$type=grid$count=5$meta=0$sn=0$rm=0$show=home

[TV]_$type=carousel$count=24$cols=7$cate=0$space=10$show=home

මට වැඩිය යාළුවො නැහැ

මේ දිනවල හිරු නාලිකාවේ විකාශය වන ජනප්‍රිය ටෙලි නාට්‍යයක් වන දිවිතුරා හි විශාල් - ඊශා ආදර කතාව මැදට ආව අචිනිට ඔබ කැමතිද? අචිනි ගැන බොහෝ දෙනෙක...


මේ දිනවල හිරු නාලිකාවේ විකාශය වන ජනප්‍රිය ටෙලි නාට්‍යයක් වන දිවිතුරා හි විශාල් - ඊශා ආදර කතාව මැදට ආව අචිනිට ඔබ කැමතිද? අචිනි ගැන බොහෝ දෙනෙක් හොයන නිසා රසඳුන අපි ඇය සමඟ කතා කළා. 

ඇය සැබවින්ම පුංචි තිරයට අලුත් මුහුණක්. දිවිතුරා හි අචිනිගේ සැබෑ නම සජිනි. මේ සජිනි සමඟ කළ සොඳුරු කතා බහ


මුලින්ම සජිනි ගැන විස්තර කළොත්

මගේ නම සජිනි රෝයි. මගේ උපන් ගම කොළඹ. පාසල් ගියේ කොළඹ කොටහේන රෝමානු කතෝලික බාලිකා විද්‍යාලයට. පවුලේ විස්තර කිව්වොත් අම්මා, තාත්තා, සහ නංගිලා දෙන්නෙක් ඉන්නවා.


පාසල් කාලෙදිත් කලා විෂයන්ට ද මුල් තැන දුන්නෙ?

පාසලේදී විෂයන් වෙනුවෙන්ම නම් නෙවෙයි තැන දීලා වැඩ කළේ. නමුත් නර්තනය කියන විෂය මම හැදෑරුවා. ඒ පාසල් විෂය පද්ධතියේ තියෙන විෂයක් විදියට. ඒ නිසා මම පාසල් කාලේ ඉඳන්ම කලාවට නැඹුරු කෙනෙක් කියලා කියන්නත් බෑ.


අවුරුදු කුමරිය තරගයට එන්නෙ ඒ හරහා කලාවට ප්‍රවේශ වෙන්න ලේසි නිසා ද?

ගෙදර අය තමයි මගේ ඇප්ලිකේෂන් එක දාලා. එයාලගේ කැමැත්ත අනුව ගියේ. එතැනදී මම පළවෙනි වටයේදී මාව තේරුණා. 

නමුත් දෙවැනි වටයට මට යන්න බැරි වුණා. ඒ රනිල් කුලසිංහ අයියාගේ අලුත් ටෙලි ඩ්‍රාමා එකට ආරාධනාවක් ආවා. එකේ මුල් අදියරේ රූපගත කිරීම් තිබුණු දින 15 ඇතුළත තමයි අවුරුදු කුමරිය තරඟයේ දෙවැනි වටය තිබ්බේ. ඒ නිසා මට දෙවැනි වටයට යන්න අවස්ථාව මඟහැරී ගියා.


නිළියක් වෙන්න ම සිහින මවපු කෙනෙක් ද?

මම රංගනයට දක්ෂ කෙනෙක් නොවුණට මම දැන් හරිම ආසයි රඟපාන්න. මේ ආසාව මට පොඩි කාලේ තිබ්බේ නැහැ. කාලයත් එක්ක තමයි රඟපාන්න ආසාව ඇති වුණේ. ටික්ටොක් වලින් මට තියෙන රඟපෑමේ හැකියාව අත්හදා බැලුවා. 

එහෙම කරද්දී තමයි මට රනිල් කුලසිංහ අයියාගේ “භුමි“ කියන අලුත් නිර්මාණයට ආරාධනාවක් ලැබුණේ. ඒක තවම විකාශය වෙන්න පටන් ගත්තේ නැහැ. ඒක තමයි මගේ පළවෙනි රංගනය ඇතුළත් නිර්මාණය.


