$type=grid$count=5$meta=0$sn=0$rm=0$show=home

[TV]_$type=carousel$count=24$cols=7$cate=0$space=10$show=home

කටකතාවක් හැදෙන එක සාමාන්‍යය දෙයක්

ශෙහානි කහඳවල ක්ෂේත්‍රයට ඇවිත් ටික කාලයක් ඇතුළත ඉහළ ජනප්‍රියත්වයක් ලබා ගන්නට සමත් වූ සේම කාගේත් අවධානය දිනාගත් රංගන ශිල්පිනියක්.  ප්‍රේක්ෂකයන...


ශෙහානි කහඳවල ක්ෂේත්‍රයට ඇවිත් ටික කාලයක් ඇතුළත ඉහළ ජනප්‍රියත්වයක් ලබා ගන්නට සමත් වූ සේම කාගේත් අවධානය දිනාගත් රංගන ශිල්පිනියක්. 

ප්‍රේක්ෂකයන් අතර ඇයව වඩා ජනප්‍රිය වන්නේ ඇගේ ඇඳුම් විලාසිතා නිසා. ශෙහානිට සමාජ ජාලාවලද විශාල ප්‍රේක්ෂකාගාරයක් ඉන්නවා.

පුංචි තිරය හැඩකරන රුවැත්තියක් වන ශෙහානි කහඳවල දිගු නිහැඬියාවකට පස්සේ ප්‍රේක්ෂකයන් අතරට ආවේ සද්ධාමංගල සූරියබණ්ඩාර තිර රචනා කළ ජයප්‍රකාශ් සිවගුරුනාදන් අධ්‍යක්ෂණය කරන ලද “පාර වසා ඇත“ ටෙලි නාට්‍යයේ නිත්‍යා වීරසිංහ කියන චරිතයෙන්. 

හැබැයි මේ දිනවල නම් ශෙහානිව අපිට දකින්න ලැබෙන්නේ නැහැ. ඒ ශෙහානි නැවතත් පොඩි විරාමයක් අරගෙන ඉන්නේ.

මේ ඇය සති අන්ත පුවත්පතකට කල කතාබහ


අපේ කතාවට ආරම්භයක් ලබා ගත්තේ කාලෙකට එක නිර්මාණයක් කරලා නැවත නොපෙනී යන එකද ශෙහානිගේ විදිය කියලා. 

ඒකට ශෙහානි කිව්වේ ඇය හිතන්නෙත් ඒක තමයි ඇයගේ විදිය බව. එක දිගටම වැඩ කිරීම සහ මොකක් හරි දෙයකින් එළියට එන්නේ නැතුව අවුරුදු 10කින් හරි ලස්සන වැඩකින් ප්‍රේක්ෂකයන් අතරට ඇය එන්න කැමති බවයි ශෙහානි කියන්නේ. 

අලුත් නාට්‍යයක රූපගත කිරීම් ලබන මාසේ ඉඳන් දිගටම පටන් ගන්න නිසා මේ දවස් වල විවේකීව ගෙදරට වෙලා ඉන්නවා.

ශෙහානි අවසන් වරට ප්‍රේක්ෂකයන් අතරට ආවේ “පාර වසා ඇත“ ටෙලි නාට්‍යයේ නිත්‍යා වීරසිංහ කියන චරිතයෙන්. 

ඒ චරිතය ශෙහානි මෙතෙක් නොකළ විදියේ චරිතයක් නිසා රංගන ජීවිතේ සහ පෞද්ගලික ජීවිතේ අලුත් ක්‍රීඩාවක් ගැන ඉගෙන ගන්න ලැබීම වගේ ගොඩක් දේවල් ලැබුණු චරිතයක් විදියට ඇය දකින බවයි කියන්නේ. 

ඒ එක්කම ඒ සඳහා තවම ප්‍රතිචාර ලැබෙන බවත් මේ මොහොතේ ඒ නාට්‍යයේ අධ්‍යක්ෂක සිවගුරුනාදන් ඇතුළු සියලුම දෙනාට ස්තූතිවන්ත වෙන බවත් ඇය කියා සිටියා.

කාලෙකට එක නාට්‍යක රඟපාලා දිගු නිහැඬියාවකින් නැවත වැඩක් භාරගන්නේ රංගනය ශෙහානිගේ වෘත්තීය නොවන නිසාද?

“මට ඇත්තටම ඒක කියන්න අමාරුයි. මම කොහොමත් වෘත්තිමය රංගන ශිල්පිනියක් නෙවෙයි කිව්වොත් ඒක හරි. 

