$type=grid$count=5$meta=0$sn=0$rm=0$show=home

[TV]_$type=carousel$count=24$cols=7$cate=0$space=10$show=home

නිරූපණය කරන චරිතවලින් මාව මනින්න එපා.

ඕනෙම ක්ෂේත්‍රයක් පවතින්න නම් ඒ ක්ෂේත්‍රයට අලුත් පරම්පරාවක් ආ යුතුමයි. රංගන ක්ෂේත්‍රය ගත්තම අද වෙද්දී විවිධ දක්ෂතා තියෙන අලුත් පරම්පරාවක් දකි...



ඕනෙම ක්ෂේත්‍රයක් පවතින්න නම් ඒ ක්ෂේත්‍රයට අලුත් පරම්පරාවක් ආ යුතුමයි. රංගන ක්ෂේත්‍රය ගත්තම අද වෙද්දී විවිධ දක්ෂතා තියෙන අලුත් පරම්පරාවක් දකින්න ලැබෙනවා. 

ඒ අතර මේ දිනවල “කියා දෙන්න ආදරේ තරම්“ හි රුචී ලෙස සහ “පාර දිගේ“ පොඩි එකී එහෙමත් නැත්නම් විශාරා ලෙසින් ප්‍රේක්ෂකයින් අතරට එන කටකාර රුවැති යුවතිය තමයි තත්සරණි පියුමිකා. 

මේ ඇය සති අන්තපුවත්පතකට  මෙහෙම කතාකරලා තිබුනා

තත්සරණි කියන්නේ නිළියක් වෙන්නම සිහින මවපු කෙනෙක්, ඒ නිසාම ඇය ආ ගමන් මඟ ගැන සිහිපත් කරමින් මේ කතා බහ ආරම්භ කළා.

“මම ඉන්නේ රාජගිරියේ. පාසල් ගියේ කොලොන්නාව බාලිකා විද්‍යාලයට. පවුලේ විස්තර ගැන කියනවා නම් මට ඉන්නේ අම්මයි තාත්තයි මල්ලියි. 

පාසලේදී සාමාන්‍ය පෙළ විෂය ධාරාවට නාට්‍යය හා රංග කලාව විෂය ඉගෙන ගත්තා. ඒ නිසා පාසල් වේදිකා නාට්‍යයවලට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. 

මගේ හිතේ ලොකු බලාපොරොත්තුවක් තිබුණා කවදා හරි නිළියක් වෙන්න ඕනේ කියලා. ඒ නිසාම කලා ක්ෂේත්‍රයට එන්න මාර්ගය හදාගන්න හිතාගෙන 2021 වසරේදී ITN අවුරුදු කුමරිය තරගයට යනවා. 

එතැනදී මම අවසන් 12 දෙනා අතරට එනවා. ඒ ඔස්සේ තමයි මම කලාවට එන්නේ. ඔය අතරේ චාමර සමරවික්‍රම සර් මට කතා කරනවා පාරදිගේ විශාරාගේ චරිතයට. එහෙම තමයි මේ ගමන එන්නේ.“


මේ වෙද්දී තත්සරණිගේ රුවින් හැඩවෙන චරිත දෙක ගැන සහ ඒ එකිනෙකට ලැබෙන ප්‍රතිචාර ගැන කිව්වේ මෙහෙම

“ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මඟතොටේදී ප්‍රේක්ෂකයින් හඳුනා ගන්නවා. පාර දිගේ නාට්‍යයේ මට තියෙන්නේ නානායක්කාරගේ පොඩි දුව විදියට රඟපාන්න. 

ගෙදර පොඩි එකී නිසා නිතර අක්කා එක්ක රණ්ඩු කරන කටකාර චරිතයක්. මුලදී නම් මොකද ඔය තරම් අක්කා එක්ක රණ්ඩු කරන්නේ කියලා අහලා තමයි ප්‍රතිචාර ලැබුණේ. මේ වෙද්දී නම් චරිතය ප්‍රේක්ෂකයින් අවබෝධ කරගෙන තියෙනවා.

