$type=grid$count=5$meta=0$sn=0$rm=0$show=home

[TV]_$type=carousel$count=24$cols=7$cate=0$space=10$show=home

නීත්‍යනුකූල විවාහයකට නැවත යන්න අදහසක් නැහැ.

පුංචි තිරයේ අහිංසකාවිය නමින් හඳුන්වන ඇය සම්මානීන ජනප්‍රිය තරුණ රංගන ශිල්පිනියක් තමයි වොල්ගා කල්පනී. ඇය මේ දිනවල ගොඩාක් ජනප්‍රියයි. ඒ  ඇයගේ ර...


පුංචි තිරයේ අහිංසකාවිය නමින් හඳුන්වන ඇය සම්මානීන ජනප්‍රිය තරුණ රංගන ශිල්පිනියක් තමයි වොල්ගා කල්පනී.

ඇය මේ දිනවල ගොඩාක් ජනප්‍රියයි. ඒ  ඇයගේ රංගන විලාශය නිසා.

ඉතාම ජනප්‍රිය ටෙලි නාට්‍යය කිහිපයකින්ම අප හමුවට එන ඇයව සති අන්ත පුවත්පතනට කළ කතාබහ මේ.

මේ දිනවල වැඩකටයුතු මොනවද?

ජයප්‍රකාශ් ශිවගුරුනාදන් මහතාගේ පාරදිගේ ටෙලි නාට්‍යයේ රූගත කිරීම් සහ සුදත් රෝහණ මහතාගේ මානික්කාවත ටෙලි නාට්‍යයේ රූගත කිරීම් සම්පූර්ණයෙන් අවසන් කළා. 

සුපුන් රත්නායක මහතාගේ අලුත් වැඩකටත් සූදානම් වන අතර සුපුරුදු පරිදි සැහැල්ලුවෙන් ජීවත් වනවා.

ටුටූට ලැබෙන ප්‍රතිචාර කොහොමද?

ඇත්තටම ටුටූ හරි වෙනස් කෙනෙක්. අඳින-පලඳින දේ ඇතුළු ටුටූගේ සියලුම ගති පැවතුම්වලට ආදරය කරන බුද්ධිමත් ප්‍රේක්ෂකයන්ගෙන් හොඳ ප්‍රතිචාර තිබෙනවා.

මානික්කාවත ටෙලි නාට්‍යයේ ගුණාදරී ගැන නොකියම බැහැ?

ඔව්. විශේෂයෙන්ම මහින්ද ප්‍රසාද් මස්ඉඹුල මහතා අතින් ලියැවුණු “මානික්කාවත” නම් නවකතා පොත හරහා නිර්මාණය වූ මෙම ටෙලි නාට්‍යයේ එවැනි චරිතයක් ලැබීම මගේ ජීවිතයට ලැබුණු භාග්‍යයක් සහ එවැනි රංගන ශිල්පි- ශිල්පිනියන් පිරිසක් සමඟ වැඩ කිරීමට ලැබීමත් වාසනාවක්. 

ගුණාදරී දෑස් නොපෙනුණත් දෑස් හොඳින් පෙනෙන මිනිසුන්ට වැඩිය ජීවිතය දැනෙන, හැඟීම්-දැනීම් ඇති තරුණියක්.

ඔබ කලාවට එන්නේ බොහොම කුඩා අවධියේදී?

මුලින්ම ජා-ඇළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුබද්ධ නාට්‍යය සංසදයේ වේදිකා නාට්‍ය කරන අතරතුර ප්‍රතිභා නිදර්ශන නවරත්න අයියා මාව රූපවාහිනි නාළිකාවේ අතුරු-මිතුරු ළමා වැඩසටහනට එක්කගෙන ගියා.

