ජනාධිපති සමාව ලැබූ හිටපු රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මීට සුළු මොහොතකට පෙර වැලිකඩ බන්ධනාගාරයෙන් පිටටත පැමිණියා අධිකරණයට අපහාස කිරීම සම්බන්ධ...
ජනාධිපති සමාව ලැබූ හිටපු රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මීට සුළු මොහොතකට පෙර වැලිකඩ බන්ධනාගාරයෙන් පිටටත පැමිණියා
අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් වරදකරුව සිර දඬුවම් ලබන හිටපු රාජ්‍ය ඇමති රන්ජන් රාමනායකට ජනාධිපති සමාව ලබා දීම සම්බන්ධයෙන් වූ ලේඛනයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (අගෝ. 26) අත්සන් තබා තිබේ.
මින් ඉදිරියට අධිකරණයට අපහාස වන කිසිදු ප්‍රකාශයක් හෝ ක්‍රියාවක් සිදු නොකරන ලෙස වන කොන්දේසි සහිත සමාවක් ලබා දීමට ජනාධිපතිවරයා එහිදී කටයුතු කර ඇත.
රන්ජන් රාමනායක මහතාට නිදහස ලබාදීම සම්බන්ධයෙන් ඉදිරි කටයුතු සිදු කිරීමට අධිකරණ අමාත්‍යංශ ලේකම්වරයාට පැවරීමට ද කටයුතු කර තිබේ.