$type=grid$count=5$meta=0$sn=0$rm=0$show=home

[TV]_$type=carousel$count=24$cols=7$cate=0$space=10$show=home

තාත්තා කෙනෙක් නැති අඩුව මට දැනෙන්න දුන්නෙ නැහැ

ශ්‍රී  ලාංකේය සිනමාව ජාත්‍යන්තරයට රැගෙන ගිය, සිංහල සිනමාවේ නළලේ තිලක තියන කිරිල්ලිය ඇයයි. අප්‍රමාණ කැපකිරීම් කරමින් රංගනාභ්‍යාසයේ යෙදෙමින් ස...


ශ්‍රී  ලාංකේය සිනමාව ජාත්‍යන්තරයට රැගෙන ගිය, සිංහල සිනමාවේ නළලේ තිලක තියන කිරිල්ලිය ඇයයි. අප්‍රමාණ කැපකිරීම් කරමින් රංගනාභ්‍යාසයේ යෙදෙමින් ස්වකීය රංගන  ස්ථාවරය ගොඩනඟාගත් මේ අපූරු රංගවේදිනිය  නමින් නිරන්ජනි ෂන්මුගරාජායි. 

1544 වර්ෂයේ  ඉතිහාසයේ සිදුවුණු මහා කිතුනු සංහාරය පාදක කරගනිමින් නිර්මාණය වූ “ප්‍රාණ” චිත්‍රපටය හරහා තවත් දින කිහිපයකින් ඇය ඔබට සම්මුඛ වීමට නියමිතය. 

ඉතින් ඇගේ නව සිනමා සිත්තම සහ මේ දිනවල ඇගේ වැඩකටයුතු කතාබහ කරමින් සති අන්ත පුවත්පතකට ඇය පැවසූ විස්තර මේ.


කොහොමද මේ දිනවල වැඩකටයුතු?

මගේ අලුත්ම චිත්‍රපටය “ප්‍රාණ” ඔක්තෝබර් මස හත්වැනිදා සිට තිරගත වෙනවා. 

ඊට අමතරව සෝමරත්න දිසානායක මහත්මයගේ “සිංහබාහු” කියන චිත්‍රපටයට රංගනයෙන් දායක වෙන්න ලැබුණා. 

එයත් ඉදිරියේදී ප්‍රේක්ෂකයන්ට නරඹන්නට පුළුවන්. ඒ අතරතුර නිවේදන වැඩකටයුතුත් සමබරව කරගෙන යනවා.


සිංහල සිනමාවෙහි උන්නතිය වෙනුවෙන් සිනමාව නවමු දිශාවකට රැගෙන යන චිත්‍රපටයක් තමයි “ප්‍රාණ”කියන්නේ. ඒ ගැනත් කියමු?

ඉතිහාසයට සම්බන්ධ චිත්‍රපටයක් කරනවා කියන්නේ ලොකු වගකීමක්. ආවට ගියාට ඉතිහාස චිත්‍රපටයකට තිර පිටපතක් ලියන්න බැහැ. 

සිනමාව කියන්නේ මිනිස්සුන්ගේ හදවතට සහ මොළයට යම්කිසි හොඳ දෙයක් ලබාදෙන කලාවක්. 

ඉතින්  සංජය නිර්මාල් “ප්‍රාණ” චිත්‍රපටය තුළින් සමාජ වගකීම ඉතාම බැරෑරුම් විධියට ගවේෂණය කරලා තිබෙනවා. 

ඒ ගැන අධ්‍යයනය කරලා හරි දේ හරි විධියට ප්‍රේක්ෂකයන්ට  ලබාදී තිබෙනවා. මේ චිත්‍රපටය තුළින් අපේ රටේ ඉතිහාසය ගැන කතා කරනවා. 

අපි ජීවත් වෙන්නේ බහුජාතික රටක. ආගම, ජාතිය, භාෂාව තෝරා ගැනීම ඕනෑම පුද්ගලයකුගේ ප්‍රධාන අයිතියක්. එය උදුරගන්න කාටවත් අයිතියක් නෑ කියන සංකල්පය තමයි මේ චිත්‍රපටය තුළින් මම දකින්නේ. 

ඒ වගේම ඉතිහාස චිත්‍රපටයක් කරනවා කියන්නේ සමාජ වගකීමක්. ඒ වගකීම සංජය නිර්මාල් වගේම ජානක පෙරේරා සහ ප්‍රාණ කණ්ඩායම නිවැරැදිව ඉෂ්ට කර තිබෙනවා. නිළියක් ලෙස සමාජයට සහ රටට යම්කිසි වගකීමක් කළා කියලා මට සතුටු වෙන්න පුළුවන්.


ප්‍රාණ තිරගත වෙන්නේ භාෂා ත්‍රිත්වයක දායකත්වයෙන්. එයත් චිත්‍රපටයේ එක්තරා විශේෂත්වයක් නේද?

