මියගිය රැජිණගේ මුණුපුරුගේ බිරිය වන හොලිවුඩ් නිළි මෙගන් මාර්කල් ගැන මේ වන විට සමාජ මාධ්‍ය තුල රාවයක් පැතිරෙනවා. ඒ් අවමංගල උත්සවය අතර තුර මහජ...
මියගිය රැජිණගේ මුණුපුරුගේ බිරිය වන හොලිවුඩ් නිළි මෙගන් මාර්කල් ගැන මේ වන විට සමාජ මාධ්‍ය තුල රාවයක් පැතිරෙනවා.
ඒ් අවමංගල උත්සවය අතර තුර මහජන පෙනීසිටීම් වලදී ඇගේ ඇඳුමට යටින් රහසිගත ලෙස 'පටිගත කිරීමේ උපකරණයක්' පැළඳ සිටි බවටයි
සසෙක්ස් හි ආදිපාදවරිය ලෙස හඳුන්වන මෙගන් සහ හැරී කුමරු වින්ඩ්සර් මාලිගයේ විලියම් හා කේට් සමඟ සෙනසුරාදා රැජිනට ගෞරව කරන ශෝකයට පත් වූවන්ට ආචාර කිරීමට එක් වූ අතර, මෙම සංවාදය ට්විටර් හරහා පැතිර ගියේය.
මේගන්ගේ කළු ඇඳුමේ ඉණෙහි සෘජුකෝණාස්රාකාර රැල්ලක් දිස් වූ අතර ඇය මයික්රෆෝනයක් පැළඳ සිටියේ දැයි සමාජ මාධ්‍යතුල ප්‍රශ්ණ කෙරනවා.
'මේගන් ඇගේ ඇඳුම යට සැඟවී සිටින්නේ කුමක්ද?'
' මයික් පැක් එකක් වගේ'
මෙලෙස බොහෝ දෙනා ටිවිටර් ඔස්සේ මෙලෙස වාද විවාද කරමින් තම මතයන් පළ කරනවා.