කොහොමද දිවිතුරා හි අචිනි වෙන්න අවස්ථාව ලැබෙන්නේ

මම අවුරුදු කුමරිය තරයට ගිහින් එදා කරලා පෙන්නපු වීඩියෝ එකක් ටික්ටොක් එකේ වයිරල් වුණා. එකෙන් පස්සේ තමයි මට දිවිතුරා හි අචිනි වෙන්න අවස්ථාව ලැබුණේ.


මේ වෙද්දි අචිනිට ලැබෙන ප්‍රතිචාර කොහොමද?

විවිධාකාර ප්‍රතිචාර ලැබෙනවා. සීයට අනුවක් මට එන්නේ නෙගටිව් කමෙන්ට්ස්. සීයට 10 ක් වගේ තමයි හොඳ ප්‍රතිචාර ලැබෙන්නේ. හැබැයි මම අර ලැබෙන සීයට 90 ක නෙගටිව් කමෙන්ට්ස් ටික පොසිටිව් කරගෙන තමයි ඉදිරියට යන්නේ.


අචිනි නම් ඉක්මනින් කේන්ති යන නපුරු කෙනෙක්, සජිනි කොහොම කෙනෙක් ද?

අචිනි නම් එයාට ඕනේ කියලා හිතෙන දේ හොඳින් හෝ නරකින් ලබා ගන්නවා. හැබැයි සජිනි එහෙම නැහැ මගේ සැබෑ ජිවිතේ දී මට අදාළ දේ කරලා පැත්තකට වෙලා ඉන්න කෙනෙක්. මට වැඩිය යාළුවො නැහැ. යාළුවෙක් විදියටත් මම ආශ්‍රය කරන විශ්වාස කරන එකම කෙනා මගේ අම්මා. ඒ නිසා සැබෑ ජිවිතේ සජිනි අචිනිට වඩා වෙනස්.


අලුත් නිර්මාණවලට ඇරයුම් ලැබුණද?

මේ වෙද්දී තව ටෙලි නිර්මාණ දෙකකට ආරාධනා ලැබිලා තියෙනවා. ඒ එක්කම මියුසික් වීඩියෝ කිහිපයක් කළා. තව ඉදිරියට කරන්නත් ආරාධනා ලැබිලා තියෙනවා.


දිගටම රංගනයේ යෙදෙන එක ද බලාපොරොත්තුව

මගේ පුංචි කාලේ ඉඳන්ම එකම බලාපොරොත්තුව ගුවන් සේවිකාවක් වෙන එක. ඉතින් ඒ විෂයට අදාළ පාඨමාලා හදාරලා තියෙනවා. මම රංගනයටත් ආවේ ගුවන් සේවිකාවක් වීමේ අරමුණින්. රංගනය කරන අතරතුර මම ඒ සම්බන්ධව වැඩිදුර හැදෑරීම් කරගෙන යනවා. හැබැයි මගේ හීනය ගුවන් සේවිකාවක් වෙන එක නොවුණොත් මම කැමතියි දිගටම රංගනයේ යෙදෙන්න. ඒ වගේම කවදා හරි ඉන්දිය සිනමාවට ගිහින් එතනින් මගේ හැකියාවන් පෙන්වලා හොඳ තැනකට එන එක තමයි.


ආදරේ ගැන මොකද හිතෙන්නෙ

මම තවම ආදරේ ගැන හිතලා නැහැ.


කේෂ්ත්‍රයේ කෙනෙක්ගෙ ආදර යෝජනාවක් ආවොත් භාර ගන්නවද?

ක්ෂේත්‍රයේ කෙනෙක්ගෙන් නම් තවම ආදර යෝජනා ඇවිත් නැහැ. ආවොත් භාර ගන්නත් අමාරුයි එකම ක්ෂේත්‍රයේ නිසා. තවම ඒ ගැන හරියටම කියන්නත් බැහැ. මොකද ඒ දේවල් ගැන තවම නිශ්චිත අදහසක් නැහැ.


කටකතා, ගොසිප් ගැන බයද?