“කියා දෙන්න ආදරේ තරම්”හි මගේ චරිතය වෙන්නේ දිගැසිගේ මිතුරියක් වන රුචී කියන චරිතය. ඒකත් කටකාර පණ්ඩිත කොයි වෙලාවෙත් යාළුවට උපදෙස් දෙන චරිතයක්. ඒ චරිතයත් ප්‍රේක්ෂකයින් අතරට මේ වෙද්දී ගිහින් තියෙනවා.“

තත්සරණි කියන්නේ තවම ක්ෂේත්‍රයට අලුත් මුහුණක්, හැබැයි නිර්මාණ තුළින් ක්ෂෙත්‍රයේ ප්‍රවීණ අය සමඟ වැඩ කරන්න අවස්ථාව ලැබිලා තියෙනවා. ඒ අයගෙන් ලැබුණු සහයෝගයට ස්තුතිවන්ත වෙන්නත් තත්සරණි අමතක කළේ නැහැ.

“මම මේ ක්ෂේත්‍රයට ආව දවසේ ඉඳලා මට වැඩ කරන්න ලැබුණු හැම ප්‍රවීණ කෙනෙක්ගෙන්ම ඉතාම හොඳ සහයෝගයක් ලැබුණා. මට මතකයි පාර දිගේ නාට්‍ය යේ පළවෙනි දවසේ රූපගත කිරීම් කරද්දී මම බය වෙලා හිටියේ. 

දෙබස් පවා මතක හිටියේ නැති තරම්. 

එදා ශිවා සර් සහ චාමර සර් මට කිව්වේ බය නැතුව ඔයාට පුළුවන් උපරිමයෙන් කරන්න කියන එක. කොච්චර වැරදුණත් බණින්නේ නැහැ. අපි ආයේ ගමු පුතේ කියලා මාව දිරිමත් කළා.“



තත්සරණිගේ හොඳම විචාරකයින් ඉන්නේ ගෙදර, ඒ නිසා අම්මා තාත්තාගෙන් ලැබෙන සහයෝගය සහ ප්‍රතිචාර ගැන කිව්වේ මේ විදියට

“මගේ සීයා ආරියසේන ගමගේ. මගේ අම්මගේ මාමා. ඒ නිසා ආරියසේන සීයා ඉන්න වේදිකා නාට්‍යය එහෙම බලන්න මමත් යනවා. 

ඒ කොහොම කලා පසුබිමක් තිබුණත් මම මේ ගමන එන්නේ මගේම උත්සාහයෙන්. අම්මයි තාත්තයි ලොකු සහයෝගයක් ලබා දෙනවා. 

මල්ලි එක්ක නම් පොඩ්ඩක් රණ්ඩු වෙනවා ඒ හැර ගෙදරදී මම හරිම නිහඬ චරිතයක්. අම්මා නම් ඉතින් විහිළුවට වගේ කියනවා චරිත වලට ඔහොම රණ්ඩු කළාට, කියෝගෙන ගියාට කමක් නැහැ ගෙදර ඇවිත් කරන්න තියාගන්න එපා කියලා.

තාත්තා නම් කියන්නේ තමන්ගේ ගෞරවය සහ පවුලේ ගෞරවය තියාගෙන කලා ක්ෂේත්‍රයේ හොඳ ගමනක් යන්න කියන එක.“

ආදරේ ගැන කතා නොකරම බැහැනේ. මේ වෙද්දී ආදරවන්තියක් ද? එහෙම නැත්නම් මොන වගේ කෙනෙක් ද හොයන්නේ, ඒ ගැනත් අපි ඇහුවා

“මට මගේ පවුලේ අය හරි ආදරෙයි. ඒ හැර විශේෂ ආදරයක් තවම නැහැ. හොඳ ආදරයක් බලාපොරොත්තුවෙන් ඉන්නවා.

ඒ කෙනා කලාවේ කෙනෙක්ද පරිබාහිර කෙනෙක් ද කියලා නම් තවම ලොකුවට හිතලා නැහැ. 

