ජනප්‍රිය , සම්මානනීය රංගන ශිල්පිනී මේනකා පීරිස් කලකට පසු තම පුතුගේ පළමු උපන්දිනය සමරමින් හඬ අවදි කරයි. රංගන ක්ෂේත්‍රයට එන යන නළු නිළියන් අ...
ජනප්‍රිය , සම්මානනීය රංගන ශිල්පිනී මේනකා පීරිස් කලකට පසු තම පුතුගේ පළමු උපන්දිනය සමරමින් හඬ අවදි කරයි.
රංගන ක්ෂේත්‍රයට එන යන නළු නිළියන් අතරේ ප්‍රේක්ෂක හදවත්වල හැමදාම මතක තිබෙන චරිතයක් තමයි මේනකා පීරිස් කියන්නේ.
රංගනයට, නර්තනය වගේම නිවේදනයටත් උපන් හපන්කම් ඇති ඇය ක්ෂේත්‍රයට ඇවිත් ඉතාම කෙටි කාලයකින් හොඳම නිළිය ඇතුළු සම්මාන රැසක් දිනාගන්න සමත් වුණා.
ඒ වගේම නර්තන ගුරුවරියක විදියට දරුවන් දහස් ගණනකගේ නර්තන හැකියාවන් වැඩිදියුණු කිරීමටත් ඇය කටයුතු කර තිබුණා.
නමුත් මේනකා ගැන පහුගිය කාලයේ කිසිම තොරතුරක් දැනගන්න නොලැබුණ නිසාම අපි හිතුවා ඇයට මොකද වුණේ කියලා හොයලා බලන්න.
ගෙවුණ වසර දෙකක කාලය තුළ මේනකා පීරිස්ගේ පුද්ගලික ජීවිතය අළලා සමාජ මාධ්‍ය හා විවිධ වෙබ් අඩවි හරහා ඇයට වගකීම් විරහිතව චෝදනා හා මඩ ප්‍රහාර එල්ල කර තිබුණා.
ඒ කිසිදු චෝදනාවකට පිළිතුරු නොදී නිවැරදි මොහොත එනතුරු තමන් නිහඬව සිටීමට තීරණය කළ බවයි මේනකා පැවසුවේ.
කොහොම නමුත් අද වන විට මේනකා පීරිස් සාර්ථක යුග දිවියක් ගත කරනවා. දැන් ඇය පුංචි සුරතල් පුතෙකුගේ ආදරණීය මවක්.
මේනකා විවාහ වී සිටින්නේ කලක් මාධ්‍ය ක්ෂේත්‍රයේ කටයුතු කළ, ප්‍රචාරක ක්ෂේත්‍රයට සම්බන්ධව කටයුතු කරන සදර්න් ටර්න් නෙට්වර්ක්ස් ප්‍රචාරක ආයතනයේ හිමිකරු ඩිල්ෂාන් පතිරණ සමඟයි.
මේනකාගේ එකම ආශාව වුණේ උතුම් වූ මව් පදවිය ලැබීමයි. අද ඇය සාර්ථක යුග දිවියක් ගෙවමින් ඒ උතුම් අරමුණ ඉටුකරගෙන තිබෙනවා.
ඉතින් මේනකාගේත් ඩිල්ෂාන්ගේත් පුංචි පවුලේ අලුත්ම සාමාජිකයා විද්වාන් පුංචි පුතුගේ පළවෙනි උපන්දිනය මේනකා ඇගේ සැමියා ඩිල්ෂාන් පතිරණ එක්ක සැමරුවේ මෙන්න මෙහෙමයි