$type=grid$count=5$meta=0$sn=0$rm=0$show=home

[TV]_$type=carousel$count=24$cols=7$cate=0$space=10$show=home

මම රැල්ලට විලාසිතා කරන කෙනෙක් නෙමෙයි

  “මහවිරු පණ්ඩු” ටෙලි නාට්‍යයේ “සෙලී”ගේ චරිතය ප්‍රේක්ෂක අවධානය දිනා ගත් චරිතයක්. ඇය නමින් රිසෝනි ලෙහන්සා. සහජයෙන් එන රංගන හැකියාව ඔස්සේ වය...

 

“මහවිරු පණ්ඩු” ටෙලි නාට්‍යයේ “සෙලී”ගේ චරිතය ප්‍රේක්ෂක අවධානය දිනා ගත් චරිතයක්. ඇය නමින් රිසෝනි ලෙහන්සා.

සහජයෙන් එන රංගන හැකියාව ඔස්සේ වයස අවුරුදු 16 දී යොවුන් රංගන ශිල්පිනියක් ලෙස කලා ලොවට පිවිසෙන ඇය දිගු ගමනක සේයාව පෙන්නුම් කරයි.

ඇය සති අන්ත පුවත්පතක් සමග කල කතාබහ මේ.

–              මේ දිනවල ඔබේ වැඩකටයුතු සිදු වන්නේ කෙසේද?

මම ලබන වසරේ අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින්නට සූදානම් වෙනවා. ඒ නිසා මේ දිනවල පාසල් අධ්‍යාපන වැඩකටයුතුවලට ප්‍රමුඛස්තානය ලබාදී තිබෙන්නේ.

–              ඔබ රංගනයට පිවිසෙන්නේ කොහොමද?

මම අවුරුදු හතරේ සිටම වෙළෙඳ දැන්වීම්වලට සම්බන්ධ වෙනවා. අවුරුදු නවයේදී “සාම කුමරු” කතාව චිත්‍රපටයටත් රංගන දායකත්වය ලබා දෙන්නට හැකිවුණා. මම දැනට වෙළෙඳ දැන්වීම් තිහකට ආසන්න ප්‍රමාණයකට රංගන දායකත්වය ලබා දුන්නා. 2020 වර්ෂයේ මගේ පළමු ටෙලිනාට්‍ය ලෙස මහවිරු පණ්ඩු ටෙලිනාට්‍යයට “සෙලී”ගේ චරිතයෙනුත් රංගනයෙන් දායක වෙනවා.

–              රංගන කුසලතාවට අමතරව ඔබට ඇති වෙනත් කුසලතා ගැන සඳහන් කළොත්?

රංගන කුසලතාවලට අමතරව කුසලතා ගැන කියනවා නම් ගායනය හා නර්තනය තමයි. වයස අවුරුදු පහේ සිටම මම නර්තනය හදාරනවා. පාසලෙත් දැනට නර්තනය විෂයක් ලෙස හදාරනවා.

–              යොවුන් රංගන ශිල්පිනියක් ලෙස ඔබට ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගෙන් ලැබෙන සහයෝගය කෙබඳුද?

මට මහවිරු පණ්ඩු ටෙලි නාට්‍යයෙන් ගොඩක්ම ප්‍රවීණයන් මුණ ගැසුණා. ඔවුන් නිතරම මට කරුණාවන්තව සැලකුවා. මට ලැබෙන සෑම අවස්ථාවකම ප්‍රවීණයන් සමඟ තමයි රඟපාන්න ලැබුණේ. ඒ ඒ අවස්ථාවන්වල එයාලගෙන් හොඳ සහයෝගයක් ලැබුණා.

–              ඔබට රංගන කටයුතු සඳහා  මේ දක්වාම සහාය වූවන් ගැනත් මතක් කළොත්?

