$type=grid$count=5$meta=0$sn=0$rm=0$show=home

[TV]_$type=carousel$count=24$cols=7$cate=0$space=10$show=home

මට ජිවිතේ සතුටක් ලැබෙනව නම් මම යන්නේ සතුට තිබෙන තැනට.

කා අතරත් කතා බහවෙන ඒ වගේම කාගෙත් ආදරය දිනා ගත්ත,විශේෂයෙන්ම තරුණයන්ගේ ආකර්ෂණය දිනාගත්ත නවපරපුරේ රංගන ශිල්පිනියක් තමයි දිනිති වල්ගම කියන්නේ.‍ ...


කා අතරත් කතා බහවෙන ඒ වගේම කාගෙත් ආදරය දිනා ගත්ත,විශේෂයෙන්ම තරුණයන්ගේ ආකර්ෂණය දිනාගත්ත නවපරපුරේ රංගන ශිල්පිනියක් තමයි දිනිති වල්ගම කියන්නේ.‍

වෘත්තියෙන් ගුවන් සේවිකාවක් වන ඇය මෑතකදී තිරගත වුණු අශාවරී චිත්‍රපටය හරහාද වැඩි රසික ආදරයක් දිනා ගත්තාය. 

පසුගිය කාලයේ ඇයට සිදුවුණු ඇතැම් සිදුවීම් නිසා නිතර කතා බහට ලක්වුණු දිනිති මේ දිනවල පෙම්වතියක් වී ඇති බව සමාජ මාධ්‍ය තුළ විවිධ කටකතා හුවමාරු වෙනවා. 

මේ ඒ ගැන වගේම ඇගේ තොරතුරු ගැන දිනිති සති අන්ත පුවත්පතක් එක්ක කල කතා බහක් මේ.


ඔබ කුඩා කාලයේ සිටම රංගනයට දක්ෂතා දැක්වූ අයෙක්. කලා පවුලක අභාසය තිබියදීත් රංගනය වෘත්තියක් ලෙස තෝරා නොගැනීමට විශේෂ හේතුවක් තිබෙනවාද?

මගේ තාත්තා නාට්‍ය සහ රංග කලාව ගුරු උපදේශකවරයෙක්. මම මුලින්ම ස්ටේජ් එකකට නඟින්නේ අවුරුදු පහේදී. 

ඒ වගේම අවුරුදු හතේදී රාජ්‍ය නාට්‍ය සම්මාන උලෙළේදී  මුල්ම සම්මානය ලබා ගන්නවා. ඒ වගේම  නාට්‍ය ක්ෂේත්‍රයේ සෑම අංශයකින්ම සම්මාන ලබා ගැනීමට මට හැකි වුණා. එහෙම අත්දැකීම් සමඟ තමයි මම මේ ක්ෂේත්‍රයට පැමිණෙන්නේ. 

මම ප්‍රසිද්ධියට කැමැති කෙනෙක් නොවෙයි. මම කියන්නේ සරල විධියට ජීවත් වෙන්න කැමැති මනුස්සයෙක් සහ සරල විධියට ජීවත් වෙන්න පුළුවන් මනුස්සයෙක්. 

මම කිසිම දවසක හිතුවෙ නැහැ මගෙ පළමුවැනි ටෙලි නාට්‍යයෙන්ම මෙච්චර ප්‍රසිද්ධියක් ලැබෙයි කියලා. 

මම රඟපාන්නේ ආසාවට මිසක් රඟපෑම වෘත්තියක් කර ගැනීමේ බලාපොරොත්තුවෙන් නොවෙයි.


දිනිතිට සමාජ මාධ්‍ය තුළ  විවිධ ප්‍රතිචාර ලැබෙනවා. එම ලැබෙන ප්‍රතිචාර පිළිබඳව දිනිතිට සෑහීමකට පත් වෙන්න පුළුවන්ද?

සමාජ මාධ්‍ය ගැන මම වැඩිය සිතන්නේ නැහැ. මගේ ටචජඥඡධධඬ පේජ් එක කරන්න ඇඩ්මින් කෙනෙක් වෙනම සිටිනවා. 

ඇතැම් වෙලාවට මිනිස්සු දාන කමෙන්ට් ඔහු මට කියන්නෙත් නැහැ. මම සමාජ මාධ්‍යවල නිතර ගැවසෙන කෙනෙක් නෙවෙයි. 

කමෙන්ට් හොය හොය ඒවට රිප්ලයි කරනවට වඩා ඒ විනාඩි පහේ කාලය මගේ ජීවිතය සාර්ථක කර ගන්න මට වටිනවා. 

තවත් කෙනෙක්ගෙ හිත රිද්දලා තවත් කෙනෙක්ගෙ පෝස්ට් හදලා ශෙයා කරනවට වඩා ඒ වෙලාවෙත් තමන්ට කියලා දෙයක් කර ගත්ත නම් හොඳයි ඉතින්.  ඔය ගොඩක් කමෙන්ට් දාන්නේ කිසිම දෙයක් නැති මුකුත් කර ගන්න බැරි ගෙදරට වෙලා නිකම් ඉන්න මිනිස්සු.  

