$type=grid$count=5$meta=0$sn=0$rm=0$show=home

[TV]_$type=carousel$count=24$cols=7$cate=0$space=10$show=home

සිහිනය දකින්න. සිහිනය විශ්වාස කරන්න.

ලෝක විවාහක රූ  රැජින  වුණු කැරොලයින් ජූරි පසුගිය කාලයේ අලුත් වැඩකට අතගැසුවා. ඒ වගේම පසුගිය කාලයේ ආපු ප්‍රශ්නත් එක්ක බොහොම නිහඬව හිටපු කැරොලය...



ලෝක විවාහක රූ රැජින වුණු කැරොලයින් ජූරි පසුගිය කාලයේ අලුත් වැඩකට අතගැසුවා. ඒ වගේම පසුගිය කාලයේ ආපු ප්‍රශ්නත් එක්ක බොහොම නිහඬව හිටපු කැරොලයින්ගේ ජීවිතයේ අලුත්ම තතු සති අන්ත පුවත් පතකට මෙලෙස කියලා තිබුණා.


ලෝක විවාහක රූ රැජින වූ කැරොලයින් ජූරි කෝට්ටේ රාජධානියට ගියා කියන්නේ ඇත්තද?

මම හිටපු 2020 ලෝක විවාහක රූ රැජින. ඇත්තටම අවුරුදු එකහමාරක් තිස්සේ මගේ කණ්ඩායමයි මමයි කෝට්ටේ රාජධානියට වෙලා සැලසුම්වල නිරත වෙලා තමයි හිටියේ.


මොකක්ද මේ අලුත් ව්‍යාපාරය?

අලුත් ව්‍යාපාරයේ නම Confiance by Caroline J.‍ මේ තමයි මගේ පළමු ව්‍යාපාරය. 

මම ඒ ගැන සෑහෙන අධ්‍යයනයකින් පසුව, හොඳට කල්යල් බලා කිරලා මැනලා තමයි, ආර්ථික අර්බුදයේ උපරිම අවස්ථාවේදී මේ ව්‍යාපාරය ආරම්භ කළේ. 

විශේෂයෙන්ම, මේ ව්‍යාපාරයේ මට තවත් පාර්ට්නර්ස්ලා දෙන්නෙක් ඉන්නවා. 

එක්කෙනෙක් ඇස් පිහාටු, ඇහිබැමි සහ දෙතොල් අලංකාරවත් කිරීමේ ජාත්‍යන්තර මට්ටමේ අධ්‍යාපනයක් සහ අත්දැකීම් තියෙන, මේ වන විට ලංකාවේ ඒ සම්බන්ධව ඉන්න දක්ෂම වෘත්තීයවේදිනිය වන හන්සි දිසානායක. 

අනෙක් පාර්ට්නර් අලෙවිකරණය, කළමනාකරණය සහ ප්‍රචාරණය පිළිබඳව ගොඩක් අත්දැකීම් සහ උසස් අධ්‍යාපනයක් තියෙන ව්‍යාපාරිකාවක් වන නෞචලී ප්‍රනාන්දු. 

අපේ සැලෝන් එකේ කරන්නේ ඇහි පිහාටු, ඇහිබැමි සහ දෙතොල් අලංකාරවත් කරන එක. එමගින් ඕනෑම කාන්තාවකගේ මුහුණ ලස්සන කරනවා පමණක් නෙමෙයි කාන්තාවට ආත්ම විශ්වාසය වැඩි කරන්න උපයෝගි වෙනවා කියලා අපි විශ්වාස කරනවා.

 

කවුරු වෙනුවෙන්ද මේ වැඩේ ආරම්භ කළේ ?

අපි කාන්තාවන් වෙනුවෙන් තමයි මේක ආරම්භ කළේ. 

අපි මේ ව්‍යාපාරය ආරම්භ කරලා මාසයක් වෙනවා. නමුත් ඒ කාලේ ඇතුළදි අපි දැකපු දේ තමයි පිරිමි කට්ටිය කිහිප දෙනෙකුත් අපේ සැලෝන් එකට ඇවිත් තියෙනවා. 

දැන් අපි පිරිමින්ටත් සේවා සැපයීම කෙරෙහි අවධානය යොමු කරමින් ඉන්නවා.


