රොෂාන් රණවන කියන දක්ෂ රංගන ශීල්පියාගේ ආදරනීය පුතාගේ තුන් වන උපන් දින ය පසුගිය දා සමරලා තියෙනවා. මේ ආදරනීය පුතා ගැන අම්මා සහ තාත්තා ලියූ සංව...
රොෂාන් රණවන කියන දක්ෂ රංගන ශීල්පියාගේ ආදරනීය පුතාගේ තුන් වන උපන් දින ය පසුගිය දා සමරලා තියෙනවා.
මේ ආදරනීය පුතා ගැන අම්මා සහ තාත්තා ලියූ සංවේදී සටහන
තෙවසරක කාලයකුත් පසු කරලා
පුතු සෙනෙහස ජීවිතයට හොඳටම දැනිලා
ගතට වෙහෙසක් දැනුනත් හිත පිරිලා
පුදමි ඒ ආදරය හැමදාමත් නොවෙනස් කරලා
හැමට වඩා අම්මට කරදර කරන්නේ
ඇය මිස නැත කිසිවෙක් පුතු හට දැනෙන්නෙ
තාත්තා දුටුවිට සිඟිති හිත ඉපිලෙන්නේ
තවත් වීරයෙක් නැත ඔබ හඳුනන්නේ
කිරි සුවඳ ටික ටික දුරස් වෙලා
පාසල් යන්නත් දැන් පුතු හුරු වෙලා
නැටුම් ගැයුම් මැද නැත හුදකලා
නුඹයි අපෙ දිවියේ පුංචි හුරතලා
ලොවට ආලෝකයක් වෙන්නට හැකිවේවා
කරුණා දයාවෙන් ඔබ සිත පිරේවා
ඔබ දකින සොඳුරු සිහින ඉටු වේවා
පුතුනි සුභ උපන්දිනයක් වේවා !
( කවි සිතුවිලි අම්මා සහ තාත්තාගෙන් )