මගේ පවුලේ අම්මා, තාත්තා මට මුල සිටම සහයෝගය දුන්නා. අම්මා තමයි මම ෂූටිං යද්දී මගේ පිටු පසින්ම සිටියේ. තාත්තාත් මාව නිතරම දිරි ගන්වනවා. ඒ වගේම මගේ යහළුවොත් මගේ අඩුපාඩු කියලා දීලා නිතර සහාය වෙනවා.

මහවිරු පණ්ඩු ටෙලි නාට්‍යයේ අධ්‍යක්ෂතුමා වන සනත් අබේසේකර අධ්‍යක්ෂතුමාට මාව හඳුන්වා දුන්නේ නාට්‍යයේ කැමරාකරණය සිදු කරන මහේෂ් කරුණාතිලක අයියා. ඔහුවත් මම මේ වෙලාවේ මතක් කරනවා.



–              රංගන කටයුතුවලදී ඔබට ලැබුණු අත්දැකීම් ගැනත් මතක් කළොත්?

රංගන කටයුතුවලදී අත්දැකීම් ගොඩක් ලැබුණා. මහවිරු පණ්ඩු ටෙලි නාට්‍යයේ ෂූටිං තිබුණු ඹ්ධජචබඪධද තිබුණේ කඳු වගේ දුෂ්කර ප්‍රදේශවල. ඒ කඳුවල අපිට නඟින්න වුණා. මට නිතරම රිතූ ආකර්ෂා අක්කා මගේම අක්කා කෙනෙක් වගේ ළඟින්ම සිට සහයෝගය දුන්නා. ඒ වගේම පාලිත අංකල්, දෙනුවන් අයියාත් නිතරම සහයෝගය දුන්නා. ටෙලි නාට්‍යයේ වැඩකටයුතු කරන අතරතුර හැමෝම සමඟ හිතවත් වුණා.

–              යොවුන් රංගන ශිල්පිනියක් ලෙස ක්ෂේත්‍රයට පිවිසෙන්නට බලාපොරොත්තුවෙන් සිටින කෙනෙකුට ඔබ දෙන පණිවුඩය කුමක්ද?

බොහෝ විට ඇතැම් අය රංගන ක්ෂේත්‍රය හොඳ නෑ කියනවා. නමුත් ක්ෂේත්‍රය තුළ නිවැරැදි ලෙස ඉන්නවා නම් දිගු ගමනක් යන්න පුළුවන්. තමන්ගේ හැකියාවන් වැඩිදියුණු කර ගන්න පුළුවන් හොඳ ක්ෂේත්‍රයක්. විශේෂයෙන් ගායනය සහ නර්තනය වගේ හැකියා දියුණු කරගන්න පුළුවන්. ගොඩක් වෙලාවට අපිව වට්ටන්න එන අය ඉන්නවා. ක්ෂේත්‍රයට එන ඕනෑම කෙනෙක් ඒවායෙන් සැලෙන්නෙ නැතිව ඉදිරියට යනවා නම් ක්ෂේත්‍රයේ රැඳෙන්න පහසුයි.

–              ඔබ රංගනයේදී තෝරා ගැනීමට වඩාත් කැමැති චරිත ගැනත් මතක් කළොත්?

මම රංගන ක්ෂේත්‍රයට තවම නවකයෙක්. මම බොහෝ විට මට ලැබෙන චරිත කරන්න කලින් ඒ චරිතය මට ගැළපෙනවාද කියලා බලලා තමයි තෝරා ගැනීම් සිදු කරන්නේ.


–              ඔබ විලාසිතාවලට කැමති කෙනෙක්ද? ඔබ කැමති විලාසිතා ගැනත් සඳහන් කළොත්?

ඔව්. මම විලාසිතාවලට කැමතියි. නමුත් රැල්ලට විලාසිතා කරන කෙනෙක් නෙමෙයි මම. මට ගැළපෙනවා කියලා හිතෙන විලාසිතා පමණයි මම සිදු කරන්නේ.

