$type=grid$count=5$meta=0$sn=0$rm=0$show=home

[TV]_$type=carousel$count=24$cols=7$cate=0$space=10$show=home

එයා මගේ කඩවසම් පෙම්වතා

පියුමි හංසමාලී කියන්නේ නිර්මාණ දායකත්වයෙන් ප්‍රසිද්ධ වූ චරිතයක් නෙමෙයි. සමාජ මාධ්‍ය නිසා නිරන්තරයෙන්ම කතාබහ ට ලක් වෙන චරිතයක්.  පසුගියදා ඇය ...



පියුමි හංසමාලී කියන්නේ නිර්මාණ දායකත්වයෙන් ප්‍රසිද්ධ වූ චරිතයක් නෙමෙයි. සමාජ මාධ්‍ය නිසා නිරන්තරයෙන්ම කතාබහ ට ලක් වෙන චරිතයක්. 
පසුගියදා ඇය සුඛෝපභෝගි මෝටර් රථයක් පවා මිල දී ගත්තා. මේ වෙද්දි ඇය පෙම්වතියක්. කතාබහට ලක් වෙන ඇය ගැනත් ඇයගේ පෙම්වතා ගැනත් සති අන්ත පුවත්පතකට මෙන්න මෙහෙම කියලා  තිබුණා.

 පියුමි මලයාලම් චිත්‍රපටයකට සම්බන්ධ වුණා නේද , ඒකට මොකද වුණේ ..?

ජැක්සන් මහත්මයා අසනීප වෙලා ඉන්න නිසා ඒ චිත්‍රපටයේ ඉතුරු ටික රූගත කරයි ද නැද්ද කියලා මම තවම දන්නේ නැහැ . මොකද වෙන්නේ කියලා බලමු. ඒ ගැන තවම මාව දැනුවත් කරලත් නැහැ

 එතකොට ටෙලි නාට්‍ය , චිත්‍රපට සඳහා සම්බන්ධ වෙන්නේ නැද්ද..?

මට රඟපාන්න බැහැ කියලා මම හොදට ම දන්නවා. ඒ නිසා රඟපාන්න හිතන්නේ නැහැ . ධනංජය එක්ක ප්‍රධාන චරිතයක් කරන්න ආරාධනා ලැබුණා. ඒකට නම් කැමති වුණා. නමුත් ඒකත් කරන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ . මගේ පෙම්වතා කැමති නැහැ මම රඟපානවට. අනිත් එක රංගන ක්ෂේත්‍රයේ ඉන්න නිළියන්ගෙන් මට මාර කැපිල්ලක් තියෙන්නේ. මට අමුතුවෙන් රඟපාලා ප්‍රසිද්ධ වෙන්න ඕන නැහැ . මට තියෙන ප්‍රසිද්ධිය හා ජනතා ආකර්ෂණය ඇති. මම කැමති බිස්නස් වුමන් කෙනෙක් වෙන්න

 ඒ කියන්නේ ඔබ දැන් ව්‍යාපාරිකාවක්..?

ඔව්. මට ලොකු ආසාවක් තිබ්බා ලංකාවේ කවුරුත් නොකරන සැලෝන් එකක් කරන්න. ඒ සඳහා අවශ්‍ය පුහුණු ව මම ලබා ගත්තේ තුර්කියෙන්. මම වර්ෂයක් පාසා එහේ පැජන්ට් එකක් ජජ් කරනවා. 2016 වර්ෂයේ ඉදලා. එහේ සැලෝන් වලට මම ගිහිං තියෙනවා. සමට හානියක් නොවී ලස්සන වෙන්න පුළුවන්. එහෙන් අවශ්‍ය ද්‍රව්‍ය ගේනවා. ඒ වගේම එක ආයතනයක මම බ්‍රැන්ඩි එම්බසිඩර්.

 ඒ කියන්නේ පියුමි දැන් වත්කම් අතින් ඉහළයි..?

ඉස්සර මට සල්ලී තිබ්බේ නැහැ . දැන් මට සල්ලී තියෙනව.

 ඒ නිසාද චන්දිමාල් ජයසිංහ ට ලක්ෂ 15ක් වටිනා තෑග්ගක් දුන්නේ..?

එයා තමයි මගේ හොඳම යාළුවා. ඉස්සර එයාගේ රෝයල් උපන් දිනේට යන්නවත් මට සල්ලී නැහැ. මගේ ඇදුම් පවා හදලා දුන්නේ එයා. මට කන්න බොන්න සල්ලි අවශ්‍ය වෙලාවට එයාගෙන් මම ඉල්ලා ගත්තේ. මට මුල මතකයි. සල්ලී තිබ්බ වෙලාවේ එයාට ගිෆ්ට් එකක් දුන්නා.

 එතකොට කෝටී තුනක් වටිනා BMW එක ගත්තේ..?

