$type=grid$count=5$meta=0$sn=0$rm=0$show=home

[TV]_$type=carousel$count=24$cols=7$cate=0$space=10$show=home

ආදරය කරන්නවත් විවාහ වෙන්නවත් සුදුසු තැනක නෙමෙයි මම ඉන්නෙ

රංගන ශිල්පිනියක් වෙන්න රූපය වගේම රංගන කෞෂල්‍යයත් තියෙන්නම ඕන. මේ කතා බහ එහෙම කෙනෙක් එක්ක. නවක පරපුරේ අතිශය ජනප්‍රිය රංගන ශිල්පිනියක් තමයි නි...



රංගන ශිල්පිනියක් වෙන්න රූපය වගේම රංගන කෞෂල්‍යයත් තියෙන්නම ඕන.

මේ කතා බහ එහෙම කෙනෙක් එක්ක.

නවක පරපුරේ අතිශය ජනප්‍රිය රංගන ශිල්පිනියක් තමයි නිලූෂි පවන්‍යා

මේ දවස් වල විකාශය වන දිවි තුරුා ටෙලිනාට්‍යය හරහා ඇය අපේ අලින්දයට එනවා.

සති අන්ත පුවත්පතකට කාලෙකට පසු ඇය,ඇය ගැන කියලා තිබුණා.

මෙන්න ඒ විස්තරේ. 

දිවිතුරා හි වින්ඩිට ලැබෙන ප්‍රතිචාර කොහොමද?

මේ වන විට ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙමින් පවතිනව. පොඩි ළමයි පවා දිවිතුරා නාට්‍ය බලනව. 

මගතොටදි කෙනෙක් දැක්කත් කියනව අපි කරන්ට් එක ගියත් ඔයාට බැන බැන ෆෝන් එකෙන් හරි කතාව බලනව කියල. 

මම කරන්නෙ නපුරු චරිතයක් වුණත් ඒකට ගොඩක් දෙනෙක් ආදරය කරනව.

ආදරයේදි නිලූෂිත් වින්ඩි වගේද?

වින්ඩි එක්කෙනෙකුට ආදරය කරමින් එයාව කොහොම හරි ලබාගන්න හැමදේම කරනව. 

ඇත්තම කිව්වොත් මම වින්ඩි වගේ නෙමෙයි. 

ආදරයේදි මම හරි අවංකයි. නමුත් ආදරය ලබාගන්න පස්සෙන් යන්නෙ නැහැ.

ඔබ ආදරයෙන් පරාද වෙලා තියෙනව?

ඔව්” එහෙම වුණ අවස්ථා තියෙනව. බොරුවක් කරනව කියන දේ දැනගත්ත තැනදි මම ඉක්මනින්ම එතැනින් ඉවත් වෙනව. 

ආදරයේදි විතරක් නෙමෙයි” බොරුව කියන දේට මම කොහොමවත් කැමති නැහැ. 

වැරැද්දකදි වුණත් බොරුවක් කියල නැති ප්‍රශ්න ගොඩක් ඇතිකරගන්නවට වඩා ඇත්ත කියල ඒක එතනින් ඉවරකරගන්න එකයි හොඳම දේ.

නිලූෂි මොන වගේ චරිතයක්ද?

ඇත්තටම මම රංගන ශිල්පිනියක් වෙන්නෙ මගේ වෘත්තිය ඇතුළෙදි විතරයි. 

ඉන් පරිබාහිරව බොහොම සරල සාමාන්‍ය කෙනෙක්. අනිත් අයගෙ වගේ මගෙ ලොකුකම් නෑ. සමහර අවස්ථාවලදි අදටත් මම බස් එකේ යනව.


වින්ඩි නිසා වෙනත් ආරාධනා ලැබුණද?

ඔව්” වින්ඩි නිසා මට ආරාධනා ගොඩක් ලැබුණ. ඒ අතරින් සමහර ඒවා ප්‍රතික්‍ෂේප කරන්න සිදු වුණා. ලද බොළඳ චරිතවලට” පෙම්වතා පෙම්වතිය වගේ චරිතවලට මම කැමති නැහැ. 

මට දෙයක් කරන්න පුළුවන් කියල හිතෙන චරිතයක් ලැබුණොත් මම භාරගන්නව. 

ලැබෙන හැම චරිතයක්ම භාරගන්නවට වඩා තෝරාබේරාගෙන හොඳ චරිතයක් කරන එක තමයි හොඳම දේ කියල මම හිතන්නෙ.



මේ දිනවල ඔබ වින්ඩි චරිතයට පමණක් සීමා වෙනව?

මේ දවස්වල නම් වින්ඩි චරිතයෙන් විතරයි මාව දකින්න ලැබෙන්නෙ. මම රංගනයෙන් එකතු වුණ ටෙලි නාට්‍ය තුනක් විකාශනය වීමට නියමිතව තියෙනව. 

