වාණිජමය වශයෙන් අතිශය සාර්ථක වූ බහුබූතයෝ ගින්දරී 2 චිත්‍රපට නිර්මාණය කළ උදයකාන්ත වර්ණසූරියගේ නවතම සිනමා නිර්මාණය වන ගින්දරී 3 චිත්‍රපටය හිත...
වාණිජමය වශයෙන් අතිශය සාර්ථක වූ බහුබූතයෝ ගින්දරී 2 චිත්‍රපට නිර්මාණය කළ උදයකාන්ත වර්ණසූරියගේ නවතම සිනමා නිර්මාණය වන ගින්දරී 3 චිත්‍රපටය හිතුමතේ ජීවිතේ චිත්‍රපටයට පසුව ඊ. ඒ. පී. මණ්ඩලයේ සිනමා ශාලාවල තිරගත වීමට නියමිතය.
පබෝධා සංදීපනී, මහේන්ද්‍ර පෙරේරා, රොඩ්නි වර්ණකුල, චූලනි රණතුංග, ශ්‍රීනාත් මද්දුමගේ, සමන් හේමරත්න, රිචඩ් මානමුදලි, ටීනා ෂනෙල්, මංචලා වර්ණසූරිය, නිල්මිණි කෝට්ටෙගොඩ, ටිශේන් වැන්නොෆ්, චමිත් විජේසිංහ, සරත් කොතලාවල, සරත් චන්ද්‍රසිරි, ආනන්ද අතුකෝරාල, කීර්ති රත්නායක, වසන්ත විට්ටච්චි, දිලිප් රෝහණ, සුජීව මල්මාලආරච්චිගේ, සුනීතා විමලවීර, තරින්දි ප්‍රනාන්දු, උපතිස්ස බාලසූරිය, උදේනි චන්ද්‍රසිරි, සිසිර කුමාරතුංග, අනුර ශ්‍රීනාත් හෙට්ටිආරච්චි, චතුර පෙරේරා, ප්‍රියන්ත මාලවී, සරත් පීරිස්, නෝමන් පලිහවඩන, උපුල් ගුණවර්ධන ගින්දරී 3 රංගනයෙන් හැඩ වැඩ කරයි.
ගින්දරී 3 කතාව දෙබස්, තිර රචනය නිෂ්පාදනය හා අධ්‍යක්ෂණය උදයකාන්ත වර්ණසූරියගෙනි. කැමරාව මෙහෙයවූයේ කේ. ඩී. දයානන්ද විසිනි.
ප්‍රවීන් ජයරත්න සංස්කරණය හා ශබ්ද සැලසුම් සිදු කර ඇති අතර සහාය අධ්‍යක්ෂණයෙන් ඩොනල්ඩ් ජයන්ත දායක වී තිබේ.
නිලාර් එන්. කාසීම්ගේ ගී පද රචනය ආනන්ද පෙරේරා විසින් සංගීතයෙන් හැඩ වැඩ කර ඇති අතර සංගීත් විජේසුරියගේ සහ එම්. ජී. ධනුෂ්කගේ හඬින් එය තවත් වර්ණවත් වී ඇත.
කලා අධ්‍යක්ෂණයෙන් අරුණ ඩයස් දායක වී ඇති අතර වේශ නිරූපණය නලින් ප්‍රේමරත්නගෙනි. ගින්දරී 3 ඇඳුම් පැළඳුම් ශාන්ති වර්ණසූරිය අතින් හැඩ වී තිබේ. මෙහි නිෂ්පාදන කළමනාකරණය අසෝක ආරියරත්න සිදු කරන විට ටෙඩී විද්‍යාලංකාර ක්‍රියාදාම සැලසුම් කර තිබේ.
ගින්දර වගේ සිනමාහල්වලට සෙනඟ ගෙන්වන්න ගින්දරී 3 බහුරූ ෆිල්ම්ස් නිපැයුමක් වශයෙන් නිර්මාණය වී ඇති අතර ඊ. ඒ. පී. මණ්ඩලයේ බෙදාහැරීමකි.
නිරෝෂන්