සිංහල සිනමාවට " නිකිනි වැස්ස " සහ " හැපි බර්ත් ඩේ" චිත්‍රපට ඉදිරිපත් කල අරුණ ජයවර්ධන ගේ නවතම සිනමා කෘතිය " මාරියා ...
සිංහල සිනමාවට " නිකිනි වැස්ස " සහ " හැපි බර්ත් ඩේ" චිත්‍රපට ඉදිරිපත් කල අරුණ ජයවර්ධන ගේ නවතම සිනමා කෘතිය " මාරියා " වසර 39 කට පසු 44 වන මොස්කව් අන්තර්ජාතික සිනමා උළෙල නියෝජනය කිරීමට වරම් ලබා ඇත.
වසර 39 කට පසු 44 වන මොස්කව් අන්තර්ජාතික සිනමා උළෙලේ ( MIFF) තරඟකාරී අංශය නියෝජනය කිරීම සඳහා ශ්‍රී ලාංකේය චිත්‍රපටියක් සුදුසුකම් ලැබූ අති සුවිශේෂි අවස්ථාවක් ලෙස මෙය හැඳින්වීමට පුළුවන.
අගෝස්තු මාසයේදී පැවැත්වීමට නියමිතව ඇති , ලොව පැරණිතම අන්තර්ජාතික සිනමා උළෙලයන් අතර, මුල්ම සිනමා උළෙලයන් දෙක නියෝජනය කරනු ලබන රුසියාවේ මොස්කව්හි පැවැත්වෙන ” මොස්කව් අන්තර්ජාතික සිනමා උළෙල ” (MIFF ) දැනට ලොව පවත්වනු ලබන අන්තර්ජාතික සිනමා උළෙලයන් අතර ප්‍රධාන වශයෙන් කැපී පෙනෙන සිනමා උළෙලකි.
එසේම ,” මාරියා” චිත්‍රපටයේ අන්තර්ජාතික මංගල දැක්ම ද එම සිනමා උළෙලට සමගාමීව සිදු කිරීමට කටයුතු සම්පාදනය කොට ඇති බව මේ වන විට නිල වශයෙන් දැනුම් දී ඇත.
"මාරියා "චිත්‍රපටයේ රංගනයෙන් මහේන්ද්‍ර පෙරේරා , හේමාල් රණසිංහ ,අශාන් ඩයස් , ප්‍රියන්ත සිරිකුමාර , දර්ශන් ධර්මරාජ් ,දසුන් පතිරණ සහ සුරත් දසනායක ඇතුළු ශිල්පීන් පිරිසක් දායක වන අතර , සංස්කරණයෙන් ඩිලන්ත පෙරේරා , කැමරා අධ්‍යක්ෂණයෙන් චන්න දේශප්‍රිය , සහය අධ්‍යක්ෂණයෙන් දමින්ද මඩවල එක්වී ඇති " මාරියා " ඉන්ද්‍රජිත් සිල්වාගේ නිෂ්පාදනයකි. මෙහි තිර රචනයද අධ්‍යක්ෂවරයා විසින්ම ලියනු ලැබූවකී.
ඔහු අධ්‍යක්ෂණය කල "1970 ලව් ස්ටෝරි " චිත්‍රපටය ද තිරගත වීමට නියමිතව ඇත.
ඇන්ටන් ජේ. ප්‍රනාන්දු