නමුත් මම කැමතියි වෙන ක්ෂේත්‍රයක කෙනෙක් වෙනවා නම්. ඒ එක්කම මගේ මේ කලා ගමනට තහංචි නොදා මට මගේ ගමන යන්න සහයෝගයක් ලබා දෙන කෙනෙක්ව තමයි මම බලාපොරොත්තුවෙන් ඉන්නේ.“

මේ කතා බහ අවසන් කරමින් තමන්ගේ ආදරණිය ප්‍රේක්ෂකයින්ට මොන වගේ දෙයක් ද කියන්න තියෙන්නේ කියලා අපි ඇගෙන් අහුවා.

“විකාශය වන නිර්මාණ දෙකට අමතරව තව අලුත් නිර්මාණයකට දායක වුණා. එය අධ්‍යක්ෂණය කරන්නේ ප්‍රදීප් ධර්මදාස අයියා. 

නිෂ්පාදනය කරන්නේ චාමර සර්. 

එහි පළවෙනි කොටස මේ වනවිට අවසන් කර තිබෙන්නේ. ඉදිරියේදී ඒ නිර්මාණයෙනුත් මාව දැක ගන්න පුළුවන්. 

මට ප්‍රේක්ෂකයන්ට කියන්න දෙයක් තියෙනවා. 

ඒ තමයි මම නිරූපණය කරන චරිතවලින් මාව මනින්න එපා. මේ වෙද්දීත් ප්‍රේක්ෂක ආදරය නොඅඩුව ලැබෙනවා. 

හැමදාම ඒ ආදරේ ඒ විදියටම ලබා දෙන්න කියන එක තමයි කියන්නේ.

[MUSIC]_$type=carousel$count=4$cols=4$cate=0

[ON LOCATION]_$type=left$va=0$count=3

[BOLLYWOOD]_$type=right$va=0$count=3

[CHIT CHAT]_$type=three$count=3$h=360$author=hide$comment=hide$date=hide

[FRESHERS]_$type=carousel$count=5$cols=4$cate=0$h=360

Logo

[GOSSIP]_$type=three$count=3$h=360$rm=hide$author=hide$comment=hide$date=hide

[STAR TALKS]_$type=three$count=3$h=360$author=hide$comment=hide$date=hide

Name

accident,1,BestCovers,1,bollwood,7,Bollywood,31,ChitChat,18,Cinema,28,Cinematic,9,Dance,6,Fashion,18,Featured,1,Freshers,5,Gossip,61,HotPoses,22,Interview,24,MoviePremieres,13,Music,23,News,40,on location,2,Photos,15,StarTalks,18,Trending,6,TV,51,Video,12,
ltr
item
Star Gossip - BottomLine News: නිරූපණය කරන චරිතවලින් මාව මනින්න එපා.
නිරූපණය කරන චරිතවලින් මාව මනින්න එපා.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhngklsJZtamkIbBln_a8voOhlrPKhwpGZsNOTyrl81R_y3HPsnI0Cj0PdWITwO2K94cjmezzS82KH3q27nJo6m7mp2XmuXwXcVEt1zBwN2RbSqt46vAnWZdqzLpsJ6Q0mjqM3sVseuXRGhO5opArr9mpSQVmM3CRRK4o-hD0-dICT4b_B1JI9O_-rW/s16000/3535.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhngklsJZtamkIbBln_a8voOhlrPKhwpGZsNOTyrl81R_y3HPsnI0Cj0PdWITwO2K94cjmezzS82KH3q27nJo6m7mp2XmuXwXcVEt1zBwN2RbSqt46vAnWZdqzLpsJ6Q0mjqM3sVseuXRGhO5opArr9mpSQVmM3CRRK4o-hD0-dICT4b_B1JI9O_-rW/s72-c/3535.jpg
Star Gossip - BottomLine News
https://stargossip.bottomline.asia/2022/09/08-thathsarani-piumika-kiyadenna-adaretharam-.html
https://stargossip.bottomline.asia/
https://stargossip.bottomline.asia/
https://stargossip.bottomline.asia/2022/09/08-thathsarani-piumika-kiyadenna-adaretharam-.html
true
3404992472536326279
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL View Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU CATEGORY ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS PREMIUM CONTENT IS LOCKED STEP 1: Share to a social network STEP 2: Click the link on your social network Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy Table of Content