වැදගත් පවුලක වැදගත් විධියට අධ්‍යාපනයක් ලබපු කෙනෙක් තවත් කෙනෙක්ට කවදාවත් ඇඟිල්ලක් දික් කරන්නේ නැහැ. මම දෙයක් කරන්නේ මගේ ආත්ම තෘප්තිය වෙනුවෙන් මිසක් අනෙක් අය සතුටු කරන්න නෙවෙයි.


පසුගිය කාලයේ දිනිතිට බැනපු අයත් දැන් දිනිතිගෙ හොඳ කියනවා නේද?

මුහුද මැද නැවක් තිබුණට ඒ නැව ගිලෙන්නෙ නැහැනේ. 

නැව ඇතුළට වතුර ආවොත් තමයි නැව ගිලෙන්නේ. ඒ වගේ මිනිස්සු මට මොනවා කිව්වත් මට වැඩක් නෑ. 

 මම ගිලෙන්නෙ නැතිව මගේ ගමන මම යනවා. අපි කෙනකුට දෙයක් කියන විට දෙවරක් සිතන්න අවශ්‍යයි. මම දන්නවා මම කතා කරන්නේ හරි දේ කියලා. මට කෙනෙක්ගේ මූණ බලාගෙන බොරු කියන්න බැහැ.

 මම ඒ නිසා කියන්න තියෙන දේ කියනවා. කෙනෙක් දැක්ක පමණින් කෙනකු ගැන විනිශ්චයකට එළැඹෙන්නට එපා. 

මම ගැන දන්න අය දන්නවා මම කවුද කියලා. ඒ නිසා මම කවුරුත් කියන දේවල් ගැන වැඩිපුර හිතන්නේ නැහැ. 



දිනිති කරන ඇතැම් ප්‍රකාශවලට ඇතැම් විට පෙරළා ලැබෙන්නේ ‍‍දෝෂාරෝපනය ඒ පිළිබඳව මොකද සිතෙන්නේ?

මම දන්නේ නැහැ ඒක මගේ වොයිස් එකේ වැරැද්දක්ද කියලා. 

මම කියන්න තියෙන දේ මුණටම කියනවා. 

නිවැරැදි දේ මම හරියට කියන නිසා තමයි මට ගොඩක් අය බනින්නේ. පසුගියදා වුණ සිදුවීමෙනුත් වුණේ මගේ ප්‍රේක්ෂකයන් මට බැනපු එක විතරයි. 

එවැනි වීඩියෝ එකක් බලලා මනුස්සයෙක්ව විනිශ්චය කරනව නම් ඇත්තටම වැඩක් නැහැ. හැම කතාවකම දෙපැත්තක් තිබෙනවා. මොළයක් තිබෙන කෙනෙක් නම් දෙපැත්තම  විමසා බැලිය යුතුයි.


මොකක්ද මේ සංගීත් සතරසිංහ සහ ඔබ පෙම්වතුන් කියන කතාව?

එහෙම කතාවක් මම දන්නේ නැහැ. 

මම, සංගීත්, දෙව්නක, අංජලී, හෂිනි, සංගීත්ගේ අම්මි, තාත්ති අපි හැමෝම යහළුවෝ. 

මම වැටුණු වෙලාවක මට ප්‍රශ්නයක් පැමිණෙන වෙලාවක  මම සමඟ  සිටින පිරිස තමයි ඔවුන්. පවුලක් වගේ මගේ ළඟින් හිටියේ එයාලා. 

ඔවුන් සමඟ සිටින විට  හරිම සැහැල්ලුයි. සංගීත්ගේ අම්මි වුණත් අපිව ළමයි වගේ බලා ගන්නවා. හොඳ මිනිසුන්ට හොඳ මිනිස්සු හම්බවෙනවා. අපි එක පවුලක් වගේ. සංගීත්ගේ පවුලේ අය සමඟ සිටිනකොට මට එතැන ආරක්ෂාවක් තිබෙනවා කියලා දැනෙනවා. 

මමත් ජීවිතේ විඳින මනුස්සයෙක්. එයාලත් ජීවිතේ විඳන මිනිස්සු. මට ජිවිතේ සතුටක් ලැබෙනව නම් මම යන්නේ සතුට තිබෙන තැනට.


සංගීත් සමඟම වැඩිපුර වීඩියෝවල පෙනී සිටින්නට හේතුවක් තිබෙනවාද?

අපේ කට්ටිය කොහොමත් දක්ෂයි. ගැළපෙනවා වගේ පෙනෙන දෙන්නෙක් කපල් කරන්න. අපි දෙන්නට ගොඩක් වැඩ සටහන්වලට කතා කරන්නේ එකට. ඒවා අපි ඉල්ලගෙන යන වැඩසටහන් නෙවෙයි. 

