$type=grid$count=5$meta=0$sn=0$rm=0$show=home

[TV]_$type=carousel$count=24$cols=7$cate=0$space=10$show=home

කටකතාවන් හැදෙන්නේ නැති වෙන්න ජිවත් වෙන්න මම උපරිම උත්සාහ කරනවා.

නිලියක් වෙන එක රංගනයට ආදරය කරන ඕන කෙනෙක්ගෙ සිහිනයක් ඒ අතරින් දක්ශ නිළියක් වෙනඑක ඊටත්වඩා ලොකු හීනයක්  මේ එහෙම කෙනෙක් ගැන කතාවක් පාර දිගේ ටෙලි...




නිලියක් වෙන එක රංගනයට ආදරය කරන ඕන කෙනෙක්ගෙ සිහිනයක් ඒ අතරින් දක්ශ නිළියක් වෙනඑක ඊටත්වඩා ලොකු හීනයක් 


මේ එහෙම කෙනෙක් ගැන කතාවක්


පාර දිගේ ටෙලි නාට්‍යයේ මානවීගේ චරිතය හරහා බොහෝ දෙනෙක් හඳුනා ගත් සප්නා පාදුක්ක මේ දිනවල තවත් ටෙලි නාට්‍යය තුළින් ප්‍රේක්ෂකයින් අතරට එනවා. 


ටෙලි නාට්‍යය රංගනයට අමතරව මේ කාලයේ වෙළඳ දැන්විම් තුළිනුත් සප්නා ව අපට දැක ගන්න පුළුවන්. 


ජා - ඇළ ප්‍රදේශයේ පදිංචි සප්නාගේ පවුලේ ඉන්නේ අම්මා තාත්තා සහ අයියා. ඒ වගේම ආච්චි සහ ලොකු අම්මා ඉන්නෙත් සප්නලත් එක්ක. සප්නා අධ්‍යාපනය ලබලා තියෙන්නේ කඳාන ශාන්ත සෙබෙස්තියන් බාලිකා විදුහලෙන්. 


ඇයට කලාවට එන්න අවස්ථාව සැලසී තියෙන්නේ ස්වර්ණ කුමරිය අවසන් පහළොස් දෙනා අතරට තේරී පත් වීමත් සමඟයි.

 

කවදා හරි නිළියක් වෙන්නම ඕනේ කියන සිතුවිල්ලද හිතේ තිබුණේ?


මට ආසාවක් තිබුණා. නැහැ කිව්වොත් ඒක බොරුවක්. ඒත් මට අවුරුදු කුමරිය වෙන්න ලැබුණේ නැහැ. ඒ නිසා මම හිතුවේ නැහැ මට මේ තරම් අවස්ථාවන් ලැබෙයි කියලා. කොහොම හරි අවසන් 15 දෙනාගේ ජායාරූප ස්වර්ණවාහිනියෙන් ඉල්ලලා එතැනදී මගේ ෆොටෝ දැකලා තමයි මට මේ අවස්ථාව ලැබෙන්නේ. ඒ නිසා මම හිතන්නේ රඟපෑම මට වාසනාවට ලැබුණු දෙයක් කියලා.


පාසල් යන කාලේ මියුසික් පැත්තට සම්බන්ධ වෙලා හිටියේ. මේ වෙද්දී මමයි මගේ අයියායි ගීතයක් කරලා තියෙනවා ‘කොල්ලෝ කෙල්ලෝ’ කියලා. තවත් ගීත කිහිපයක් කරන්න හිතාගෙන ඉන්නවා. මගේ පවුලේ අය කැමතියි මම කලාවෙන් ඉදිරියට යනවා දකින්න.


