$type=grid$count=5$meta=0$sn=0$rm=0$show=home

[TV]_$type=carousel$count=24$cols=7$cate=0$space=10$show=home

මට දැනෙන්නෙ නැතිනම් ඒක කියන්නේ නැහැ.

පසුගිය කාලය පුරාවට නිතර අහන්න ලැබුණු හදවතට දැනුණු ගීත පෙළක් තමයි මතක, නිස්සාර, වැහි කවිය, චන්ද්‍ර මණ්ඩලේ, සබඳිනී කියන ගීත.  මේ ගීත සියල්ලම අ...




පසුගිය කාලය පුරාවට නිතර අහන්න ලැබුණු හදවතට දැනුණු ගීත පෙළක් තමයි මතක, නිස්සාර, වැහි කවිය, චන්ද්‍ර මණ්ඩලේ, සබඳිනී කියන ගීත. 

මේ ගීත සියල්ලම අපිට අහන්න ලැබුණේ ‘අභී’ ගේ හඬින්. අභිෂේකා විමලවීරගෙන් ප්‍රේක්‍ෂකයෝ නිතර විමසුවේ ඇයි ‘අභී’ ඔයා අපි ගාවට ඇවිත් සින්දු කියන්නේ නැත්තේ කියලා. 

ඔන්න ‘අභී ඔයාල ළඟටම ඇවිත් සින්දු කියන්නයි ලෑස්ති වෙන්නේ. 

ඒ කවදාද? කොහේදී ද කියලා දැනගන්න අභිෂේකාගේ මේ කතාව කියවලා බලන්නම වෙනවා.


● අභිෂේකා විමලවීර දිගු නිහැඬියාවකට පසුව ප්‍රසංගයකට සූදානම් වෙනවා ?

ඇත්තට ම ජීවිතයේ පළමුවැනි වතාවට. මගේ පුංචි හීනයක් තිබුණා කවදාහරි ප්‍රසංගයක් කරනවා කියලා. ඉතිං මම හිතන්නේ ඒකට හොඳම කාලය තමයි දැන් ඇවිත් තියෙන්නේ. නොවැම්බර් මාසයේ 12 වැනිදා රාත්‍රී 7.00 ට නෙළුම් පොකුණ රඟහලේදී මගේ පළමු ප්‍රසංගය පවත්වනවා.


● මේ ප්‍රසංගයට සංගීතයෙන් වගේම යුග ගායනයෙන් එකතුවෙන පිරිස කවුද?

සංගීතයෙන් බුද්ධික දයාරත්න ඇතුළු දොළොස්දෙනකුගෙන් යුත් බී හයිව් කියන සංගීත කණ්ඩායම එකතු වෙනවා. 

මතක ගීතයට යුග ගායනයෙන් කරුණාරත්න දිවුල්ගනේ මහත්මයා සම්බන්ධ වෙනවා. ඒ වගේම මම මේ දවස්වල පුංචි පරීක්‍ෂණාත්මක වැඩක නිරත වෙනවා. 

ලංකාවේ ගීත ගායනා කරන්න පුළුවන් නවකයකුට මාත් එක්ක යුග ගීතයක් ගායනා කරන්න අවස්ථාව උදාකරලා දෙනවා. 

ඊට අමතරව මට විවිධ නාලිකාවලින් මුණගැසුණු දක්‍ෂයන් කිහිපදෙනකු එකතු කරගෙන මගේ ලොකු තාත්තා සරත් විමලවීර සහ මගේ තාත්තා සුනිල් විමලවීර වෙනුවෙන් උපහාර ගීතාවලියක් කරන්න බලාපොරොත්තු වෙනවා.


● ඇයි මේ වගේ ප්‍රසංගයක් කරන්න හිතුවේ?

මම හිතනවා” මගේ ජීවිතේ මේ තමයි මම ඒක කරන්න පටන්ගන්න ඕන කාලය කියලා සහ මගේ රසික රසිකාවියෝ නිතරම ඇහැව්වේ ඇයි ඔවුන් ළඟට ඇවිත් සින්දුවක් කියන්නේ නැත්තේ කියලා. ඉතිං මම ඒකට ගොඩක් කල් ගත්තා. 