ඔව්. අනිවාර්යයෙන්ම. සිංහල, දෙමළ, ඉංගී්‍රසි කියන භාෂා තුනම ප්‍රාණ වෙනුවෙන් භාවිත  කරනවා.

භාෂා ගැටලුවක් නැතිව ප්‍රේක්ෂකයන්ට  මෙය බලන්න පුළුවන්. ඒ වගේම රංගන ශිල්පීන් පන්සියයක් පමණ මෙයට රංගනයෙන් දායක වෙනවා.


“ප්‍රාණ” චිත්‍රපටය ප්‍රේක්ෂකයා කොයි ආකාරයෙන් වැලඳගනීවිදැයි ඔබට යම්කිසි අදහසක් තිබෙනවාද?

සංකිලි රජතුමාගේ ලේලියගේ චරිතය තමයි මම නිරූපණය කරන්නේ. මගේ චරිතය චිත්‍රපටයේ එක්තරා සන්ධිස්ථානයක් විධියට හදුන්වන්නට පුළුවන්. 

චිත්‍රපටය පුරාවටම මගේ චරිතය දැකගන්නට ලැබෙන්නේ  නැහැ. අපි ඉපදෙනකොට  ඕනෑම ජාතියක ඉපදෙන්න පුළුවන්. නමුත් මනුස්සයෙක් විධියට මගේ ගතිගුණ පෞරුෂය මම  හදාගන්නේ තනි පුද්ගලයෙක් විධියට. 

මේ චිත්‍රපටය බැලුවට පස්සේ  ඇතැම් විට මිනිස්සු මගෙන් අහන්න පුළුවන් ඔයා කතෝලික ආගමට සපෝර්ට් කරනවද කියලා. 

මොකද මම හින්දු ආගමිකයෙක් නිසා. ආගමක් තුළින් කෙරෙන්නේ  මනුස්සයෙක්ට මනුස්සයෙක් විධියට ජීවත්වෙන්න  මඟ පෙන්වන එක. ආදරේ බෙදා ගන්න ආකාරය තමයි හැම ආගමකින්ම උගන්වන්නේ. 

මට මේ වෙනකම් ලැබුණු හැම චරිතයකම කුමක් හෝ වටිනාකමක් තිබුණා. ඉතින් ප්‍රාණ චිත්‍රපටය තුළින් මම නිතර පෙනෙන්නට නොසිටියත් මගේ චරිතය තුළ ලොකු දෙයක් කතා කරනවා. ඒ වගේම  ලොකු පණිවුඩයකුත් ලබා දෙනවා.


“සුනාමි” චිත්‍රපටය වෙනුවෙන් නිරංජනිට  අන්තර්ජාතික සම්මාන හිමිවුණා. ‘ප්‍රාණ’ චිත්‍රපටය තුළිනුත් එවැනි ඇගයීමක් ඔබ බලාපොරොත්තු වෙනවාද?

සම්මානයක්, ඇගයීමක් වෙනුවෙන් මම වැඩ කරන්නේ නැහැ කියන්න මම කැමැති නැහැ. මොකද ලංකාව ඇතුළෙ අපිට ඉතිරි වෙන්නේ ඒ සම්මානය විතරයි. මම සිනමාව තුළින් ලොකු මුදල් ඉපැයීමක් කළේ නැහැ. 

මම අදටත් සරල මනුස්සයෙක්. රංගන ශිල්පියෙක් විධියට අපිට ඉතුරු වෙන්නේ  සම්මානය සහ ජනතා ආදරේ පමණයි. 

මුදල්වලට වඩා මට අවශ්‍ය වෙන්නේ මිනිස්සුන්ගේ ආදරේ. අත්පොළසන් නාදය. අපේ ලංකාවේ සම්මාන උළෙලවල් හරියට සිද්ධ වෙන්නේ නැහැ. 

ඒක හරිම ලැජ්ජා සහගත දෙයක්. සම්මාන උළෙලක් පිළිවෙළට පවත්වන්න රජයෙන්වත් කිසිම සහයෝගයක් නැහැ. සම්මාන උළෙලක්වත් හරියට පවත්වන්න බැරි රටක තමයි අපි ජීවත් වෙන්නේ. 

මට සුනාමි චිත්‍රපටය වෙනුවෙන් ලංකාව තුළ කිසිදු සම්මානයක් ලැබිලා නැහැ. මට ඒ ගැන හරිම දුකයි. ලෝකයේ ඕනෑම කෙනෙක්  අපිව අගයන්න පුළුවන්. 

නමුත් අපේ අම්මා අපිව අගයන්නේ නැත්නම් වැඩක් නැහැනේ. 

