ගුරු ගෝල සම්බන්ධය අතීතයේ ඉදන්ම අපි කතා කරන දෙයක්. මේ මෑත කාලීනව අපිට මුණ ගැහෙන හරි අපූරු ගුරු ගෝල සම්බන්ධයක්. සිරස Voice Teen වේදිකාවේදි මු...
ගුරු ගෝල සම්බන්ධය අතීතයේ ඉදන්ම අපි කතා කරන දෙයක්.
මේ මෑත කාලීනව අපිට මුණ ගැහෙන හරි අපූරු ගුරු ගෝල සම්බන්ධයක්.
සිරස Voice Teen වේදිකාවේදි මුණ ගැහෙන මේ දෙපල රටේම ආදරය දිනාගත්තා.
අභිෂේකා විමලවීර සහ ප්‍රණීර්ෂා ත්‍යාගරාජා ඒ් ආදරණිය දෙපලයි.
මේ ඒ් දෙන්නා ගායනා කරන අළුත්ම සින්දුව.
මීට ටික මෙහොතකට කලින් ඒ්ක ප්‍රේක්ෂක ඔබ වෙනුවෙන් එළිදැක්වුනා.
මේ ඒ් ගැන අභිෂේකා දැමූ ෆේස් බුක් සටහන සහ ඒ් අළුත්ම
එකමත් එක රටකින් ඔහු ඒවී
ඔබ ගෙන ඈතට යන්නට යාවී...
කඳුළැලි ගඟ ළඟ ඉකිබිඳ නාඬන්
රෝස කැළේ රතු කැකුළි....
මේ මම නිතරම මුමුණපු ගීයක්..
අවුරුදු ගාණක් ගතවෙලා...
හිනා මල් හිත පුරා පිපිලා..
"සබඳිනී" ලියන්න නම් ගියේ විනාඩි 10ක් වගේ පුංචි කාලයක්.ඒත් මේ ගීතයේ සංගීතය වෙනුවෙන් අපි ටිකක් මහන්සි වුණා.
ඇත්තටම ගීය ලියවුණේ ඊට පස්සෙ.
ඒ වගේම ඒ නාද මාලාවට ගැලපෙන රූප මවන්නත් ටික කාලයක් ගත වුණා...
ඉතින් ඒ හැමෝටම හුඟාක් ස්තූතියි..
අපේ අලුත් පරම්පරාවේ තිබුණු අර්ධ ශාස්ත්‍රීය ගීයක අඩුව මේ ගීතයෙන් යම් තරමකින් හෝ පුරවන්න පුළුවන් වේවි..
පුංචි රහසක් කියන්නම්.
දවසක ලස්සනටම හිනා වෙන්නෙ කාලෙකදි වැඩියෙන්ම අඩපු ඇස්.
සතුටු කඳුළු දුන් ඔබට මං හරිම ආදරෙයි.
හොද නිර්මාණයක් බිහි කරන්න හොද රසිකයෙක් ඕනෙමයි.
අද මම ප්‍රණීර්ෂා එක්ක අලුත් කතාවක් කියනවා..
ඉතින්...
"සබඳිනී" අද සිට ඔබේ....
අභී | ප්‍රණීර්ෂා !