සිය නර්තන කුසලතාව තුළින් ලාංකේය සිනමාව වර්ණවත් කළ ඇය ඉතාම දක්ෂ නර්තන ශිල්පිනියක් වගේම දක්ෂ රංගන ශිල්පිනියක් ද වනවා. 90 දශකයේ ඇයගේ සිනමා ගමන...
සිය නර්තන කුසලතාව තුළින් ලාංකේය සිනමාව වර්ණවත් කළ ඇය ඉතාම දක්ෂ නර්තන ශිල්පිනියක් වගේම දක්ෂ රංගන ශිල්පිනියක් ද වනවා.
90 දශකයේ ඇයගේ සිනමා ගමන ආරම්භ වූ දා පටන් අද දක්වාම නොවෙනස් සුන්දරත්වයකින් රිදී තිරය සරසන ඇය, නම කියූ සැණින් කවුරුත් හඳුනන අනූෂා දමයන්තියි.
ඇයගේ ජීවිතයේ සුබ වෙනසක් සිදු වීමට යන බව සති අන්ත පුවත්පතකට මෙන්න මෙහෙම කියලා තිබුණා.
කොහොමද මේ දවස්වල ජීවිතේ?
රටේ අනිත් හැමෝටම වගේම මටත් ජීවිතේ හොඳටම හොඳ නැහැ. ටිකක් අමාරුයි තමයි නමුත් හොඳින් සිටිනවා.
මේ දවස්වල වැඩිපුර දකින්න නැත්තේ ඇයි?
මම කොහොමත් වැඩිපුර ටෙලිනාට්‍යය තුළින් දකින්න ලැබුණු කෙනෙක් නොවෙයි. පසුගිය කාලයේ මහවිරු පණ්ඩු ටෙලි නාට්‍ය තුළින් තමයි මාව දැකගන්න ලැබුණේ. ඉස්සර විවිධ ප්‍රාසාංගික උත්සව, සම්මාන උළෙලවල් සහ විවිධ වැඩසටහන් රූපවාහිනිය හරහා පැවැත්වුවා.
මම ඒවාට සම්බන්ධ වුණා. නමුත් පසුගිය කාලයේ එවැනි ආරාධනා මම භාරගත්තේ නැහැ. මොකද රටේ පවතින තත්ත්වය සමඟ බොහෝ මිනිසුන් ජීවත් වන්නේ අපහසුවෙන්.
ඉතින් අපි පමණක් සතුටු වෙන එක සුදුසු නැති නිසා ඒවාට සම්බන්ධ වුණේ නැහැ
මේ දිනවල සිදුකෙරෙන නිර්මාණ කටයුතු මොනවාද?
මේ දිනවල කලා කටයුතු කෙරෙන්නෙත් බොහොම අඩුවෙන්. මම ටෙලි නාට්‍යවලට සම්බන්ධ වන්නේ කලාතුරකින්.
නමුත් මම මේ කාලය තුළ ටෙලි නාට්‍යය හතරකට පමණ සම්බන්ධ වුණා. චිත්‍රපට දෙක තුනකට ආරාධනා ලැබුණත්, රටේ තත්ත්වය නිසා ඒවායේ වැඩ කල් ගියා.
ඉස්සර නම් නර්තන ප්‍රසංග බොහෝ ප්‍රමාණයක් සංවිධානය කෙරෙනවා. නමුත් මේ වන විට ප්‍රසංග සංවිධානය වීම සියයට පනහක් පමණ අඩු වෙලා තිබෙන්නේ.
නර්තනය පිළිබඳව ඔබට තිබෙන අත්දැකීම් යොදාගෙන අලුත් යමක් කරන්න අදහසක් නැද්ද?
ඇත්තටම වයස් භේදයකින් තොරව බොහෝ දෙනෙක් කතා කරන්නේ මගේ නර්තනය ගැන. ඒ නිසා නර්තනය පැත්තෙන් යමක් කළ යුතුයි කියලා මම විශ්වාස කරනවා.
මගේම යූ ටියුබ් නාළිකාවක් ආරම්භ කරලා නර්තනය පැත්තෙන් විශාල කාර්යයක් කරන්න මම බලාපොරොත්තු වෙනවා.
ඒ වගේම ලබන අවුරුද්දේ දී නර්තන පාසලක් ආරම්භ කරන්නත් බලාපොරොත්තුවක් තිබෙනවා.
