$type=grid$count=5$meta=0$sn=0$rm=0$show=home

[TV]_$type=carousel$count=24$cols=7$cate=0$space=10$show=home

පවුලේ අකැමැත්ත මත විවාහ වුන නිසා පරපුරෙන් අයින් කලා - මිශෙල්

ඇය රංගන කේෂ්ත්‍රයෙහි පෑයූ තවත් එක් දක්ෂ, නවක රංගන තාරකාවියක්. ඇය නමින් මිශෙල් ජයරත්න. ජාතික රූපවාහිනි නාළිකාවේ විකාශය වන “ඉර හඳ පායන ලෝකය” ට...





ඇය රංගන කේෂ්ත්‍රයෙහි පෑයූ තවත් එක් දක්ෂ, නවක රංගන තාරකාවියක්.
ඇය නමින් මිශෙල් ජයරත්න.

ජාතික රූපවාහිනි නාළිකාවේ විකාශය වන “ඉර හඳ පායන ලෝකය” ටෙලි නාට්‍යයේ “බතී”ගේ චරිතයට පණ පොවන්නේද ඇයයි.

ඇගේ රංගන ජීවිතය ගැන සති අන්තපුවත් පතකට ඇය කිවූ විස්තරය මෙන්න මෙහෙමයි.


‘ඉර හඳ පායන ලෝකය’ ටෙලි නාට්‍යය වෙනස්ම කතා තේමාවක් රැගත් නිර්මාණයක් නේද?

ඔව්. ජාතික රූපවාහිනි නාළිකාවේ විකාශය වන දයාරත්න රටගෙදර මහතාගේ අධ්‍යක්ෂණයක්. සමුද්‍රා හික්කඩුව මහත්මිය සමඟ ශ්‍රී නාත් ආර්ල් සිල්වා මහතාගේ නිෂ්පාදනයක්. පිටපත් රචනය සෝමවීර සේනානායක මහතාගේ. සම්මානනීය, ප්‍රවීණ තිරපිටපත් රචකයකු වන එතුමාගේ අවසන් ටෙලි නාට්‍ය තිර පිටපත මෙයයි. ඇත්තටම මෙම ටෙලි නාට්‍යය මට වෙනස්ම අත්දැකීමක්. පෘතුගීසීන් ලංකාව ආක්‍රමණය කළ යුගයේදී එනම්, දැනට අවුරුදු 1,600කට පමණ පෙර ලංකාව තුළ තිබූ වාතාවරණයත්, උඩරට සහ පහතරට මිනිසුන් එකට එක්කාසු වී කෝලහාල කරමින් පෘතුගීසීන්ව රටින් පන්නා දැමීමට දරන උත්සාහය කතාව තුළ හරි අපූරුවට ඉස්මතු කොට පෙන්වනවා.

නිර්මාණය සඳහා ඔබට ආරාධනා ලැබුණේ කොහොමද?

මෙම ටෙලි නාට්‍යයට නවක චරිතයක් සොයන අතරතුරදී ටී.වී. දෙරණ නාළිකාවේ විකාශය වූ “දියණි” පෝය ටෙලි චිත්‍රපටයේ මා කළ චරිතය දැකලා තමයි මට ආරාධනා ලැබුණේ. ඇත්තටම දියණි ටෙලි චිත්‍රපටයේත් මා කළ චරිතයට ඉතා හොඳ ප්‍රතිචාර ලැබුණා.

බතී වැල්ලේ ගැහැනියක් නේද?

ඔව්. බතී මුහුදුකරයේ ජීවත් වන කාන්තාවක්. උඩරට පළාත්වාසියකු වන මගේ සැමියා, පවුලේ අකැමැත්ත මත මා සමඟ විවාහ වන නිසා ඔහුව ඔහුගේ උඩරට පරපුරෙන් නෙරපා හරිනවා. කාලයාගේ ඇවෑමෙන් මුහුදුකරයට පෘතුගීසි තර්ජන එල්ලවීමත් සමඟ බතී ඇගේ සැමියාගේ උඩරට වෙසෙන නෑදෑයෝ සොයා සැමියා සමඟ උඩරටට පැමිණෙනවා. කතාව ඉදිරියට ගලායන්නේ ඒ අයුරින්. බතී වැනි චරිතයක් මට ලබාදුන්නාට විශේෂයෙන්ම නාට්‍යයේ සියලුම දෙනාට ස්තූතිවන්ත වනවා.

එවැනි චරිතයක් නිරූපණය කිරීම ඔබට අභියෝගයක් වුණේ නැද්ද?