ඒ වගේම ගීත කීපයක් එකතු කරගන්න උත්සාහ කළා. දැන් ඒකට මම ලෑස්තියි.


● කාලයක් ඔබ ක්‍ෂේත්‍රයෙන් සමුගන්නවා කියලත් කතාවක් පැතිරුණා ?

මගේ තාත්තා නැතිවුණාට පස්සෙ මගේ ජීවිතයට පොඩි රික්තකයක් දැනුණා. 

මොකද තාත්තා තමයි හැමදේටම හිටියේ. 

හැබැයි පසුව මට ම තේරුණා තාත්තා හිටියා නම් කොච්චර දුක් වෙයිද කියලා ගීත ගායනා නොකිරීම ගැන. මොකද එයා තමයි මාව ගායිකාවක් විදිහට දකින්න කැමැතිවුණ සුන්දරම පුද්ගලයා. 

ඒ නිසා මට හිතුණා ගීත ගායනය කිසිසේත්ම නැවැත්විය යුතු නැහැ කියලා.


● මේ ප්‍රසංගය නම් කරලා තිබෙන්නේ කොහොමද?

ප්‍රංසගයේ නම අභී. මගේ බ්‍රෑන්ඩ් Name එකමයි.



● ‘අභී. ප්‍රසංගයේ ගායනා කරන ගීත ගැන කතා කළොත්?

මගේ සියලුම ගීත ගායනා කරනවා. 

ගීත පහළොවක් විතර මගේ ස්වතන්ත්‍ර ගීත. ඒ වගේම තාත්තා සහ ලොකු තාත්තා ලියපු ගීත කිහිපයකුත් මේකට එකතු වෙනවා. 

ඒ වගේම යුග ගායනා කිහිපයකුත් එකතු වෙනවා.


● පසුගිය කාලයේ ඔබ ගායනා කළ ගීත රැසක් අතිශය ජනාදරයට පත්වුණා ?

හරිම සතුටුයි. ගොඩක් දෙනෙක් අහන්නේ ඇයි එහෙම වෙන්නේ, මොකක්ද ඒකේ රහස කියලා. ඇත්තටම මට ඒකට උත්තරයක් නැහැ. 

මම හිතන්නේ මම මට දැනෙන්න සින්දු කියනවා. මට දැනෙන්නෙ නැතිනම් ඒක කියන්නේ නැහැ. ඉතිං ඒක එහෙම වෙන්න ඕනෑ.


● අභිෂේකා එක්ක කතා කරනකොට ‘නිස්සාර’ ගීතය ගැන කතා නොකරම බැහැ?

මම මේ ගීතය ලිව්වේ 2015 වසරේ. 

එතකොට තාත්තා ජීවතුන් අතර හිටියා. හැබැයි තාත්තා මට කිව්වේ මේ සින්දුව තමයි ඔයාගේ ජීවිතයේ හැරවුම් ලක්‍ෂ්‍යය කියලා. 

හැබැයි සින්දුව එළිදක්වනකොට තාත්තා ජීවතුන් අතර නැහැ. 

අද තාත්තා හිටියානම් කියයි “බේබි ඔන්න මම කියපු දේ හරි ගිහිල්ලා” කියලා.


● ඔබේ ගීතවල රූප රචනා ගැනත් කතා කරන්නම ඕනෑ?

ගීතයක් ලියන්නේ යම්කිසි අදහසක් ඇතිව. 

ඉතිං මම ඒ ගීතය ලියපු හේතුව බොහෝ විට කියනවා. හැබැයි ඒ හැරුණුකොට මගේ ගීතවල අනිවාර්යයෙන්ම රූප රචනාව සිදුකළ අධ්‍යක්‍ෂවරයාගේ සියයට සියයකම කාර්යභාරයක් තියෙනවා ඒ හැම ගීතයකම ජනප්‍රියත්වයට. 

ගී පද රචකයා විදිහට මගෙත් සංගීත නිර්මාණකරුවාගෙත් රූප රචනාව සිදුකළ කෙනාගේ සහ ගායකයා විදිහට මගේ කටහඬෙනුත් සමාන දායකත්වයක් ලැබිලා තියෙනවා.