ඔබෙන් පසු පරම්පරාවේ නර්තනයට ඉතාම දක්ෂ පිරිසක් බිහිවී සිටිනවා. ඒ ගැන මොකද සිතෙන්නේ?
ඇත්තටම ගොඩක් සතුටුයි. නව පරපුරේ දක්ෂයන් බොහෝමයක් සිටිනවා. පසුගියදා ලිට්ල් ස්ටාර් තරගයෙන් බිහිවූ නවතම ළමා නර්තන තරුව බිනර. ඔහු හරිම දක්ෂයි. ඔවුන්ට අතහිත දිය යුතුයි.
ඒ වගේම ක්ෂේත්රය තුළත් නර්තනයට දස්කම් දක්වන රංගන ශිල්පීන් සහ ශිල්පිනියන් සිටිනවා. ඔවුන් අන්තර්ජාතික නර්තන ශෛලීන් අත්හදා බලමින් නර්තනයේ යෙදෙනවා. ඔවුන් ගැන ඉතාම සතුටුයි.
නමුත් ඔවුන්ට අවස්ථා නොලැබීම ගැන ඉතාම කනගාටුවක් තිබෙනවා. සිනමා නිර්මාණ වුවත් මේ කාලයේ කෙරෙන්නේ අඩුවෙන් නිසා ඔවුන්ගේ දක්ෂතාවන් පෙන්වීමට තිබෙන ඉඩ අඩු වීම හරිම අපරාදයක්.
පසුගිය කාලයේ වරින් වර ඔබට විවිධ චෝදනා එල්ල වුණා. ඒ ගැන ඔබට මොකද කියන්න තිබෙන්නේ?
ඒ හැම චෝදනාවකදීම මම නිහඬ වුණා. ඒ චෝදනාවලට හොඳම උත්තරය තමයි ඒක. බොරුවට කවදාවත් පැවැත්මක් නැහැ.
ඒ චෝදනා ඇත්ත නම් දිගින් දිගටම ප්‍රචලිත වෙන්න ඕනෑ. ඒ ගැන කතා කරන්න ඕනෑ නේ. නමුත් මාව හදුනන ප්‍රේක්ෂකයන් සහ මා අවට සිටින පුද්ගලයන් අනූෂා දමයන්ති කියන්නේ කවුද කියලා දන්නවා.
මට මඩ ගහන්න උත්සාහ කළ, මාව මානසිකව වට්ටන්න උත්සාහ කළ පුද්ගලයන් පරාජය වුණා.
කලාකාරිනියක් විධියට මේ මොහොතේ රටේ තිබෙන තත්ත්වය ගැන කතා කළොත්?
මිනිසුන් විධියට අපි කවුරුත් කැමැතියි සිනහා වෙලා සතුටින් ජීවත් වෙන්න. නමුත් මිනිසුන් මේ මොහොතේ ආවේගශීලී වී සිටින්නේ ඔවුන්ගේ ජීවිත ගෙනියන්න නොහැකිව බලාපොරොත්තු කඩවෙලා තිබෙන නිසයි.
සතුටින් ජීවත් වෙන්න පුළුවන් සාමකාමී පරිසරයක් තිබෙන රටක් තමයි අපි කාගෙත් බලාපොරොත්තුව. ලෝක වසංගතයක් ඇතුළුව ව්‍යසන කිහිපයකටම අපේ රට හසුවෙලා තිබෙනවා.
මට මේ වෙලාවේ දැනෙන්නේ එකම දෙයයි. පාට පක්ෂ භේදයකින් තොරව සියලු දෙනාම එකමුතු වෙලා මේ රට ගොඩනඟන්න ඕනෑ කියලා මම සිතනවා. රටක් ගොඩනැඟුනට පසුව අපිට දේශපාලනය කරන්න පුළුවන්.
අපි කැමැති නායකයො තෝරාගන්න පුළුවන්.
අරගල කරන්න පුළුවන්. අපි මුලින්ම අපි සිටින රට ප්‍රවේසම් කරගන්න ඕනෑ. අපි හරි බලවත් රටක්, අපිට නැඟිටින්න පුළුවන් කියලා මම හැමදාමත් විශ්වාස කරනවා.
