ගයාත්‍රි ඩයස් අපි ආදරයකරන රංගන ශිල්පිනියක්. ඒ වගේම ඇය දක්ෂ රූපලාවන්‍ය ශිල්පිනියක්. කලා ලොවේ විවිධ ඉසව් නියෝජනය කරන ගයාත්‍රි තවමත් සුන්දර හැඩ...
ගයාත්‍රි ඩයස් අපි ආදරයකරන රංගන ශිල්පිනියක්.
ඒ වගේම ඇය දක්ෂ රූපලාවන්‍ය ශිල්පිනියක්.
කලා ලොවේ විවිධ ඉසව් නියෝජනය කරන ගයාත්‍රි තවමත් සුන්දර හැඩකාරියක්.
ඇය සමාජයට බොහොම වැදගත්වන දෙයක් ගැන ඇගේ ෆේස් බුක් පිටුවේ සටහනක් යොදලා තිබුණා.
ඒ සටහන ගොඩාක් වැදගත්.
විශේෂයෙන්ම මේ කාලයට ඉතාම වැදගත් විස්තරයක්.
මේ සටහන ඔබ කියවිය යුතු නිසාම අපි මෙලෙස පලකරනවා. ඇගේ සුන්දර ඡායාරූප කිහිපයක් එක්ක.
විශාදයට ඖෂධීය සවන්දීම
විශාදය තත්වයට පත් වන්නේ දරා ගැනිමේ උපරිමය සීමවටත් එහා යමින් මානසික ශක්තිමත් බව පිරිහීගිය විටකදීය ...
නමුත් මෙහිදී විශාදමය තත්වයට පත් වු බෝහෝ අයෙක් දුක්මුසු ස්වරුවයක් බාහිර සමජයට නොපෙන්විය ....
ඔවුන් සිනහවෙන් පිරුණු ජිවිතයක් ගත කරයි ... නමුත් ඔවුන්ගේ එම සිනහව පිටුපස ඇති වේදනාත්මක පිඩනය හදුනා ගැනිමට අපහසුය ...
බොහෝ දෙනෙකු සිතන්නේ සියදිවිනසා ගැනිම හුදෙක් ප්රේමයනියන් හි පරාජය මත පදනම්ව සිදුවන බවකි ...
නමුත් එය එසේ නොවේ
තම ජීවිතයේ සිදු වු අහිමිවීම, ලැබු පරාජයන්, විශ්වාසය බිද වැටීම් තම ආදරණීයන්ගෙ වෙනස් වීම් තමා වෙනුවෙන් කාලය වෙන් නොවීම් යනාදී හේතුවෙන්ද විශාදමය තත්වයට පත් විය හැක...
පිටතින් ශක්තිමත් යැයි පෙනෙනා පුද්ගලයින් ඇතුලතින් ඉරිතලා ගොස් ඇති බව වටහා ගැනීම ඉතා අපහසුය ... ඔවුන් සිය වෙදනාව සගවා ගැනිමට දක්ෂ වෙති ..නිතර සිනහවෙන් සිය ලැබැදියන් සමග කටයුතු කරයි ..නමුත් සිය ජීවිතයේ අවශ්යතා මොහොතකදි තම පිඩනය දරාගත නොහැකිව සිය ජීවිතයෙන් නික්ම යන්නට තිරනය කරනු ලබයි ....
ඒ බැවිනි ==සවන් දෙන්නෙකු== ඔවුන්ගේ ජීවිතය තුල සිටියා නම් දිවිය අහිමි කරගන්නට ඔවුන් නොසිතනු ඇත...
ආදරය දීම මෙන්ම ආදරය ලැබිමද වාසනවකි.. එ බැවින් ඔබගේ ලැබැදියන්ගේ සිනහව පිටුපස ඇති වේදනාව ඔබට හදුනාගත හැකිනම් ඔබ සුවිශේෂී පුද්ගලයෙකුගේ ජීවිතයට මනෝ උපදේශකයෙකු මෙන්ම සවන්දෙන්නෙකුද වේ...
ඒ බැවින් ඔබ ඔබගේ ආදරණීයන් වටහා ගැනීමට උත්සාහ කරන්න
උපුටාගැනීමකි!