේ සිනමා කෘතියත් එක්ක සම්මන්ත්‍රණ පවත්වන්න. මිනිස්සු එක්ක කථාකරන්න. ඔහුට සිද්ධ වුනා එහෙම තමයි අපිට අළුත් අත්දැකීමක් බෙදා ගන්න වෙන්නේ එහෙම තමයි එක තමයි සිනමා කරුවාගේ කාර්යවෙන්න ඕන. නිර්මාණ කරුවා ඉන්න ඕන ප්‍රේක්ෂයින්ට රසිකයට වඩා ඉදිරියෙන්.
මට සල්ලි පොට්ටනියක් අරගෙන සැප වාහනයක් තියාගෙන Production House එන දාගෙන ඉන්න ඕන නැහැ. මට ඉනෝකා සත්‍යංගනී කියන සිනමා කාරිය මරලා දාලා සල්ලි හොයන්න ඕන නැහැ මට මේ සිනමාව වෙනුවෙන් කරන්න යමක් තියෙනවා එයයි මම මේ කරමින් ඉන්නේ මුදලට මට ඉනෝකා සත්‍යංගනි පාගලා දාන්න බැහැ.
“මට ඉනෝකා සත්‍යංගනී කියන සිනමාකාරිය මරලා දාලා සල්ලි හොයන්න ඕන නැහැ.”
06. සින්ඩ්‍රෙල්ලා හරහා ඔබ සමාජයට දෙන පණිවුඩය කුමක්ද?
නිර්මාණ කරුවෙන් කියන්නේ පණිවිඩ කරුවෙක්ට නොවෙයි. විශේෂයෙන්ම සිනමාව කියන්නේ සාහිත්‍යක් තාක්ෂණික විප්ලවයෙන් පස්සේ බිහිවුනු හොදම සාහිත්‍යක් තමයි, සිනමාව. මම හිතන්නේ මම කරේ සිනමා පටය මගින් ප්‍රේක්ෂකයාට නැවතත් හිතන්න පුරුදු කරපු එක සහ ඔවුන් ඉන්න තැනින් ඔසවා තැබීමයි. හරියට උඩින් සිනි තවරලා තිත්ත බෙහෙතක් පොවනවා වගේ ප්‍රේක්ෂකයා තුලින් නිර්මාණය ඇතුළු කිරීමයි.
07. ඉනෝකා ඔබ “සුළං කිරිල්ලි“ හරහා ලාංකීය කාන්තාව මුහුණ දෙන බේදනිය ප්‍රශ්නයක් වෙච්ච ගබ්සාව ගැන කතා කළා මේ චිත්‍රපටයත් සමග ඉනෝකාගේ සමාජ විවරණ සිනමා නිර්මාණ අවසානද?
නැහැ. කොහෙත්ම එහෙම වෙන්නේ නැහැ.
මගේ ඊලග ආත්මප්‍රකාශන සිනමානිර්මාණයේදි අනිවාර්යෙන්ම මේසමාජය මුහුණදෙන බරපතල ප්‍රශ්ණයක් ගැන මම කතා කරනවා ආත්මවාදි නැත්නම් විකල්ප සිනමා කෘතියක්නේ අපි කියන්නේ කලාත්මක සිනමා කෘතියක් කියලා අන්න ඒ නිර්මාණයේදී මම විදපු මම දැකපු මට කතා කරන්න වේදිකාවක් නොලැබුණු මාතෘකාවක් මම විෂය කරගෙන නිර්මාණයක් කරනවා. එවැනි දෙයක් කරන්න තරම් පසුබිමක් පසුගිය කාලේ රටේ තිවුනේ නැහැ ඒවාට උදාහරණය විදියට
බොරදිය පොකුණ, ඉගිලෙන මාළුවෝ, අක්ෂරය, වගේ චිත්‍රපටවලට වෙච්ච දේ පෙන්වන්න පුළුවන් පසුගිය කාලේ නිර්මාණයක් කරන්න තරම් නිතියක්, හොද පරිසරයක් තිබුනේ නැහැ අනිත් එක මට එවැනි පසුබිමක් නිර්මාණයක් කරලා බලෙන් මැදට පැනලා ගුටිකාල රැඩිකල් පොරක් වෙන්න වුවමනාවක් නැහැ මට අවස්ථාව අවාම මම නිර්මාණයක් මගින් මම උත්තර දෙනවා මට අවස්ථාව එනතෙක් මම කලබල නොවි බලා සිටියා.
