$type=grid$count=5$meta=0$sn=0$rm=0$show=home

[TV]_$type=carousel$count=24$cols=7$cate=0$space=10$show=home

මට දැනෙන කෙනෙක් වෙන්න ඕනේ

  නයනතාරා වික්‍රමාරච්චි කියලා කියන්නේ වසර කිහිපයක්ම එක පිට එක ජනප්‍රියම නිළිය සම්මානයට හිමිකම් කියන්නට වාසනාව ලැබූ රංගන ශිල්පිනියක්.  පුංචි ...

 


නයනතාරා වික්‍රමාරච්චි කියලා කියන්නේ වසර කිහිපයක්ම එක පිට එක ජනප්‍රියම නිළිය සම්මානයට හිමිකම් කියන්නට වාසනාව ලැබූ රංගන ශිල්පිනියක්. 

පුංචි තිරයේ වඩාත් ආකර්ෂණය දිනූ ඇය මේ දිනවල සිනේමා සිනමා නිර්මාණය තුළින් රිදී තිරයෙන් දැක ගන්නට පුළුවන්. 

ඒ නිසාම මේ කතාබහ නයනතාරා වික්‍රමාරච්චි සමඟ පුංචි තිරයේ වඩාත් ආකර්ෂණය දිනූ ඇය දැන් සිනමාවෙන් දැක ගන්න ලැබෙන කාලයක්, 

මේ සතිඅන්ත පුවත්පතකට ඇය කල කතාබහ.


මේ දවස්වල මගේ කාලය ගත වෙන්නේ සිනේමා චිත්‍රපටයේ ප්‍රවර්ධන කටයුතු වෙනුවෙන් සහ දෙවැනි ඉනිම නාට්‍යයේ රූපගත කිරීම් එක්ක. 

සිනේමා කියන්නේ මම රංගනයෙන් දායක වුණු ප්‍රථම සිනමා නිර්මාණය. නමුත් මම ඊට පසුව රඟපෑ අනුරුද්ධ ජයසිංහ අධ්‍යක්ෂණය කළ “එක දවසක අපි“ කියන චිත්‍රපටය මුලින් තිරගත වුණා.

 විශේෂයෙන්ම මේ වෙලාවේ වේශ නිරූපණ ශිල්පී ප්‍රියන්ත එස්. වන්නිනායක මතක් කරන්න ඕන. එතුමා මාර්ගයෙන් තමයි වෛද්‍ය කපිල සූරියආරච්චි කියන සිනේමා නිර්මාණයේ අධ්‍යක්‍ෂවරයාව මා හඳුනා ගන්නේ. මෙහි මගේ චරිතය වෙන්නේ තිළිණි. 

ඇය රංගන ශිල්පිනියක් වෙන්න ගොඩක් ආසාවෙන් සිහින මවන තරුණියක්. මගේ සැබෑ ජිවිතේ කතාව තුළත් මම නිළියක් වෙන්න ආසාව තිබුණ කෙනෙක්. 

ඉස්සර ලොකු වුණාම කවුරු වෙන්නද කැමති කියල ගුරුවරු අහද්දී අනෙක් හැම ළමයම ඩොක්ටර්ස්ල ඉංජිනියර්ල ගැන කියද්දි මම කියල තියෙන්නෙ නිළියක් වෙන්න ඕනේ කියලා.“


තමන් රඟපෑ චිත්‍රපටය රිදී තිරයේ දිගහැරෙද්දී දැනුණු හැඟීම ගැනත් කියන්න ඇය අමතක කළේ නැහැ.

“චිත්‍රපටයේ මංගල දර්ශනය බලද්දී ලොකු සතුටක් දැනුණා. සිනේමා මගේ මුල්ම සිනමා රංගනය. රඟපෑමේදී සාමාන්‍ය ජීවිතයේ ලබන අත්දැකීම් අපිට ගොඩක් වටිනව. 

ඒවා අපිට පාවිච්චි කරන්න පුළුවන් රංගනයේ දී. නමුත් මෙතනදි මට ලොකු අභියෝගයක් වුණේ මම හිටිය වයසත් එක්ක මම නොලබපු අත්දැකීම් ගොඩක් එක්ක රඟපාන්න සිදුවීම. ඒක මට අභියෝගයක් වුණා. 

මේ චිත්‍රපටය කරද්දී මට වයස අවුරුදු 18යි. නමුත් චිත්‍රපටය තිරගත වෙන්නේ රූපගත කරලා වසර 5කට පස්සේ. ඒ නිසා චිත්‍රපටය තිරගත වෙන්න ගත වුණු කාලය ගැන පොඩි කනගාටුවක් තියෙනවා. දැන් ඉතින් කමක් නැහැ. 