දැන් ඔබ සමාජ සේවා කටයුතුවලින් ඈත්වෙලාද?

සමාජ සේවා ව්‍යාපෘති වල මම දිගටම නිරත වෙලා ඉන්නවා. මම charity කරද්දි කැමරා එක ගෙදර තියලා යන්නේ. 

ඉතිං කරන හැම දේකම පින්තූර දාන්නේවත් සමාජ මාධ්‍යයේ වත් ප්‍රසිද්ධ කරන්නේ නැහැ. මම ගිය අවුරුද්දෙ පටන් ගත්තු empowerment ව්‍යාපෘති දෙකක් තියෙනවා. ඒ දෙකේ ඉදිරි පියවර මමයි කණ්ඩායමයි එකතුව සැලසුම් කරගෙන යනවා. ඉ

දිරි කාලයේදී ඒ ව්‍යාපෘති දෙකම ඊළඟ ලෙවල් එකට අපි ගෙනියනවා. ඒ ව්‍යාපෘති දෙක ගැන නම් ඉදිරි කාලයේදී අහන්නත් දකින්නත් ලැබේවි.


පසුගිය කාලයේ ඔබ හරි නිහඬ චරිතයක් බවට පත්වුණා නේද?

මම ඒ කාලෙ සැලසුම් වල සහ අධ්‍යයනයෙහි නිරත වෙලා හිටියේ. මම මොනවා හරි ව්‍යාපෘතියක නිරත වෙන්න ඉස්සරින් ඒ ගැන ඉගෙන ගන්නවා. 

අපි යමක් කරනවා නම් ඒකට සියයට සීයක වෑයම යොදවන්න ඕනෑ. හරියට කරන්න ඕනෑ. ඒ නිහඬතාව කියලා ඔබ දකින්නෙ මගේ පෙර සූදානම.



ප්‍රශ්න කියන ඒවා දකින්නේ කොහොමද?

ජීවිත ගමනේ අපි මුහුණ දෙන හැම ප්‍රශ්නක්ම තුළින් අපි ඉගෙන ගන්නෙ ඊළඟට එන්න තියෙන ප්‍රශ්නවලට උත්තර නෙවෙයි. 

ප්‍රශ්න හරියට කියවා ගන්නෙ කොහොමද කියලයි මම හිතන්නේ. ප්‍රශ්නෙට උත්තර හොයන්න කලින් ප්‍රශ්නෙ දිහා අපි බලන විදිහ වැදගත් වෙන්නෙ ඒ නිසයි.


රඟපෑමට ආරාධනා ලැබුණේ නැතිද?

ආරාධනවක් එයි කියලා හිතාගෙන මග බලන් හිටියේ නැහැ. හැබැයි පහුගිය කාලයෙදි ඒ ගැන කතාබහ කිහිපයක් ඇතිවුණා. මම ඒ කාලේදී මගේ සැලසුම් වල නිරත වෙලා හිටියේ. ඉදිරියෙදි බලමු.


පසුගිය කාලයේ ඇතිවුණ ප්‍රශ්න ඔබ කොහොමද දකින්නේ ?

ඕනෑම ප්‍රශ්නයක් ජීවිතේ ඉදිරි ගමනට මග සකස් කරගන්න මම උපයෝගි කරගන්නවා. පසුගිය කාලෙ ආපු ප්‍රශ්න දිහා බැලුවෙත් ඒ විදියටම තමයි.


විවාහක රූ රැජන වීමට සිහින දකින කාන්තාවන්ට දෙන පණිවුඩය මොකක්ද?

සිහිනය දකින්න. සිහිනය විශ්වාස කරන්න. සිහිනය කරා නොනැවතීම යන්න. ඉන්න තැන ඉඳලා තියෙන විදියට පටන් ගන්න. ආත්ම විස්වාසය තමන්ගෙ ලොකුම අවිය කරගන්න.


ඔබේ වැඩවලට පවුලෙන් ලැබෙන සහයෝගය මොනවගේද? විශේෂයෙන් සැමියාගෙන් සහ දරුවාගෙන්?

මගේ පවුලෙ අයගෙත් නිෂාන් ගේ පවුලෙ අයගෙත් සහය මට හොඳටම තියෙනවා. 