“අරලියගහ මන්දිරයට කැදවලා සිනමාව ඩිජිටල් කරන්න කතා කළාට අද වෙනකම් මොකවත් කරලා නැහැ”
08. ලංකාවේ සිනමාව බිද වැටිලාද?
ඔව් එක්තරා දුරකට ඒක පිළිගන්න වෙනවා පසුගිය කාලේ රජෙක් හදාගෙන ඒ රජාට ප්‍රසස්ති කියන වන්දි බට්ට සිනමාවක්නේ තිබුනේ ඒ වන්දි බට්ටයන්ට බැහැ කර්මාන්තයක් දියුනු කරන්න. අරලියගහ මන්දිරයට කැදවලා සිනමාව ඩිජිටල් කරන්න කතා කරාට අද වෙනකම් මොකවත් ඒ වෙනුවෙන් කරලා නැහැ න්‍යාය පත්‍ර හැදුවා විතරයි. මමත් අරලියගහ මන්දිරයට ගිහින් මේ දේවල් කතා කරලා කෑම කාලා ආව තවම මොකුත් වුනේ නැහැ.
ඉන්දියාවේ තියෙන්නේ Studio වැහිලා ගියාම මිලිමියර් 35 සිනමා පටයක් ගහගන්න තැනක් අපිට නැහැ කිසිම පාලකයෙක් මේවා ගැන කතා කරන්නේ නැහැ.
මේ පාලකයෝ අයවැයෙන් කාලාවට සංස්කෘතියට කියලා වෙන් කරන්න සල්ලි වලින් මොනවද කරන්නේ පැරණි නගර සංරක්ෂණය කරන එක විතරයි කරන්නේ මේවා කරලා කලාව ප්‍රවර්ධනය කරන්න පුළුවන්ද? මේ රටේ මොන යහපාලනය ආවත් මේ මිනිස්සු ඔවුන්ගේ වගකීම් අතට අරගෙන නැහැ. ඒ ගැන අවබෝධයක්වත් තියෙන බවක්නම් අපිට පේන්නවත් නැහැ.
09. වත්මන් රජය සිනමාවට කලාවට යමක් කරාවි කියලා ඔබ හිතනවද?
මට ඒකට නිෂ්චිත උත්තරයක් දෙන්න බැහැ.
මට මගේ හෘදයසාක්ෂියට පිටින් මම කතාකරන්නේනැහැ
මගේ අම්මා තාත්තා වැරදිකළත් මමකියනවා වැරදියිකියලා ඒනිසා තමයි මම බහුතරය අතර ජනප්‍රිය නොවන්නේ සුළුතරය අතර ජනප්‍රිය වෙන්නෙත් ඒ නිසා මට බොරු කියලා මගේ ආත්මය පවා දෙන්න බැහැ වත්මන් ආණ්ඩුව කලාව වෙනුවෙන් අලුත්වැඩක් කරන බව පේන්න නැහැ. ඒ වුනාට කලින් පැවති රජය පැනවූ වාරණ පද්ධති ඉවත් කරලා නිර්මාණකරුවන්ට නිදහසේ නිර්මාණ කරන්න අවස්ථාව ලබා දීලා තියෙනවා.
