$type=grid$count=5$meta=0$sn=0$rm=0$show=home

[TV]_$type=carousel$count=24$cols=7$cate=0$space=10$show=home

හැමදාම පාන්දර පිටත් වුණොත් එනකොට රෑ වෙනවා

රියැලිටි වේදිකාවෙන් කරළියට පැමිණි ඇය තමන්ටම අනන්‍ය වූ තැනක් ක්‍ෂේත්‍රයේ ගොඩනගා ගන්න නිතරම උත්සාහ කරනවා.  රසංග වේදිකාවට වෙනස්ම හැඩයක් ගෙන එන ...




රියැලිටි වේදිකාවෙන් කරළියට පැමිණි ඇය තමන්ටම අනන්‍ය වූ තැනක් ක්‍ෂේත්‍රයේ ගොඩනගා ගන්න නිතරම උත්සාහ කරනවා. 

රසංග වේදිකාවට වෙනස්ම හැඩයක් ගෙන එන ඇය නමින් ෆැලන් ඇන්ඩ්‍රියා. ෆැලන්ගෙ අලුත්ම තතු  සති අන්තපුවත් පතකට ඇය මෙහෙම  කිව්වා.


● පොඩි දරුවන් එක්ක ගතකරන කාලය මොන වගේ අත්දැකීමක්ද?

ඇත්තටම ඒක විශේෂ අත්දැකීමක්. මොකද මම ඩී්‍රම් ස්ටාර් විදිහට බිහිවෙන්නෙ අවුරුදු දෙකකට කලින්. ඒ වගේ කෙටි කාලයක් ඇතුළත විනිසුරුවරියක් හැටියට මේ වගේ වැඩකට දායක වෙන්න ලැබීම ලොකු භාග්‍යයක් හැටියටයි මම දකින්නෙ. මම කරළියට ආපු නාළිකාවෙන්ම මට ඒ අවස්ථාව ලැබීම වගේම පොඩි දරුවන්ගෙ දක්‍ෂතා බලල” ඔවුන්ගෙ අඩුපාඩු කියල දීල” ඔවුන්ව අගැයීමට ලක්කරල ඉදිරියට යන්න දායකත්වය ලබා දෙන්න අවස්ථාව ලැබීම මට ඉතාමත් සුවිශේෂී දෙයක්.


● විනිසුරු භූමිකාවට ෆැලන් ඉක්මන් වුණා වැඩියි කියල හිතෙන්නෙ නැද්ද?

 මම හිතන්නෙ ඒ වයසෙ දරුවන්ට ඔවුන්ගෙ ගායනයේ අඩුපාඩු හෝ එයාලගෙ දක්‍ෂතා වැඩිදියුණු කරගත යුතු තැන් පෙන්වල දෙන්න පුළුවන් දැනුමක් මට තියෙනව.


● ප්‍රසංග වේදිකාවේ වැඩකටයුතු?

එළිමහන් ප්‍රසංග සීමිත ප්‍රමාණයකට තමයි පසුගිය දවස්වල සහභාගි වුණේ. රටේ වසංගත තත්ත්වය යම්තාක් දුරට මගහැරිල තියෙන නිසා ඉදිරියේදී ප්‍රසංගවලට වැඩි අවස්ථාවක් ලැබේවි.


● අලුත් නිර්මාණ?

 අලුත් නිර්මාණ ගොඩක් මේ දිනවල කරමින් පවතිනව. කරල ඉවර වුණ ඒවත් තියෙනව. ඒවා ඉදිරියේදී හරි වෙලාවට එළිදක්වන්න බලාපොරොත්තු වෙනව.


● විදෙස් සංචාර?

 විදෙස් සංචාර කිහිපයක්ම සැලසුම් කරමින් පවතිනව. ඒවා ස්ථිර වුණාම සහ ගමනට සූදානම් වුණාම මම සමාජ මාධ්‍ය හරහා මගේ රසිකයන් දැනුවත් කරනව.


● මොකක්ද ඔබේ ඉලක්කය?