රටක් විදියට අපි අර්බුද රැසකට මුහුණ දීලා අද යම්තාක් විදියකට ස්ථාවර වෙමින් පවතින වෙලාවක සිනේමා චිත්‍රපටය තිරගත වෙන්නේ. 

සිනේමා තුළ තියෙන්නෙත් බයිස්කෝප් කතාවක් ෆිල්ම් කරපු චිත්‍රපටයක්. ඒ නිසා මේ විදියට හෝ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබන්න චිත්‍රපටය තිරගත වීම ගැන සතුටක් තියෙනවා. මංගල දැක්ම දා බොහොම හොඳ ප්‍රතිචාර ලැබුණා. මම හිතනවා ඉදිරියටත් හොඳ ප්‍රතිචාර ලැබෙයි කියලා. 

ප්‍රේක්‍ෂකයන් මේ නිර්මාණය නරඹල ප්‍රතිචාර දක්වන තුරු මම ආසාවෙන් බලාගෙන ඉන්නවා.“



නයනතාරා කියන්නේ එක පිටම ජනප්‍රියම නිළිය සම්මානයට හිමිකම් කියන්නට වාසනාව ලැබූ රංගන ශිල්පිනියක්. ඇය ඒ ගැන මතකය අවදි කළේ මෙලෙසින්

“ජනතා සම්මාන දොළහකින් ප්‍රේක්‍ෂකයන් මට ඔවුන්ගේ ආදරය විශ්වාසය පෙන්වල තියෙනව. ඒක වෘත්තීයමය ජීවිතේට විතරක් නෙවෙයි මගේ පෞද්ගලික ජීවිතේටත් මට ලැබුණු ලොකු ආශීර්වාදයක්. මේ තරම් ආදරේ ප්‍රේක්ෂකයින් මට ආදරය කිරීම ගැන මටත් හිතාගන්න බැහැ. 

සමහර විට ඒක පෙර පිනක් වෙන්න ඇති. 

ඒ නිසා හැමවිටම මා කෙරෙහි තැබූ විශ්වාසය ඉදිරියටත් රැක ගනිමින් මේ ක්ෂේත්‍රයේ වැඩ කරමින් යන්න මම උත්සහ කරන්නේ. මම තවම හිතන දෙයක් තමයි මම මේ ක්‍ෂේත්‍රයට අලුත් කෙනෙක් කියන එක.“


පෞද්ගලික ජිවිතේ ගැනත් මතක් කළ නිසා ආදරේ දකින්නේ කොහොමද? මේ වෙද්දී ආදරවන්තියක් ද? අපි ඇගෙන් ඇහුවා.

“ඔය ප්‍රශ්නය අහපු නැති කෙනෙක් නැහැ. ආදරේ කියන්නේ සුන්දර දෙයක්. විඳවන්නේ නැතුව විඳින්න ඕනේ දෙයක්. හැබැයි දැනට මම පෙම්වතියක් නෙවෙයි.“

මොන වගේ කෙනෙක් ටද නයනතාරා කැමති, ඒ ගැනත් ප්‍රේක්ෂකයින් දැන ගන්න කැමති ඇතිනේ

“අමාරුවේ දැම්මා නේද? ඔහු කලාවේ ඉන්න කෙනෙක්ද බාහිර කෙනෙක් ද කියන එක නෙවෙයි වැදගත් වෙන්නේ. 

ඒ කෙනාගේ ගතිගුණ සහ මගේ මේ ගමනට මොන තරම් සහයෝගයක් දෙනවද කියන එක මත තීරණය වන දෙයක්. 

කෙටියෙන්ම කියනවා නම් මට දැනෙන කෙනෙක් වෙන්න ඕනේ. තාම එහෙම හිතට දැනෙන කෙනෙක් නැහැ.“


දෙවැනි ඉනිමේ දෙව්මි කියලනේ බොහෝ දෙනා හඳුනන්නේ, දැන් දෙවැනි ඉනිමටත් සෑහෙන කල්, තවමත් මුල් කාලයේ වගේම ප්‍රතිචාර ලැබෙනවා ද?

“ඒක තමයි පුදුමේ. දෙවැනි ඉනිමටත් දැන් වසර 5ක් වෙනවා. 

එදා වගේම අදත් ප්‍රතිචාර ලැබෙනවා. මම දකින විදියට ලාංකීය ටෙලි නාට්‍ය ක්ෂේත්‍රය ගත්තම විවිධ රටවල් හඬ කවපු නිර්මාණ විකාශය වන සම්ප්‍රදාය යම් තාක් දුරකට වෙනස් කරපු නාට්‍යයක් දෙවැනි ඉනිම. 

