$type=grid$count=5$meta=0$sn=0$rm=0$show=home

[TV]_$type=carousel$count=24$cols=7$cate=0$space=10$show=home

මම සිතනවා ඒක වාසනාවන්ත අහඹුවක් කියලා.

පෙරිප්ලා කියන්නේ අපේ රට නියෝජනය කරමින් ARG ජාත්‍යන්තර සම්මාන උළෙල නියෝජනය කළ කෙටි චිත්‍රපටයක්.  පෙරිප්ලා කෙටි චිත්‍රපටයේ අම්මාගේ චරිත නිරූපණ...




පෙරිප්ලා කියන්නේ අපේ රට නියෝජනය කරමින් ARG ජාත්‍යන්තර සම්මාන උළෙල නියෝජනය කළ කෙටි චිත්‍රපටයක්. 

පෙරිප්ලා කෙටි චිත්‍රපටයේ අම්මාගේ චරිත නිරූපණය වෙනුවෙන් ඉමාෂා එදිරිපක්ෂ හොඳම රංගන ශිල්පිනිය විධියට සම්මානය දිනාගත්තා. 

ප්‍රංශයේ පැවැත්වූ මෙම සම්මාන උළෙලේදී ලංකාවේ නියෝජනය වෙනුවෙන් වටිනාමක් ලැබීම කියන්නේ අප සැමට ආඩම්බර විය හැකි හේතුවක්. 

 ඉමාෂා එදිරිපක්ෂ සති අන්ත පුවත්පතක් සමඟ කල කතා බහ මේ. 


කොහොමද මේ දිනවල වැඩකටයුතු සිද්ධ වෙන්නේ?

මේ දිනවල මහේෂ් කරුණාරත්න මහතා අධ්‍යක්ෂණය කරන මර්ඩර් ටෙලි ඩ්‍රාමා එකේ වැඩකටයුතු සිදුකරමින් සිටිනවා. ඒ වගේම පසුගිය දිනවල රූපගත කිරීම් සිදු කළ “පෝලිමට එන්න” යූ ටියුබ් කතා මාලාවත් ප්‍රදර්ශනය වනවා.  එය අධ්‍යක්ෂණය සිදුකළේ සුරංග ලක්මාල් සෙනෙවිරත්නන් සර්. ඒවා තමයි  අලුත් විස්තර.


මුලින්ම ඔබ ලබාගත් ජාත්‍යන්තර සම්මානය ගැන පවසමු?

පෙරිප්ලා  කියන කෙටි චිත්‍රපටයට තමයි ඒ සම්මානය හිමිවුණේ. එය අධ්‍යක්ෂණය කළේ ගයාන් ප්‍රනාන්දු අයියා. 

චිත්‍රපට උළෙලේ නම “ARG ජාත්‍යන්තර සිනමා උළෙල” එහිදී මාත් සමඟ මහේන්ද්‍ර වීරරත්න, අමිල චින්තක ගමගේ, කවිත්මා ඕෂනී වැනි රංගන ශිල්පීන් රඟපෑවා. තිර රචනය ජයන්ත රාජරත්න මහතාගේ, සංගීතයෙන් නවරත්න ගමගේ මහතා දායක වුණා. ඒ වගේම නිර්මාණය සඳහා නිෂ්පාදන දායකත්වය ලබාදුන්නේ ඵලබැද්දගේ ලලිත ප්‍රනාන්දු මහතා, අංග රචනය කළේ නීලීෂ කුලතුංග මහතා. ඒ හැමදෙනාම වගේම නිර්මාණය සඳහා නන් අයුරින් දායක වුණු සියලුම දෙනාටම විශේෂ ස්තූතිය පුදකළ යුතුයි.


චිත්‍රපටයට සම්බන්ධ වුණේ කොහොමද?