මොකද මම මේකෙන් නෙවෙයි ජීවත් වෙන්නේ. රංගනය කියන දේ මම ආසාවට කරන දෙයක්. මම පොඩි කාලේ ඉඳන් කලාවට ආස කෙනෙක්. 

ඒ නිසා තමයි මම නර්තනය, රංගනය, ගායනය කියන හැමදේටම ඇලුම් කරන්නේ.“

ශෙහානිගේම කියලා සින්දුවක් කරලා තියෙන්නේ. ළඟදීම අහන්න ලැබෙයි කියන පුවත විතරයි තාමත් අපි දන්නේ. 

ඇත්තටම දැන් කවදද ඒ සින්දුව අහන්න සලස්වන්නේ කියලා ඇහුවම ශෙහානි කියන්නේ ඇඟිලි ගැන ගැන ඉන්නවා සින්දුව රිලීස් කරන්න.

“මේක තමයි හොඳම මොහොත කියලා දැනුන ගමන් ඒක අහන්න ලැබෙයි. බොහෝ දුරට ලබන මාසයේ වෙන්න පුළුවන්. 

මගේ පළවෙනි සින්දුව නිසා වෙනස් විදියේ රූප රචනාවක් එක්ක කරන්න ඕනේ කියලා හිතුණා. ඒ නිසා තමා කාලය ගත වුණේ. මම හිතනවා ප්‍රේක්ෂකයන් ආදරෙන් ඒ සින්දුව වැලඳ ගනී කියලා.“

කලාව ගැන කතාව පොඩ්ඩක් පැත්තකින් තියලා ජීවිතේ ගැන ආදරේ ගැන ශෙහානි එක්ක කතා කරන්න හිතුණා. 

ආදරේ ගැන අහද්දි ශෙහානි කිව්වේ ඇය ආදරේ විඳින කෙනෙක් බවත් ඒ පෙම්වතියක් විදියට නම් නෙමෙයිලු. 

අම්මා එක්ක ආදරෙන් ඉන්න එක ගැන තමයි ඇය එහෙම කියන්නේ. ඒ හැර ශෙහානිට පෙම්වතෙක් නැහැලු. හැබැයි හැමදාම ඔහොම ඉන්නත් බෑනේ. මොන වගේ කෙනෙක්වද හොයන්නේ කියලා ඇහුවම ශෙහානි කියන්නේ, එයාව ආදරෙන් ගෞරවයෙන් බලා ගන්න කෙනෙක්ව කියලයි. 

තව හොයන දේවල් ගැන කියන්න ගියොත් මේ පිටුවේ ඉඩ මදි වෙයි කියලත් ඇය කිව්වා. කොහොම නමුත් හිතේ ඇඳුනු රුවක් තියෙනවලු කවදා හරි ඒ රූපේ හමුවෙයි කියන විශ්වාසයෙන් ඇය ඉන්නවා කියලත් කියන්න අමතක කළේ නැහැ.

ශෙහානි හැමදාම විවෘතව කතා කරන චරිතයක් විදියට දකින්න ලැබෙන කෙනෙක්. ශෙහානිගෙන් ඇහුව ශෙහානි කියන්නේ මොන වගේ කෙනෙක් ද කියලා. 

ඒකට නම් ඇය දුන්නේ මෙහෙම පිළිතුරක්. ශෙහානි කියන්නේ හරි විවෘත කිසිම දෙයක් හිතේ තියාගෙන ඉන්නේ නැති, හැමෝටම ආදරේ කරන සුන්දර චරිතයක්.

සමාජ මාධ්‍යය තුළත් ශෙහානි ජනප්‍රිය කෙනෙක් නිසා සමාජ මාධ්‍යය දකින ආකාරය ගැනත් අපි කතා කළා. 

ශෙහානි නම් සමාජ මාධ්‍යය දකින්නේ හොඳ දෙයක් විදියට. ඇය කියන්නේ තමන්ගේ රාමුව තුළ පිළිවෙළට ඉන්නවා නම් ප්‍රශ්නයක් නැහැ කියලයි.

“ක්ෂණිකව තොරතුරු දැන ගන්න ලැබීම තමයි හොඳ, කවුරුත් බැණ්නා කියලා තාක්ෂණික දේවල් නැති වෙන්නේ නැහැ නේ. 

එතකොට අපි අපේ ජිවිතේ හුරු කර ගන්න ඕනේ ඒ දේවල් එක්ක අපේ ජීවිතේ ඉස්සරහට අරගෙන යන්නේ කොහොමද කියලා. 

