$type=grid$count=5$meta=0$sn=0$rm=0$show=home

[TV]_$type=carousel$count=24$cols=7$cate=0$space=10$show=home

ජීවිතයට කෙනෙක් එනවනම් ඒ මගේ ස්වාමියා විදිහට විතරයි

කියාදෙන්න ආදරේ තරම්’ ටෙලි නාට්‍යයේ සමන්දිනී මේ දවස්වල හරි ජනප්‍රියයි. ඇත්තටම ඇය කවුද? රසිකයන් බොහෝ දෙනෙක් ඇයගේ වතගොත හොයනවා. ඇය  ඉෂංකා අබේසේ...



කියාදෙන්න ආදරේ තරම්’ ටෙලි නාට්‍යයේ සමන්දිනී මේ දවස්වල හරි ජනප්‍රියයි. ඇත්තටම ඇය කවුද? රසිකයන් බොහෝ දෙනෙක් ඇයගේ වතගොත හොයනවා.

ඇය ඉෂංකා අබේසේකර

ඇය මේ විදිහට ඇයගේ කතාව සති අන්ත පුවත්පතකට කිව්වා


● ඉෂංකා කියන්නද? සමන්දිනී කියන්නද?

දැන්නම් ගොඩක් අය කතාකරන්නෙ සමන්දිනී කියල තමයි. ඒ වුණාට මම හරි කැමතියි ඉෂංකා කියනවට.


● ඉෂංකා කොහොමද සමන්දිනී වෙන්නෙ?

මම මුලින්ම ‘ඉන්ටර්නැෂනල් 2’ කියන ටෙලිනාට්‍යයේ රඟපෑව. ඉන් පස්සෙ ‘චන්ද්‍රපානි’ මියුසික් වීඩියෝ එකට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. ඒ හරහා මහේෂ් රත්සර මහත්මයා සහ ධනුෂ්ක මහත්මයා මාව දැකල තිබුණ. මේ චරිතය හිටියෙ රට. එන්න හිටපු එකක් නෙමෙයි. නමුත් මේ කතාව ඇතුළෙ සමන්දිනී වෙනුවෙන් ෆෑන් බේස් එකක් හැදිල එයාව ගෙන්නන තැනට ප්‍රේක්‍ෂකයා එනව. ඔවුන්ට වුවමනා වෙනව සමන්දිනීව බලන්න. එහෙම දෙයක් කරන්න වෙයි කියල අධ්‍යක්‍ෂවරයාවත් හිතන්නෙ නැතුව ඇති. එතනදි තමයි මහේෂ් මහත්මයා සහ ධනුෂ්ක මහත්මයා වාසව බදුගේ මහත්මයාගෙන් මගේ දුරකතන අංකය ලබාගෙන මට කතාකරන්නෙ. තිර පරීක්‍ෂණයකින් පසුව මට චරිතය ලැබෙනව.


● සමන්දිනී ඉෂංකාගේ ජීවිතයේ ලොකු වෙනසක් කරනව?

චන්ද්‍රපානී මියුසික් වීඩියෝ එකෙන් පස්සෙත් මේ වගේ ප්‍රතිචාරයක් මට ලැබුණ. නමුත් ඇත්තටම මම හිතුවෙ නැහැ මේ තරම් ප්‍රතිචාරයක් ලැබෙයි කියල. ළමා, වැඩිහිටි, කාන්නා, පිරිමි බේදයකින් තොරව හැමෝම ආදරය කරන චරිතයක් වීම මම ලබපු වාසනාවක්.


● සමන්දිනී වෙන්න කලින් මොනවද කළේ?

මම ව්‍යාපාරයක් කරනව. ඒ අතර නිළියක් වෙන්න ඕන කියල හීනෙකින්වත් හිතුවෙ නැහැ. මීට කලින් රංගනය වෙනුවෙන් කරපු ආරාධනා මම ප්‍රතික්‍ෂේප කරල තියෙනව. සමන්දිනී වෙන්නෙත් මගේ ආච්චි අම්මගේ හීනයක් සැබෑ කරන්න. ඇයට වුවමනා වෙනව මාව ටීවී එකේ දකින්න. ඒ නිසාම තමයි මම මේ චරිතයට සම්බන්ධ වෙන්නෙ. මේ හැමදේම අහම්බෙන් වුණ දේවල්.