මේ චිත්‍රපටය නිර්මාණය කළේ ජාත්‍යන්තර ෆිල්ම් ෆෙස්ටිවල් එකක් සඳහායි. එහි නිෂ්පාදන අංශයෙන් දායක වුණේ ගයාන් රාජපක්ෂ අයියා. ඒ වෙනකොට මම වෙනත් නිර්මාණයක් සඳහා දායක වෙලා සිටියා. කොහොම හරි අමිල චින්තක ගමගේ අයියා මාව ගයාන් අයියට සම්බන්ධ කළා. ඒ විධියට තමයි නිර්මාණය සඳහා දායක වුණේ. ඉතින් ඒ නිර්මාණය සාර්ථක කරගන්නට පුළුවන් උපරිමයෙන් අපගේ සහයෝගය ලබා දුන්නා. ප්‍රංශයේදී එහි සාර්ථකත්වය අපි දුටුවා.


චිත්‍රපටය නිර්මාණය වුණේ විදේශීය ප්‍රේක්ෂකාගාරයටද? ලංකාවේදී එය ප්‍රදර්ශනය වුණාද?


චිත්‍රපටය ලංකාවේ නම් තවමත් ප්‍රදර්ශනය කළේ නැහැ. ගයාන් අයියා කියන්නේ කොහොමත් අලුත් සහ වෙනස් වැඩක් කරන අධ්‍යක්ෂවරයෙක්. ඔහු ආවාට ගියාට කිසිම නිර්මාණයකට අතගහනවා මම නම් දැකලා නැහැ. ඒ නිසා තමයි ඔහුගේ බොහොමයක් නිර්මාණවලට සම්මාන ලැබිලා තිබෙන්නේ.  ඇත්තටම ඔහු අතිදක්ෂ අධ්‍යක්ෂවරයෙක්. ෆිල්ම් එක කොයි ප්‍රේක්ෂකාගාරයක් ඉලක්ක කළාද කියලා මට හරියටම කියන්න බැහැ. නමුත් දැනට චිත්‍රපටය මහජනතාවට පෙන්නලා තිබෙන්නේ විදේශ රටවල පමණයි. ඒ වගේම තවත් ෆිල්ම් ෆෙස්ටිවල්වල මේ චිත්‍රපටය ලංකාව නියෝජනය කරනවා. ඒ වැඩ අවසන් වුණාම ලංකාවෙත් මෙය ප්‍රදර්ශනය කරයි.


රංගන ක්ෂේත්‍රයට ප්‍රවේශ වුණේ කොයි කාලයේ වගේද?


මම වැඩකරන්න ආරම්භ කරන්නේ 2011දී පමණ. මම පාසල් යන කාලයේදී පාසල් නාට්‍ය සඳහා රංගනයෙන් සම්බන්ධ වුණා. නමුත් ඒ වෙනකොට රඟපානවා කියන්නේ මෙන්න මේකයි කියලා මම හරියට දැනගෙන හිටියේ නැහැ. නමුත් මම ඉන්පසුව වේදිකාවට සම්බන්ධ වුණා. වේදිකාවේ රඟපාමින් සිටින විට මට මහේෂ් කවිදු අයියව මුණ ගැසුණා.  ඔහු තමයි මාව ටෙලි නාට්‍ය සඳහා සම්බන්ධව කරගත්තේ. ඉතින් ඔහු මට ලබා දුන්න අවස්ථාව ප්‍රයෝජනයට ගනිමින් නාට්‍යවල පුංචි පුංචි චරිත රඟපෑවා.  එහෙම සිටින විට මට තේරුණා මේ වැඩේ හරියන්නේ නැහැ. මම රංගනය ඉගෙන ගන්න ඕනි කියලා. එතැනින් පසුව මම රංගනය ඉගෙන ගනිමින් අනෙකුත් නිර්මාණය සඳහා දායක වෙනවා.


රංගනයට ප්‍රවේශ වීම අහඹුවක්ද?  එසේත්  නැතිනම් සිහිනයක්ද?


