$type=grid$count=5$meta=0$sn=0$rm=0$show=home

[TV]_$type=carousel$count=24$cols=7$cate=0$space=10$show=home

ප්‍රශ්න එක්ක වෙන්වීමක් වුණත්, වෙනත් විවාහ වලට ගියේ නැහැ

ගයත්‍රී ඩයස් කිව්වහම කවුද නොදන්නේ. ජනප්‍රිය රූපලාවන්‍ය ශිල්පිනියක්  වගේම රංගන ශිල්පිනියක් වන ඇය සති අන්ත පුවත්පතකට එක්ක කල කතාබහක් මේ. ඇය එහ...




ගයත්‍රී ඩයස් කිව්වහම කවුද නොදන්නේ.

ජනප්‍රිය රූපලාවන්‍ය ශිල්පිනියක්  වගේම රංගන ශිල්පිනියක් වන ඇය සති අන්ත පුවත්පතකට එක්ක කල කතාබහක් මේ.

ඇය එහිදි ඇගේ අළුත්ම උත්සහය ගැන මෙන්න මෙහෙම කියලා තිබුණා.

මම සුදානම් වෙනවා මගේම නිර්මාණයක් කරන්න. ඒක කෙටි චිත්‍රපටයක්. ඒ නිසා මේ දවස්වල එහි පෙර නිෂ්පාදන කටයුතු කරගෙන ඉන්නවා. මෙය නිෂ්පාදනය කරන්නේ නම් මගේ මිතුරන් දෙදෙනෙක්. 

කොහොමත් මම හිතාගෙන හිටියේ නිෂ්පාදකවරයෙක් මුණ නොගැසුණොත් මම ම හරි නිෂ්පාදනය කරනවා කියලා. මේක මගේ හීනයක්. කාලයක් තිස්සේ මගේ හිතේ ඇදුණු කතාවක්. ඒ කතාව මම දෙතුන් සැරයක් ලිව්වා. 

මේක ගොඩක් දිගට කරොත් ඒ කතාවේ රසය නැතුව යනවා. ඒ නිසයි මම කෙටි චිත්‍රපටයක් කරන්න හිතුවේ. ලබන මාසයේ එය රූගත කරනවා.

මගේ අතීතයේ සිට තිබ්බේ නිර්මාණ කරන ආසාවක්. රංගනය කියන එක, එක තැනකට සීමාවෙලානේ. අපි කොච්චර කළත් අපට ලැබෙන සහ සමහර වෙලාවට චරිතවලට අපිව තෝරාගෙන බෙදාගෙන තියෙන නිසා මගේ ඔලුවේ මැවෙන හැම චරිතයක්ම මට කරන්නත් බැහැනේ. 

නමුත් මට ඒක වෙන කෙනෙක් ලවා කරවා ගන්න පුළුවන්. ඒ නිසා මම ආසයි ඉස්සරහට ඒ ඒ චරිත වලට ගැලපෙන අය අරගෙන කෙටි චිත්‍රපට දෙක තුනක් කරන්න. 


පුංචි බාධා කිරීමක්, චන්න අයියව ගන්න අදහසක් තියෙනවද?

“මෙහෙමයි මේ මම මුලින්ම කරන්න යන චිත්‍රපටයේ නම් නැහැ. එහි චරිත හතරයි තියෙන්නේ. ඉදිරියේදී මම කරන නිර්මාණයක ගැලපෙන එකක් තිබ්බොත් මම ආරාධනා කරනවා.“

ඒ එක්කම ගයත්‍රිට ඉන්නේ දියණියන් දෙදෙනෙක්, ඒ අය ගැනත් පොඩ්ඩක් කතා කරමු. ලොකු දුවගේ උපාධි ප්‍රධානොත්සවයත් තිබිලා තියෙනවා දැක්කා.

“ඔව් ඇත්තටම මගේ දූලා දෙන්නම පැත්තකට වෙලා එයාලගේ වැඩක් කරගෙන ඉන්න දරුවෝ දෙන්නෙක්. ඇත්තම කියනවා නම් අම්මා කෙනෙක් හැටියට එයාලගේ අධ්‍යාපන කටයුතු වලට පස්සෙන්ම ඉඳලා වද දිදී ටියුෂන් පන්ති එක්කගෙන ගිය අම්මා කෙනෙක් නෙමෙයි මම. 

