ආදරය හිත් වලට රිංගන්නේ හරිම අපූරු විදිහට. සමහර වෙලාවට හිතාගන්නත් බෑ කොහොම සිදුවුන හමුවීම්ද කියලා. කොහොම වුනත් ආදරණීය මිනිස්සුන්ට හැමදාම සැබ...
ආදරය හිත් වලට රිංගන්නේ හරිම අපූරු විදිහට.
සමහර වෙලාවට හිතාගන්නත් බෑ කොහොම සිදුවුන හමුවීම්ද කියලා.
කොහොම වුනත් ආදරණීය මිනිස්සුන්ට හැමදාම සැබෑ ආදරය හිත පුරා විඳින්න ලැබෙනවා.
එහෙව් පිංසාර පිංවන්තයෙක් ආදරය දිනලා අදට අවුරුදු 06ක්.
ඒ් අපේ රටේ දක්ෂ ජනප්‍රිය කටකාර නිවේදන ශිල්පියා ශෙනාල් වනසිංහ.
ශෙනාල්ගේ 06 වෙනි විවාහ සංවත්සරය අද.
ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන් වෘත්තීය නිවේදකයෙක් විදිහට ගමන් ආරම්භ කළ ශෙනාල් ඊට පස්සේ ශ්‍රී එෆ් එම්,වයි එෆ් එම්,චරණ රූපවාහිනිය ඇතුළු මාධ්‍ය ආයතන කිහිපයකම සේවය කරමින් රසික ආදරය දිනාගත්තා.
ශෙනාල් ශ්‍රී එෆ් එකේ වැඩ කරන කාලේදි දමා මේ ආත්මීය ආදරේ මුණ ගැහෙන්නේ.
එදා ඉදන් අද වෙනකල් මේ ආදරේ හරි අපූරුවට ගලාගෙන යනවා.
මේ වෙද්දි ශෙනාල් ගුරුවරයෙක් විදිහටත් සේවය කරමින් අළුත් පරම්පරාවකට මග පෙන්වනවා.
ඉතිං එකට බැඳුු ආදරයේ ගෙවුනු 06 වසර ගැන ශෙනාල් හරි අපූරු සටහනක් මෙන්න මෙහෙම ෆේස් බුක් එකේ දමා තිබුණා