ඉන්පසු සිරස ටී.වී. නාළිකාවේ රන්සිත් යාය, පුංචි සිහින, ස්වාධීන රූපවාහිනි නාළිකාවේ දේදුනු හැන්දෑව, දෙරණ නාළිකාවේ ලිට්ල් ස්ටාර් සීසන් 01 වැඩසටහන්වල ළමා නිවේදිකාවක් විධියටත්, ස්වර්ණවාහිනි නාළිකාවේ ආයුබෝවන් ශ්‍රී  ලංකා, හිතට වදින එක වැඩසටහන්වල තරුණ නිවේදිකාවක් විධියටත් වැඩ කළා. 

එහිදී චාමර සමරවික්‍රම මහතා සහ බුද්ධික කුලසේකර මහත්වරුන්ගේ ආරාධනය අනුව මම ජයප්‍රකාශ් ශිවගුරුනාදන් මහතාගේ මුතු පලස ටෙලි නාට්‍යයට මුලින්ම සම්බන්ධ වුණා.

ඒ කියන්නේ ඔබ ජයප්‍රකාශ් ශිවගුරුනාදන් මහතා සමඟ දීර්ඝ කාලයක සිට වැඩ කරන කෙනෙක්?

ඔව්. බොහෝ කලක සිට ඔහු සමඟ වැඩ කරනවා සහ ඔහු මගෙ ජීවිතයට ඉතාම සමීපයි. ජීවිතයේ එක් තැනකදි කුඩා කාල සීමාවකට රංගනයෙන් සමුගන්න තීරණය කරනවා. 

නමුත් ඔහු සහ දයාරත්න අල්විස් මහතා මට නිහඬවෙලා ඉන්න ඉඩ දුන්නේ නැහැ. ජයප්‍රකාශ් ශිවගුරුනාදන් මහතා, මා දුටු නිහතමානීම අධ්‍යක්ෂවරයෙක් සහ කිසිවකුට ඊර්ෂ්‍යා නොකරන බොහොම හිත හොඳ මනුස්සයෙක්.

ඔබ සම්බන්ධ වූ බහුතරයක් නිර්මාණ ඉහළ ප්‍රේක්ෂක ප්‍රසාදයට සහ සම්මානයට පවා පාත්‍ර වුණා. එයට හේතුව කුමක්ද?

මම යම් ආකාරයක තෝරා-බේරා ගැනීමක් සමඟ වැඩ කරන කෙනෙක්. මම වැඩ ගොඩක් කරපු සහ කරන කෙනකුත් නොවෙයි. කුමන හෝ වාසනාවකට විවිධ අධ්‍යක්ෂ්‍යවරු යටතේ, විවිධ චරිත සඳහා මට ආරාධනා ලැබෙනවා. 

මට වැඩිපුරම වැඩ කරන්න ලැබෙන්නෙත් ප්‍රවීණයන් සමඟයි. මම කරන දේ හරියට, ආසාවෙන් සහ ආදරයෙන් කරනවා. 

කුඩා කාලයේ සිටම කලාව වෙනුවෙන් මම ගොඩක් මහන්සි වුණා. 

යම් නිර්මාණයට සූදානම් වනවිටත් මට හැකි අයුරින් ඒ සම්බන්ධව අධ්‍යයනයක යෙදෙනවා. එලෙස මම කරන සෑම නිර්මාණයක්ම බොහොම ආදරයෙන් භාර ගැනීම සම්බන්ධව ප්‍රේක්ෂකයන්ටත් බොහොම ස්තුතියි.




ඔබ ඇතුළු බොහෝ ජනප්‍රිය රංගන ශිල්පිනියන්ට සාමාජ මාධ්‍ය තුළ හොඳ සහ නරක යන දෙවර්ගයේම කමෙන්ට් ලැබෙනවා නේ. ඒ පිළිබඳව ඔබගේ මතය කුමක්ද?

මම සිතන විධියට රසිකයන් අපිට හොඳ-නරක යන දෙයාකාරයටම ප්‍රතිචාර දක්වන්නේ අපට ඇති ආදරය වැඩිකමටයි. 