මට පොඩි කාලයේ සිටම ආසාවක් තිබුණා රංගනයට. පොඩි කාලයේ රූපවාහිනියේ ඇතැම් චරිත ගෙදරදී මම ඒ විධියට කරනවා.  අම්මයි තාත්තයි දෙන්නත් ඒක දැනගෙන සිටියා.  නමුත් මම පාසලේදී 10 වසර වගේ යනකල් පාඩුවේ සිටි චරිතයක්. කොහොම හරි අපේ පැත්තේ සිටියා ජයවීර කියලා  වේදිකා නාට්‍ය අධ්‍යක්ෂවරයෙක්. ඔහුට නාට්‍ය කණ්ඩායමකුත් තිබුණා. කොහොම හරි ඔහු අහම්බයෙන් වගේ අපේ තාත්තව හඳුනගෙන යන එන ගමන් අපේ නිවෙසට පැමිණි වෙලාවක අපේ තාත්තා කිව්වා අපේ ගෙදරත් ඉන්නවා. රඟපාන්න කැමැති කෙනෙක් කියලා. ඒ විධියට තමයි වේදිකාවට සම්බන්ධ වුණේ. මම සිතනවා ඒක වාසනාවන්ත අහඹුවක් කියලා.


සජීවීව වේදිකාවේ රඟපාන එක සහ කැමරාවක් ඉස්සරහ රඟපාන එක අත්දැකීම් දෙකක්. ඒ වෙනස කොහොමද ඔබට දැනුණේ?


වේදිකාවකදී අපට ප්‍රේක්ෂකාගාරයක් ඉදිරිපිට සජීවීව රඟපාන්න සිද්ධ වෙනවා. හරිගියත් වැරදුණත් ප්‍රේක්ෂක ප්‍රතිචාරය එතැනදීම අපට  ලැබෙනවා. ඒක ඇත්තටම අමාරු වැඩක්. නමුත් නළුවෙක් හෝ නිළියක් වේදිකාවක වැඩකරලා තිබෙනවා නම් ක්ෂේත්‍රය තුළ හොඳ පැවැත්මක් හදාගන්න පුළුවන්. ඔබ අහපු ප්‍රශ්නයට පිළිතුර නම් වේදිකාවක රඟපෑම සහ කැමරාවක් ඉදිරිපිට රඟපෑම වෙනස් අත්දැකීම් දෙකක්.


වර්තමානයේදී පිටපත ලබාදෙන්නේ රඟපාන්න ගිය අවස්ථාවේදී. මේ තත්ත්වය ඔබ දකින්නේ කොහොමද?


එතැනදී අපට කාටවත් ඇඟිල්ලක් දිගුකරන්න බැහැ. නමුත් මගේ පෞද්ගලික අදහස නම් පිටපත වේලාසන ලබාදෙනවා නම් ඒ නිර්මාණයට උපරිම සාධාරණයක් කරන්න පුළුවන්. මොකද එවිට වැඩේ ගැන හොඳ අවබෝධයක් තිබෙනවනේ.


වර්තමානයේ රූපවාහිනි නාළිකාවල විදේශීය ටෙලි නාට්‍ය පෙන්වීම ගැන ඔබේ අදහස මොකක්ද?


මෙහෙමයි. ඒකට කාටවත් චෝදනාවක් කරන්නත් බැහැ. නමුත් විදේශීය ටෙලිනාට්‍යයක් විකාශනය කරන කාලය දේශීය නිර්මාණකරුවකුගේ නිර්මාණ සඳහා ලබාදෙනවා නම් ඒක ලොකු ප්‍රයෝජනයක් වෙයි.


ඇතැම් නවකයන්ගේ විනයක් නැහැ කියන චෝදනාවට ඔබේ පිළිතුර මොකක්ද?

