$type=grid$count=5$meta=0$sn=0$rm=0$show=home

[TV]_$type=carousel$count=24$cols=7$cate=0$space=10$show=home

ඒ ආදරය ලබා ගන්න ඇය ඕනෑම දෙයක් කරන්න පෙළඹෙනවා.

  නයෝමි තක්ෂිලා කියන්නේ වේදිකාව තුළින් පුංචි තිරය ජයගත් දක්ෂ රංගන ශිල්පිනියක්. රන්තිලිවැවේ අහිංසකාවිය මුතුමැණිකා වුණු ඇය නීලපබළුහි නපුරු පූජ...

 


නයෝමි තක්ෂිලා කියන්නේ වේදිකාව තුළින් පුංචි තිරය ජයගත් දක්ෂ රංගන ශිල්පිනියක්. රන්තිලිවැවේ අහිංසකාවිය මුතුමැණිකා වුණු ඇය නීලපබළුහි නපුරු පූජා. මේ දිනවල විකාශනය වන අඳුන්ගිරේ පත්මා තවත් භූමිකාවක්. උත්පලවන්නා කියන්නේ ඊට හාත්පසින්ම වෙනස් කෙනෙක්.

 

ඕනෑම චරිතයකට ආරූඪ වීමේ අපූරු හැකියාවක් ඇය සතුයි. හැබැයි නයෝමි කොළඹට එන්නෙ නම් නිළියක් වෙන්න හිතාගෙන නෙවෙයි.

 

මේ ඇය සති අන්ත පුවත්පතකට ඇගේ රංගන ජීවිතය ගැන කිව්ව විශේෂ කතාව.

 

අනුරාධපුර නෙල්ලිකුලම වගේ දුෂ්කර ගමක ඉපදුණ මං 2013 වසරේ ටවර් හෝල් නාට්‍ය හා රංග කලා පාසලට ඇතුළත් වෙන්නේ නාට්‍ය හා රංග කලාව උපාධිය හදාරලා ගුරුවරියක් වෙන්න. මුල්ම අවුරුදු 2 අපි ඩිප්ලෝමා එක කරන්න ඕන. 


ඒ අවුරුදු දෙකේ කිසිම බාහිර දේකට සම්බන්ධ වෙන්න බෑ. ඒක නීතියක්. ඊට පස්සෙ‍ ඩ්‍රාමා ස්කූල් එක ඇතුළෙදි තමයි මම වේදිකා නාට්‍යවලට සම්බන්ධ වුණේ. එහිදී කටාහක, මුහුදු ලිහිණියා, චීස් යන කෙටි නාට්‍ය වගේම හිනාවෙලා මිනිත්තුවක්, සිල්ගත් බිල්ලෝ, හිස්තැනක් යන දිගු නාට්‍යවලටත් සම්බන්ධ වුණා. 


වේදිකාව හරහා මට ගොඩක් දේවල් ඉගෙන ගන්න ලැබුණා.”

 

නයෝමි හා හා පුරා කියා පුංචි තිරයට පා තබන්නේ සමීර හසුන් අධ්‍යක්ෂණය කළ ‘මීදුම් අම්මා’ ටෙලි නාට්‍යයෙන්. 


ඇයට මුලින්ම රඟපාන්න ලැබුණේ මහා නිළි රැජින මාලනී ෆොන්සේකා සමඟින්. එය ආධුනිකයෙකුට ලැබෙන දුර්ලභ අවස්ථාවක්.

 

මට වේදිකාව අලුත් තැනක් නොවුණට කැමරාව ඉදිරියේ රංගනය අලුත්ම අත්දැකීමක් වුණා. මාලනී ෆොන්සේකා වගේ දැවැන්ත චරිතයක් එක්ක රඟපාන්න ලැබීම ම ලොකු අත්දැකීමක්. සෙට් එකට යද්දි මාව වෙව්ලන්න ගත්තා. 

