දසුනි නවෝද්‍යා නැගී එන දක්ෂ රංගන ශිල්පිනියක්. නීල පබළු නාට්‍යයේ නදී මිස්ගෙ චරිතයෙන් ප්‍රේක්ෂකයන් අතරට එන දසුනි සති අන්ත පුවත්පතක් එක්ක කළ ක...
දසුනි නවෝද්‍යා නැගී එන දක්ෂ රංගන ශිල්පිනියක්.
නීල පබළු නාට්‍යයේ නදී මිස්ගෙ චරිතයෙන් ප්‍රේක්ෂකයන් අතරට එන දසුනි සති අන්ත පුවත්පතක් එක්ක කළ කතාබහයි මේ.
මගේ උපන් ගම කඩවත. ඒ වගේම දැනට පදිංචි වෙලා ඉන්නෙත් කඩවත. මම පවුලේ එකම දරුවා. අම්මයි තාත්තායි මමයි. බලුපැටව් තුන්දෙනයි, පූස් පැටියයි අපේ ගෙදර ඉන්නෙ.
2021 අවුරුදු කුමරිය වුණාට පස්සෙ මාස පහක් විතර යනකම් කලා ක්ෂේත්‍රයේ කිසිම දෙයකට මට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණේ නැහැ.
ජීවිතේ අමතක නොවන මතක අතරේ සතුටුදායකම මතකය ගිය වසරේ අවුරුදු කුමරිය වීම.
මගේ මේ කලා ගමනට ගෙදර අයගෙන් තමයි මට ලොකුම සහයෝගය ලැබෙන්නේ. ඕනෑම ක්ෂේත්‍රයක කැපිලි කෙටිලි බාධක බොහොමයක් තියෙනවනේ.ඒ නිසා ඒ හැමදේම දරාගෙන ඉහගහගෙන ඉන්න ඕනේ ශක්තිය මට ලබාදෙන්නේ අම්මා තාත්තා.
මගේ ජීවිතේ මම දකිනවා හීන තුනක්. එකක් මම අවුරුදු කුමරියක් වීම. ඒ කියන්නෙ මට තේරෙන වයසේ ඉදලා මම දැකපු හීනය කවදාහරි දවසක ප්‍රසිද්ධ නාළිකාව අවුරුදු කුමරියක් වෙලා හිස මත කිරුළක් දරනවා කියන හීනය. දෙවැනි එක නිවේදිකාවක් වීම.
නිවේදනයට සහ රංගනයට අමතරව මගේ ප්‍රධානම දේ නර්තනය. පුංචි කාලේ ඉදන් නර්තනය හදාරන්නෙ. ඊට අමතරව චිත්‍ර අදින්න පුළුවන්.
ආදරේ ගැන කියනවා නම් හැමෝම කියනවා වගේ හැමෝටම ඕනේ දෙයක්. ජීවිතේ විවිධාකාර අවස්ථාවන් වලදි විවිධ ආදරේ අපිට ලැබෙනවා.
හැබැයි ආදරේ කියන්නෙ බලෙන් ලබා ගන්න පුළුවන් දෙයක් නෙවෙයි.
මම ආසාවෙන් ඉන්නවා මෙහෙණි චරිතයක් කරන්න.
ඒවගේම බීලා වෙරිවුණු චරිතයක්, එහෙම නැත්නම් දුෂ්ට චරිතයක් කරන්නත් මම ආසයි.
මම බොහොම හෙමින් ගමනක් යන කෙනෙක්. ජනප්‍රිය වෙන්න හදිසි නැහැ. දැනටමත් බාධක කැපිලි කෙටිලි තියෙනවා.
මම පාසල් තුනකින් අධ්‍යාපනය ලබලා තියෙනවා.
උසස් පෙලට ඉගෙන ගත්තේ මහර මහමායා බාලිකා විද්‍යාලයෙන්. මම ඉගෙනගත් පාසල් තුනේම එක විදියටම දක්ෂතා පෙන්නුම් කරපු කෙනෙක්. පුංචි කාලේ ඉදන්ම මම නර්තනය හැදෑරුවා.
ඒ වගේම පාසලේ විවිධ උත්සව අවස්ථාවන්වලදී නිවේදනයෙන් දායක වුණා. සිංදු කිව්වා.
ඒ එක්කම මම හොඳින් ඉගෙන ගත්තා. ඒක එහෙම වුණත් හැමවෙලාවෙම මේස පුටුවට සීමාවෙලා පොතපතට සීමාවුණු කෙනෙක් නෙවෙයි මම.
විෂය බාහිර දේවල් ගොඩක් කරා. ඒ වගේම මම පාසලේ ශිෂ්‍ය නායිකාවක්.
ඒ කාලේ කෝවිඩ් වසංගතය දරුණුවටම පැතිර ගිය කාලයක්. ඊට පස්සෙ අවසන් අවුරුදු කුමර කුමරියන් 24 දෙනාටම ස්වාධීන රූපවාහිනි සේවයෙන් නිවේදනයට ස්ක්‍රීන් ටෙස්ට් එකක් තිබ්බා.
එතනින් තමයි මට ස්වාධීන රූපවාහිනි සේවයේ නිවේදිකාවක් විදියට වැඩ කටයුතු කරන්න අවස්ථාව ලැබෙන්නේ.
ඒ නිසා මුලින්ම නිවේදිකාවක් විදියට තමයි ක්ෂේත්‍රයට පිවිසෙන්නේ. ඔය අතරේ තමයි මීට මාස දෙකකට කලින් මට හම්බෙනවා ප්‍රවීණ අධ්‍යක්ෂක සමන් රාජකරුණා අයියයි, නලින් මහත්මයාවයි.
