$type=grid$count=5$meta=0$sn=0$rm=0$show=home

[TV]_$type=carousel$count=24$cols=7$cate=0$space=10$show=home

ජාත්‍යන්තර පැසසුම් ලැබූ ගාඩි

ඔස්ට්‍රේලියාවේ පැවති 14 වැනි Asian Pacific Screen Awards අන්තර්ජාතික සිනමා සම්මාන උලෙළේ දී සංස්කෘතික විවිධත්වය සහ එය සුරැකිමෙහිලා උපරිම කලාත...




ඔස්ට්‍රේලියාවේ පැවති 14 වැනි Asian Pacific Screen Awards අන්තර්ජාතික සිනමා සම්මාන උලෙළේ දී සංස්කෘතික විවිධත්වය සහ එය සුරැකිමෙහිලා උපරිම කලාත්මක දායකත්වය දක්වන විශිෂ්ටතම සිනමා නිර්මාණයට යුනෙස්කෝ සංවිධානයෙන් පිරිනැමෙන Cultural diversity සම්මානය ප්‍රසන්න විතානගේ මහතා අධ්‍යක්ෂණය කරනු ලැබූ ගාඩි චිත්‍රපටයට හිමි වුණා.

ශ්‍රී ලාංකීය චිත්‍රපට සහ ශිල්පීන් මිට පෙර මෙම සම්මාන වෙනුවෙන් නිර්දේශ වී තිබුණද සම්මානය හිමිවන පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයක්. 

මීට අදාළ සම්මාන ප්‍රධාන උත්සවය පසුගිය වසරේ නොවැම්බර් 11 වැනිදා ඕස්ට්‍රේලියාවේ දී පැවැත්වූ නමුත් පසුගිය දා (සැප්තැම්බර් මස 26) බ්‍රිස්බන්වලදී සිනමාවේදී ප්‍රසන්න විතානගේ මහතා වෙත සම්මාන උලෙළේ කමිටුව වෙතින් එම සම්මානය ප්‍රදානය කිරීම සිදු කෙරුණා.

මෙම සම්මානය ගැන සම්මානිත සිනමාවේදී ප්‍රසන්න විතානගේ මහතා පවසන්නේ මෙවැනි අදහසක්

ගාඩි චිත්‍රපටයට හිමි වුණේ ආසියා පැසිපික් කලාපයේ ප්‍රමුඛතම සිනමා සම්මාන උලෙළේ ලෙස සැලකෙන ආසියා පැසිපික් සිනමා සම්මාන උලෙළේ දී එහි අන්තර්ජාතික තේරීම් කමිටුව විසින් ප්‍රකාශයට පත් කළ යුනෙස්කෝ අනුග්‍රාහකත්වයෙන් සංස්කෘතික විවිධත්වය සහ එය සුරකීමෙහිලා උපරිම දායකත්වයක් දක්වන සිනමා නිර්මාණයට හිමි Cultural diversity කියන සම්මානය.

මෙය දැවැන්ත සම්මාන රාත්‍රියක්. පසුගිය වසරේ පැවති කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ එය පැවැත්වුණේ නැහැ. 2009 දී මාලනී ෆොන්සේකා මහත්මිය මෙම සම්මාන උලෙළට සහභාගි වෙලා තියෙනවා. 

ඒ ආකාස කුසුම් චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් 2009 දී හොඳම නිළියට නිර්දේශ වීම නිසා. ඒ වගේම විමුක්ති ජයසුන්දර දෙවතාවක් පමණ මේ ආසියා පැසිපික් සිනමා සම්මාන උලෙළේ දී නාම යෝජනා ලැබුවා. 

ප්‍රසන්න ජයකොඩි 28 චිත්‍රපටය වෙනුවෙන් නිර්දේශ වුණා. ඒ වගේම තවත් ශිල්පීන් මේ ආසියා පැසිපික් සිනමා සම්මාන උලෙළේ සම්මානයන්ට නිර්දේශ වී තිබෙනවා. නමුත් ආසියා පැසිපික් සිනමා සම්මාන උලෙළේදී ශ්‍රී ලංකාවට සම්මානයක් හිමිවන්නේ ප්‍රථම වතාවටයි. 