ඒ නිසාම මම රඟපාන නිසා කියනවා නෙවෙයි, මම ගරු කරනවා දෙවැනි ඉනිමට. වයස් භේදයකින් තොරව ලැබෙන ආදරේ ගැන නම් මටම පුදුමයි.“


ඉදිරියේදී සිනමාවට වැඩි ඉඩක් වෙන් කරන්න ද බලාපොරොත්තුව, මොනවගේ නිර්මාණ තුළින් ද ඉදිරියට දකින්න ලැබෙන්නේ කියන දේ ගැනත් ඇය මතක් කළා.

“මේ වෙද්දී තව සිනමා නිර්මාණ දෙකක වැඩ අවසන් කරලා තියෙනවා. ඒ එක්කම ලලිත් රත්නායකයන්ගේ ටෙලි නිර්මාණයක් මේ ළඟදී වැඩ අවසන් කළා. 

ඒ නිර්මාණ තුළින් ප්‍රේක්ෂකයින් අතරට එන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. 

සිනමාවට පොඩි කාලේ ඉඳන්ම වැඩි ඇල්මක් තියෙනවා. දැනටත් ටෙලි නිර්මාණවලට වඩා සිනමා නිර්මාණ කිහිපයකට ආරාධනා ලැබිලා තියෙනවා. බලමු ඉතින් ඉස්සරහට කොහොම වෙයිද දන්නේ නැහැනේ.“



සිනේමා ගැන සිනමා රසිකත්වයට ආරාධනාවක් කරන්නත් ඇය අමතක කළේ නැහැ

“අපි සිනමානිර්මාණයකින් බොහෝ දුරට දකින්නේ යම් කිසි චරිතයක කතාවක්. නමුත් සිනමා නිර්මාණයකින් සිනමාවේ ඇතුළාන්තයේ පැතිකඩක් නිරූපණය වන එක ලාංකික ප්‍රේක්ෂකයින්ට අලුත් අත්දැකීමක්. 

ඉතින් සිනමාව තම ආත්මය කරගත් මිනිසුන්ගේ හෘද සාක්ෂිය විමසන්න මගේ ආදරණිය ප්‍රේක්ෂකයින්ට මම ආදරෙන් ආරාධනා කරනවා සිනේමා බලන්න එන්න කියලා.


අනුෂා රණසිංහ

[MUSIC]_$type=carousel$count=4$cols=4$cate=0

[ON LOCATION]_$type=left$va=0$count=3

[BOLLYWOOD]_$type=right$va=0$count=3

[CHIT CHAT]_$type=three$count=3$h=360$author=hide$comment=hide$date=hide

[FRESHERS]_$type=carousel$count=5$cols=4$cate=0$h=360

Logo

[GOSSIP]_$type=three$count=3$h=360$rm=hide$author=hide$comment=hide$date=hide

[STAR TALKS]_$type=three$count=3$h=360$author=hide$comment=hide$date=hide

Name

accident,1,BestCovers,1,bollwood,7,Bollywood,31,ChitChat,18,Cinema,28,Cinematic,9,Dance,6,Fashion,18,Featured,1,Freshers,5,Gossip,61,HotPoses,22,Interview,24,MoviePremieres,13,Music,23,News,40,on location,2,Photos,15,StarTalks,18,Trending,6,TV,51,Video,12,
ltr
item
Star Gossip - BottomLine News: මට දැනෙන කෙනෙක් වෙන්න ඕනේ
මට දැනෙන කෙනෙක් වෙන්න ඕනේ
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjU-i5Zi-WM2Eun80bQirXfugluIAUGRA1hWX4kHDYg9lwWCsrNfGsY932qH1tbC4lTbyeLmFzBrGvi1Xd3Qja31rRm1kzp0yJu2zev2XR6ILW_y8B46eE5GT8l7vngYONFgULfRm4w0nWqzUZ86D4LzH1ytN_UbVERyUmf-kk9p57KVJrlRnGnavMD/s16000/nayana.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjU-i5Zi-WM2Eun80bQirXfugluIAUGRA1hWX4kHDYg9lwWCsrNfGsY932qH1tbC4lTbyeLmFzBrGvi1Xd3Qja31rRm1kzp0yJu2zev2XR6ILW_y8B46eE5GT8l7vngYONFgULfRm4w0nWqzUZ86D4LzH1ytN_UbVERyUmf-kk9p57KVJrlRnGnavMD/s72-c/nayana.jpg
Star Gossip - BottomLine News
https://stargossip.bottomline.asia/2022/09/14-nayanthara-wickramrachchi-sinemafilm-.html
https://stargossip.bottomline.asia/
https://stargossip.bottomline.asia/
https://stargossip.bottomline.asia/2022/09/14-nayanthara-wickramrachchi-sinemafilm-.html
true
3404992472536326279
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL View Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU CATEGORY ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS PREMIUM CONTENT IS LOCKED STEP 1: Share to a social network STEP 2: Click the link on your social network Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy Table of Content