ලෝකයේ හොඳම නිළිය සම්මානය මට  ලැබුණත් මගේ රට ඇතුළේ ප්ලාස්ටික් කෑල්ලකින් හරි ලී කොටයකින් හරි හැදුණු සම්මානයක් මගේ මහන්සිය වෙනුවෙන්  ලැබෙන්න ඕනේ. ‘ප්‍රාණ’ චිත්‍රපටය තුළින් වුණත් සම්මානයක් නොලැබුණත්  ජනතාවගෙ ආදරය ලැබෙයි කියලා මම විශ්වාස කරනවා. 

අද ලංකාව තුළ කලාකරුවකුට සම්මානය කියන්නෙත් එක හීනයක්. 


සිනමාවෙහි වෙනස්ම පැතිකඩක් ස්පර්ශ කළ දක්ෂ අධ්‍යක්ෂවරයෙක් ලෙස සංජය නිර්මාල් හදුන්වන්නට පුළුවන්. එවැනි අධ්‍යක්ෂවරයෙක් සමඟ වැඩ කිරීමට හැකිවීම පිළිබඳ මොකද සිතෙන්නේ?

මම වැඩකරන හැම අධ්‍යක්ෂ කෙනෙකුගෙම කියවීම වෙනස්. සංජයගෙ කියවීමත් එහෙමයි. 

කලාකාරිනියක් විධියට මගේ වගකීම තමයි මේ කියවීම් අල්ලා ගැනීම. ඒ කියවීම අවබෝධ කර ගත්තේ නැත්තම් අධ්‍යක්ෂගේ වටිනාකමට මට සාධාරණයක් ඉෂ්ට කරන්න බැහැ.

 සංජය අයියා සමඟ වැඩ කරන්නට ලැබීම මගේ රංගන ජීවිතයට ලැබුණු ආශීර්වාදයක් කියලා මම හිතනවා. 

අපි  රංගන ශිල්පීන් විධියට ඕනෑම අධ්‍යක්ෂවරයෙක් සමඟ  වැඩ කරන්න යනවිට අලුත් ශිෂ්‍යාවක් විධියට තමයි ඔහු ළඟට යන්නට අවශ්‍ය. 

මම හැම කලා ශිල්පියෙක්ගෙන්ම ඉල්ලීමක් කරනවා අධ්‍යක්ෂ කෙනෙක් සමඟ වැඩ කරන්න යද්දී නව කලාකරුවෙක් විධියට ඔවුන් ළඟට යන්න කියලා. ගිහින් ඔවුන්ගේ කියවීම තේරුම් ගන්න. 

මම ඇත්තටම සතුටු වෙනවා සංජය වගේ සමාජය,  රට ගැන සහ ආගම් භේදවලින් තොර කෙනෙක් සමඟ වැඩ කිරීමට ලැබීම පිළිබඳ.


රංගන ජීවිතයේ මෙතෙක් ලැබුණු ඇගයීම් පිළිබඳවත් ආදරයෙන් මතක් කරමු.

භූතානයේ පැවැති අන්තර්ජාතික සිනමා උළෙලේදී හොඳම නිළිය සම්මානය, දෙරණ සම්මාන උළෙලේ දී ‘ඉනියවන්‘ චිත්‍රපටයේ හොඳම නිළිය සම්මානය සහ එහි හොඳම සහාය නිළියට හිමි හිරු ගෝල්ඩන් සිනමා සම්මානයත් ලබා ගන්න පුළුවන් වුණා. 

ඒ වගේම නයිජීරියාවේ පැවති BAYELSA INTERNATIONAL FILM FESTIVALහිදි හොඳම නිළියට හිමි සම්මානය ලැබුණා. 

2022 වර්ෂයේ ඇමෙරිකාවෙහි පැවැත්වුණු ඛ්ඡ්කCEYLON INTERNATIONAL FILM FESTIVALහිදී හොඳම නිළියට හිමි සම්මානය ලැබුණා. 

සම්බන්ධ වුණු සෑම වේදිකා නාට්‍යයකින්ම සම්මාන හිමි වුණා. හොඳම නිවේදිකාවට හිමි සම්මානයත් හිමි වුණේ මට.


දමිළ රංගන ශිල්පිනියක්  ලෙස ඉන්දියානු චිත්‍රපටයකට සම්බන්ධ වීමේ සිහිනයක් නිරංජනිට තිබුණේ නැද්ද?

මට ඉස්සර ඉන්දියානු චිත්‍රපට සඳහා ආරාධනා ලැබුණා. නමුත් ඒ ලැබුණු ආරාධනා හරිම අවුල් සහගතයි. 

ඒ නිසා  එක්තරා තැනකදි මම තීරණය කළා ඉන්දියාවේ චිත්‍රපට සඳහා රංගනයෙන් දායක වෙන්නෙ නැහැ කියලා.