ඇතැම්විට ආදරය වැඩි වුණාමත් බැනුම් අසන්නට වන, ප්‍රශ්න ඇතිවෙන අවස්ථාත් තිබෙනවා. 

සමාජ මාධ්‍ය තුළ මට ලැබෙන හොඳ-නරක ඕනෑම කමෙන්ට් එකක් සම්බන්ධව රසිකයන්ට මම කිසිම දෙයක් පවසන්නේ නැහැ. මොකද බොරු සහ වැරදි ගොසිප් එළියට පැමිණි පසුත් මගේ රසිකයන් හැමදාම මගේ පැත්තට සිටියා. අවසානයේදී ඇත්ත මොකක්ද කියලා ඔවුන් හොඳින්ම තේරුම් ගත්තා.

ක්ෂේත්‍රය තුළදී ඔබට වැඩිපුරම වැඩ කරන්නට ලැබී තිබෙන්නේ ප්‍රවීණයන් සමඟයි. ඒ ගැන මොකද සිතෙන්නේ?

ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් යනු අපට වඩා බොහෝ දේ පිළිබඳව දැනීමක්, අවබෝධයක් ඇති පිරිසක්. 

එනිසා ඔවුන් සමඟ වැඩ කිරීම හරි පහසුයි සහ හරිම සුහදශීලීයි. ප්‍රවීණයන් සමඟ වැඩ කරන්නට අපහසු යැයි යම් අයකු කියනවා නම්, එය සම්පූර්ණයෙන්ම අසත්‍යයක්.

ඇතැම්විට ටෙලි නාට්‍ය කේෂ්ත්‍රය තුළදී තමාට හිමි ගෙවීම් නිසි ලෙස නොලැබෙන බවට ඇතැමුන් චෝදනා කරනවා. ඔබට එවැනි සිදුවීම් සිදුවී නැද්ද?

ඇතැම් අය ඇයි එහෙම කියන්නේ කියලා මම දන්නේ නැහැ. හොඳින් මහන්සි වී නිසි ඉගෙන ගැනීමක්, හැදෑරීමක් සමඟ පැමිණ තම වටිනාකම තමාම නිර්මාණය කරගත් නිසා. 

මට නම් එහෙම කවුරුත් මුදල් නොගෙවා ඉඳලා නැහැ. මම කියන්නේ තමන්ට ගැළපෙන්නේ නැති නම් එවැනි නිර්මාණවලට සම්බන්ධ නොවිය සිටිය යුතුයි. තමන්ගේ වටිනාකම නිවැරැදි අකාරයට තමන්ම නිර්මාණය කරගත් විට ඕනෑම තැනක කොන්ද කෙළින් තබාගෙන වැඩ කළ හැකියි.



මෙගා නිර්මාණ පිළිබඳ ඔබගේ මතය කුමක්ද?

මම නම් මෙගා නිර්මාණවල ගුණාත්මක භාවයේ ගැටලුවක් එහෙම ලොකුවට දකින්නේ නැහැ. එය අපි සාදාගත් හිතළුවක් පමණයි. 

මම මෙගා නාට්‍ය විරෝධී නැහැ. නමුත් දැනට අවුරුදු 04-05ක සිට මෙගා කියන නාට්‍යවලට සම්බන්ධ වෙලා නැහැ. කොටස් 100ට එහා යනවා නම් මම වැඩිපුරම සම්බන්ධ වී ඇත්තේ ජයප්‍රකාශ් ශිවගුරුනාදන් මහතාගේ නිර්මාණවලට පමණයි. “හැමදාම රූපවාහිනි තිරය තුළ දකින්න අවශ්‍ය නැහැ. 

ඉඳහිට හොඳ වැඩක් අවශ්‍ය ආකාරයට කළහොත් ප්‍රමාණවත් යන්න පෞද්ගලිකව මම ගෙන ඇති තීරණයක්.”

