$type=grid$count=5$meta=0$sn=0$rm=0$show=home

[TV]_$type=carousel$count=24$cols=7$cate=0$space=10$show=home

මගේ ලොකුම බලාපොරොත්තුව හොඳ මනුෂ්‍යයකු වීමයි.

  සති අන්තයේ ටෙලිවිෂනය හැඩකරවන වැඩසටහනක් තමයි සිරිස ටීවී සජ්ඣායනා කියන්නේ. ඒ වැඩසටහන ඉදිරිපත් කරන සුන්දර යුවතියත් ඒ ආකාරයෙන්ම කාගෙත් හිත් වල...

 



සති අන්තයේ ටෙලිවිෂනය හැඩකරවන වැඩසටහනක් තමයි සිරිස ටීවී සජ්ඣායනා කියන්නේ.

ඒ වැඩසටහන ඉදිරිපත් කරන සුන්දර යුවතියත් ඒ ආකාරයෙන්ම කාගෙත් හිත් වල රැඳලා ඉන්නවා.

ආදිත්‍යා වැලිවත්ත මේ දිනවල කාගෙත් කතා බහට ලක්වන චරිතයක්. 

සජ්ඣායනා“ සංගිතමය වැඩ සටහනේදී ඇය නිවේදිකාවක් හා ගායන ශිල්පිනියක් ලෙසින් ප්‍රේක්ෂක අභිමුවට පැමිණෙන්නීය. 

යුග යුග ගණනාවක හෙළ සංගීත කරළියේ ආගිය තැන් මතු කරමින් සියලු ගායන ශිල්පීන්ට, පද රචකයන්ට, සංගිතඥයන්ට ඔවුන්ගේ අනන්‍යතාවයේ ලකුණ සාක්ෂාත් කිරිමේ අදිටනින් ඇය පෙනි සිටියි. සිංහල සහ ඉංග්‍රීසි භාෂා ද්විත්වයම මනා ලෙස හැසිරවීමට ඇය හපනියකි. 

මේ ආදිත්‍යා වැලිවත්ත සති අන්ත පුවත්පතක් සමග කල කතාබහක්.


* ඔබේ පවුලේ තොරතුරු මොනවාද?

මගේ පවුලේ පස් දෙනෙක් ඉන්නවා. අම්මයි, තාත්තයි, අක්කා මල්ලි අපි පස්දෙනා හරිම සතුටින් බැද්දගානේ සුන්දර නිවහනේ ජිවත්වෙනවා.


*උසස් අධ්‍යාපනය හදාරන්නේ මොන පැත්තෙන්ද?

මම විල්ස්ටන් ජාත්‍යන්තර පාසලේ අධ්‍යාපනය හැදැරුවේ. දැන් I.C.B.T. කැම්පස් එකේ ව්‍යාපාර කළමනාකරණය අංශයෙන් ඉගෙන ගන්නේ. පාසල් යන කාලේ ඉඳන් සිතේ තිබුණ හීනය කාරා යන්න තමයි මම දැන් මහන්සි ගන්නේ.


*ඒ කියන්නේ... ඔබේ සිහිනය මොකක්ද?

මම කෙහොමත් සංගීතය අංශයෙන් ඉදිරියට යනවා. එත් මම මේ කරගෙන යන නිවේදන කටයුතු “සඤ්ඤ්යානා“ වැඩසටහන පසුව කරන එකක් නෑ. මම මගේ අධ්‍යාපන කටයුතුවලට මුල් තැන දිලයි ඕනම දෙයක් කරන්නේ.


*ඔබට සිරස වොයිස් ටිම් එකෙන් ලැබුණු පන්නරය මොනවගේද?