සමන්කුමාර ලියනගේමහත්මයාගෙ ‘ඇවිත් මාව හම්බ වෙන්න, චන්දන ලියනගුණවර්ධන මහත්මයා නිෂ්පාදනය කළ ‘ශිතාංගි. සහ ‘කළු දල රළ. කියන ටෙලි නාට්‍ය තුන අතරින් ‘ශිතාංගි. සහ ‘කළු දල රළ. යන දෙක ඉක්මණින්ම විකාශනය වෙයි කියල බලාපොරොත්තු වෙනව.

නර්තන කටයුතු?

කාර්යබහුලත්වයත් එක්ක නර්තනයෙන් ගොඩක් ඈත් වෙන්න සිද්ධ වුණා. නමුත් මේ දිනවල මගේ යූ ටියුබ් චැනල් එකට අප්ලෝඩ් කරන්න ඩාන්සින් කවර්ස් කිහිපයක් කරගෙන යනව.

මේ දිනවල සමාජමාධ්‍යවල ඔබට සම්බන්ධ වීඩියෝවක් සංසරණය වෙනවා?

ගොඩක් දෙනෙක් මගෙන් මේ ගැන ඇහුව. ඇත්තටම ඒ කතාව මෙහෙමයි මගේ හොඳම යාළුව ඩොක්ටර් ප්‍රමිලා. 

අපි දෙන්නා හඳුනගෙන පොඩි කාලයක් ගත වුණත් එයා මානුෂීය පැත්තෙන් ගත්තාම මිනිස්සුන්ට උදව් කරන හරිම හොඳ චරිතයක්. 

ඇයගේ ෆ්‍රී ෂූට් එකට හැඩගැන්වීම සිදු කළේ චන්දිමාල් අයිය. ඒ වෙලාවෙ ගත්ත වීඩියෝ එකක් තමයි මේ එහෙට මෙහෙට යන්නෙ.



චන්දිමාල් ඔබේ පෙම්වතා කියලත් කතාවක් යනව?

චන්දිමාල් අයියව මම හඳුනන්නෙ ගොඩක් කල් ඉඳන්. මම එක්තරා මිස් ශ්‍රී ලංකා තරගයකදි ඔහු සහ ඔහුගේ කණ්ඩායම ඇවිත් අපිව හැඩගැන්වීම සිදු කළා. එතනදි තමයි මම ඔහුව හඳුනා ගන්නෙ. අපි දැන් හොඳ යාළුවො.

ගොසිප්ස් ගැන මොකද හිතන්නෙ?

ගොසිප්ස් ගැන නම් මම ලොකුවට හිතන්නෙ නැහැ. මොකද අපි හොඳට හිටියත් නරකට හිටියත් කියන කතා කොහොමත් කියනව. 

මගෙ යාළුවෙකුට කෙනෙක් කියල තිබුණ මට එපාර්ට්මන්ට් එකක් අරන්දීල තියෙනව” වාහනයක් අරන්දීල තියෙනව කියල. 

මම ඉන්න විදිහ යන එන විදිහ මගේ යාළුව දන්න නිසා ඇය ඒ වෙලාවෙ ඒ කෙනාට මං ගැන කියල තියෙනව. 

මම කැම්පස් යන කලෙ හිටපු තැන තමයි අදටත් ඉන්නෙ. මේ දවස්වල දිවිතුරා ටෙලි නාට්‍යයේ ජනප්‍රියත්වයත් එක්ක මේ කතා තවත් වැඩිවෙලා. මේ කතා හදන්නෙ අපේ ඇත්ත තත්ත්වය දැනගෙන නෙමෙයි. 

මම ඒ අයට අභියෝග කරනව මගේ ඉස්සරහට ඇවිත් මේ කතා ඔප්පු කරල පෙන්නන්න කියල. මම ජීවත් වෙන්නෙ නිදහසේ මැරෙන්න පුළුවන් විදිහට.

වින්ඩි ජනප්‍රිය නිසාද මේ කතා හැදෙන්නෙ?

මම මීට කලින් ටෙලි නාට්‍යවලට සම්බන්ධ වෙලා තිබුණත් ඒ චරිත ගොඩක් ජනප්‍රිය වෙලා නැහැ. මිනිස්සු අතරට ගිය එකම චරිතය වුණේ වින්ඩි. මේ ජනප්‍රියත්වය එක්ක තමයි කට කතා හැදිල තියෙන්නෙ.

වින්ඩි නිලූෂිගේ ජීවිතය වෙනස් කළාද අවුල් කළාද?

වින්ඩි කියන්නෙ මගෙ ජීවිතයේ හැරවුම් ලක්‍ෂයක්. ඊෂාට වළකපන චරිතයක් නිසා මිනිස්සු වින්ඩි ගැන වෛරයක් ඇතිකරගත්තත් කොච්චර නපුරු වුණත් මිනිස්සු ඒ චරිතයට ආදරෙයි.

නිලූෂිත් වින්ඩි වගේ හැසිරුණ අවස්ථා තියෙනවද?

