$type=grid$count=5$meta=0$sn=0$rm=0$show=home

[TV]_$type=carousel$count=24$cols=7$cate=0$space=10$show=home

පෙනුමෙන් මාව විවිධාකාර විදියට මිනිස්සු හිතනවා

ජීවිතේ කියන්නේ පුදුමාකාර තැනක්. ඉපදෙන කොට අතේ තියන් අරන් එන දේවල් මිහිපිටදි උරගාලා බලන්න පුළුවන් තැනක්. සරලවම කියනවනම් කෙනෙක්ගෙ තියෙන දක්ෂකම...




ජීවිතේ කියන්නේ පුදුමාකාර තැනක්.

ඉපදෙන කොට අතේ තියන් අරන් එන දේවල් මිහිපිටදි උරගාලා බලන්න පුළුවන් තැනක්.

සරලවම කියනවනම් කෙනෙක්ගෙ තියෙන දක්ෂකම්  කාටවත්,කාගෙන්වත් හොරාට ගන්න බැහැ

ඒ් වගේම ඒ් දේවල් යටපත් කරන්න හැදුවත් ඒ්වා ‌ලෙහෙසියෙන් යටපත් කරන්නත් බැහැ.

එහෙව් ජන්මයෙන් ගෙනා අපූරු උරුමයන් කිහිපයක හිමිකාරියක් එක්කයි අද අපේ කතා බහ.

නෙත් රසයෙන් පුරවාලන රූ සිරියක් මෙන්ම, නිරූපනය වෙනුවෙන්ම අකස්මිකව උරුමවූ හැකියාවන්ගෙන් පිරිපුන් ඇය වන්දි කේමි.

කන්ද උඩරටින් රටට දායාද වන මේ හැඩකාරිය හරි අපූරු නිහතතමානී ගමනක් ක්ෂේත්‍රයේ ගමන් කරනවා.

මේ චන්දි එයා ගැන කිව්ව දේ.


01. ජීවිතේ ගොඩක්ම කැමති දේවල් ඔයාට ලැබිලා තියෙනවාද? 

ඔව් මට සතුටු වෙන්න පුළුවන් තරමට ලැබිලා තියෙනවා.සමහර දේවල් ලබාගන්න බැරි වුනත් මම තෙරුම් අරන් ජිවිතේ විදිනවා.


02. ඇත්තටම කවුද චන්දි ?

මම කියන්නේ සරල කෙනෙක් පෙනුමෙන් මාව විවිධාකාර විදියට මිනිස්සු හිතනවා 

ඒත් මාව දන්න අය තෙරුම් ගත්ත පිරිස දන්නවා මගෙන් දෙයක් ඉල්ලුවොත් මම ඒක මට පුළුවන් විදියට කරනවා කියලා මිල මුදල් නෙමේ මනුස්සකමට මම ගොඩාක් ආදරේයී .

මම මගේ හීනවලට මගෙ උත්සාහයෙන් යන කෙනෙක් වගේම මම අභියෝග කියන්නේ මටමයි.හිතුවොත් දෙයක් අපිට කරන්න පුළුවන්.



03.නිරූපිකාවක් කිව්වහම ගොඩක් අය බලන්නේ අමුතු ඇහැකින්, ඇයි ඒ?

ලංකාවේ තමයි මිනිස්සු වැරදියට බලන්නේ නිරෑපීකාවක් කිවුවාම අනිත් රටවල් එහෙම නැහැ .

ඕනම ෆිල්ඩ් එකක වැරදි කරන අය ඉන්නවා හැබැයි ඒකට ෆිල්ඩ් එකටම මඩ ගහලා වැරදියට හිතන්න හොඳ නැහැ වැරදි කරපු පුද්ගලයන්ටයි ඇගිල්ල දික් කරන්න ඕනා.

එක මකුණයි කන්නේ ඉතින් ඇයි ඔක්කොම මකුණෝ මරන්නේ නිරූපණය කියන්නේ කලාවක් .


04. ලස්සනයි කියන්නේ සුදුයි කියන එකටද?

අනේ නැහැ

ලංකාවේ අපිට ආවේණික ලස්සන පාටක් තියෙනවා.

ලෝකයේ අනිත් රටවල් ගොඩාක් කැමති ලංකාවේ හමේ පාටට, දැන් රැල්ලක් සුදුවීමේ කාලාව රටේම තියෙන රසායනික දේවල් ශරීරයට දීලා අන්තිමට අපේ හමට හානී කරගන්නවා.

සුදු වෙන්න නෙමේ ඕනා තියෙන හමේ පාට දිප්තිමත් කරගන්න එකයි කරන්න ඕනා.



05.මෙතෙක් ආව ගමන කොහොමද ?

සතුටුයි හැබැයි සුන්දර නැහැ 

මේ ගමන ඉතා කෙටි කාලයක් වුනත් ලැබුණු අත්දැකීම් ජිවිතේට ගොඩාක් වටිනවා .

ඒ වගේම මට උදව් කරපු හොද නරක කියලා මාව උනන්දු කරපු හැමෝම මතක් කරනවා ස්තුති ගොඩාක් තව මගේ ගමන බලන් ඉන්න බැරිව වචන කියපු අයටත් ස්තුති කරනවා මොකද එයාලා නිසා මම වැටුණේ නැහැ.


06. අමුතු අයුතු යෝජනා එන්නේ නැද්ද ?

මේ ෆිල්ඩ් එකේ වැඩ කරාට වඩා අයුතු යෝජනා තමයි වැඩි .ෆිල්ඩ් එකේම මිනිස්සු තමයි මේක විනාශ කරලා තියෙන්නේ නිරෑපීකාවක් කියන්නේ ගණිකාවක් නෙමේ කියලා තෙරුම් ගන්න ඕනා.