ඇත්තටම ඒ අත්දැකීම වචනවලට පෙරළා කියන්න බැරි තරම් වටිනවා. මගේ ගමන ගොඩාක් වෙනස් කරපු වැඩසටහනක් කිව්වෝත් නිවැරදියි. ප්‍රවිණයන්ගෙන් ලැබුණු උපදෙස්, වැඩමුළු නිසා අපි සියලු දෙනාටම නව ගමනක පෙර නිමිති පෙනුණා. ඒ තුළ අදත් මම ජිවත්වෙනවා.


*නිවේදිකාවක් වෙන්නේ " සජ්ඣායනා" වැඩසටහන නිසා නේද?

මම ගීත ගායනයට සිරස ‍ෙවායිස් ටිම් එකට එන්නේ අම්මගේ බල කිරිම නිසා. එත්, මට ඒ ගමනින් ලොකු බලාපොරොත්තුවක් ලැබුණා. 

මම මිට ඉස්සෙල්ලා නිවේදන කටයුතු කරලා තිබුණේ ඉංග්‍රීසි මාධ්‍යයෙන්. මට ලොකු වගකීමක් දුන්නා වොයිස් ටිම් එකෙන් 48 දෙනකු තෝරගන්න. 

චන්නදන සුරියබණ්ඩාර සර් මා ගැන විශ්වාසයක් තියලා මේ පරණ ලෙජන්ඩ්ලාගේ සංගිත ජිවිතයේ කතා කරන " සජ්ඣායනාව " කරන්න භාර දුන්නා. 

මේ වැඩසටහන නිසා මට ජිවිතේ ලබන්න පුළුවන් ලොකුම අත්දැකීම ලැබුවා. මට ඉංග්‍රීසි භාෂාව පුළුවන් වුණාට සිංහල භාෂාව එතරම් බෑ. 

මොකද මම ඉගෙන ගත්තේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් නිසා. මම කැමැති ඉංග්‍රීසි මාධ්‍යයෙන් නිවේදන කටයුතු කරන්නයි. චන්දන සර්ගේ උනන්දුව නිසාම අද මට මගේ මවු භාෂාව හොඳින් හසුරුවන්න පුළුවන් වෙලා. 

ඒගැන මම හරිම සතුටින් ඉන්නේ. මම හැමෝටම කියන්නේ බෑ කියලා කිසිම දෙයක් නෑ. තමන්ගේ ගමන යන්න උත්සාහවන්ත වෙන්න ඕන.


* ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගෙන ගත් ආදිත්‍යා මුල් කාලේ කැඩිච්ච සිංහලෙන් කතා කරන විට ප්‍රශ්න මතු වුණේ නැද්ද?

අපෝ ගොඩක් ප්‍රශ්න මතු වුණා. 

සමහර වචන තේරෙන්නෙ නැති නිසා ගොඩක් දෙනෙක්ගෙන් අහලා ඉගෙන ගත්තා. 

සමහර අය මොනාද මේ කියන්නේ කියලා ඇහුවා. 

ඔයාට සිංහල භාෂාව බෑ කිව්වා. ඊට පස්සේ මම ගොඩක් පොත්පත් කියවන්න පටන්ගත්තා. ඒ නිසා මට මේ ගමන යන්න ගොඩක් අය උදව් කළා. 

ඒ සියලු දෙනාටම පින්. මම මගේ මව් භාෂාවට හරිම ආදරෙයි. මම කොහොමත් මගේ ජිවිතය අත්හදා බලනවා. ඒකට මම කැමතියි.


*ඔබට කොහොමද මේ පරණ ශිල්පීන් සමඟ කරන සංවාදය දැනේන්නේ?

ඇත්තටම භාවනාවක් වගේ කියලා කිව්වොත් නිවැරදියි. 

එතරම්ම ඒ ශිල්පීන්ගෙන් අපිට ඉගෙන ගන්න තියෙන දේවල් වචනවලින් කියලා ඉවර කරන්න බෑ. මේ වැඩසටහන් 26 පුරාම ඒ සියලු දෙනාම දුන් සහයෝගයට වැද නමස්කාර කරනවා. ඔවුන් කරල තියන දේවල් බැලුවම අපි තාම ඉන්නේ පළමු පඩිය ළඟයි. 

