ජනප්‍රිය රංගන ශිල්පී ජැක්සන් ඇන්තනි ගැන විශේෂ තොරතුරක් දැනගන්නට ලැබුණා. ඒ් ඔහුගේ වත්මන් සෞඛ්‍ය තත්වය ගැනයි. අනතුරින් පසු ජැක්සන් ඇන්තන...
ජනප්‍රිය
රංගන ශිල්පී ජැක්සන් ඇන්තනි ගැන විශේෂ තොරතුරක් දැනගන්නට ලැබුණා.
ඒ් ඔහුගේ
වත්මන් සෞඛ්‍ය තත්වය ගැනයි.
අනතුරින්
පසු ජැක්සන් ඇන්තනී මහතා සැලකිය යුතු මට්ටමකින් සුවය ලබා සිටි අතර නැවත වරක්
සිහිසුන්ව ඇති බවත් මේ වන විට ස්වසන යන්ත්‍ර පද්ධතියක ආධාරයෙන් ප්‍රතිකාර ලබාදෙන
බවත් ඔහුගේ තත්වය රූපවාහිනියට විස්තර කරමින් සිනමාවේදී සෝමරත්න දිසානායක මහතා
පැවසීය.
සාකච්ඡාවකට එකතු වෙමින් සෝමරත්න දිසානායක මහතා මෙසේ කීය.
“ශල්‍යකර්මයට පස්සේ ජැක්සන්ට සිහිය ආවා.
ඔහු මා එක්ක කතා කළා.
මගේ චිත්‍රපටිය ගැනත් කතා කරා. එක සම්පූර්ණ කතාවක් නෙමෙයි.ඔහු පුළුවන් විදිහට කතා
කළා.
එහෙන් මෙහෙන් බට ගහලා
නිසා ජැක්සන්ට හරියට කතා කර ගන්න බැරි වුණා. මම ඒ වෙලාවේ කිව්වේ මට ඉන්නේ එක
සිංහයයි ඒ සිංහයා නැගිටලා එනකම් මම බලාගෙන ඉන්නවා කියලයි. ඒ වෙලාවේ ජැක්සන්ගේ ඇස්
දෙකට කඳුළු ආවා මාත් මගේ කඳුළු පාලනය කරගෙන හිටියා.
මට තියෙන ප්‍රශ්නෙ
තමයි එච්චර හොඳට සිහිය ආපු ජැක්සන්ට ආයෙ සිහිය නැතුව ගියා.දැනට ජැක්සන් සිහිසුන්ව
තමයි ඉන්නේ.දැනට ඔහු හුස්ම ගන්නේ ස්වසන යන්ත්‍ර ආධාරයෙන්.ඒක ඒ තරම් සුව තත්ත්වයක්
කියලා අපි හිතන්නේ නැහැ”