එය ඔවුන්ගේ මාධ්‍ය නිවේදනය තුළ පවා විශේෂකොට සඳහන් කර තිබෙනවා. ශ්‍රී ලංකාවට සහ වියට්නාමයට ප්‍රථම වතාවට සම්මාන හිමිවන බව. එය මම දකින්නේ අපේ රටේ සිනමාව පිළිබඳ ලෝකයේ අවධානය ලැබීමක් විදියට.“

“ගාඩි” (CHILDREN OF THE SUN) කන්ද උඩරට රාජධානි සමයේ අවසන් භාගයේ සිදුවීම් පාදක කරගනිමින් නිර්මාණය වූවක්. එහි අන්තර්ගතය ගැන ද ප්‍රසන්න විතානගේ අදහස් පළ කළා.

“ගාඩි ගැන සරලව කියනවා නම් ඉතිහාස කතා ප්‍රවෘත්තියක් මෙහි අඩංගු වෙන්නේ. 

නමුත් ලංකාවේ ඉතිහාස කතා කිව්ව ගමන් අපිට සිහිවෙන්නෙම වෙනස් මාදිලියක සිනමා නිර්මාණ. නමුත් මම ගාඩි හදුන්වන්නේ ඉතිහාසය පදනම් කරගත් ප්‍රබන්ධයක් ලෙස. 

එතකොට අපිට අවශ්‍ය වුණා ඉහළම ප්‍රමිතියකින් යුතුව අපේ සිනමාව තුළ කතා නොවුණු සාමාන්‍ය ජනතාවගේ ඉතිහාසය ගැන කතා කරන්න. ඒ වගේම ගාඩි චිත්‍රපටය මම හදන්නේ නැහැ ඒ හරහා අද සමාජයට යමක් කියන්න නැත්නම්. ඒ වගේම ඉහළ ප්‍රමිතිය ආරක්ෂා කරගන්න විශාල පිරිවැයක් දරලා කරපු නිර්මාණයක්. 

අපි දකිනවා චිත්‍රපට විශාල වෙද්දි එහි හදවත අහිමි වෙනවා. මම චිත්‍රපට කරලා තියෙන්නේ මිනිසුන්ගේ හැඟීම් ගැනයි. 

ගාඩිත් ඉතිහාසයේ සුවිශාල පරිමාවක් තුළ පරිසරයේ පරිමාවත්, හදවතේ පරිමාවත් දෙකම වැඩිකරන චිත්‍රපටයක් හදන්න. සත්‍යජිත් රායි කියා තිබෙනවා “ඔබට හිතෙනවා නම් යම් චිත්‍රපටයකින් කියන්න දෙයක් තියෙනවා කියලා, ඔබ ජීවිතයේ අන් සියලු දේ අත්හැරලා ඒ වෙනුවෙන්ම කැපවෙලා. ඒ දේ කිව යුතුයි කියලා. ‘ගාඩි’ත් එහෙමයි.!

මම ඉතාම කැමතියි මේ සඳහා රංගනයෙන් දායක වූවන් ගැන කතා කරන්න. අයිරාංගනී සේරසිංහ, රවින්ද්‍ර රන්දෙණිය, දමයන්ති ෆොන්සේකා, වගේ ප්‍රවීණ අය ඉන්නවා. ඒ වගේම ආනන්ද කුමාරඋන්නැහේ, ශ්‍යාම් ප්‍රනාන්දු, සහ කලණ ගුණසේකර වගේ මැදි වියේ අය වගේම සජිත අනුත්තර ඇන්තනි සහ ඩිනාරා පුංචිහේවා වගේ තරුණ පරම්පරාවේ විශාල පිරිසක් ඉන්නවා. 

මම විශ්වාස කරනවා සජිතගේ විශිෂ්ටතම රංගනය දැකිය හැකි වන්නේ ගාඩි චිත්‍රපටයෙන්. 

ඔහු මොන තරම් විශිෂ්ට නළුවෙක් ද කියල මේ චිත්‍රපටයෙන් දැක ගන්න ලැබේවි. ඒ වගේම තමයි ඩිනාරා නොඉන්න ගාඩි හැදෙන්නේ නැහැ කියන එක මම හැමදාම කියනවා. 

අපි අවුරුදු ගාණක් තිස්සේ මේ චරිතයට කෙනෙක් හෙව්වා. ඩිනාරා එකඟ වුණා මේ චරිතය රඟපාන්න. 