චන්න අයියත් එහෙමයි කවදාවත් දරුවන්ට බලපෑම් කරලා නැහැ මේ දේවල් කරන්න කියලා. එයාල එයාලගේ ඒවා තනියම කර ගත්තා. 

ලොකු දූ මලීෂා එයා මියුසියස් එකේ උසස් පෙළ දක්වා හොඳින් ඉගෙන ගත්තා. ඊට පස්සේ එයා තව තව ඩිප්ලෝමා කළා. අන්තිමට එයා එයාගේ විෂය Psychology හැටියට තෝරා ගත්තා. ඒක තමා අවසන් වරට එයා සම්පුර්ණ කළ උපාධිය. 



චන්න අයියා නම් මට වැඩිය ඒ ගැන බැලුවා. මලීෂා දුව ලබන ජනවාරි මාසයේ මාස්ටර් උපාධිය හදාරන්න එංගලන්තයට යන්න සුදානමින් ඉන්නවා.

පොඩි දුව දුවාෂාට දැන් අවුරුදු 16යි. එයා සාමාන්‍ය පෙළ කරන්න ලෑස්ති වෙනවා. එයත් ඉතින් එයාගේ පාඩුවේ වැඩකරගෙන ඉන්නවා. දරුවෝ දෙන්නම හරි නිහඬයි. වැඩිය කතා කරන ළමයි නෙවෙයි. අපි ඔක්කොම එහෙම තමයි පාඩුවේ තම තමන්ගේ වැඩ කරගෙන ඉන්න අය.

අපේ දරුවන් කලාවට එනවට අපේ කිසිම අකමැත්තක් තිබ්බේ නැහැ. නමුත් දුවලා දෙන්නම කලාවට කියලා ලොකු කැමත්තක් තිබ්බේ නැහැ පොඩි කාලේ. 

ලොකු දූ මලීෂා චන්න අයියගේ නිර්මාණ වල පොඩි කාලේ ඉඳලා තියෙනවා. ඊට පස්සේ දිගටම අධ්‍යාපන කටයුතු වල‍ට හිත යොමු කරපු හින්දා ලැබුණු ආරාධනා වලට ගියේ නැහැ. දැන්නම් හොඳ වැඩකට ආරාධනාවක් ආවොත් කරන්න ආසාවෙන් ඉන්නවා. පොඩි එක්කෙනා නම් එහෙමවත් නැහැ.“

ලොකු දූගේ උපාධි ප්‍රධානොත්සවයේ ජායාරූප වල චන්න ගයත්‍රී දරුවන් දෙදෙනා සමඟ එකට ඉන්න ජායාරූපයට බොහෝ අය ආශිර්වාද කරලා තිබ්බා. ආයෙමත් මේ සුන්දර පවුල එකතුවෙලා නේද කියලා. ඒ ගැන මොකද කියන්න තියෙන්නේ?

ගොඩක් අය දක්වලා තිබ්බේ හොඳ ප්‍රතිචාර. මම ඒකට සතුටුයි. පවුලක් හැටියට තමන්ගේ දරුවන්ගේ දේවල් වලදී එකට ඉන්න ඕනේ. 

අපි සමහර වෙලාවට ජිවිතේ ගන්න තීරණ වලදී යම් යම් අවස්ථාවන් හි නොගැලපීම් තියෙනකොට හිත් වලින් ඈත් වෙනකොට අපි දෙන්නා විතරක් ඈත් වෙලා ජිවත් වෙන්න පුළුවන්. නමුත් දරුවන්ගේ වැඩ වලදී අම්මා තාත්තා කියන චරිත දෙක එකට සහභාගීවෙන්න බැරි තරම් වෛක්කාරයෝ වෙන්න බැහැ කවදාවත්. 