රටේ පවතින තත්ත්වය ගැන යමක් කීවොත්?

අරගලය ගැන හෝ දේශපාලනය සම්බන්ධ කතා කිරීමට තරම් මම කලාව තුළ ප්‍රවීණයෙක් නොවෙයි. 

“කන්න-බොන්න ටික, තෙල් ටික ලැබිලා අපේ රටේ ජනතාව මෙතෙක් වින්ද දුක්ඛිත තත්ත්වය ඉතා ඉක්මනින් අවසන් වී, බොහොම සාමකාමීව, පාඩුවේ ජීවත් වෙන්න ලැබිය යුතුය” යන අහිංසක ප්‍රාර්ථනාව පෞද්ගලික මගේ සිතේ තිබෙනවා.

පසුගිය කාල සීමාව තුළ සිත් රිදවීම්, කටකතා, කඩා වැටීම්වලට මුහුණ දුන්නද සියල්ල සිනාමුසු මුහුණින් විඳදරා ගෙන සිටිනවා. කොහෙන්ද මේ ශක්තිය ලැබුණේ?

ලංකාවේ සංස්කෘතියත් සමඟ විවාහය සහ දික්කසාදය පිළිබඳව බොහෝදෙනා විවිධ කතා කියනවානේ. 

විවාහ වෙලා දික්කසාද වෙනවා කියන දේ මට නම් එතරම් ලොකු දෙයක් නොවෙයි. එයට හේතුව ඔහු සහ මම අදටත් මඟතොටේදී හමුවුණත් බොහොම හොඳට කතාබහ කරන, ඔහුගේ බිරිය හමුවුණත් කතා කතාබහ කරනවා. වන්දි ඉල්ලමින් සාප කරනවා වගේ ප්‍රශ්න අපි අතර නැහැ. මම ජීවිතයේ ගත් කිසිදු තීරණයක් සම්බන්ධව මේවනතුරු කිසිදු පසුතැවීමක්, සිත් රිදීමක් හෝ කිසිදු ප්‍රශ්නයක් නැහැ. 

මොකද කාන්තාවන් කියන්නේ ඉතාම ශක්තිමත් හිත හයිය ජාතියක්. ගැහැනුන්ට සෑම දෙයක්ම ඉතාම හොඳින් දරා ගන්න පුළුවන්. තමන් තමන් වෙනුවෙන් සතුටු වෙන්න සහ තමන් වෙනුවෙන් ජීවත් වීමයි විය යුත්තේ. අනුන් වෙනුවෙන් දේවල් කරන්න අනුන්ගේ සිත් සතුටු කරන්න අවශ්‍ය නැහැ.

ඔබ බොහොම සුන්දර, තරුණ රංගන ශිල්පිනියක්. නැවත විවාහයක් කරා යන්න එහෙම අදහසක් නැද්ද?

මෙහෙමයි, නීත්‍යනුකූල විවාහය මම විශ්වාස කරන්නේ නැහැ. බොහෝවිට නීත්‍යනුකූල විවාහයකට නැවත යන්න දැනට අදහසක් නැහැ. 

තවත් අවුරුදු කිහිපයකින් එය වෙනස් වෙයිද නම් දන්නේ නැහැ. 

අද සමාජයේ හොඳින් සතුටින් පවුල් ජිවිත ගත කරන අඹු-සැමියන් ඕනෑ තරම් සිටිනවා. ඔවුනට මම ආශීර්වාද කරනවා. 

නමුත් මගේ නීත්‍යනුකූල සහකරු මා සමඟ පමණක් ජීවත් නොවෙනවා නම්, මට එහෙම විවාහයක් අවශ්‍ය නැහැ. කොන්දේසි විරහිතව යම් අයකු සමඟ ජීවත් විය හැකි නම් එයයි වැදගත්.

ඒ කියන්නේ දැන් වොල්ගා පෙම්වතියක් නොවෙයි කියන එකද?