ඔවුන් මට ආරාධනය කරනවා ඒ අයත් එක්ක වැඩ කරමු කියලා. ඒ අනුව තමයි මම නීලපබළු ටෙලි නාට්‍යයට. එක් වන්නේ.
මගෙ ජීවිතේ අවුරුදු 21ටම මම ලබපු සතුටුදායකම මතකය මගේ හිසමත කිරුළ දැරු දවස. ඒක මම මැරෙනකම්ම අමතක නොවන සතුටුදායකම මතකයක්. මට මේ ලෝකේ තාත්තලා දෙන්නෙක් හිටිය.
ඒ එක්කෙනෙක් මගේ සීයා. සීයා නැතිවුණ එක තමයි මට දරාගන්න අමාරුම මතකය.
මේ වෙලාවේ අම්මා ව ආදරෙන් මතක් කරන්න ඕනේ, මේ මගේ අවුරුදු 21ටම මගේ අම්මා මගේ පස්සෙන්ම හිටිය යෝධ සෙවණැල්ලක් වෙලා. මගේ ජීවිතේ මම බිංදුවටම වැටුණ අවස්ථාවන් තියෙනවා.
ඒ හැම අවස්ථාකම නැගිටින්න ශක්තිය දුන්නෙ මගේ අම්මා. ඒ වගේම තාත්තත් රාජකාරි කටයුතුවල කොයිතරම් කාර්‍යබහුල වුණත් අද මොනවාද කරේ මොකද වුණේ කියලා අහනවා.
මම පවුලේ තනි දරුවා නිසා අම්මා තාත්තා හැරුණම කියන්න කෙනෙක් නැහැ. මගෙ හැමදේම මම කියන්නෙ මගෙ හොඳම යාළුව අනෝෂාට.
තුන්වෙනි එක එක දවසක් හරි මම රගපානවා කියන එක. දැන් මට අවුරුදු 21යි. මේ වෙද්දි මම දැකපු හීන තුනම සැබෑ කරගෙන ඉන්නෙ. ඒ ගැන නිහතමානී සතුටක් තියෙනවා.
මම බලාපොරොත්තු වෙනවා මේ ක්ෂේත්‍රයේ කරන්න පුළුවන් උපරිම දෙයක් කරන්න. ඒ වගේම යම් දවසක මොකක් හරි හේතුවක් නිසා මේ ක්ෂේත්‍රයෙන් අයින් වෙන්න වුණොත් යම් දවසක මම අයින් වෙනවා.
මොකද මම දැකපු හීන තුන සැබෑ කරන් ඉවරයි. හැමදාම අපිම ඉන්න ඕනේ කියලා එකක් නැහැ. කිසිම දෙයක අපි ඇලිලා ඉන්න ඕනේ නැහැ. ඒ නිසා අලුත් අයට අවස්ථාව ලබාදිය යුතුයි.
තරමක් දුරට සිංදු කියන්නත් පුළුවන්. කිසිම දෙයකට නෑ බෑ කියන වචන මගේ ජීවිතේ අඩුයි. දෙයක් භාර දුන්නොත් ඒ දේ උපරිමයෙන් කරන්න මම උත්සාහ කරනවා.
ආදරේ කියන්නෙ අපේ හදවතේ ඇතිවන බොහොම පිරිසිදු, අවංක, හරි ම ලස්සන හැඟීමක්. අපි දන්නෙ නැහැ අපේ ජීවිතේ කාට, කොයි විදියට ආදරයක් ඇතිවෙයි ද කියලා.
ඒක හදවතට දැනෙන්න ඕනේ දෙයක්. ආදරේ අංක එක විශ්වාසය. ඒ වගේම ආදරේ කරන කෙනාට උපරිම නිදහස දෙන්න ඕනේ. ඒ නිසා ජීවිතේ කාටවත් වැටකඩුලු බාධක නොදා අවංකව ආදරේ කරනවා නම් ඒ ආදරේ මටත් ලැබෙයි. ඉන්න කෙනා ඉඳියි යන කෙනා යයි.
මම තවම ආදරවන්තියක් නෙවෙයි. මට දැනෙන කෙනෙක් ලැබුණොත් මමත් ආදරේ කරයි. ජීවිතේ සැනසීමෙන් ඉන්නයි මේ හැමදේම කරන්නෙ. සැනසීමෙන් ඉන්න පුළුවන් කෙනෙක් හම්බ වුණොත් එදාට මම එතැන නවතියි.
මොකද එකම රාමුවකට කොටු නොවී චරිතාංග රංගන ශිල්පිනියක් වෙන්න ආසයි. මගෙ ප්‍රධාන වෘත්තීය නිවේදනය.
නමුත් ලැබෙන ආරාධනා අනුව රංගනයට දායක වෙනවා. ඒ නිසා ඉදිරියේදි විවිධ චරිත තුළින් ඔබේ ආලින්දයට එන්න සූදානමින් ඉන්නවා.
ඒවා මැද්දෙන් හිමින් ගමනක් යන්න තමා මම කටයුතු කරන්නෙ. හෙමින් හොඳ විදියට මගේ ගමන ඉස්සරහට යනවා.
කවදාහරි දවසක ප්‍රේක්ෂකයන්ගේ හිතේ දසුනි කියන්නෙ හෙමින් ගමනකින් හොඳ තැනකට ගිය කෙනෙක් කියන එක රැඳුණොත් ඇති.