එනිසා ඉස්සෙල්ලාම පළමු පඩිය නැඟගෙන ගමන පටන් ගන්න ඕන කියලයි මගේ නම් විශ්වාසය. 

ඒවගේම ඒ එන සියලු දෙනාම අපි වගේ පරම්පරාවක් අගය කරන්නේද ඔවුන්ගේ හදවතින්මයි. 

කලාශුරි ලතා වල්පොල මහත්මිය ඇවිත් කිව්වා අපිත් එක්ක අද හිටිය නම් එතුමිය ‍ෙෆ්ල් කියලා. 

ප්‍රවිණයන් හැටියට කොච්චර වටිනවාද අද අප අගය කිරිම. 

ඒක අපිට ලොකු ශක්තියක්. අපි සියලු දෙනාට මුදල් හදල් තිබුණට මේ සියලු දෙනා ළඟ තියෙන දැනුම බලෙන් ගන්න බෑ. ඒ ඔවුන්ගේ කියවිම තුළින් දෙන උපදෙස් වලින්, ලබපු අද්දැකිම්, මුදල්වලින් කාටවත් ගන්න තියා හිතන්නවත් පුළුවන්ද කියලා මම නම් හිතන්නෑ.


*ප්‍රවිණ ගායන ශිල්පියෙක් සමඟ ගීතයක් ළඟදි පටිගත කළා නේද?

කරුණාරත්න දිවුල්ගනේ මහතා සමඟ මගේ අලුත්ම ගීතය පටිගත කළා. ඒ “හන්තාන මිටියාවතේ“ කියන ගීතය. ඒවගේම මගේම තව ගීත හතරක් තියනවා.


‍*අදිත්‍යා වැලිවත්ත කියන නිවේදිකාවටද එහෙමත් නැත්නම් කැමති ගායිකාවටද?

මම දෙන්නටම එකවිදියට ආදරේ කරනවා. හේතුව තමා මම ගීත ගායනා කරන විට හැඟීම් ප්‍රකාශ කරන්න පුළුවන් වෙනවා. 

ඒත්, හැමෝටම ගීත ගායනා කරන්න පුළුවන්. එත්, වචනවලට අර්ථයක් දෙනවා අඩුයි. 

මට පුළුවන් මිනිසුන්ට දනවන්ට ඒ අයට වචනවලට කියන්නට බැරි දේවල් නිවේදිකාවක් ලෙස මට කරුණු කාරණා දක්වන්න පුළුවන් කියලා. 

ඉගෙන ගන්න තියෙන දෙවල් වැඩියි. සමාජයේ සියලු තැන් ස්පරශ කරන්න අවකාශය ලැබෙනවා. ඒ නිසා මේ දෙන්නටම එක ලෙස මම ආදරෙයි.


*ඔබේ පරම්පරාව මේ පරණ ගීතම ඉදිරියටත් ගායනා කරයිද?

ඔවුන්ව ඇගයිමකට ලක්කරන්නට අවශ්‍ය වූ විට ගායනා කරයි. ඒත්, අපේ බලාපොරොත්තුව අපේ නිර්මාණ ගෙන එමයි.

අද අපිට පන්නරයක් වුණේ මේ ශිල්පීන් ගායනා කළ ගිත නිසයි. ඔවුන්ගේ ගායනවල ඉන්න ඉදිරියට එන පරම්පරාව අපි වෙන්න පුළුවන්. 

ඒ නිසා අපේ නිර්මාණ අපි ගෙන්න ලැස්තියි. හැබයි අපේ අයට ගොඩාක් දෙවල් ඉගෙන ගන්න වෙනවා. තමන්ගේ අරමුණු කරා යන්නට


* අනාගතය ගැන කියන්න තියෙන්නේ මොනවාද?

