නිර්මාණයක කර්තෘවරයා ගැන බෙහෝ විට වර්තමානයේ කතා වෙනවා අඩුයි. විශේෂයෙන්ම ගීත නිර්මාණවල. බොහෝ විට රසිකයන් ඇතුළු බොහෝ දෙනා දන්නේ එහි ගායන ශිල...
නිර්මාණයක කර්තෘවරයා ගැන බෙහෝ විට වර්තමානයේ කතා වෙනවා අඩුයි.
විශේෂයෙන්ම ගීත නිර්මාණවල.
බොහෝ විට රසිකයන් ඇතුළු බොහෝ දෙනා දන්නේ එහි ගායන ශිල්පියා ගැන විතරයි.
මෙන්න මේ නිසාම පසුගිය කාලේ කර්තෘභාගය ගෙවිම ගැන කලා ලෝකයේ බොහෝ දෙනා අතර කතා බහ වුනා.
මේ ඒ්වගේ කාලෙක සිදුවූ දෙයක් ප්රවීණ රංගන ශිල්පි,ගී පද රචක ඩබ්ලිව්.ජයසිරි මහතා තැබූ සටහනක්.
2021 සැප්තැම්බර් 04 මට සුනිල්ගෙන් ෆෝන් කෝල් එකක් ආවා."මචං,මට උඹේ account number එක email කරපං. noproblemperera..."මං ගාව සුනිල් ගෙ email ලිපිනය තිබුන.වෙන අවුරුදුවල නං මම සැප්තැම්බර් 14 සුනිල් ගෙ ආරාධනාවෙන් ඔහුගේ කාර්යාලයට ගොස් උපන්දින සුභ පැතුම් සමග පොඩි තෑග්ගක් දී ඔහු මට වාර්ෂිකව පිරිනමන කර්තෘභාගය ඇතුලත් චෙක්පත ලබාගෙන මම ඔහුගෙන් සමුගන්නව.(මේ කර්තෘභාගය මට ලැබෙන්නේ ඔහු වෙනුවෙන් මා ලියූ "ලොරෙන්සෝ ද අල්මේදා..."ගීතය වෙනුවෙන්.2015 සිට ස්වකැමැත්තෙන් ඔහු මට මේ කර්තෘභාගය ගෙවනව")වෙන අවුරුදුවල වගේ නැතුව ඇයි මේ පාර මගේ account number එක ඉල්ලන්නෙ කියල මම ඇහුවෙ නෑ.14වෙනිද උපන්දිනයට මුණ ගැහිලම අහනව.දින දෙකක් හෝ තුනකට පසු පාන්දර 6 ට පමණ නින්දෙන් මා ඇහැරවූ රූපිකා ඒ සෝබර ආරංචිය කිවුව.සුනිල් නැතිවෙලා.මගේ ජීවිතයේ මට හමුවූ කාටවත් ණය නැති, භය නැති සුන්දර මිණිසා යන්නම යන්න ගිහිං.
පෙරෙයිදා මට ෆෝන් කෝල් එකක් දුන් සුනිල් ගේ මල්ලි පියල් මගේ account number එක ඉල්ලුව.මේ අකුරු ටික මුහුණු පොතට කොටන මොහොතේ සුනිල් ජීවත්ව සිටිය දී මට ගෙවූ කර්තෘභාගය
මගේ ගිනුමට බැර වූ බව කෙටිපණිවිඩයකින් බැංකුව මට දැනුම් දුන්න.මොනව කියන්න ද කියල මට තේරුමක් නෑ.පියල්,හද පත්ලෙන්ම ස්තූතියි.
සුනිල්,නොමියෙන මිණිසෙක්.සුනිල්,
සුභ උපන්දිනයක් වේවා !