$type=grid$count=5$meta=0$sn=0$rm=0$show=home

[TV]_$type=carousel$count=24$cols=7$cate=0$space=10$show=home

මගේ වාසියට තමයි මගේ හීනත් මම හදාගෙන ඉන්නේ.

රිතූ ආකර්ෂා තාමත් ජනප්‍රියත්වය රැකගෙන සිටින රංගන ශිල්පිනියක්.  සම්මානනීය හීන පැත්තක තියලා ජනතාවගේ ආදරය සැබෑවට විඳින්න ඇය මහන්සි වෙනවා කිව්වො...




රිතූ ආකර්ෂා තාමත් ජනප්‍රියත්වය රැකගෙන සිටින රංගන ශිල්පිනියක්. 

සම්මානනීය හීන පැත්තක තියලා ජනතාවගේ ආදරය සැබෑවට විඳින්න ඇය මහන්සි වෙනවා කිව්වොත් නිවැරදියි. එවන් පසුබිමක රිතූ සමඟ කළ කතාබහකි මේ.


*මේ දවස්වල ටෙලි තිරයේ පේන්න නෑ.නමුත් වැඩ අතහැරලා නෑ නේද?

මම රංගනය අතහැරලා නැහැ. මම සම්බන්ධ වුණ මහවිරු පණ්ඩු නාට්‍ය විකාශය වෙලා නිම වුණේ ගිය මාසේ. 

මේ දවස් ටිකේ මගේ අලුත් නාට්‍යයක් විකාශය වෙන්නේ නැහැ. 

හැබැයි මම ලස්සන අලුත් ටෙලි නාට්‍ය තුනකම රූගත කිරීම්වලට සම්බන්ධ වුණා. ගැමි චරිත තුනක් තමයි ඒ නිර්මාණවල මට කරන්න ලැබුණේ. 

තව අලුත් නිර්මාණ කිහිපයක වැඩ පටන් ගන්න නියමිතයි.


*වැඩසටහන් ඉදිරිපත් කරන්නියක් ලෙස ඔබට ප්‍රේක්ෂකයන්ට ළංවෙන්න ලැබිලා තිබෙනවා. ඒ ගැනත් කියමු?

ඔව්. හිරු නාලිකාවේ විකාශය වෙන ජල්ලි ජකිරි වැඩසටහනේ ඉදිරිපත් කිරීම් කරනවා. ඒ අත්දැකීමත් වෙනස් හොඳ අත්දැකීමක් .


*තවම රිතුව සිනමාවේ දකින්න ලැබුණේ නැත්තේ ඇයි?

මට ළඟදිත් සිනමා නිර්මාණයකට ආරාධනා ලැබුණා. 

හැබැයි තවම මම බලාපොරොත්තු වෙන විදිහේ සිනමා පිටපතක් මට ලැබුණේ නෑ. 

මම කරන පළමු චිත්‍රපටය ප්‍රේක්ෂකයන්ට දැනෙන දෙයක් වෙන්න ඕන කියලා මම විශ්වාස කරනවා.

කරන්නන් වාලේ කරන වැඩවල නිකන් පේන්න ඉන්න මම කැමැතිත් නැහැ. 

කල් ගිහින් හරි දැනෙන වැඩක් කළොත් ප්‍රේක්ෂකයන්ට ඒ නිර්මාණයෙන් මාව කාලයක් යනතුරු මතක හිටිවී. මුදල්ම බලාගෙන වැඩ කරලා ප්‍රේක්ෂකයන්ගේ මතකයෙන් ගිලිහෙන්න මම කැමැති නැහැ.


*ඔය විදිහට තේරීම් කරලා ආර්ථික ශක්තිය හදාගන්නේ කොහොමද? නිළියක් විදිහට මේන්ටේන් වෙන්නේ කොහොමද?

මට මාව බලාගන්න ආර්ථික මට්ටමක් තියෙනවා. 

මම පොඩියට ඔන්ලයින් බිස්නස් එකක් පටන් අරන් තියෙන්නේ. 

ඒකෙනුත් මට ආදායමක් තියෙනවා.

මම ක්ෂේත්‍රයට ආපු දවසේ ඉඳන් වැඩ කළා. කවදාවත් මට මේ වෙනකල් වැඩ නැති වෙලා නෑ. ගෙදරින් කන්න බොන්න හම්බ‍ෙවනවා. 