අසහනයකාරී අදහස් තමන්ගේ රැකියාව සමග පටලවා ගන්න එක තමයි ලොකුම වරද .ලංකාවේ නිරෑපීකාවක් වෙනවා කියන්නේ දැලි පිහියෙන් කිරි කනවා වගේ වැඩක් .



07.ඔයාට අනුව ජීවිතේ සතුට කියන්නේ මොකක්ද ?

මම ජිවිතේ ගොඩාක් දුක් විදලා කට්ට කාලා මමම ගොඩ ආපු කෙනෙක් හැමදාම මම හිතුවේ මං ගැන නෙමේ අනිත් අය ගැන එයාලාගේ සතුට මගේ පවුලේ අය මගේ ලගින් හිටපූ  අය වෙනුවෙන් දේවල් කරලා හැරිලා බලද්දී මට ලැබුණු හොඳක් නැහැ හැබැයි මගේ හිත සතුටු වෙනවා 

මම දෙයක් කරා කියලා .තමන්ගේ හිතට දැනෙන හොඳ දෙවල් කරලා ලැබෙන දේ තමයි සතුට කියලා මම හිතන්නේ .


08.ලස්සනට හැමදාම ඉන්න මොනවද කරන ටිප්ස්

මම සැහැල්ලුවෙන් හිනා වෙලා සතුටින් ඉන්න කැමති කෙනෙක් ප්‍රශ්න මොන තරම් තිබුනාත් ජිවිතේ ,මොකද ප්‍රශ්න නැති මිනිස්සු මේ ලෝකයේ කවුරුත් නැහැ.

මම නිතරම සැලුන් නේ යන්නේ නැහැ මම රූපලාවණ්‍ය හදාරපු කෙනෙක් මගේ දෙවල් මම කරගන්නේ මේ ඔක්කොටම වඩා ලස්සන වෙන්න ඕනා හදවත එතකොට හැමදාම ලස්සනයි ,වයස කියන්නේත් ඉලක්කමක් විතරයි.



09. ක්ශේත්‍රයේ ඉදිරි ගමන ගැන අදහස මොකක්ද?

මම තෝරා බේරාගෙන මට ගැලපෙන දේවල් විතරයි කරන්නේ.

අපි දෙයක් සමාජයට දෙන්නේ බලන්න අගය කරන නිර්මාණයක් වෙන්න ඕනා

හතු පිපිනෙවා වගේ නිරෑපීකාවන් දැන් හැමතැනම මිනිස්සුන්ට මතක හිටින එක දෙයක් හරි කරන්න ඕනා කියලා මම හිතන්නේ හෙමින් සාර්ථක ගමනක් යන්න බලාපොරොත්තු වෙනවා.


[MUSIC]_$type=carousel$count=4$cols=4$cate=0

[ON LOCATION]_$type=left$va=0$count=3

[BOLLYWOOD]_$type=right$va=0$count=3

[CHIT CHAT]_$type=three$count=3$h=360$author=hide$comment=hide$date=hide

[FRESHERS]_$type=carousel$count=5$cols=4$cate=0$h=360

Logo

[GOSSIP]_$type=three$count=3$h=360$rm=hide$author=hide$comment=hide$date=hide

[STAR TALKS]_$type=three$count=3$h=360$author=hide$comment=hide$date=hide

Name

accident,1,BestCovers,1,bollwood,7,Bollywood,31,ChitChat,18,Cinema,28,Cinematic,9,Dance,6,Fashion,18,Featured,1,Freshers,5,Gossip,61,HotPoses,22,Interview,24,MoviePremieres,13,Music,23,News,40,on location,2,Photos,15,StarTalks,18,Trending,6,TV,51,Video,12,
ltr
item
Star Gossip - BottomLine News: පෙනුමෙන් මාව විවිධාකාර විදියට මිනිස්සු හිතනවා
පෙනුමෙන් මාව විවිධාකාර විදියට මිනිස්සු හිතනවා
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhnFFYJN2O3o__AK0B6d48ExlKL6HJKHmT288hpJeWHPvQ0TsLo21oitUAKoTh7MpIjaWlsZZiNCzFbUUNxkp-NZYMWJ6ZJtlmdH51WiXcFOKImwKnfQH2M1C2r3m_MxQpdqMtpthExeYPL0KhMRux6dTfEA3fNjAaUqBaMKkkvK1ylpJQrLONPApP3/s16000/rwrtwt.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhnFFYJN2O3o__AK0B6d48ExlKL6HJKHmT288hpJeWHPvQ0TsLo21oitUAKoTh7MpIjaWlsZZiNCzFbUUNxkp-NZYMWJ6ZJtlmdH51WiXcFOKImwKnfQH2M1C2r3m_MxQpdqMtpthExeYPL0KhMRux6dTfEA3fNjAaUqBaMKkkvK1ylpJQrLONPApP3/s72-c/rwrtwt.jpg
Star Gossip - BottomLine News
https://stargossip.bottomline.asia/2022/09/03-chandi-kemi-fashion-modler-kandy-interview.html
https://stargossip.bottomline.asia/
https://stargossip.bottomline.asia/
https://stargossip.bottomline.asia/2022/09/03-chandi-kemi-fashion-modler-kandy-interview.html
true
3404992472536326279
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL View Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU CATEGORY ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS PREMIUM CONTENT IS LOCKED STEP 1: Share to a social network STEP 2: Click the link on your social network Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy Table of Content