එතුමිය මගේ බය නැති කළා. කැමරාවට මුහුණ දෙන්නෙ කොහොමද? රඟපාන්නෙ කොහොමද? Close Up එකක්, Wide Shot එකක් කරන්නෙ කොහොමද? මේ හැම දේම මට කියලා දුන්නා. එදා බය වෙලා මං පස්සට ගියා නම් අද මං මෙතන නැති වෙන්න තිබුණා. එතුමියගේ උපදෙස් ගුරුහරුකම් මට ලොකු පහසුවක් වුණා”

 

2015 යෞවන නාට්‍ය උළෙලේ හොඳම නිළිය, 2016 රාජ්‍ය නාට්‍ය උළෙලේ හොඳම නිළියට නිර්දේශ වීම, 2019 සුමති සම්මාන උළෙලේ ජනප්‍රිය නිළිය ලෙසින් ලැබු සම්මාන ඇයගේ ගමනට ශක්තියක් වූ බවයි ඇගේ අදහස. මේ දිනවල සිරස ටීවී ඔස්සේ විකාශනය වන නීලපබළු ටෙලි නාට්‍යයේ පුජා ඇයව ජනප්‍රියත්වයේ හිනිපෙත්තටම ඔසවා තැබූ චරිතයක්.

 

පූජා කියන්නේ අද සමාජය නියෝජනයක්. පූජාගේ දිහා මතු පිටින් බැලුවම පේන්නේ නපුරුකම විතරයි. ඒත් ගැඹුරින් විශ්ලේෂණය කළොත් ඇය ඒ තත්ත්වෙට පත්වෙලා තියෙන්නෙ ඇයි කියලා. ඒක ලොකු සමාජ ගැටලුවක්. ඕනෑම දරුවෙකුට කුඩා කාලයේ ලැබිය යුතු මවුපිය සෙනෙහස ඇයට අහිමි වුණා. තරුණ වියේදීත් පණ වගේ ආදරය කරන අභිමන්ගේ ආදරය අහිමි වෙනවා. ඒක ඇයට දරාගන්න බෑ. ඒ ආදරය ලබා ගන්න ඇය ඕනෑම දෙයක් කරන්න පෙළඹෙනවා.

 



ළමා වියේදී මවුපිය සෙනෙහස අහිමි වන දරුවන් මේ වගේ තත්ත්වෙට පත්වෙනවා. මං හොයලා බැලුවා. ඇත්තටම මේ වගේ අය ඉන්නවා. එක් රසිකාවියක් මටම මැසේජ් කළා මමත් මේ වගේ කියලා.


නීලපබළු තමයි මගේ රංගන ජීවිතේ හැරවුම් ලක්ෂ්‍යය වුණේ. මගේ උපාධිය සම්පූර්ණ කරන්න ට්‍රේනින් ඉල්ලුම් කරන්න තියෙද්දි තමයි මේක ලැබුණේ. එතනදි මට තෝරගන්න සිද්ද වුණා. ටීචින් ද රඟපෑම ද කියලා. අන්තිමට මං රඟපෑම තෝරගත්තා. දැන් මගේ උපාධිය සම්පූර්ණයි. අගෝස්තු මාසේ මං ට්‍රේනිං ඉල්ලුම් කරනවා.”

 

පූජාගේ චරිතය ගලාගෙන යන්නෙ ආදරය අපේක්ෂාවෙන්මයි. නයෝමිටත් ඒ ආදරය දැනිලා ඇති.

හැමෝම කැමතියි ආදරේ කරන්න. ආදරේ ලබන්න. ඉතින් මාත් කැමතියි අවංක ආදරයකට.

පූජගෙන් මිදෙන්න බැරි තරමට මාත් පූජට බද්ධ වෙලා. මිනිස්සු මාව දකින්නෙත් පූජා විදියට. සමහර තැන්වලදී මට කනට ඇහිලා තියෙනවා මිනිස්සු කියනවා. අම්මෝ මෙයා හරි නපුරුයි. කතා කරන්නත් බයයි කියලා. ඒත් මං නපුරු කෙනෙක් නෙවෙයි”

 

නයෝමි කියන්නේ Fashion කරන්න ගොඩක් කැමති කෙනෙක්. අලුත් අලුත් විලාසිතාවලින් හැඩවන ඇයගේ ඡායාරූප අන්තර්ජාලයේ ඕනෑ තරම්.