කවුරු හරි,  කුමක් හෝ චෝදනාවක් සිද්ධ කරන්නේ ඒ තුළ මොකක් හරි දෙයක් ඇති. විනය කියලා අදහස් කළේ මොකක්ද කියලා නම් මට නිශ්චිත අදහසක් නැහැ. කොහොම නමුත් පුද්ගල ගුණාංග එකිනෙකාට සාපෙක්ෂයි.


කෙටි චිත්‍රපටයට පසුව සිනමා නිර්මාණ සඳහා ආරාධනා ලැබුණද?

ඔව්. දැනටමත් මම චිත්‍රපටයක රංගනයෙන් දායක වෙලා තිබෙනවා. නමුත් ඒක කවදා කොහොම ප්‍රදර්ශනය කරයිද කියලා නම් දන්නේ නැහැ. චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ අමිල පරණවිතාන අයියා.


අනාගත බලාපොරොත්තු මොනවද?

ලොකු ලොකු බලාපොරොත්තු නැහැ. රටේ තිබෙන තත්ත්වයත් එතරම්ම හොඳ නැහැ. කොහොම වුණත් හොඳ නිර්මාණ සඳහා රංගන දායකත්වය ලබාදෙන්න බලාපොරොත්තුවක් තිබෙනවා.


දුමිදු ලංකා බණ්ඩාර

[MUSIC]_$type=carousel$count=4$cols=4$cate=0

[ON LOCATION]_$type=left$va=0$count=3

[BOLLYWOOD]_$type=right$va=0$count=3

[CHIT CHAT]_$type=three$count=3$h=360$author=hide$comment=hide$date=hide

[FRESHERS]_$type=carousel$count=5$cols=4$cate=0$h=360

Logo

[GOSSIP]_$type=three$count=3$h=360$rm=hide$author=hide$comment=hide$date=hide

[STAR TALKS]_$type=three$count=3$h=360$author=hide$comment=hide$date=hide

Name

accident,1,BestCovers,1,bollwood,7,Bollywood,31,ChitChat,18,Cinema,28,Cinematic,9,Dance,6,Fashion,18,Featured,1,Freshers,5,Gossip,61,HotPoses,22,Interview,24,MoviePremieres,13,Music,23,News,40,on location,2,Photos,15,StarTalks,18,Trending,6,TV,51,Video,12,
ltr
item
Star Gossip - BottomLine News: මම සිතනවා ඒක වාසනාවන්ත අහඹුවක් කියලා.
මම සිතනවා ඒක වාසනාවන්ත අහඹුවක් කියලා.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjMAjcJ589qV3WcdUd15KP7_ioWfpUwvOruB_1qSKWDwzaipCiAWhbkStC5gLAW9J85NC_Qk_BJnNrgylWBQcmly0kEpNgZ37VGEdve3XPMjKnmWa1VGD58839ibe2uf_wXdsP30b0oepEGdIF-cJ_Tvhpgh8RkqWvQlUGIy07U-j1nlp0e29LRhPOC/s16000/yt%204wywe.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjMAjcJ589qV3WcdUd15KP7_ioWfpUwvOruB_1qSKWDwzaipCiAWhbkStC5gLAW9J85NC_Qk_BJnNrgylWBQcmly0kEpNgZ37VGEdve3XPMjKnmWa1VGD58839ibe2uf_wXdsP30b0oepEGdIF-cJ_Tvhpgh8RkqWvQlUGIy07U-j1nlp0e29LRhPOC/s72-c/yt%204wywe.jpg
Star Gossip - BottomLine News
https://stargossip.bottomline.asia/2022/09/27-imasha-ediripaksha.html
https://stargossip.bottomline.asia/
https://stargossip.bottomline.asia/
https://stargossip.bottomline.asia/2022/09/27-imasha-ediripaksha.html
true
3404992472536326279
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL View Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU CATEGORY ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS PREMIUM CONTENT IS LOCKED STEP 1: Share to a social network STEP 2: Click the link on your social network Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy Table of Content