මම රඟපෑ මුල්ම ටෙලි නාට්‍යය පාර දිගේ. එහි මානවීගේ චරිතය මම කරන්නේ. ‘පාරදිගේ’ ටෙලි නාට්‍යය අධ්‍යක්ෂණය කළ ජයප්‍රකාශ් සීවගුරුනාදන්, තිර රචනය ලියූ සද්ධා මංගල සූර්යබණ්ඩාර වගේම නිෂ්පාදක චාමර සමරවික්‍රම ගැන විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ. සියත නාලිකාවේ විකාශය වන රේස් නාට්‍යයේ නාද්‍යාගේ චරිතය රඟපාන්නේ. පසුගිය දවස් වල තවත් නාට්‍යකට සම්බන්ධ වුණා. මම ඉන්නේ ලේලි කෙනෙක්ගේ චරිතයකට. එහි චරිතය ජයංගා. ඒකත් ළඟදීම දැක ගන්න පුළුවන්. රංගනයට එන්න කලින් මම රූපවාහිනි වෙළෙඳ දැන්විම් කිහිපයකට පෙනී ඉඳලා තියෙනවා. දැනටත් වෙළෙඳ දැන්විම් සඳහා දායක වෙනවා. ඒ හැරුණම මම ගීත රූප රචන අටක් නමයක් කරලා තියෙනවා.“


ඔබට නපුරු චරිතම ලැබෙන්නේ ඇයි කියලා ඇහුවොත්?


මානවි තරම් නම් මම නපුරු ආඩම්බර කෙනෙක් නෙමෙයි. ඒත් මම අහිංසකත් නැහැ. පාඩුවේ තමන්ගෙ වැඩක් කරගෙන ජිවත් වෙන්න කැමති කෙනෙක්. ඒ කොහොම වුණත් මිනිස්සු වැඩිපුර ගැවසෙන තැන්වල ඉන්න නම් ටිකක් අකමැති කෙනෙක් මම.


මානවීට දැන් ලැබෙන ප්‍රතිචාර හොඳයි. මුලදී නම් එච්චර හොඳ ප්‍රතිචාර ලැබුණේ නැහැ. නපුරු, අහංකාර චරිතයක් නිසා. දැන් නම් ප්‍රේක්ෂකයෝ බණින්නේ නැහැ. මඟ තොටේදී මාව හඳුනා ගෙන කතා කරනවා.


අලුතින් එන අයට ක්ෂේත්‍රයේ ඉන්න අයගෙන් ලැබෙන සහයෝගය මදි, කැපිලි කෙටිලි තියෙනවා කියලා බොහෝ අය කියනවා. ඒත් ඔබට මොන වගේ සහායක්ද ලැබුණේ?


කැපිලි කෙටිලි නම් වෙලා තියෙනවා. නමුත් පාර දිගේ නාට්‍යය ගත්තම මුලින්ම හම්බවෙන්නේ ගයත්‍රී ඩයස් අක්කා. රොෂාන් පිලපිටිය අයියා සහ ගයාන් අයියා. ඒ හැමෝම මට ගොඩක් උදව් කළා. එයාලම ඇවිත් අපි එක්ක කතා කරලා අපේ අඩුපාඩු පෙන්වලා දුන්නා. ඒ නිසා පාර දිගේ අධ්‍යක්ෂතුමාගේ පටන් හැමෝගෙන්ම ලැබුණේ හොඳ සහයෝගයක්. ඒ තුළින් අපිට අපේ හැකියාවන් දියුණු කරගෙන ගමනක් යන්න පුළුවන් වුණා.“


සප්නා සැබෑ ලෝකයේ පෙම්වතියක් ද ?


තවම නැහැ


සප්නා ට ක්ෂේත්‍රයේ අයගෙන්ම ආදර යෝජනා ලැබෙනවා ඇතිනේ?


ආදර යෝජනා නම් ආවා. නමුත් කලාවේ කෙනෙක්ට වඩා කලාවෙන් පිට කෙනෙක් ජීවන සහකාරයා විදියට තෝරා ගන්න කැමතියි.


ඔහු කලාවෙන් අයින් වෙන්න කිව්වොත් ඒකට කැමතිද? 

“එහෙම නොකියන කෙනෙක් හමුවෙයි කියලා හිතනවා. ඒත් ඒක කොහොම වෙයිද කියන්න දන්නේ නැහැ. බලමු ඉතින්.


දැන් සප්නා ටික්ටොක් කරන්නේ නැද්ද?


මම කාලයක් ටික්ටොක් කළා. ඒ ඔස්සේ මාව හඳුන ගත්ත අයත් බොහොමයක් ඉන්නවා. දැන් නම් ටික්ටොක් කරන්න ඇත්තටම වෙලාවක් නැහැ. ලැබෙන කාලය මම යොදවන්නේ ෆිල්ම් බලන්න. ඒ නිසා නෙට්ෆ්ලික්ස් තමයි මේ කාලයේ වැඩිපුරම භාවිත වන ඇප් එක.