“වාරණ පද්ධති ඉවත් කරලා නිර්මාණකරුවන්ට නිදහසේ නිර්මාණ කරන්න
අවස්ථාව ලබා දීලා තියෙනවා.”
අවස්ථාව ලබා දීලා තියෙනවා.”
10. ආණ්ඩු වෙනස කොහොමද?
වර්තමාන ආණ්ඩුව යම්යම් වෙනස්කම්කරන්න උත්සහගන්න බවපේනවා මේවාට පිළිතුරුදෙන්නටඅපි තාම ඉක්මන් වෙන්න ඕන නැහැ. රජය ජාත්‍යන්තර ප්‍රශ්න පවා නිරාකරණය කරගනිමින් ඉන්නවා. නමුත් අපේ රටේ පසුගිය කාලේ එකතු වෙච්ච ප්‍රශ්න ගණනාවක් තියෙනවා මිනිස්සු මේවාට පවතින රජය ක්‍රියා කරන ආකාරය ගැන විමසිල්ලෙන් ඉන්නවා අපිට සිදු නොවෙච්ච දේවල් කතා කරන්න බැහැ අපි තව ටිකක් බලමු කියලා මම ඔබට යෝජනා කරනවා
“මම මගේ ආත්මය පවා දිලා දේශපාලඥයින්ට සුදු හුනු ගාන්නේ නැහැ”
11. රජයේ රූපවාහිණියක පත්තර කියන්නේ ලැබුණෙත් වර්තමාන ආණ්ඩුවට උදව් කරපු නිසාද?
නැහැ එතෙක් පැවැති ක්‍රමය වෙනස්කරන්න ඕන නිසා මහාචාර්ය ධම්මිකගංගානාථ මට ආරාධනා කළා. මිනිස්සුන්ට යමක් අවධාරණය කරන්න පුළුවන් පෞරුෂයක් සහිත අය ඔහුට ඕන වුනා ඒ සදහා තිදෙනෙක් තෝරාගන්තා ඒ අතර එක් අයෙක් මම ස්වාධීන රූපවාහිණිය මිනිස්සු අතර අළුත් විදියට ගෙනියන්න කරපු දෙයක් එය ඒ වගේම මගේ දිගු නිහැඩියාව බිදීන්නත් ඒක මම අවස්ථාවක් කරගන්තා. මම මගේ ආත්මය පවා දිලා දේශපාගඥයින්ට සුදුහුනු ගාන්නේ නැහැ.
12. ඔබ ජනාධිපතිතුමා සමග අගමැතිතුමා සමග ලංකාවේ සිනමාවේ අඩුපාඩු කතා කරලා තියෙනවාද?
නැහැ මට තවම එහෙම අවස්ථාවක් ලැබුනේනැහැ. නමුත් ඔවුන් දෙන්නා හැර දෙවනිපෙළ සමග මගේ අත්‍යන්ත සාකච්චාවක් පවතිනවා. රටේ මුල් පුටු දෙක හොබවන නායකයින් රට සහ ලෝකය සමග විශාල ප්‍රශ්න ගණනාවක් කතා කරමින් ඉන්නවා එවැනි අවස්ථාවක අපිත් ගිහින් ප්‍රශ්න ඔවුන්ගේ ඔළුවට දැමීමට අවස්ථාවක් කර ගන්න එක හොද දෙයක් නොවෙයි ඉදිරියේදී, අපි ඒ දේවල් කරමු.
13. ඉනෝකාට ගෙවුනු ඉතිහාසය තුළත් ගතවන වර්තමානය තුළත් අනාගතය තුළත් යම් වරදක් නිවැරදි කරගන්න වුනොත් මොකද හදා ගන්න වරද?
අසාධාරණය ඉදිරියේ කේනිති ගිහින් කතා කරන එක මේ සමාජය එක්ක ඉස්සරහට යන්න නම් ඒක ටිකක් අඩු කර ගන්න ඕන කියලයි මම හිතන්නේ.