ඒ ගත්තෙත් මම හම්බ කරපු මගේ මුදලින්. කවුරුත් අරන් දුන්නේ නැහැ

 ඇතැම් අය ඔබට ප්‍රතිචාර දක්වලා තිබ්බේ අනියම් ආකාරයෙන් මුදල් හම්බ කරනවා කියලා ..?

මම කාත් එක්කවත් කවදත් හාන්සිවෙලා මුදල් හොයලා නැහැ . ක්ෂේත්‍රයට ඇවිත් අවුරුදු 10ක් වෙනවා. කාර් එක ගන්නකල් මම ගියේ පාරේ ත්‍රීවිල් වල. අනියම් විදිහට හම්බ කරා නම් මීට කලින් මම වාහනයක් ගන්නේ. මම තවම ඉන්නේ කුලී ගෙදරක. හැම රුපියලක්ම මගේ මුදල්. කවුරුත් දීලා නැහැ. කාර් එක පෙම්වතා දුන්නා කියලා එක එක පේජ් වල ගියා. ඒකත් බොරුවක්


 දැන් විවාහ වෙන්න ළඟයිද..?

මගේ පෙම්වතා ප්‍රගීත් තනුෂ්ක. එයා එක්ක ආදරෙන් සතුටින් ජීවත් වෙනවා. දැන්ම විවාහ වෙන්න අදහසක් නැහැ. ඉස්සර නම් එයාගේ අම්මා මට අකමැති වුණා . දැන් නම් කතාබහ කරනවා.

 ඔබට සමාජයේ ගොඩ නැගිලා තිබෙන ඍණාත්මක සිතුවිලි එක්ක ඔහු ඔබව විශ්වාස කරනවද..?

අවුරුදු එකහමාරක් එයා මගේ පස්සෙන් ආවා. ඒ වෙද්දි කලින් පෙම්වතා මගෙන් ඉවත් වෙලා හිටියේ. ඒ පෙම්වතාගේ අම්මා මට අකමැති නිසා එයා නිතරම මට කිව්වා ‘පියුමි වයසට ගියාට පස්සේ හරි අපි එකතු වෙමු‘ කියලා. ඒ නිසා එයා මගේ ළඟට කවද හරි එයි කියන බලාපොරොත්තුවෙන් මම හිටියේ, ඉස්සර මම ක්ලබ් යනවා. ඒ ළඟ තැනක තමයි එයා වැඩ කළේ. මම ජූස් එකක් බොන්න යනවා කලින් පෙම්වතාවත් එතනදි හම්බෙනවා. අයින් වෙලා ඉන්නකොටත්. ප්‍රගීත් මගේ දිහා හොදට බලාගෙන ඉදලා. අධ්‍යයනය කරලා. මගේ පස්සෙන් ආවා ආදරෙයි කියලා. එයත් හොඳ කෙනෙක් නිසා අන්තිමට මම කැමති වුණා‍.

එයා මාව ආශ්‍රය කරපු නිසා එයා මාව හොදින් දන්නවා. ඒ නිසා එයාට මාව විස්වාසයි. එයා මගේ කඩවසම් පෙම්වතා . දැන් මම වැඩිපුරම ආදරේ කරන්නේ එයාට

 ඇත්තද ප්‍රගීත් ඔබ පියුමි පසු පස ආදරේ ඉල්ලගෙන ගිය කතාව..?

ඔව්. බොහෝම අමාරුවෙන් තමයි ආදරේ ඉල්ලාගත්තේ. එයා ආයේ ආදරේ කරන්නේ නැහැ කියන තැන හිටියේ .

එයා මොනා හරි බොන්න මම ඉන්න රෙස්ටුරන්ට් එකට ආවම මාත් එක්ක කතාබහ කරනවා. මුලින්ම සජීවීව දැක්ක ගමන් ආදරයක් හිතුණා. එයා ගැන හොයලා බැලුවා. අවුරුදු එකහමාරක් ගියාට පස්සේ එයා සම්බන්ධයක් පටන් ගන්න කැමැත්ත දුන්නා. ඒ වෙලාවේ මට පුදුම හිතුණා. මම හිතුවේ නැහැ එයා කැමති වෙයි කියලා


 එයාට ඒ තරම් ආදරේ කරන්න හේතුව ..?

පේන කෙනා නෙමෙයි ළඟ ඉන්නේ. හරි හොද කෙනෙක් . ආදරණියයි. කොච්චර ආදරේ තිබ්බත් එයාට මදි. පොඩි දේටත් හිත උණුවෙන කෙනෙක්. ඒ නිසාමයි මම එයාගේ ගතිගුණවලට ආදරේ කරන්නේ.

 එයාගේ ප්‍රසිද්ධිය ට නෙමෙයි ද..?

එයාගේ ප්‍රසිද්ධිය මට අදාළ නැහැ . එහෙම වුණා නම් මම වෙන ප්‍රසිද්ධ කෙනෙක් එක්ක යාළු වෙනවනේ.