 මම බොහොම ආධුනික ගායිකාවක්. ක්‍ෂේත්‍රයට ඇවිත් තවම වසර දෙකයි. මේ වසර දෙක ඇතුළත මට කරන්න ලැබුණෙ මාස ගණනක වැඩ පමණයි. මොකද මම ආපු කාලෙ ක්‍ෂේත්‍රයට ලොකු පහරක් වැදිල තිබුණෙ. මගේ ඉලක්කය තමයි ක්‍ෂේත්‍රය තුළ ස්ථාවර ගායිකාවක් වීම.


●ෆැලන්ට වැඩිපුර ඉන්නෙ රසිකයො ලු?

සමහර තැන්වලදි කණ්ඩායමක් වගේ එකතු වුණාම එතන ඉන්න ගැහැනු ළමයෙක් තමයි කියන්නෙ අක්කේ මේ බෝයි ඔයාගෙ හොඳ ෆෑන් කෙනෙක් කියල. ඒ වනතුරු අර පිරිමි ළමය වචනයක්වත් කතාකරන්නෙ නැහැ. මගතොටදි දැක්කත් ගැහැනු ළමයි තමයි වැඩිපුර කතාබහ කරන්නෙ. ඉතිං ඇත්තටම මම දන්නෙ නැහැ මට කවුද වැඩිපුර ඉන්නෙ කියල.


● ගම අමතක කළාද?

 නැහැ මම තාම ඉන්නෙ කළුතර. ගොඩක් දෙනෙක් හිතාගන ඉන්නෙ එපාර්ට්මන්ට් එක හම්බවුණ නිසා මම ගමේ නැහැ කියල. නමුත් ඇත්තම කතාව මම නිදාගන්නයි කන්නයි බොන්නයි තමයි කළුතර එන්නෙ. හැමදාම පාන්දර පිටත් වුණොත් එනකොට රෑ වෙනව. කොළඹ ඉඳන් තමයි ඒ වැඩ ඔක්කොම කරන්නෙ.


● ගමේ යහළුවො?

මම පාසල් ගියේ බම්බලපිටියෙ ශුද්ධවූ පවුලේ කන්‍යාරාමයට. ඉතිං මට කොළඹ යන එන එක පොඩිකාලෙ ඉඳන්ම හුරු දෙයක්. ඒක නිසාම වෙන්න ඇති පදිංචිය වෙනස් කරන්න මම අදහස් නොකළෙ. ගමේ යහළුවන්ට කියල හිටියෙ දහම් පාසලේ යාළුවො ටික තමයි. ඒ අයත් එක්ක එදා තිබුණ එකමුතුකම අදටත් තියෙනව.


● ඔබේ ගීත එකතුවක් කරන්න අදහසක් තියෙනවද?

 ගීත එකතුවක් කරන්න කලින් එකින් එක එළිදක්වල අවසානයේ ගීත එකතුවක් කරන්න තමයි මගේ අදහස තියෙන්නෙ. ඒකට මුලින්ම රසිකයො ආදරේ කරන ගීත ටිකක් කරන්න ඕන.


● ඇයි ඔබ ප්‍රසංග තෝරාබේරාගෙන භාරගන්නෙ?

 ඔව් ගොඩක් වෙලාවට මම ප්‍රසංග තෝරාබේරාගෙන තමයි භාරගන්නෙ. ඒකට හේතුවක් කියන්න මම දන්නෙ නැහැ.


● ඔබ ජනප්‍රිය ගායිකාවක් අනුකරණය කරනව කිව්වොත්?

තාම නම් කවුරුවත් මූණට එහෙම කියල නැහැ. නමුත් සමහර අය මාත් එක්ක කතාකරද්දි කියල තියෙනව ඔයා තමයි ඊළඟ කොරීන් කියල. මම ඒ වෙලාවට කියන්නෙත් මට ඊළඟ කොරීන් කෙනෙක් වෙන්න ඕන නැහැ කියල. මම හරිම ආදරේ කරන” ගරු කරන වගේම පෞද්ගලිකව කතා කරන” උපදෙස් ගන්න ගායිකාවක් තමයි කොරීන් අල්මේදා මහත්මිය කියන්නෙ. ඇය ඇයමයි” මට ඇය වෙන්න බැහැ වගේම ඇය වගේ රඟපාන්නත් බැහැ.