ඉතාම හොඳ කැපවීමකින් ඇය ඇයගේ කාර්යය ඉෂ්ට කරා. දින 60ක් වගේ කාලයක ඉතාමත්ම දුෂ්කර රූප ගත කිරීම් කළා. අපෙන් බොහෝ විට අහන ප්‍රශ්නයක් තමා අනාගත සිනමාවට රංගන ශිල්පින් ශිල්පිනියන් නැද්ද කියන එක. මම විශ්වාස කරනවා ගාඩි බැලුවට පස්සේ ඔවුන්ගේ රංගනයන් දැක්කට පස්සේ අනාගත සිනමාව ගැන සුබවාදී බලාපොරොත්තු දල්වයි කියලා.“

ඒ එක්කම ගාඩි මීට පෙරත් ලැබූ ඇගයුම් සම්මාන බොහොමයි.

“ඔව්. ශ්‍රී ලංකා, ඉන්දීය සහ යුරෝපීය සම නිෂ්පාදනයක් ලෙස නිමවූ මෙම සිනමාපටය 8 වැනි ඩකා අන්තර්ජාතික සිනමා උලෙළේ දී ජූරියේ විශේෂ ඇගයීමට පාත්‍ර වුණා, 24 වැනි බූසාන් අන්තර්ජාතික සිනමා උලෙළ, 17 වැනි සැන් ෆ්‍රැන්සිස්කෝ අන්තර්ජාතික දකුණු ආසියානු සිනමා උලෙළ (SFISAFF), රොටර්ඩෑම් අන්තර්ජාතික සිනමා උලෙළ (IFFR), 24 වැනි කේරළ අන්තර්ජාතික සිනමා උලෙළ ඇතුළු ප්‍රමුඛ පෙළේ සම්මාන උලෙළ ගණනාවක දී මෙම සිනමාපටය ප්‍රදර්ශනය කෙරුණා.

මම ගාඩි හැදුවේ සම්මාන ගන්න නෙවෙයි. 

සමාජයට යමක් කියන්නයි මම උත්සහ කරන්නේ. මේ සම්මානය ලැබීම තුළින් ලැබෙන මාධ්‍ය ප්‍රචාරය පවා මම යොදා ගන්නේ ගාඩි ගැන අවධානයක් ගන්න මිස මගේ ගැන අවධානයක් ගන්න නෙවෙයි. 

අපි නිර්මාණ තුළින් උත්සහ කරන්නේ අලුත් අත්දැකීමක් ලබා දෙන්න. හැම අලුත් දෙයක්ම පවත්නා තත්ත්වයන්ට අභියෝගයක්. ගාඩි චිත්‍රපටයෙන් කියන දේ සමාජය භාර නොගන්නා අදහසක් වෙන්න පුළුවන්. 

ජීවිතේ ගැන සමාජය ගැන කුලය ගැන එතකොට ඒ හැම දෙයක්ම අභියෝගයක්. කලාකරුවාට මේ හරහා තමන්ට අවස්ථාව ලැබෙනවා තමන් කියන දේට තවත් කෙනෙක්ගේ අවධානය ලබා ගන්න.

ගාඩි ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයින්ට දැක ගන්න ලැබෙන්නේ කවදද?

ශ්‍රී ලාංකීය ප්‍රේක්ෂකයින්ට ගාඩි නැරඹීමේ අවස්ථාව ඉතා නුදුරේම ලැබෙනවා. හරියටම කියනවා නම් සංජය නිර්මල්ගේ Seeds එහෙම නැත්නම් ප්‍රාණ චිත්‍රපටයෙන් පස්සේ LFD සහ Cl මණ්ඩලය යටතේ තිරගත වෙන්නේ “ගාඩි“ චිත්‍රපටය. ඒ එක්කම කියන්න ඕනේ මේ වෙද්දී ඔස්ට්‍රේලියාව හා නවසීලන්තය පුරා සිනමාශාලා 25ක දැන් ප්‍රදර්ශනය ආරම්භ කර තිබෙනවා. 

ඔස්ට්‍රේලියාවේ හා නවසීලන්තයේ චිත්‍රපටය බෙදාහැරීම සිදු කරන්නේ Mega Live Events වෙතින් මාලක යාපා ඇතුළු පිරිස. 

මේ සති අන්තය ගත්තම සිකුරාදා සෙනසුරාදා සහ ඉරිදා දිනවල ප්‍රදර්ශන වාර 11ක් ඔස්ට්‍රේලියාවේ තිරගත වනවා. 