සාමාන්‍ය සරල විදිහට ජීවත් වෙන්න මම හම්බ කරන දේවල් කළමනාකරණය කරගන්නවා.


*මිනිස්සු ජීවත් වෙන්නේ හීනත් එක්ක. හීන පස්සේ දුවන මිනිස්සු අතරේ රිතූ මඟ නතර වෙලාද?

ඇත්තටම මට ලොකු ලොකු හීන නැහැ. 

සතුටින් ජීවත් වෙන්න අවශ්‍ය දේවල් ටිකක් වෙනුවෙන් තමයි මම මහන්සි වෙන්නේ. මම ටිකක් කම්මැලි කෙනෙක්. 

ඒ නිසා මගේ වාසියට තමයි මගේ හීනත් මම හදාගෙන ඉන්නේ. 

සල්ලි මගේ පස්සෙන් ආවොත් මිසක් මම සල්ලි පස්සේ යන්නේ නෑ.



*වසර දහයකට වැඩි කාලයක් ක්ෂේත්‍රයේ ඉඳලා රිතූට කරන්න ලැබුණ දේවල් ගැන සෑහීමකට පත්වෙන්න පුළුවන්ද?

අනිවාර්යයෙන්ම. මම මේ වෙනකොට නිර්මාණ තිහකට වඩා වැඩි ප්‍රමාණයකට සම්බන්ධ වෙලා තියෙනවා. 

ඒ සෑම නිර්මාණයක්ම ජනප්‍රිය වුණා. 

මම කරපු චරිත ජනප්‍රිය වුණා. ඒ නිර්මාණවලින් මම හම්බ කරපු දේ තමයි ප්‍රේක්ෂක ආදරය.


*තරගකාරි ක්ෂේත්‍රයක් ඇතුළේ ඔබ පැවැත්ම තියාගන්න උත්සාහ කරන්නේ මොන විදිහටද?

මේ ක්ෂේත්‍රයේ පවතින්න පුළුවන් දක්ෂතාවයෙන්ම විතරයි. 

ලස්සන තියාගෙන ක්ෂේත්‍රයට එන්න පුළුවන්. 

හැබැයි පවතින්න බෑ. ලස්සන කියන්නේ අතිරේක කාරණයක් විතරයි. මට වැඩ ලැබුණේ මගේ දක්ෂතා නිසා.


*රිතූ වැඩවලදි තමන්ගේ මූල්‍ය වටිනාකම හෑල්ලු කරගන්නේ නැද්ද?

අපි හැමෝටම වටිනාකමක් තියෙනවා. ඒක කිසිම දෙයකදි නැති කරගන්න අවශ්‍ය නැහැ. වැඩවල පේන්න ඕනේ කියලා කියන කියන ගාණට මම වැඩ කරන්නේ නෑ. 

මම ලැබෙන හැම නිර්මාණයක්ම භාරගන්නේ නැත්තේ ඒකයි. 

ප්‍රසිද්ධ වෙන්න බලාගෙන මම වැඩ කරන්නෙත්නෑ. මම එකේ ඉදන් පටන් ගත්ත කෙනෙක්. ඒ නිසා හදාගත්ත වටිනාකම හෑල්ලු කරන්න මම කැමැති නැහැ. 

හැබැයි නිර්මාණයට තියෙන ආසාව නිසා මූල්‍ය වටිනාකම බැලන්ස් කරගෙන වැඩ කරපු තැන් තියෙනවා.


*ක්ෂේත්‍රයේ කල්ලි ගැහෙන තැන්වල රිතූ පේන්න නෑ. ඇයි ඒ?

මට ක්ෂේත්‍රයේ යාළුවෝ නැහැ. හැබැයි මම කා එක්කත් හිතවත්. මං ගොඩක් සමීප මගේ නෑදෑයෝ එක්ක. 

ඒ නිසා ක්ෂේත්‍රයේ අය එක්ක නිතර එළියේ කාලය ගත කරනවට වඩා පවුලේ අය එක්ක ඉන්න මම කැමැතියි.


*රිතූ විවාහයට පිටුපාලා ඉන්නද හදන්නේ?

මම කසාදයට පිටපාලා නැහැ. කසාදය මට පිටුපාලා තියෙන්නේ. 

ඒක හොඳ දෙයක්. මොකද ගෙදර අය මාව තවම බලා ගන්නවා. 