● වොයිස් ටීන් කිරුළ දිනූ ප්‍රනිර්ෂා ත්‍යාගරාජාටත් ‘අභී’ හි ඉඩක් තියෙනවාද?

අනිවාර්යයෙන්ම. මම මුලින් කිව්වා වගේ රටේම ඉන්න, මම විවිධ අවස්ථාවලදී අඳුරගත්තු ටැලන්ට්ස් තියෙන හැම දරුවෙක්ම මට පුළුවන් හැම අවස්ථාවක දීම මම සම්බන්ධ කරගත්තා. ප්‍රනිර්ෂා අනිවාර්යයෙන්ම මගේ ‘සැබැඳිනියේ’ ගීතය යුග ගීතයක් විදිහට ඉදිරිපත් කරනවා.


● ඔබේ සංගීත වැඩවලට සැමියාගෙන් ලැබෙන සහයෝගය?

මම හිතන්නේ ගායිකාවකට හෝ කලාකාරිනියකට ගෙදරින් හම්බවෙන එකම දේ තමයි මානසික නිදහස. 

මම ඒක උපරිමයෙන්ම විඳිනවා. මේ වෙලාවේ මම කොහේද ඉන්නේ. මොනවාද කරන්නේ කියලා අහන්නේ නැති එක. මාව සැක නොකරන එක. මම හිතන්නේ කලාකාරිනියකට තියෙන්න ඕනෑ ලොකුම දේ ඒක තමයි. ඒක මට ඔහුගෙන් ලැබෙනවා.


මහේෂ් එදිරිසිංහ

[MUSIC]_$type=carousel$count=4$cols=4$cate=0

[ON LOCATION]_$type=left$va=0$count=3

[BOLLYWOOD]_$type=right$va=0$count=3

[CHIT CHAT]_$type=three$count=3$h=360$author=hide$comment=hide$date=hide

[FRESHERS]_$type=carousel$count=5$cols=4$cate=0$h=360

Logo

[GOSSIP]_$type=three$count=3$h=360$rm=hide$author=hide$comment=hide$date=hide

[STAR TALKS]_$type=three$count=3$h=360$author=hide$comment=hide$date=hide

Name

accident,1,BestCovers,1,bollwood,7,Bollywood,31,ChitChat,18,Cinema,28,Cinematic,9,Dance,6,Fashion,18,Featured,1,Freshers,5,Gossip,61,HotPoses,22,Interview,24,MoviePremieres,13,Music,23,News,40,on location,2,Photos,15,StarTalks,18,Trending,6,TV,51,Video,12,
ltr
item
Star Gossip - BottomLine News: මට දැනෙන්නෙ නැතිනම් ඒක කියන්නේ නැහැ.
මට දැනෙන්නෙ නැතිනම් ඒක කියන්නේ නැහැ.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgusBOMDIm29yk1lNqCiGdJ3gxHBBdmqkDfN8bAfehkwttywenHKNU67qNCqMZJGvbgEnOKPxh_bNl58t7kp949sVLwE_WroaN7Nm5-jpYQL5YEG0E7iiUwF70e3UBAPOr2H-gSHjFi99LCqZKHJF0DAsevEyAsHq7yGpf_SLLq3Zz62BbMIP_P1Ov8/s16000/abhi.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgusBOMDIm29yk1lNqCiGdJ3gxHBBdmqkDfN8bAfehkwttywenHKNU67qNCqMZJGvbgEnOKPxh_bNl58t7kp949sVLwE_WroaN7Nm5-jpYQL5YEG0E7iiUwF70e3UBAPOr2H-gSHjFi99LCqZKHJF0DAsevEyAsHq7yGpf_SLLq3Zz62BbMIP_P1Ov8/s72-c/abhi.jpg
Star Gossip - BottomLine News
https://stargossip.bottomline.asia/2022/10/-25-abhisheka-wimalaweera-abhi-live-in-concert-colombo.html
https://stargossip.bottomline.asia/
https://stargossip.bottomline.asia/
https://stargossip.bottomline.asia/2022/10/-25-abhisheka-wimalaweera-abhi-live-in-concert-colombo.html
true
3404992472536326279
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL View Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU CATEGORY ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS PREMIUM CONTENT IS LOCKED STEP 1: Share to a social network STEP 2: Click the link on your social network Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy Table of Content