ඉන් හතකට මමත් සහභාගි වෙනවා. එතැනදී ඒ ප්‍රේක්ෂකයින්ගේ ප්‍රතිචාරය මට සජිවීවම දැක බලා ගන්න අවස්ථාව උදාවෙයි. අපි මෙම ප්‍රදර්ශන වාර තුළදී බලාපොරොත්තු වෙන්නේ විදෙස්ගත ලාංකීය සිනමා ප්‍රේක්ෂකයින් පමණක් නෙවෙයි. මෙම චිත්‍රපට තිරගත වෙන්නේ ඉංග්‍රීසි උපසිරැසි සහිතව නිසා ඔස්ට්‍රේලියානු පුරවැසියන් සහ මෙහෙ සිටින විදේශීය ප්‍රේක්ෂකයින්ට අපි අපේ ලාංකීය සිනමා නිර්මාණ පෙන්වීමක් සිදු වෙන්නේ. 

මම කලින් සහභාගි වුණා පර්ත්වල සහ බ්‍රිස්බන්වල දර්ශන වාරවලට. එතැනදී මම දැක්ක දෙයක් තමයි විදෙස් රටවල පුද්ගලයින් පවා අපේ මේ සිංහල සිනමාව නැරඹීම. අපි හින්දි ඉංග්‍රීසි දෙමළ චිත්‍රපට බලනවා වගේ මම එය දකින්නේ විය යුත්තක් විදියට. එය තව දුරටත් පුළුල් කර ගැනීම තමයි ඉදිරියට අපි හැමෝගෙම අපේක්ෂාව විය යුත්තේ. 

[MUSIC]_$type=carousel$count=4$cols=4$cate=0

[ON LOCATION]_$type=left$va=0$count=3

[BOLLYWOOD]_$type=right$va=0$count=3

[CHIT CHAT]_$type=three$count=3$h=360$author=hide$comment=hide$date=hide

[FRESHERS]_$type=carousel$count=5$cols=4$cate=0$h=360

Logo

[GOSSIP]_$type=three$count=3$h=360$rm=hide$author=hide$comment=hide$date=hide

[STAR TALKS]_$type=three$count=3$h=360$author=hide$comment=hide$date=hide

Name

accident,1,BestCovers,1,bollwood,7,Bollywood,31,ChitChat,18,Cinema,28,Cinematic,9,Dance,6,Fashion,18,Featured,1,Freshers,5,Gossip,61,HotPoses,22,Interview,24,MoviePremieres,13,Music,23,News,40,on location,2,Photos,15,StarTalks,18,Trending,6,TV,51,Video,12,
ltr
item
Star Gossip - BottomLine News: ජාත්‍යන්තර පැසසුම් ලැබූ ගාඩි
ජාත්‍යන්තර පැසසුම් ලැබූ ගාඩි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiQaq87Xfe8dseN-wukFeRAVzpKLFV5fbLln8HROu2GQ1UKU0qJKVFo8mLV79Nk_mQ42OlXwagxJxo4U35iDdqbUHKgV30cklD0YRaZJJ1Flpi022rmVqGDVKZrzN12xdciZfarPxhRMd9m6cwRM_tRkuwbB-p9DcU2b3zN4gqrioIUo4D1LRbWWdzX/s16000/2424.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiQaq87Xfe8dseN-wukFeRAVzpKLFV5fbLln8HROu2GQ1UKU0qJKVFo8mLV79Nk_mQ42OlXwagxJxo4U35iDdqbUHKgV30cklD0YRaZJJ1Flpi022rmVqGDVKZrzN12xdciZfarPxhRMd9m6cwRM_tRkuwbB-p9DcU2b3zN4gqrioIUo4D1LRbWWdzX/s72-c/2424.jpg
Star Gossip - BottomLine News
https://stargossip.bottomline.asia/2022/10/-11-gadi-film-international-award-prasanna-withanage.html
https://stargossip.bottomline.asia/
https://stargossip.bottomline.asia/
https://stargossip.bottomline.asia/2022/10/-11-gadi-film-international-award-prasanna-withanage.html
true
3404992472536326279
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL View Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU CATEGORY ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS PREMIUM CONTENT IS LOCKED STEP 1: Share to a social network STEP 2: Click the link on your social network Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy Table of Content