මෙවර ඔස්කාර් සම්මාන උළෙල සඳහා රුසියාව ඉදිරිපත් නොවන බව රුසියානු චිත්‍රපට ඇකඩමිය පවසනවා නිවේදනයක් නිකුත් කරමින් එම ඇකඩමිය මේ බව සඳහන් කර ඇති ...
මෙවර ඔස්කාර් සම්මාන උළෙල සඳහා රුසියාව ඉදිරිපත් නොවන බව රුසියානු චිත්‍රපට ඇකඩමිය පවසනවා
නිවේදනයක් නිකුත් කරමින් එම ඇකඩමිය මේ බව සඳහන් කර ඇති අතර ඊට හේතුව ප්‍රකාශ කර නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා
ඔස්කාර් සම්මාන උළෙල සඳහා රුසියාවෙන් නාම යෝජනා තෝරා ගැනීමේ වගකීම දරන කමිටුවේ ප්‍රධානී පවෙල් චුක්රේ සඳහන් කර ඇත්තේ, එම තීරණයෙන් පසුව තමන් ඉන් ඉල්ලා අස්වූ බව යි.
රුසියානු ප්රවෘත්ති ඒජන්සිය වෙත මූලාශ්‍රයක් ප්‍රකාශ කර ඇත්තේ, ඔස්කාර් සම්මාන සඳහා නම් කළ හැකි රුසියානු දිගු චිත්‍රපට ලැයිස්තුවට චිත්‍රපට 122 ක් ඇතුළත් වූ බව ය.
රුසියානු චිත්‍රපට තුන් වතාවක් හොඳ ම විදේශ භාෂා චිත්‍රපටය සඳහා ඇකඩමි සම්මානය දිනා ගත්තේ ය.
Sergey Bondarchuk’s War and Peace (1968), Vladimir Menshov’s Moscow Doesn’t Believe in Tears (1981) සහ Nikita Mikhalkov’s Burnt by the Sun (1994) චිත්‍රපට ඒ අතර වෙති.
2022 සඳහා වන 95 වන ඔස්කාර් සම්මාන උළෙල 2023 මාර්තු 12 වන දින පැවැත්වීමට නියමිත ය.