ඒක අපි අතේ තියෙන දෙයක්. ඒ නිසා මම සමාජ මාධ්‍යය දකින්නේ හොඳ ෆ්ලැට්ෆෝරම් එකක් විදියට. විශේෂයෙන්ම කලාකරුවන්ට තමන්ගේ ප්‍රේක්ෂකයන්ට සමීප වෙන්න පුළුවන් තැනක්.“

ඒ එක්කම සමාජ මාධ්‍යය ඔස්සේ ඇතිවන කටකතා ගොසිප් ඇය දකින්නේ මෙලෙසින්.

“මම ඇත්තටම ගොසිප්වලට බය කෙනෙක් නෙවෙයි. ඒ දේවල් ඕනෙම කෙනෙක්ට හැදෙනවා. ඒක ඉතින් සාමාන්‍ය දෙයක්. 

මට විතරක් නෙවෙයි ජනප්‍රිය ඕනෙම චරිතයක් ගැන කටකතාවක් හැදෙන එක සාමාන්‍යය දෙයක් විදියට මම දකින්නේ. 

ඒ දේවල් කවදාවත් ඔලුවට ගන්න නරකයි. තමන්ගේ පාඩුවේ තමන්ගේ ගමන යන්න ඕනේ. එහෙම යන කෙනෙක් තමයි මම.“

අවසාන වශයෙන් ප්‍රේක්ෂකයන් ගැන කියන්නත් ඇය අමතක කළේ නැහැ.

“මම ආව කාලේ ඉඳන්ම මාව ප්‍රේක්ෂකයන් ගොඩක් ආදරෙන් වැලඳ ගත්තා. ඒකට ගොඩක් ස්තුතිවන්ත වෙනවා. 

ඒ අය මට ලබා දෙන හැම ප්‍රතිචාරයකටම මම ගරු කරනවා. ඒ නිසා හැමදාම මා එක්ක ඉන්න මාව ධෛර්යවත් කරන්න කියන ආරාධනාව මම කරනවා.“

අනූෂා රණසිංහ

[MUSIC]_$type=carousel$count=4$cols=4$cate=0

[ON LOCATION]_$type=left$va=0$count=3

[BOLLYWOOD]_$type=right$va=0$count=3

[CHIT CHAT]_$type=three$count=3$h=360$author=hide$comment=hide$date=hide

[FRESHERS]_$type=carousel$count=5$cols=4$cate=0$h=360

Logo

[GOSSIP]_$type=three$count=3$h=360$rm=hide$author=hide$comment=hide$date=hide

[STAR TALKS]_$type=three$count=3$h=360$author=hide$comment=hide$date=hide

Name

accident,1,BestCovers,1,bollwood,7,Bollywood,31,ChitChat,18,Cinema,28,Cinematic,9,Dance,6,Fashion,18,Featured,1,Freshers,5,Gossip,61,HotPoses,22,Interview,24,MoviePremieres,13,Music,23,News,40,on location,2,Photos,15,StarTalks,18,Trending,6,TV,51,Video,12,
ltr
item
Star Gossip - BottomLine News: කටකතාවක් හැදෙන එක සාමාන්‍යය දෙයක්
කටකතාවක් හැදෙන එක සාමාන්‍යය දෙයක්
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhAhHoDvVe24VIvSBGRaRrp_IsMIer6R2j7ZjXcEYA39sResd7B57H15tLMVD0ZHV6SJFFG6HTuQiGn8cuzLBrfGmzK2II5J4swRu9A1oLeFx1ZnIo1oztvru5kn4Ugkv7ceybYdvwte_f_Ut07FQrKLm5B1fhTNVYCCv5r4V5RLMl0Vr_HMHYzaID2/s16000/80dk.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhAhHoDvVe24VIvSBGRaRrp_IsMIer6R2j7ZjXcEYA39sResd7B57H15tLMVD0ZHV6SJFFG6HTuQiGn8cuzLBrfGmzK2II5J4swRu9A1oLeFx1ZnIo1oztvru5kn4Ugkv7ceybYdvwte_f_Ut07FQrKLm5B1fhTNVYCCv5r4V5RLMl0Vr_HMHYzaID2/s72-c/80dk.jpg
Star Gossip - BottomLine News
https://stargossip.bottomline.asia/2022/10/02-shahani-kahadawala-article-.html
https://stargossip.bottomline.asia/
https://stargossip.bottomline.asia/
https://stargossip.bottomline.asia/2022/10/02-shahani-kahadawala-article-.html
true
3404992472536326279
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL View Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU CATEGORY ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS PREMIUM CONTENT IS LOCKED STEP 1: Share to a social network STEP 2: Click the link on your social network Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy Table of Content