 

මම Fashion කරන්න ගොඩක් කැමතියි, මට ගැළපෙන විදියට. Shoping යන්නත් ආසයි. මං තාමත් ආස ගමේ කෑම කන්න.”

නිහතමානි දක්ෂ නිළියක් වන නයෝමි තක්ෂිලා තමන්ට උදවු කළ අය සිහිපත් කරන්නත් අමතක කළේ නැහැ.

 

මුලින්ම මගේ මවුපියන්ට, මාව ඩිග්‍රිය කරන්න යොමු කළ මගේ යෙහෙළිය රුවනිට වගේම ඩ්‍රාමා ස්කූල් එකේ සම්පත්, සමන් සහ ඩග්ලස් සිරිවර්ධන ගුරුවරුන්ටත් ලලිත් වසන්ත ඇතුළු නීලපබළු කණ්ඩායමටත් ස්තුති කරන්න මං මේක අවස්ථාවක් කරගන්නවා.

 


මං මේ ක්ෂේත්‍රයට ආවේ යමක් ඉගෙන ගෙන. ඒ නිසා ගොඩක් තැන්වලදි මට ගනුදෙනු කරන්න පහසු වුණා. මොකද මේකෙ ඉන්නෙ දැනුම තියෙනව අය. හරි දෙයක් දැනගෙන ආවම හරි මඟ යන්න පුළුවන්”

 

නාමලී ගමගේ

[MUSIC]_$type=carousel$count=4$cols=4$cate=0

[ON LOCATION]_$type=left$va=0$count=3

[BOLLYWOOD]_$type=right$va=0$count=3

[CHIT CHAT]_$type=three$count=3$h=360$author=hide$comment=hide$date=hide

[FRESHERS]_$type=carousel$count=5$cols=4$cate=0$h=360

Logo

[GOSSIP]_$type=three$count=3$h=360$rm=hide$author=hide$comment=hide$date=hide

[STAR TALKS]_$type=three$count=3$h=360$author=hide$comment=hide$date=hide

Name

accident,1,BestCovers,1,bollwood,7,Bollywood,31,ChitChat,18,Cinema,28,Cinematic,9,Dance,6,Fashion,18,Featured,1,Freshers,5,Gossip,61,HotPoses,22,Interview,24,MoviePremieres,13,Music,23,News,40,on location,2,Photos,15,StarTalks,18,Trending,6,TV,51,Video,12,
ltr
item
Star Gossip - BottomLine News: ඒ ආදරය ලබා ගන්න ඇය ඕනෑම දෙයක් කරන්න පෙළඹෙනවා.
ඒ ආදරය ලබා ගන්න ඇය ඕනෑම දෙයක් කරන්න පෙළඹෙනවා.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgLCyLa6pS3RsSomE0x6Fbp0cKBbFPY2_y_fK6y00hgnj8RlKDyQ8WyqwP9txNfdYpqFsQK12lUdEdZJFLUW5-GRegPw7vuvZeWANte8fbbHYd16qNicduIWRwSsYLZ_0aZVrMvQ4tUmbxLperKL1xFueNO_s8zDLVZElz8yoZmcoBLqnUzYHBnvLzD/s16000/275251339_521276379358648_2298530858917310963_n.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgLCyLa6pS3RsSomE0x6Fbp0cKBbFPY2_y_fK6y00hgnj8RlKDyQ8WyqwP9txNfdYpqFsQK12lUdEdZJFLUW5-GRegPw7vuvZeWANte8fbbHYd16qNicduIWRwSsYLZ_0aZVrMvQ4tUmbxLperKL1xFueNO_s8zDLVZElz8yoZmcoBLqnUzYHBnvLzD/s72-c/275251339_521276379358648_2298530858917310963_n.jpg
Star Gossip - BottomLine News
https://stargossip.bottomline.asia/2022/08/01-nayomi-thakshila-chitchat-darama.html
https://stargossip.bottomline.asia/
https://stargossip.bottomline.asia/
https://stargossip.bottomline.asia/2022/08/01-nayomi-thakshila-chitchat-darama.html
true
3404992472536326279
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL View Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU CATEGORY ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS PREMIUM CONTENT IS LOCKED STEP 1: Share to a social network STEP 2: Click the link on your social network Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy Table of Content