ඒක මට ලොකු ශක්තියක්. මගේ සැමියා නිෂාන් මගේ ගමන මට යන්න ගොඩක් දිරිමත් කරනවා සහ සහාය වෙනවා. ඒක මට ලොකු හයියක්. 

මගේ දුවට තාම අවුරුදු පහයි. 

හැබැයි එයාට තේරෙනවා මට ගොඩක් වැඩ වලට යන්න තියෙනවා කියලා. ඒත් එයත් එක්ක ගෙදර ඉද්දි ජංගම දුරකථනය පාවිච්චි කරනවට කැමැති නැහැ. 

මමත් එයත් එක්ක ඉද්දි ජංගම දුරකථනය පැත්තකින් තියලා තියෙන්නේ.


ජීවිතය ගැන ආපසු හැරී බැලුවොත් ?

මගේ ජීවිතය හරියට ගල් පර වලින් පිරිණු ගඟක් වගේ. 

ජීවිතය පුරාම බාධක මැද්දෙ, නින්දා ප්‍රශංසා මැද්දෙ ආපු ගමනක්. මම ආපහු හැරිලා බැලුවහම මම ඇවිල්ලා තියෙන දුර ගැන මම සතුටු වෙනවා. 

මම හිතනවා මටත් වඩා මගේ ජීවිත ගමනෙන් වෙන කෙනෙක්ට දෙයක් ගන්න පුළුවන්නම්, ඒකෙන් තමන්ගේ සිහින කරා යන්න ආත්ම විශ්වාසය ඇති කරගන්න පුළුවන් නම් ඒක මට ලොකු සතුටක්.


දිනේෂ් විතාන

[MUSIC]_$type=carousel$count=4$cols=4$cate=0

[ON LOCATION]_$type=left$va=0$count=3

[BOLLYWOOD]_$type=right$va=0$count=3

[CHIT CHAT]_$type=three$count=3$h=360$author=hide$comment=hide$date=hide

[FRESHERS]_$type=carousel$count=5$cols=4$cate=0$h=360

Logo

[GOSSIP]_$type=three$count=3$h=360$rm=hide$author=hide$comment=hide$date=hide

[STAR TALKS]_$type=three$count=3$h=360$author=hide$comment=hide$date=hide

Name

accident,1,BestCovers,1,bollwood,7,Bollywood,31,ChitChat,18,Cinema,28,Cinematic,9,Dance,6,Fashion,18,Featured,1,Freshers,5,Gossip,61,HotPoses,22,Interview,24,MoviePremieres,13,Music,23,News,40,on location,2,Photos,15,StarTalks,18,Trending,6,TV,51,Video,12,
ltr
item
Star Gossip - BottomLine News: සිහිනය දකින්න. සිහිනය විශ්වාස කරන්න.
සිහිනය දකින්න. සිහිනය විශ්වාස කරන්න.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhUmysFB1f4ytNxBWx-lTOmJPXXMMEOhulTxIAcfgzCRLBLodDUekGCbLsJ55mQACUfGD13c-ODXMXwoM5VfRXmNNCAAr8u0w1BnjviQHbhzWiSZKzhqrn_wFEqxIDUrPq8Z3Zj_3A4X8VfpJVc2LYlA3wfi6-nFROVuykSzHYr7H7wj9d7anh-gDrm/s16000/6ri6.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhUmysFB1f4ytNxBWx-lTOmJPXXMMEOhulTxIAcfgzCRLBLodDUekGCbLsJ55mQACUfGD13c-ODXMXwoM5VfRXmNNCAAr8u0w1BnjviQHbhzWiSZKzhqrn_wFEqxIDUrPq8Z3Zj_3A4X8VfpJVc2LYlA3wfi6-nFROVuykSzHYr7H7wj9d7anh-gDrm/s72-c/6ri6.jpg
Star Gossip - BottomLine News
https://stargossip.bottomline.asia/2022/09/16-CarolineJurie-interview-.html
https://stargossip.bottomline.asia/
https://stargossip.bottomline.asia/
https://stargossip.bottomline.asia/2022/09/16-CarolineJurie-interview-.html
true
3404992472536326279
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL View Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU CATEGORY ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS PREMIUM CONTENT IS LOCKED STEP 1: Share to a social network STEP 2: Click the link on your social network Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy Table of Content