ඔබ නියෝජනය කළ දේශපාලන මතය ගැන අද පසුතැවීමක් තිබෙනවාද?
ඒ තීරණය ගැන පසුතැවෙනවාද කියන එක නොවෙයි ගැටලුව. 69 ලක්ෂයක් ජනතාව ඒ මතයේ සිටියා.
එය අපේ රටේ හෙට දවස වෙනුවෙන් ගත් තීරණයක්. ඕනෑම කෙනකුගේ ජීවිතයක බිඳවැටීම්, කඩාවැටීම්, වැරදි තීරණ ගැනීම්, සාර්ථකවීම්, අසාර්ථකවීම් සිදුවෙන්න පුළුවන්.
දේශපාලනයේදී වුවත් මේ කාරණාව සාපේක්ෂයි. අපි හැමෝම සිතුවේ හොඳ රටක් ගොඩනඟන්න අදත් අපි සටන් කරන්නේ ඒ දේම තමයි.
ඉදිරියේදී දේශපාලනයට සම්බන්ධ වීමට අදහසක් තිබෙනවාද?
නැහැ. එදත් අදත් හෙටත් මගේ ප්‍රමුඛත්වය කලාවම පමණයි.
ඔබේ ජීවිතයේ නැවුම් වෙනසක් සිදුවීමට යන බව අපට ආරංචි වුණා. ඒක ඇත්තද?
ඔව්. මම මේ අවුරුද්ද තුළ අනිවාර්යයෙන්ම විවාහ වෙනවා. මගේ විවාහය ඇත්තටම සැලසුම් කළේ 2019දී.
විශාල පිරිසකට ආරාධනා කරලා විශාල විවාහ මංගල්‍යයක් පවත්වන්න මම සැලසුම් කළා. කාඩ් පවා බෙදලා සියලු දේවල් සූදානම් කරලා තිබෙන විට තමයි පාස්කු ප්‍රහාරය සිදුවුණේ.
ඉතින් ඒ වෙලාවෙ බොහෝ දෙනෙක්ට විවාහයට සහභාගි වීමේ ගැටලු මතුවෙන්න පුළුවන් නිසා මම විවාහය කල් දැම්මා. ඉන් පසුව කොවිඩ් වසංගතය පැමිණියා. දැන් තිබෙන ලොකුම ගැටලුව රටේ පවතින තත්ත්වය සහ ආර්ථිකය සමඟ එවැනි විශාල විවාහ උත්සවයක් ගන්න බැහැ කියන එක.
ක්ෂේත්‍ර ගණනාවක මම ඇසුරු කරන හිතවතුන් බොහෝ පිරිසක් සිටිනවා. ඉතින් කවුරු හරි මඟහැරුණොත් ඔවුන් තරහා වෙයිද කියලා බයයි. විවාහය මොන ආකාරයෙන්ද පවත්වන්නේ කියලා තවම හරි අදහසක් නැතත් අනිවාර්යෙන්ම මේ අවුරුද්ද තුළ විවාහය ගන්නවා.
බොහෝ විට එය සරල චාම් විවාහ මංගල්‍යයක් වෙයි.
පෙම්වතා ගැන විස්තර ටිකක් කියමු
ඔහු ව්‍යාපාරිකයෙක් සහ කායවර්ධන විනිසුරුවරයෙක්. ලංකාවේ ඉතාම දක්ෂ කායවර්ධන පුහුණුකරුවෙක් වගේම ලංකාවේ අඩු වයසින්ම ජාත්‍යන්තරය නියෝජනය කළ කායවර්ධන විනිසුරුවරයාත් ඔහුයි.
ඔහු මගේ රසිකයෙක්. අවුරුදු 10ක පමණ ලොකු ආදර කතාවක් තමයි ඒ මේ හැබෑ වෙන්න යන්නේ.
ඉදිරි වැඩකටයුතු මොනවාද?
චිත්‍රපට දෙකකට ආරාධනා ලැබුණා. සම්බන්ධ වූ ටෙලිනාට්‍යය හතරක් පමණ ඉදිරියේදී විකාශය වීමට තිබෙනවා. ඊට අමතරව අසිරිමත් දළඳාගමනය චිත්‍රපටය ඉදිරියේදී තිරගත වීමට නියමිතයි.
කුශාන්ති අනුරාධා බණ්ඩාර