● විවාහයක් ගැන තවම හිතල නැහැ?

මම හිතන්නෙ ගැහැනියක් හෝ පිරිමියෙක් මුලින්ම ස්ථාවර තත්ත්වෙකට ඇවිත් තමයි තව කෙනෙක් එක්ක ජීවිතය බෙදාගන්න විවාහය කියන බරපතළ තීරණයට එන්න ඕන. මම තව අවුරුදු කිහිපයකින්වත් එහෙම දෙයක් කරන්න ඕන කියල හිතල නැහැ.


● රියැලිටි තරුව නමින්ම ඉන්නද ඔබේ කැමැත්ත?

නැහැ. මට ඇත්තටම රියැලිටි තරුව කියන කුලකයෙන් මිදෙන්න ඕන. ඒක තුළ හිටියොත් අපි හැමදාම එකම පිරිසකට විතරයි නිරාවරණය වෙන්නෙ. ඒක බිඳගෙන පොදු  ප්‍රේක්‍ෂකාගාරයට යන දවසට තමයි අපි ඇත්තටම  ස්ථාවර ශිල්පියෙක් වෙන්නෙ.


මහේෂ් එදිරිසිංහ

[MUSIC]_$type=carousel$count=4$cols=4$cate=0

[ON LOCATION]_$type=left$va=0$count=3

[BOLLYWOOD]_$type=right$va=0$count=3

[CHIT CHAT]_$type=three$count=3$h=360$author=hide$comment=hide$date=hide

[FRESHERS]_$type=carousel$count=5$cols=4$cate=0$h=360

Logo

[GOSSIP]_$type=three$count=3$h=360$rm=hide$author=hide$comment=hide$date=hide

[STAR TALKS]_$type=three$count=3$h=360$author=hide$comment=hide$date=hide

Name

accident,1,BestCovers,1,bollwood,7,Bollywood,31,ChitChat,18,Cinema,28,Cinematic,9,Dance,6,Fashion,18,Featured,1,Freshers,5,Gossip,61,HotPoses,22,Interview,24,MoviePremieres,13,Music,23,News,40,on location,2,Photos,15,StarTalks,18,Trending,6,TV,51,Video,12,
ltr
item
Star Gossip - BottomLine News: හැමදාම පාන්දර පිටත් වුණොත් එනකොට රෑ වෙනවා
හැමදාම පාන්දර පිටත් වුණොත් එනකොට රෑ වෙනවා
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiXkKNypqWQQJAdB4zjlSqERIMgVPqBe0cHTjX-yKB-4YyIhzGOepA5WRpzPvzbXh_mfBMCpxKaA0Abz-VRicTWSsj3aXCmXxobmBj19AAAQp7EkJJfU6ewWdfa2IOhn7mi7srvvbrAV08aFh3bIBgvpa7kL26PE3D9kQNgInHbZYB7OOdRpdNu6gfn/s16000/felan.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiXkKNypqWQQJAdB4zjlSqERIMgVPqBe0cHTjX-yKB-4YyIhzGOepA5WRpzPvzbXh_mfBMCpxKaA0Abz-VRicTWSsj3aXCmXxobmBj19AAAQp7EkJJfU6ewWdfa2IOhn7mi7srvvbrAV08aFh3bIBgvpa7kL26PE3D9kQNgInHbZYB7OOdRpdNu6gfn/s72-c/felan.jpg
Star Gossip - BottomLine News
https://stargossip.bottomline.asia/2022/10/18-felan-andria-interview.html
https://stargossip.bottomline.asia/
https://stargossip.bottomline.asia/
https://stargossip.bottomline.asia/2022/10/18-felan-andria-interview.html
true
3404992472536326279
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL View Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU CATEGORY ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS PREMIUM CONTENT IS LOCKED STEP 1: Share to a social network STEP 2: Click the link on your social network Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy Table of Content