මැණිකේ මගේ හිතේ කිව්වහම කවුද නොදන්නේ. රට විතරක් නෙමේ ලෝකයෙම ඉන්න ජනතාව මේ වචන අපේ හඩින් මුමුණනවා. සතීශන් රත්නායක මුලිනම ගායනා කල මේ ගීතය යොහ...
මැණිකේ මගේ හිතේ කිව්වහම කවුද නොදන්නේ.
රට විතරක් නෙමේ ලෝකයෙම ඉන්න ජනතාව මේ වචන අපේ හඩින් මුමුණනවා.
සතීශන් රත්නායක මුලිනම ගායනා කල මේ ගීතය යොහානි ගායනාකල cover version එකත් එක්ක ලෝකයේම ජනප්රිය වුනා.
ඇත්තටම මේ ගීතය යොහානිගේ ජීවිතේම වෙනස් කලා.
මේ කියන්න හදන්නේ මැනිකේ මගේ හිතේ ගීතයට මීට ටික වෙලාවකට කලින් වුන දෙයක් ගැන
ඒ තමා ගීතයේ හින්දි Version එක එලිදැක්වුනා.
ඒ අපූරු රූප රචනයක් එක්ක.
මෙන්න ඒ ගීතය
මේ ගීතයේ නිර්මාණ කටයුත්තට චමත් සංගීත් ,දුලාන් ARX සහ සතිෂාන්ද දායකත්වය සපයා තිබෙනවා.
මේ අතර, මෙම ගීතය ඇතුලත් ඔක්තෝම්බර 24වන දා තිරගත වීම තිරගත වීමට නියමිත “Thank God” චිත්රපටයේ ප්රචාරක පටය ආගම සමච්චලයට ලක් කර ඇති අතර ආගමික හැඟීම්වලට හානි කර ඇති බව පවසා ඒයට එරෙහිව නඩුවක් පවරා ඇති බවද වාර්තා වනවා.
මෙම නඩුව පවරා ඇත්තේ අධ්යක්ෂ ඉන්ද්ර කුමාර්ට සහ මෙහි රංගනයෙන් දායක වන අජේ දේව්ගන් සහ සිද්ධාර්ථ මල්හෝත්රාට එරෙහිවයි.
පෙත්සම්කරුගේ ප්රකාශය නොවැම්බර් 18 වැනිදා සටහන් කර ගැනීමට නියමිත බව ද වාර්තා වනවා.