● අද ඔබ නිළියක්. මොකක්ද දැන් අදහස?

ඇත්තටම නිළියක් වෙනව කියන්නෙ ලොකු වාසනාවක්. ප්‍රේක්‍ෂකයාගේ ආදරය ආකර්ශණය ලැබෙනව. කෙනෙකුට එහෙම දෙයක් ලැබෙන්න පිං කරල තියෙන්න ඕන. අපේ රටේ කලාකරුවො ඕන තරම් ඉන්නව. නමුත් අපේ ක්‍ෂේත්‍රය හරි පොඩියි. ඒ අතරින් ප්‍රේක්‍ෂකයන්ගෙ තේරීමක් වෙලා අසීමාන්තිකව ආදරය ලබන්න පුළුවන් වෙන එක ඇත්තටම වාසනාවක්. අනෙක් කාරණය වෙන්නෙ මේ ක්‍ෂේත්‍රයට එන්න ඉගෙනගෙන මහන්සි වෙන ගොඩක් දෙනෙක් ඉන්නව. ඒ අතරින් නිළියක් වෙන්න හීනයක්වත් නැතිව ඉන්න මොහොතක රංගනයට අවස්ථාව ලැබීම හිතාගන්නත් බැරි දෙයක්. කොහොම වුණත් වෙන්න තියෙන දේවල් වළක්වන්න බැහැ කියනවනෙ.


● දිගටම ක්‍ෂේත්‍රයේ ඉන්නද හිතන්නෙ?

මේ වන විටත් ටෙලි නාට්‍ය දෙකක ප්‍රධාන චරිතවලට නාළිකා දෙකකින් කතාකරල තියෙනව. නමුත් තවමත් මෙගා නාට්‍ය වලට සම්බන්ධ වෙන්න මගේ අදහසක් නැහැ. මගේ ලොකුම ආසාව තියෙන්නෙ සිනමාවට. නිර්මාණ තුනහතරකට දැනටමත් කතාකරල තියෙනව. ටෙලි නාට්‍යයට නැතත් මම හිතනව ඉදිරියේදී සිනමාවට සම්බන්ධ වෙයි කියල.


● සමන්දිනී සහ ඉෂංකා සමාන චරිතද?

සමන්දිනීගේ චරිතයේ තියෙනව මගේ කුඩා කාලයට සම්බන්ධ අවස්ථා කිහිපයක්ම. හරියට මිනාගේ චරිතය වගේ. මමත් ගොඩක් ඉවසන කෙනෙක්. නමුත් ඒ වගේ මම ලෝකෙට සැඟවුණ චරිතයක් නෙමෙයි.


● ජනප්‍රියත්වයත් එක්ක ආදර යෝජනාවලින් අඩුවක් නැහැ?

ආදර යෝජනා නම් එනව. නමුත් මේ කාලසීමාවෙ මම ඒ යෝජනා පිළිගන්න  කැමති නැහැ. මොකද මම කැමති ඉෂංකා කියන චරිතය හඳුනාගත්ත කෙනකුට ආදරය කරන්න. දැන් එන යෝජනා චරිතය නිසා වෙන්න පුළුවන්. ඇත්තම කිව්වොත් මම ආදරය කරන්න බයයි. කවදා හරි මම යෝජිත විවාහයක් කරගනීවි. ඒ වගකීම මම මගේ අම්මට භාරදීල තියෙන්නෙ.


● ඇයි ඔබ ආදරයට බය වෙන්නෙ?

ජීවිතයේ මට තිබුණෙ එකම එක ආදර සම්බන්ධයක් විතරයි. ඒක අවුරුදු ගණනාවක් තිබුණ. ඔහු හිටියෙ විදේශගතවෙලා. එතැනින් පළුදු වුණ මගේ විශ්වාසය නැවත ගොඩනගාගන්න අපහසුයි. නැවත මගේ ජීවිතයට කෙනෙක් එනවනම් ඒ මගේ ස්වාමියා විදිහට විය යුතුයි කියලයි මම හිතන්නෙ.


● මගතොට ප්‍රතිචාර කොහොමද?