කවදාවත් නැහැ. මම ආසයි. මොකද කටකතා ගොසිප් කියන්නේ ජනප්‍රිය වීම නිසා ඇතිවන දේවල්. ඒ නිසා හොඳ හෝ නරක ගොසිප් තුළින් සිද්ධ වෙන්නේ අපිව තව තවත් ජනප්‍රිය වීම. ඉතින් මම ආසයි මගේ ගැන කටකතා, ගොසිප් හැදෙනවා නම්.


ගෙදරින් ලැබෙන සහයෝගය කොහොමද?

ඒ ලැබෙන සහයෝගය මට වචන කරන්න බැහැ. එක නංගි කෙනෙක් තවම පාසල් යනවා. පොඩිම නංගිට අවුරුදු 3යි. අම්මා මා එක්ක ෂුටින් එන්නේ අවුරුදු තුනේ නංගිව ගෙදර තියලා. ඉතින් ඒ ලබා දෙන සහයෝගය මම කොහොමද වචන කරන්නේ. අනික සමහර ගැහැනු ළමයින්ට කොච්චර දක්ෂතා තිබ්බත් මේ රංගන ක්ෂේත්‍රයට එන්න දෙමාපියන් ඉඩ දෙන්නේ නැහැ. නමුත් අපේ ගෙදර අය එහෙම නැහැ. මම අකමැති වුණත් මාව කොහොම හරි ධෛර්යමත් කරලා එවන්නේ මගේ ගෙදර අය.


අනූෂා රණසිංහ


[MUSIC]_$type=carousel$count=4$cols=4$cate=0

[ON LOCATION]_$type=left$va=0$count=3

[BOLLYWOOD]_$type=right$va=0$count=3

[CHIT CHAT]_$type=three$count=3$h=360$author=hide$comment=hide$date=hide

[FRESHERS]_$type=carousel$count=5$cols=4$cate=0$h=360

Logo

[GOSSIP]_$type=three$count=3$h=360$rm=hide$author=hide$comment=hide$date=hide

[STAR TALKS]_$type=three$count=3$h=360$author=hide$comment=hide$date=hide

Name

accident,1,BestCovers,1,bollwood,7,Bollywood,31,ChitChat,18,Cinema,28,Cinematic,9,Dance,6,Fashion,18,Featured,1,Freshers,5,Gossip,61,HotPoses,22,Interview,24,MoviePremieres,13,Music,23,News,40,on location,2,Photos,15,StarTalks,18,Trending,6,TV,51,Video,12,
ltr
item
Star Gossip - BottomLine News: මට වැඩිය යාළුවො නැහැ
මට වැඩිය යාළුවො නැහැ
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgoq_sYN3E2nUYPbKbRlUQT4nhIzASPFJTb6LdPMXv5NH0v0o4PZ1IMNr2V7NjEb7mXlbuFsiWFpEEoX8erc2k4eiQF2CfnGPswntD-35cyrz6KBkJaXUx4K_woRfX1vtLhXMbu5Oh6-0Js1G_O4LSf8aOt1N1il2kOK0iEFQcBMAiIUo52rPrtnhly/s16000/sachiniroy.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgoq_sYN3E2nUYPbKbRlUQT4nhIzASPFJTb6LdPMXv5NH0v0o4PZ1IMNr2V7NjEb7mXlbuFsiWFpEEoX8erc2k4eiQF2CfnGPswntD-35cyrz6KBkJaXUx4K_woRfX1vtLhXMbu5Oh6-0Js1G_O4LSf8aOt1N1il2kOK0iEFQcBMAiIUo52rPrtnhly/s72-c/sachiniroy.jpg
Star Gossip - BottomLine News
https://stargossip.bottomline.asia/2022/10/20-sajini-roy-actress-.html
https://stargossip.bottomline.asia/
https://stargossip.bottomline.asia/
https://stargossip.bottomline.asia/2022/10/20-sajini-roy-actress-.html
true
3404992472536326279
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL View Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU CATEGORY ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS PREMIUM CONTENT IS LOCKED STEP 1: Share to a social network STEP 2: Click the link on your social network Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy Table of Content