මට උදේ නැගිටින්න, ලොකු වගකීම් ගන්න ටිකක් අමාරුයි. ඒ නිසා විවාහය ගැන නම් තවම අදහසක් නැහැ.


*ඔය කියන්නේ රිතූ පෙම්වතියකුත් නෙමෙයි කියලද?

ඇත්තටම මම පෙම්වතියක් නෙමෙයි. පෙම්වතුන් හිටපු කාල තිබ්බා. 

දැන් එහෙම කෙනෙක් නැහැ. හොඳ කෙනෙක් හම්බුණොත් මමත් කවදාහරි විවාහයක් ගැන හිතයි.


*ඉදිරියටවත් සම්මානනීය හීන තියාගෙන වැඩ කරයිද?

සම්මාන හීන මට නැහැ. 

සුදුසු දෙයක් තිබ්බොත් සුදුසු කාලේ ඒ දේවල් ලැබෙයි. සම්මාන ලබලත් පසුබෑමට ලක්වෙච්ච ඕනතරම් අය මේ ක්ෂේත්‍රයේ ඉන්නවා. 

ඉදිරියටත් වෙනස් චරිත කරන්න තමයි මට අවශ්‍ය. පාසල් යන කාලේ ක්‍රීඩා කළ නිසා ඒ වගේ ක්‍රීඩාව සම්බන්ධ නිර්මාණයක් කරන්න ආසාවෙන් ඉන්නවා. 

සම්මාන හඹාගෙන යන්නේ නැතුව හොඳ වැඩ කරලා පවතින්න මම උත්සාහ කරනවා.


සිළුමිණ - තිළිණි විජේසිංහ

[MUSIC]_$type=carousel$count=4$cols=4$cate=0

[ON LOCATION]_$type=left$va=0$count=3

[BOLLYWOOD]_$type=right$va=0$count=3

[CHIT CHAT]_$type=three$count=3$h=360$author=hide$comment=hide$date=hide

[FRESHERS]_$type=carousel$count=5$cols=4$cate=0$h=360

Logo

[GOSSIP]_$type=three$count=3$h=360$rm=hide$author=hide$comment=hide$date=hide

[STAR TALKS]_$type=three$count=3$h=360$author=hide$comment=hide$date=hide

Name

accident,1,BestCovers,1,bollwood,7,Bollywood,31,ChitChat,18,Cinema,28,Cinematic,9,Dance,6,Fashion,18,Featured,1,Freshers,5,Gossip,61,HotPoses,22,Interview,24,MoviePremieres,13,Music,23,News,40,on location,2,Photos,15,StarTalks,18,Trending,6,TV,51,Video,12,
ltr
item
Star Gossip - BottomLine News: මගේ වාසියට තමයි මගේ හීනත් මම හදාගෙන ඉන්නේ.
මගේ වාසියට තමයි මගේ හීනත් මම හදාගෙන ඉන්නේ.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgg9mRVnHqT6AV2UWQYN6qk8zoLR3YayCzNUhNz_pQUByMzBqdOEeKuu6wcSTtqKrXzT8GMieWcxOQ_lQUrHH6M2ueEr71CUUf_Z6IB1iBejDuofYrjrId9KbCSjq2ryzLHHBqRzGO9UKJe2EkAjzFky2UVqYr6ibriYBydo1Trlq0hHvcjR6BLwhc3/s16000/ruthu.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgg9mRVnHqT6AV2UWQYN6qk8zoLR3YayCzNUhNz_pQUByMzBqdOEeKuu6wcSTtqKrXzT8GMieWcxOQ_lQUrHH6M2ueEr71CUUf_Z6IB1iBejDuofYrjrId9KbCSjq2ryzLHHBqRzGO9UKJe2EkAjzFky2UVqYr6ibriYBydo1Trlq0hHvcjR6BLwhc3/s72-c/ruthu.jpg
Star Gossip - BottomLine News
https://stargossip.bottomline.asia/2022/10/-24-rithu-akarsha-life-.html
https://stargossip.bottomline.asia/
https://stargossip.bottomline.asia/
https://stargossip.bottomline.asia/2022/10/-24-rithu-akarsha-life-.html
true
3404992472536326279
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL View Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU CATEGORY ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS PREMIUM CONTENT IS LOCKED STEP 1: Share to a social network STEP 2: Click the link on your social network Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy Table of Content