මට තාම අවුරුදු 18යි. ජිවිතේ භාගයක්වත් ගිහින් නෑ. මේ වගේ අර්ථවත් වැඩසටහනක් මගේ අඩු වයසින් ලැබිම තරම් දෙයක් තවත් මට නෑ. ජිවිතේ කියවමින්, ඉගෙන ගනිමින් යන ගමනේ බාධක එන්න පුළුවන්. 

ඒවට මුහුණ දෙමින් ගමන යනවා. ජිවිතේ අපිට බලාපොරොත්තු තිබුණාට අපි යන්නේ එකම තැනටයි. ඒ යන ගමනට සියලු දෙනාට උදවු කරගෙන සතුටින් යාම තමයි කළ යුතු වන්නේ. එකිනෙකාට ඊර්ෂ්‍යා නොකළ යුතුයි. 

මගේ ලොකුම බලාපොරොත්තුව හොඳ මනුෂ්‍යයකු වීමයි.


නිශ්ශංක විජේරත්න

[MUSIC]_$type=carousel$count=4$cols=4$cate=0

[ON LOCATION]_$type=left$va=0$count=3

[BOLLYWOOD]_$type=right$va=0$count=3

[CHIT CHAT]_$type=three$count=3$h=360$author=hide$comment=hide$date=hide

[FRESHERS]_$type=carousel$count=5$cols=4$cate=0$h=360

Logo

[GOSSIP]_$type=three$count=3$h=360$rm=hide$author=hide$comment=hide$date=hide

[STAR TALKS]_$type=three$count=3$h=360$author=hide$comment=hide$date=hide

Name

accident,1,BestCovers,1,bollwood,7,Bollywood,31,ChitChat,18,Cinema,28,Cinematic,9,Dance,6,Fashion,18,Featured,1,Freshers,5,Gossip,61,HotPoses,22,Interview,24,MoviePremieres,13,Music,23,News,40,on location,2,Photos,15,StarTalks,18,Trending,6,TV,51,Video,12,
ltr
item
Star Gossip - BottomLine News: මගේ ලොකුම බලාපොරොත්තුව හොඳ මනුෂ්‍යයකු වීමයි.
මගේ ලොකුම බලාපොරොත්තුව හොඳ මනුෂ්‍යයකු වීමයි.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhMq9RUhIY2UgNLkjg-v4ioP0NESVKY7nzGfYEGkVVIWRqOKS4pAMOVdxQ0b35tybB4ltDTwUNvkLxbzjtJlu7mL_CBln0YOrTuYhsgX_fUSEJyNwY3Rzx28UGuPn7r2HO245xSgBkjnBVUfo6qPQCwpOYp8wgizGkvfHu3g_Ay7kXm0KsZ7MTBAO5m/s16000/wrwtr.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhMq9RUhIY2UgNLkjg-v4ioP0NESVKY7nzGfYEGkVVIWRqOKS4pAMOVdxQ0b35tybB4ltDTwUNvkLxbzjtJlu7mL_CBln0YOrTuYhsgX_fUSEJyNwY3Rzx28UGuPn7r2HO245xSgBkjnBVUfo6qPQCwpOYp8wgizGkvfHu3g_Ay7kXm0KsZ7MTBAO5m/s72-c/wrwtr.jpg
Star Gossip - BottomLine News
https://stargossip.bottomline.asia/2022/09/06-adithya-weliwatta-music-siarasatv.html
https://stargossip.bottomline.asia/
https://stargossip.bottomline.asia/
https://stargossip.bottomline.asia/2022/09/06-adithya-weliwatta-music-siarasatv.html
true
3404992472536326279
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL View Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU CATEGORY ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS PREMIUM CONTENT IS LOCKED STEP 1: Share to a social network STEP 2: Click the link on your social network Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy Table of Content