කලා ලොවේ ජනප්‍රිය වෙද්දී කටකතා ඇතිවෙනව නේ, ඒ ගැන ඔබ ඉන්නේ මොන වගේ මතයකද?


කටකතාවන් හැදෙන්නේ නැති වෙන්න ජිවත් වෙන්න මම උපරිම උත්සාහ කරනවා. නොකළ දෙයකට කතාවක් හැදුණොත් කරන්න දෙයක් නැහැ. කොහොම වුණත් ඒ දේවල් දරාගෙන මේ ගමන යන්න මම සුදානම් වෙන්න ඕනේ.


දිගටම රංගනයේ නියැළෙන්න ද කැමැත්ත තියෙන්නේ?


රංගන ශිල්පිනියක් විදිහට ඉදිරියටත් වැඩ කරන්න කැමතියි. ඊට අමතරව කාලයක ඉඳලා තිබුණ අදහසක් තමයි මගේම කියලා සැලෝන් එකක් පටන් ගන්න එක. ඒ වැඩකටයුත්තට ඉදිරියේදි යොමු වෙන්න කැමත්තෙන් ඉන්නවා.


අනුශා රණසිංහ

[MUSIC]_$type=carousel$count=4$cols=4$cate=0

[ON LOCATION]_$type=left$va=0$count=3

[BOLLYWOOD]_$type=right$va=0$count=3

[CHIT CHAT]_$type=three$count=3$h=360$author=hide$comment=hide$date=hide

[FRESHERS]_$type=carousel$count=5$cols=4$cate=0$h=360

Logo

[GOSSIP]_$type=three$count=3$h=360$rm=hide$author=hide$comment=hide$date=hide

[STAR TALKS]_$type=three$count=3$h=360$author=hide$comment=hide$date=hide

Name

accident,1,BestCovers,1,bollwood,7,Bollywood,31,ChitChat,18,Cinema,28,Cinematic,9,Dance,6,Fashion,18,Featured,1,Freshers,5,Gossip,61,HotPoses,22,Interview,24,MoviePremieres,13,Music,23,News,40,on location,2,Photos,15,StarTalks,18,Trending,6,TV,51,Video,12,
ltr
item
Star Gossip - BottomLine News: කටකතාවන් හැදෙන්නේ නැති වෙන්න ජිවත් වෙන්න මම උපරිම උත්සාහ කරනවා.
කටකතාවන් හැදෙන්නේ නැති වෙන්න ජිවත් වෙන්න මම උපරිම උත්සාහ කරනවා.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgOmxrUe2Wxn0E14MPPTGO5sDFd0RDntHkaGJ85BiZfItQsFItd6QEqdh7EgMVs3TJ88wb3tc8cRPH57REK67JsDUfscXnnohEIeYOBF68gHa6vRRsDX66QKyAVXvFWt4JbtZiM1YUaH8Ozb7JFNuHgIV1FiF3Bw56WBeAcF9o29WQyFdlrYicQYSd9/s16000/241426795_157760083175286_547865185983845854_n.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgOmxrUe2Wxn0E14MPPTGO5sDFd0RDntHkaGJ85BiZfItQsFItd6QEqdh7EgMVs3TJ88wb3tc8cRPH57REK67JsDUfscXnnohEIeYOBF68gHa6vRRsDX66QKyAVXvFWt4JbtZiM1YUaH8Ozb7JFNuHgIV1FiF3Bw56WBeAcF9o29WQyFdlrYicQYSd9/s72-c/241426795_157760083175286_547865185983845854_n.jpg
Star Gossip - BottomLine News
https://stargossip.bottomline.asia/2022/09/20-sapna-padukka-modeling.html
https://stargossip.bottomline.asia/
https://stargossip.bottomline.asia/
https://stargossip.bottomline.asia/2022/09/20-sapna-padukka-modeling.html
true
3404992472536326279
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL View Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU CATEGORY ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS PREMIUM CONTENT IS LOCKED STEP 1: Share to a social network STEP 2: Click the link on your social network Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy Table of Content