–              ඔබේ පවුල, පාසල, ජීවත් වන ප්‍රදේශය සහ ඉදිරි අනාගත බලාපොරොත්තු ගැනත් මතක් කළොත්?

මගේ පවුලේ මමයි, අම්මයි, තාත්තායි ඉන්නේ. මගේ පාසල කැලණිය ශාන්ත පාවුලු බාලිකා විද්‍යාලය. පාසලේ ගුරුවරුන් සහ යහළුවන් හොඳයි. ඔවුන් මට නිතර  අධ්‍යාපන කටයුතු සඳහා සහයෝගය ලබා දෙනවා.

මම ජීවත් වන්නේ කැලණිය ප්‍රදේශයේ. මගේ අනාගත බලාපොරොත්තු ගැනත් මතක් කළොත් අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය හොඳින් කරගෙන අධ්‍යාපන කටයුතුත් ඉදිරියට හොඳින් කරගෙන යන්න තමයි බලාපොරොත්තුව.

ටී. නිපුනි සමෝද්‍යා වත්තෙගම

 

[MUSIC]_$type=carousel$count=4$cols=4$cate=0

[ON LOCATION]_$type=left$va=0$count=3

[BOLLYWOOD]_$type=right$va=0$count=3

[CHIT CHAT]_$type=three$count=3$h=360$author=hide$comment=hide$date=hide

[FRESHERS]_$type=carousel$count=5$cols=4$cate=0$h=360

[GOSSIP]_$type=three$count=3$h=360$rm=hide$author=hide$comment=hide$date=hide

[STAR TALKS]_$type=three$count=3$h=360$author=hide$comment=hide$date=hide

Name

accident,1,BestCovers,1,bollwood,4,Bollywood,22,ChitChat,15,Cinema,19,Cinematic,7,Dance,5,Fashion,9,Featured,1,Freshers,6,Gossip,43,HotPoses,22,Interview,18,MoviePremieres,11,Music,11,News,27,on location,2,Photos,10,StarTalks,6,Trending,4,TV,35,Video,12,
ltr
item
Star Gossip - BottomLine Media Networks (Pvt) Ltd.: මම රැල්ලට විලාසිතා කරන කෙනෙක් නෙමෙයි
මම රැල්ලට විලාසිතා කරන කෙනෙක් නෙමෙයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiYYNL-rUVnC2QW9Z8uhuFjnhuwG62DMus1FuT1snpvWzMp3KPUUzjLoreTpU-iEzZZGG-MWoLHP_3MKRkysnDyolwYY4SI0rMtkKVXDQzQ-ULV_nVrClAvMuoXUcho91s55hdsdukxyH3y0xn-wBYKDo4oJJAQ-4ZKnrvfzjekEH-KzDZGs5SP94uy/s16000/275606941_653329265971850_13957422312967444_n.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiYYNL-rUVnC2QW9Z8uhuFjnhuwG62DMus1FuT1snpvWzMp3KPUUzjLoreTpU-iEzZZGG-MWoLHP_3MKRkysnDyolwYY4SI0rMtkKVXDQzQ-ULV_nVrClAvMuoXUcho91s55hdsdukxyH3y0xn-wBYKDo4oJJAQ-4ZKnrvfzjekEH-KzDZGs5SP94uy/s72-c/275606941_653329265971850_13957422312967444_n.jpg
Star Gossip - BottomLine Media Networks (Pvt) Ltd.
https://stargossip.bottomline.asia/2022/08/01-risoni-lesanya-interview-mahaviru-pandu-.html
https://stargossip.bottomline.asia/
https://stargossip.bottomline.asia/
https://stargossip.bottomline.asia/2022/08/01-risoni-lesanya-interview-mahaviru-pandu-.html
true
3404992472536326279
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL View Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU CATEGORY ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS PREMIUM CONTENT IS LOCKED STEP 1: Share to a social network STEP 2: Click the link on your social network Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy Table of Content