ඒ නිසා මම මගේ ජිවිතේ සහ චන්න අයියා එයාගේ ජිවිතේ අත්වින්ද ලොකුම දේ තමයි අපි දෙන්නාගේ ප්‍රශ්න එක්ක වෙන්වීමක් වුණත්, වෙනත් විවාහ වලට ගියේ නැහැ. එහෙම වෙන්නේ නැහැ කියන තැන අපි හිටියේ අපිට ගැහැණු දරුවන් දෙදෙනෙක් ඉන්නවා. 

මිනිස්සු ඕනේ තරම් කතන්දර කියයි. ඒ කතා වලට සැලි සැලි අපේ ජිවිත සහ දරුවන්ගේ ජිවිත විනාශ කරගෙන කාටවත් එක එක පාට කරපු කඩදාසි වෙන්න ඕනේ නැහැ. 

ඒ නිසා මම දකින දේ තමයි අපිට එකට ජිවත් වෙන්න බැරි වුණත් අනිවාර්යෙන්ම දරුවන්ගේ ජිවිතවල විශේෂ අවස්ථාවන් හැම එකකම අම්මා තාත්තා කියන දෙන්නා අනිවාර්යෙන් ඉන්න ඕනේ. ඒ නිසා දරුවන්ගේ වැඩ වලදී අපි පවුලක් විදියට නැවත එකට ඉඳීම පුදුමයක් වියයුතු නැහැ.“

 සිළුමිණ පුවත්පත

 


 

[MUSIC]_$type=carousel$count=4$cols=4$cate=0

[ON LOCATION]_$type=left$va=0$count=3

[BOLLYWOOD]_$type=right$va=0$count=3

[CHIT CHAT]_$type=three$count=3$h=360$author=hide$comment=hide$date=hide

[FRESHERS]_$type=carousel$count=5$cols=4$cate=0$h=360

Logo

[GOSSIP]_$type=three$count=3$h=360$rm=hide$author=hide$comment=hide$date=hide

[STAR TALKS]_$type=three$count=3$h=360$author=hide$comment=hide$date=hide

Name

accident,1,BestCovers,1,bollwood,7,Bollywood,31,ChitChat,18,Cinema,28,Cinematic,9,Dance,6,Fashion,18,Featured,1,Freshers,5,Gossip,61,HotPoses,22,Interview,24,MoviePremieres,13,Music,23,News,40,on location,2,Photos,15,StarTalks,18,Trending,6,TV,51,Video,12,
ltr
item
Star Gossip - BottomLine News: ප්‍රශ්න එක්ක වෙන්වීමක් වුණත්, වෙනත් විවාහ වලට ගියේ නැහැ
ප්‍රශ්න එක්ක වෙන්වීමක් වුණත්, වෙනත් විවාහ වලට ගියේ නැහැ
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiwD_BGTMvgfSR6IAeM4-NxdjzhRCLbKGg3b6TlqwKShPVWcTa7JG9o2ffRr21ZKycWtvWwMFyJsyX82k52eJ0adecukquU6GWGxzRBxPToD1aJuOV1EZW2QRkccfC1cV2OVRZK0tx2_vbD34zKnsqkQTd5nrFnf2fWMGwfcSOXGJzLPuXMRS0txePv/s16000/gaya.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiwD_BGTMvgfSR6IAeM4-NxdjzhRCLbKGg3b6TlqwKShPVWcTa7JG9o2ffRr21ZKycWtvWwMFyJsyX82k52eJ0adecukquU6GWGxzRBxPToD1aJuOV1EZW2QRkccfC1cV2OVRZK0tx2_vbD34zKnsqkQTd5nrFnf2fWMGwfcSOXGJzLPuXMRS0txePv/s72-c/gaya.jpg
Star Gossip - BottomLine News
https://stargossip.bottomline.asia/2022/09/03-gayathridias-channaperera-family-.html
https://stargossip.bottomline.asia/
https://stargossip.bottomline.asia/
https://stargossip.bottomline.asia/2022/09/03-gayathridias-channaperera-family-.html
true
3404992472536326279
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL View Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU CATEGORY ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS PREMIUM CONTENT IS LOCKED STEP 1: Share to a social network STEP 2: Click the link on your social network Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy Table of Content