නැහැ. මම දිස්කසාද වෙලා දැන් අවුරුදු 04ක් වනවා. 

ජීවිතයේදී එක් තැනකදි මන් වෙනුවෙන් කෙනෙක් සිටිය යුතුයි යනුවෙන් පොඩි පාළුවක් සිතේ තිබෙනවා. එහෙම නෑ කීවොත් ඒක බොරුවක්. 

මගේ ආදරය හැමදාම හදවතේ එක් තැනක තබා තිබෙනවා. එය සැමදාම එතැන තිබේවි. එපමණයි.

අනාගත බලාපොරොත්තු මොනවද?

V Log by Volga නමින් මගේම ඇඳුම් ව්‍යාපාරයක් කරගෙන යනවා. ඉදිරියේදී එය තවදුරටත් දියුණු කරගෙන, හොඳ කලා කටයුතු කිහිපයකුත් කරන අතර අම්මා-තාත්තා සහ අක්කගේ බබලා දෙන්නත් බලාගෙන, කාටත් කරදරයක් නැතිව, නිදහසේ, පාඩුවේ ජීවත් වෙන්න තමයි බලාපොරොත්තුව.


දිනූෂා මනෝරි නිශ්ශංක


[MUSIC]_$type=carousel$count=4$cols=4$cate=0

[ON LOCATION]_$type=left$va=0$count=3

[BOLLYWOOD]_$type=right$va=0$count=3

[CHIT CHAT]_$type=three$count=3$h=360$author=hide$comment=hide$date=hide

[FRESHERS]_$type=carousel$count=5$cols=4$cate=0$h=360

Logo

[GOSSIP]_$type=three$count=3$h=360$rm=hide$author=hide$comment=hide$date=hide

[STAR TALKS]_$type=three$count=3$h=360$author=hide$comment=hide$date=hide

Name

accident,1,BestCovers,1,bollwood,7,Bollywood,31,ChitChat,18,Cinema,28,Cinematic,9,Dance,6,Fashion,18,Featured,1,Freshers,5,Gossip,61,HotPoses,22,Interview,24,MoviePremieres,13,Music,23,News,40,on location,2,Photos,15,StarTalks,18,Trending,6,TV,51,Video,12,
ltr
item
Star Gossip - BottomLine News: නීත්‍යනුකූල විවාහයකට නැවත යන්න අදහසක් නැහැ.
නීත්‍යනුකූල විවාහයකට නැවත යන්න අදහසක් නැහැ.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgjndP452SHipDmjxYoeEhC0NgOczP14LmiX4228Q7f-mUcucObmIJ5HC4ep3tG73xWWBJHIrvsg8tA2GnoQQjNnnQ_a37tC3dkzYlvb_EUBXVEpVi_qzL5Dkp-LLUV68TVYf0Aqwtl5ZjMYpg-zq6_13t9nFoC7E2QMp-B07P_X8O4ygwOfHzm8D_W/s16000/volga1234.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgjndP452SHipDmjxYoeEhC0NgOczP14LmiX4228Q7f-mUcucObmIJ5HC4ep3tG73xWWBJHIrvsg8tA2GnoQQjNnnQ_a37tC3dkzYlvb_EUBXVEpVi_qzL5Dkp-LLUV68TVYf0Aqwtl5ZjMYpg-zq6_13t9nFoC7E2QMp-B07P_X8O4ygwOfHzm8D_W/s72-c/volga1234.jpg
Star Gossip - BottomLine News
https://stargossip.bottomline.asia/2022/08/15-volga-kalapani-interview-.html
https://stargossip.bottomline.asia/
https://stargossip.bottomline.asia/
https://stargossip.bottomline.asia/2022/08/15-volga-kalapani-interview-.html
true
3404992472536326279
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL View Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU CATEGORY ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS PREMIUM CONTENT IS LOCKED STEP 1: Share to a social network STEP 2: Click the link on your social network Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy Table of Content