නැහැ මම කාටවත් වෛර කරන කෙනෙක් නෙමෙයි. මම ගැටුම් ඇතිකරගන්න ආස නැහැ. කෙනෙක් මට බැන්නත් මම නිහඬ වෙලා පැත්තකට වෙනව. ඒක තමයි හොඳම විසඳුම.

වින්ඩි නිසා ජනප්‍රිය චරිත වලින් ආදර යෝජනා එනව කියන්නෙ?

එහෙම විශේෂයක් නැහැ. ආදර යෝජනා විවාහ යෝජනා එනව. ඒක ගැහැනු ළමයකුට සාමාන්‍යයෙන් වෙන දෙයක්නෙ. 

නමුත් මම හිතනව ආදරය කරන්නවත් විවාහ වෙන්නවත් සුදුසු තැනක නෙමෙයි මම ඉන්නෙ කියල. 

නමුත් අපි ජනප්‍රිය වෙනකොට සමහර අය කියනව දැන් ඔයා ජනප්‍රියයි” ලොකු සල්ලිකාරයෙක් හොයාගෙන විවාහ වෙන්න කියල. 

සල්ලි ඕන නම් මට මේ දැනුත් බඳින්න පුළුවන්. නමුත් මම ජනප්‍රිය වුණත් නැතත් මම හිතන්නෙ නැහැ මම සල්ලිකාරයෙක් එක්ක විවාහ වෙන්න ඕන කියල. 

මාව තේරුම්ගත්ත” මට ආදරය කරන” ආදරයෙන් ජීවත් වෙන්න පුළුවන් කෙනෙක් එක්ක තමයි මම විවාහ වෙන් ඕන කියන දේ තමයි මම නිතරම හිතන්නෙ.

ඔබ ආදරය කළා?

ඔව් මම ආදරය කළා. ඒ සම්බන්ධය අවුරුදු තුන හතරක්ම තිබුණ. නමුත් අතරමගදි අපි ඒ සම්බන්ධය නතර කරනව. 

ඒකට එකම හේතුව වුණේ අපේ නොගැලපීම. මම අදටත් කැමතියි එයා එයාට ගැළපෙන නෙනෙක් එක්ක විවාහ වෙලා සතුටින් ඉන්නව නම්. 

ලබන අවුරුද්දෙදි මගේ ජීවිතයේත් ලොකු වෙනසක් සිදු වේවි.


මහේෂ් එදිරිසිංහ


[MUSIC]_$type=carousel$count=4$cols=4$cate=0

[ON LOCATION]_$type=left$va=0$count=3

[BOLLYWOOD]_$type=right$va=0$count=3

[CHIT CHAT]_$type=three$count=3$h=360$author=hide$comment=hide$date=hide

[FRESHERS]_$type=carousel$count=5$cols=4$cate=0$h=360

Logo

[GOSSIP]_$type=three$count=3$h=360$rm=hide$author=hide$comment=hide$date=hide

[STAR TALKS]_$type=three$count=3$h=360$author=hide$comment=hide$date=hide

Name

accident,1,BestCovers,1,bollwood,7,Bollywood,31,ChitChat,18,Cinema,28,Cinematic,9,Dance,6,Fashion,18,Featured,1,Freshers,5,Gossip,61,HotPoses,22,Interview,24,MoviePremieres,13,Music,23,News,40,on location,2,Photos,15,StarTalks,18,Trending,6,TV,51,Video,12,
ltr
item
Star Gossip - BottomLine News: ආදරය කරන්නවත් විවාහ වෙන්නවත් සුදුසු තැනක නෙමෙයි මම ඉන්නෙ
ආදරය කරන්නවත් විවාහ වෙන්නවත් සුදුසු තැනක නෙමෙයි මම ඉන්නෙ
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjE2uajTDLsV15pEKZalV0p-rku891SmluAV_OegsCtw1D7ZN3QeshoM_wC0iIShIzvgP4Ukq10yGhxjAJgPBGdivplClccICbsxx9JTbPqsbODxP2VOafFgd1iL-Vx_BM4-zzHl9mt86JDSAO_s6h15FWlyfY56aqaCebWwaVuU-Zgq_q6Bls7P7tJ/s16000/vindi3124.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjE2uajTDLsV15pEKZalV0p-rku891SmluAV_OegsCtw1D7ZN3QeshoM_wC0iIShIzvgP4Ukq10yGhxjAJgPBGdivplClccICbsxx9JTbPqsbODxP2VOafFgd1iL-Vx_BM4-zzHl9mt86JDSAO_s6h15FWlyfY56aqaCebWwaVuU-Zgq_q6Bls7P7tJ/s72-c/vindi3124.jpg
Star Gossip - BottomLine News
https://stargossip.bottomline.asia/2022/08/29-nilushi-pawanya-interview-divthura-drama.html
https://stargossip.bottomline.asia/
https://stargossip.bottomline.asia/
https://stargossip.bottomline.asia/2022/08/29-nilushi-pawanya-interview-divthura-drama.html
true
3404992472536326279
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL View Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU CATEGORY ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS PREMIUM CONTENT IS LOCKED STEP 1: Share to a social network STEP 2: Click the link on your social network Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy Table of Content