 පියුමිට සමාජයේ හැදෙන කතා එක්ක ඔබට හානියක් වෙයි කියලා හිතන්නේ නැද්ද ..?

මට සමාජයේ කතා අදාළ නැහැ. හේතුව එයාව මම හොඳින් දන්න නිසා. කොච්චර කතා හැදුවත් ඒවා බොරු කියලා ළඟින් ඉන්න මම දන්නවා.

 ඇය පුතෙක් ඉන්න අම්මා කෙනෙක් ..?

මමත් පුතාට ආදරෙයි. කිසිම වෙනසක් මම එයාට කරන්නේ නැහැ . ඒක පියුමි දන්නවා. පුතත් පියුමිගේ අම්මත් මට ආදරෙයි.

 ඔබට පියුමි නිති රිති දාන්නේ නැද්ද ..?

ගැහැනු ලමයි දිහා බලන්න නම් තහනම්. ඉන්ස්ට්‍රගෑම් එකේ මට එන මැසෙජ් බලන්නෙත් එයා. ඒකේ පාස්වඩ් එහෙම මම දීලා තියෙන්නේ. මට තියෙන එකම නීතී ය ඒක විතරයි . මම නිති රිති දාන්නේ නැහැ . රඟපානවට නම් කැමති නැහැ මම

 එයාගේ ෆැෂන් ගැන කිව්වොත්..?

මොන විලාසිතාව කළත් එයා ලස්සනයි. ඒ නිසා එයා ලස්සනට ඉන්නවට මම කැමතියි. ඉස්සර තරම් කොටට අදින්නේ නැහැ. ඒ මම අකමැති නිසා. යමක් තේරුම් කරලා දුන්නම පිළිගන්නවා. මෝස්තර නිරූපිකාවක් විදිහට එයා කොහොමත් ලස්සනට අදින්න පලදින්න ඕන. ඇය වගේ කෙනෙක්ට ආදරේ කරන්න ලැබීමම වාසනාවක්. ඒ නිසා ලොකුවට නීති රිති දාන්නේ නැහැ . එයා හොද විදිහට ජීවත් වෙන්න දන්නවා.

එතකොට විවාහය..?

එයා විවාහයට කැමති දවසක විවාහ වෙනවා.

[MUSIC]_$type=carousel$count=4$cols=4$cate=0

[ON LOCATION]_$type=left$va=0$count=3

[BOLLYWOOD]_$type=right$va=0$count=3

[CHIT CHAT]_$type=three$count=3$h=360$author=hide$comment=hide$date=hide

[FRESHERS]_$type=carousel$count=5$cols=4$cate=0$h=360

Logo

[GOSSIP]_$type=three$count=3$h=360$rm=hide$author=hide$comment=hide$date=hide

[STAR TALKS]_$type=three$count=3$h=360$author=hide$comment=hide$date=hide

Name

accident,1,BestCovers,1,bollwood,7,Bollywood,31,ChitChat,18,Cinema,28,Cinematic,9,Dance,6,Fashion,18,Featured,1,Freshers,5,Gossip,61,HotPoses,22,Interview,24,MoviePremieres,13,Music,23,News,40,on location,2,Photos,15,StarTalks,18,Trending,6,TV,51,Video,12,
ltr
item
Star Gossip - BottomLine News: එයා මගේ කඩවසම් පෙම්වතා
එයා මගේ කඩවසම් පෙම්වතා
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjzyb42jli-4gfyIM4vt1RO_JYj-QIK4pVE9ytwVhOiVKJ5_uM7fVM7IpFCgEKJZyNEyuahjZCch58SsBwYo9FmWanMi_WJmf85V_803-RK48HfoKRkvhrmnQUhOP3U7PMMU9QGefmvXRUYcBYUJnEA_cym-gzzEs8g59IacT9sQDyZK_o7DG9zGUJu/s16000/pium.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjzyb42jli-4gfyIM4vt1RO_JYj-QIK4pVE9ytwVhOiVKJ5_uM7fVM7IpFCgEKJZyNEyuahjZCch58SsBwYo9FmWanMi_WJmf85V_803-RK48HfoKRkvhrmnQUhOP3U7PMMU9QGefmvXRUYcBYUJnEA_cym-gzzEs8g59IacT9sQDyZK_o7DG9zGUJu/s72-c/pium.jpg
Star Gossip - BottomLine News
https://stargossip.bottomline.asia/2022/09/06-piumi-hansamali-new-boyfriend.html
https://stargossip.bottomline.asia/
https://stargossip.bottomline.asia/
https://stargossip.bottomline.asia/2022/09/06-piumi-hansamali-new-boyfriend.html
true
3404992472536326279
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL View Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU CATEGORY ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS PREMIUM CONTENT IS LOCKED STEP 1: Share to a social network STEP 2: Click the link on your social network Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy Table of Content