ඔවුන්මයි අපිට කතා කරන්නේ. එකට YouTube වීඩියෝ එහෙම කරනකොට කට්ටිය ඉතින් කතා හදනවා. 

ඕක ඉතින් සාමාන්‍ය දෙයක්නේ. අපි දෙන්නට එකට ගැවසෙන්න වෙලාව හම්බවෙනවා. ඒවා සාමාන්‍යයි.



ඒ කියන්නේ සංගීත් සහ ඔබ යහළුවන් පමණයිද?

ඔව්. මම සහ සංගීත් දැනට හොඳ යහළුවන් පමණයි. ඇතැම් විට වෙන්න පුළුවන් දේවල් තිබෙනවා. ඇතැම් විට නොවෙන්නට පුළුවන් දේවල් තිබෙනවා. 

අපේ ගැළපීමක් තිබෙනවා නම් ඉදිරියේදී එකතු වෙයි. 

ඉදිරියේදී කුමක් වෙයිද කියන්න බැහැනේ. අපිට අනාගතය තීරණය කරන්න බැහැ. දැනට ඔහු සහ මම හොඳම යහළුවන් පමණයි.


දිනිති ළඟදීම විවාහ වෙයිද?

මට මගේ තාත්තා වගේ ආදරය කරන කෙනෙක් ලැබෙනකම් මම ඉන්නවා. මගේ තාත්තා මගේ අම්මට ආදරය කරනවා වගේ මටත් ආදරය කරන කෙනෙක් ලැබුණොත් මම අනිවාර්යෙන්ම විවාහ වේවි. 

හොඳ කෙනෙක් ලැබෙයි. එතකම් මේ විධියට ඉන්නවා. මම හිතන්නේ නැහැ ඒක කාටවත් ප්‍රශ්නයක් වෙයි කියලා.


අනාගත බලාපොරොත්තු කොහොමද?

අද දවස ජීවිතේ විඳින්නයි මට ඕනේ. 

මම ඊයේ වෙච්චි දේ ගැන දුක් වෙන්නේවත්, දැකලා නැති හෙට ගැන හිතන්නේවත් නැහැ. අද දවස ලැබුණ තෑග්ගක්. 

ඒ අද දවසට මම ආසයි. ඒ දවස සතුටින් ඉන්නයි මට ඕනේ.


සචිනි බස්නායක

[MUSIC]_$type=carousel$count=4$cols=4$cate=0

[ON LOCATION]_$type=left$va=0$count=3

[BOLLYWOOD]_$type=right$va=0$count=3

[CHIT CHAT]_$type=three$count=3$h=360$author=hide$comment=hide$date=hide

[FRESHERS]_$type=carousel$count=5$cols=4$cate=0$h=360

Logo

[GOSSIP]_$type=three$count=3$h=360$rm=hide$author=hide$comment=hide$date=hide

[STAR TALKS]_$type=three$count=3$h=360$author=hide$comment=hide$date=hide

Name

accident,1,BestCovers,1,bollwood,7,Bollywood,31,ChitChat,18,Cinema,28,Cinematic,9,Dance,6,Fashion,18,Featured,1,Freshers,5,Gossip,61,HotPoses,22,Interview,24,MoviePremieres,13,Music,23,News,40,on location,2,Photos,15,StarTalks,18,Trending,6,TV,51,Video,12,
ltr
item
Star Gossip - BottomLine News: මට ජිවිතේ සතුටක් ලැබෙනව නම් මම යන්නේ සතුට තිබෙන තැනට.
මට ජිවිතේ සතුටක් ලැබෙනව නම් මම යන්නේ සතුට තිබෙන තැනට.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgqr9O4TvlRYBNcGuJuUiGu7PxWMW8VUlBcIumQoPTwykfu9CCsB0BGJOp-q_U4yYXs5qZIH2I337KrWuDT8jUh0Z05PXxvsRZ3p4UxDSCex-cqt83CBlKWG5A2xisYIf_XfeSfUdqafKzagCN3dfeC0CBnk6cdEwoCEYj-djWmi0lausfl2Dutm3q-/s16000/dinithi%204.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgqr9O4TvlRYBNcGuJuUiGu7PxWMW8VUlBcIumQoPTwykfu9CCsB0BGJOp-q_U4yYXs5qZIH2I337KrWuDT8jUh0Z05PXxvsRZ3p4UxDSCex-cqt83CBlKWG5A2xisYIf_XfeSfUdqafKzagCN3dfeC0CBnk6cdEwoCEYj-djWmi0lausfl2Dutm3q-/s72-c/dinithi%204.jpg
Star Gossip - BottomLine News
https://stargossip.bottomline.asia/2022/08/30-dinithi-walgama-interview-.html
https://stargossip.bottomline.asia/
https://stargossip.bottomline.asia/
https://stargossip.bottomline.asia/2022/08/30-dinithi-walgama-interview-.html
true
3404992472536326279
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL View Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU CATEGORY ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS PREMIUM CONTENT IS LOCKED STEP 1: Share to a social network STEP 2: Click the link on your social network Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy Table of Content