මම මාස්ක් එක දාගෙන  ගියත් ඇස් දෙකෙන් හඳුනා ගන්නව. කුලී රථයක් ගත්තත් ඔවුන් කටහඬින් හඳුනා ගන්නව. ඒ වගේ ගොඩක් හොඳ ප්‍රතිචාර මගතොටදි වුණත් මට ලැබෙනව.


● සමන්දිනීට ඉදිරියේදී මොනව වෙයිද?

ඇත්තටම ඇයට මොකද වෙන්නෙ කියල මම තවම දන්නෙ නැහැ. මහේෂ් මහත්මය අපිවත් පුදුම කරවනව. නමුත් මම හිතනව සමන්දිනීගේ ආදරය ඇයට  මුණගැහෙයි. ඒක හරි ආදර්ශවත් ආදරකතාවක්. මිනාගේ තාත්තව ඇයට ලැබෙයි. ලස්සන අවසානයක් තියේවි කියලත් හිතෙනව.


● නැවත මියුසික් වීඩියෝවල රඟපාන්නෙ නැද්ද?

දැනටමත් මියුසික් වීඩියෝ පහක් විතර එන්න තියෙනව. ඒ අතර විවිධ භාෂාවල ඒවත් තියෙනව. මම හරිම ආසාවෙන් තමයි ඒවාට සම්බන්ධ වෙන්නෙ. මොනව අතහැරියත් මියුසික් වීඩියෝවල රඟපෑම අතහරින්නෙ නැහැ.


මහේෂ් එදිරිසිංහ

[MUSIC]_$type=carousel$count=4$cols=4$cate=0

[ON LOCATION]_$type=left$va=0$count=3

[BOLLYWOOD]_$type=right$va=0$count=3

[CHIT CHAT]_$type=three$count=3$h=360$author=hide$comment=hide$date=hide

[FRESHERS]_$type=carousel$count=5$cols=4$cate=0$h=360

Logo

[GOSSIP]_$type=three$count=3$h=360$rm=hide$author=hide$comment=hide$date=hide

[STAR TALKS]_$type=three$count=3$h=360$author=hide$comment=hide$date=hide

Name

accident,1,BestCovers,1,bollwood,7,Bollywood,31,ChitChat,18,Cinema,28,Cinematic,9,Dance,6,Fashion,18,Featured,1,Freshers,5,Gossip,61,HotPoses,22,Interview,24,MoviePremieres,13,Music,23,News,40,on location,2,Photos,15,StarTalks,18,Trending,6,TV,51,Video,12,
ltr
item
Star Gossip - BottomLine News: ජීවිතයට කෙනෙක් එනවනම් ඒ මගේ ස්වාමියා විදිහට විතරයි
ජීවිතයට කෙනෙක් එනවනම් ඒ මගේ ස්වාමියා විදිහට විතරයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgWEhGDR8UqIYWYQMIG8J0iLCto9-JzPU1Rvw0oOjDLLXffCmKDcV6yx4vAgwRCyr4kotBTGJ2cboLwfP8MRk9n5CY6D3WaYinTH9Wz0x_30RR6bf9u-keQmwL88wS5QX33tSyLui9bWuzOLoZz6By6tTvPsPtjwBI0BxolCaUWnqOShMGjdDvG3WN8/s16000/ishan875495.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgWEhGDR8UqIYWYQMIG8J0iLCto9-JzPU1Rvw0oOjDLLXffCmKDcV6yx4vAgwRCyr4kotBTGJ2cboLwfP8MRk9n5CY6D3WaYinTH9Wz0x_30RR6bf9u-keQmwL88wS5QX33tSyLui9bWuzOLoZz6By6tTvPsPtjwBI0BxolCaUWnqOShMGjdDvG3WN8/s72-c/ishan875495.jpg
Star Gossip - BottomLine News
https://stargossip.bottomline.asia/2022/10/17-ishanka-abesekara-inter.html
https://stargossip.bottomline.asia/
https://stargossip.bottomline.asia/
https://stargossip.bottomline.asia/2022/10/17-ishanka-abesekara-inter.html
true
3404992472536326279
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL View Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU CATEGORY ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS PREMIUM CONTENT IS LOCKED STEP 1: Share to a social network STEP 2: Click the link on your social network Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy Table of Content