මේ තරම් තරුණියන්ගේ ආකර්ෂණයට ලක්වුන ගායන ශිල්පියෙක් අපේ රටේ නැතිතරම්. ඒ තමයි හෙක්ටර් ඩයස්. වාදන ශිල්පියෙක් ,ගායන ශිල්පියෙක් වගේම අද වෙද්දි රං...
මේ තරම් තරුණියන්ගේ ආකර්ෂණයට ලක්වුන ගායන ශිල්පියෙක් අපේ රටේ නැතිතරම්.
ඒ තමයි හෙක්ටර් ඩයස්.
වාදන ශිල්පියෙක් ,ගායන ශිල්පියෙක් වගේම අද වෙද්දි රංග ශිල්පියෙක් වෙන හෙක්ටර් හරිම කඩවසම් කෙනෙක්.
ඉතිං මේ කඩවසම් ගායන ශිල්පියාගේ ආදරේ දිනාගත් පාටී ඩයස්,ඒ කියන්නේ බිරිඳ හෙක්ටර් ගැන හරි පුදුම දෙයක් ඇගේ ෆේස් බුක් පිටුවට එක් කරලා තිබුණා.
නිකම්ම නෙමෙයි ඡායාරූප කිහිපයක් එක්ක.
මේ පෝස්ට් එකට පස්සේ මෙන්ම මෙහෙම වචන කිහිපයක් ඇය ආදරේ වෙනුවෙන් ගලපලා තිබෙනවා.
සබඳ අපි අත් පටලාගෙන රන් කෙන්දෙන්
දාහත් වසරකි අදට ඔන්න සපිරෙන්නේ
තුන් දරු අපි තුරුළු කරන් සිහින මැවූ විලසින්නේ
රන් පලසක් නොව ආ ගමනකි නොසැලීම සිතින්
ආ මග කෙටියි යන්නට තව දුර බොහොමයි
අපට අපි ඇත ජය ගන්නට සරු කරලන ජීවිතයයි
කුමරි එදා කිරුළු පළන් රැජිණයි අද මා මේ දිවියයි
හද පිරි සෙනෙහස් මල් තුරුළු කරන් ආදරයයි
බාධක ගල් මුල් තව ආවට කිම
නුඹමෙන් තුන් දරු සවියකි සැම
නොසැලෙන ආදර පවුරකි නුඹ වට
ලැබූ ලොකුම පිණ මේ ඇති මා හට
සුබ දාහත් වසරක සැමරුම් ඔබ දෙදෙනාට
ආදර්ශයකී නුඹලා ලොවේ සෑම දෙනා හට
සංකා දුරුවී සැනසුම තව වැඩි වේවා හෙට
සසර පුරාවට හිමි වේවා නුඹලා නුඹලාට
ආදරෙයි
❤❤❤❤❤❤❤