මේ තාක් පැමිණි දුර ගැන මොකද සිතෙන්නේ?

මගේ ගමන මම තාම යනවා. 

ජයග්‍රහණය සහ සාර්ථකත්වය කියන දෙය තුළින් තමයි මම මගේ  ගමන යන්නේ. මම ඉගෙන ගන්නවා. ඒ වගේම  මම අලුත් චරිත කරනවා. 

මම වේදිකාවට ගොඩක් කැමැතියි. වේදිකාවට ආරාධනයක් ලැබෙයි කියන බලාපොරොත්තුවක් තිබෙනවා.


නිරංජනී දැන් පෙම්වතියක් කියන එක ප්‍රසිද්ධ රහසක්. ළඟදිම විවාහ වෙයිද?

විවාහ වෙන්න බලාපොරොත්තුවෙන් සිටිනවා. 

ඒක ළඟදීද තව අවුරුදු දෙක තුනකින් වෙයිද කොහොම වෙයිද දන්නෙ නෑ. ඔහු කලාවට නම් සම්බන්ධ කෙනෙක් නෙමෙයි.

 ඔහුගෙන් මට ලැබෙන සහයෝගය ඉතාම ඉහළයි. 

මේ වෙනකම් ඉතාම වටිනා ආදරයක් ලබා දුන්නා. හැම මොහොතකම මගේ සාර්ථකත්වයට  උදවු කළා. 

තාත්තා කෙනෙක් නැති අඩුව මට දැනෙන්න දුන්නෙ නැහැ. ඔහු මට හිමි වීම මගේ ජිවිතයට ලැබුණු වාසනාවක්.


ඔබේ අනාගත බලාපොරොත්තු මොනවාද?

මම ලොකු දේවල් සැලසුම් කරන කෙනෙක් නෙමෙයි. නමුත් කරන දේ උපරිමයෙන් කරන්න මම උත්සාහ කරනවා. හොඳ නිර්මාණ සඳහා ආරාධනා ලැබුණොත් භාර ගන්නවා.


සචිනි බස්නායක

[MUSIC]_$type=carousel$count=4$cols=4$cate=0

[ON LOCATION]_$type=left$va=0$count=3

[BOLLYWOOD]_$type=right$va=0$count=3

[CHIT CHAT]_$type=three$count=3$h=360$author=hide$comment=hide$date=hide

[FRESHERS]_$type=carousel$count=5$cols=4$cate=0$h=360

Logo

[GOSSIP]_$type=three$count=3$h=360$rm=hide$author=hide$comment=hide$date=hide

[STAR TALKS]_$type=three$count=3$h=360$author=hide$comment=hide$date=hide

Name

accident,1,BestCovers,1,bollwood,7,Bollywood,31,ChitChat,18,Cinema,28,Cinematic,9,Dance,6,Fashion,18,Featured,1,Freshers,5,Gossip,61,HotPoses,22,Interview,24,MoviePremieres,13,Music,23,News,40,on location,2,Photos,15,StarTalks,18,Trending,6,TV,51,Video,12,
ltr
item
Star Gossip - BottomLine News: තාත්තා කෙනෙක් නැති අඩුව මට දැනෙන්න දුන්නෙ නැහැ
තාත්තා කෙනෙක් නැති අඩුව මට දැනෙන්න දුන්නෙ නැහැ
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg8yDH2x3A5RoyzyMkpVergFS2rvej-dzzU63_5LqdkgsS7YhASusBsITDdeX6v8OkoOzgBiWjfyAs9ZT8yfXv6qKnZTJ01C7YxbEdlrCyIQ1k3fZ423UNYH47unFk9GqVoeIu7b1Qr0llgB7RNKjWwm8m1zC9QpvIUvyloemAp66jdsKgR43S6Kt2r/s16000/Untitled(2).jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg8yDH2x3A5RoyzyMkpVergFS2rvej-dzzU63_5LqdkgsS7YhASusBsITDdeX6v8OkoOzgBiWjfyAs9ZT8yfXv6qKnZTJ01C7YxbEdlrCyIQ1k3fZ423UNYH47unFk9GqVoeIu7b1Qr0llgB7RNKjWwm8m1zC9QpvIUvyloemAp66jdsKgR43S6Kt2r/s72-c/Untitled(2).jpg
Star Gossip - BottomLine News
https://stargossip.bottomline.asia/2022/10/02-niranjani-shammugaraja-interview.html
https://stargossip.bottomline.asia/
https://stargossip.bottomline.asia/
https://stargossip.bottomline.asia/2022/10/02-niranjani-shammugaraja-interview.html
true
3404992472536326279
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL View Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU CATEGORY ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS PREMIUM CONTENT IS LOCKED STEP 1: Share to a social network STEP 2: Click the link on your social network Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy Table of Content