ඇත්තටම එය විශාල අභියෝගයක්. බතී ලෙහෙසි පහසු චරිතයක් නොවේ. මේ කතාව සාමාන්‍ය ජීවන රටාවෙන් ඔබ්බට ගිය අවුරුදු 1,600ක් පමණ එපිට ජීවත් වූ මිනිසුන්ගේ කතාවක්. ඔවුන් කතාබහ කරන, හැසිරෙන, අඳින පලඳින ආකාරය පවා අදට සාපේක්ෂව ගොඩක් වෙනස්. මෙහි රූගත කිරීම් පවා සිදු කළේ අනුරාධපුර, ගල්ලමුව පැත්තේ. ඒ පරිසර, දේශගුණය සමඟ කාලය ගතකරන්නට ලැබීමත් වෙනස්ම අත්දැකීමක්. මෙතෙක් මා කළ අන් චරිතවලට සාපේක්ෂව බතී වෙනස්ම චරිතයක්. ඒ තුළින් මා විශාල අත්දැකීම් සමුදායක් ලබාගත්තා. මා මේ චරිතය සාර්ථකව කරගෙන යන්නේ, අධ්‍යක්ෂවරයා ඇතුළු නිර්මාණයට දායක වූ සියලු පිරිසගේ උදවු උපකාරය මතයි.




ඔබ හාස්‍යමය රංගනයටත් දක්ෂයි නේද?

සිරස නාළිකාවේ විකාශය වන “අමරබන්දු රූපසිංහ” ටෙලි නාට්‍යයේ එපිසෝර්ඩ් එකකට පමණක් සම්බන්ධ වුණා. එහිදී අධ්‍යක්ෂවරයාට අවශ්‍ය වුණේ හාස්‍යමය රංගනයට මා තුළ ඇති දක්ෂතා හඳුනා ගැනීමයි. මා මීට පෙර හාස්‍යමය රංගනයට සම්බන්ධ වී නැහැ. එම රංගනය මා සාර්ථකව කළා කියා සිතනවා. නාළිකාව සහ අධ්‍යක්ෂවරයා පවා එහිදී මා සාර්ථක වූ බවත්, ඉදිරියේදී තවත් එපිසෝර්ඩ් කිහිපයකටත් කතා කරන බවද පැවැසුවා.

ඔබ කලාවට අවතීර්ණ වූයේ කෙසේද?

ගිය වසරේ දෙරණ නාළිකාවේ අවුරුදු කුමාරිය තරගයේ 2 වැනි ස්ථානය මා දිනාගත්තා. ඉන්පසුව සුසිලා කෝට්ටගේ මහත්මිය සහ සංගීත් සතරසිංහ අයියා සමඟ “පොරොන්දම” නම් පොහොය ටෙලි චිත්‍රපටයෙහි ප්‍රධාන චරිතයට සම්බන්ධ වුණා. ඉන්පසුව ධරණි ටෙලි නාට්‍යයේ අමායාගේ චරිතයත්, තවත් පෝය ටෙලි චිත්‍රපටයක් වන “දියණි” නාට්‍යයේ ප්‍රධාන චරිතයත් නිරූපණය කළා. ඉන් අනතුරුව දැනට රූගත කිරීම් සිදුකොට ඇති “විදු” නම් අලුත් ටෙලි නාට්‍යයේ “මිෂෙල්”ගේ චරිතය ලැබුණා. ඉදිරියේදී එයත් දැක ගන්න පුළුවන්. විදු ටෙලි නාට්‍යයේ මිෂෙල්ගේ චරිතය සැබෑ ජීවිතයේ මගේ චරිතයට අතිශය සමානයි. එයින් පසුවයි ඉර හඳ පායන ලෝකය ටෙලි නාට්‍යයට සම්බන්ධ වුණේ.

මිෂෙල් රංගනයට එන්න ආසාවෙන් සිටි අයෙක්ද?

 ඔව්. ඇත්තටම මට අවශ්‍ය වුණේ අවුරුදු කුමරියක් වීමෙන් පසු රංගන කේෂ්ත්‍රයට පැමිණීමට. ඒ සඳහා මා උත්සාහ කළා. පළමුවැනියා වීමට නොහැකි වුණත් රංගන කේෂ්ත්‍රය තුළ අද මා යම් තැනකට පැමිණ සිටිනවා. ඒ පිළිබඳ නිහතමානී සතුටක් තිබෙනවා.

ඔබ චරිත තෝරා ගනිමින් රංගනයේ යෙදෙන අයෙක්ද?

 යම් චරිතයක් තෝරා ගැනීමේදී ඒ පිළිබඳ වැඩිදුර සිතා බලා තෝරා, බේරාගෙන මට ගැළපෙන යමක් කළ හැකි චරිත පමණක් භාර ගැනීමට නිතරම උත්සාහ කරනවා. එසේ නැතිව ලැබෙන සෑම චරිතයම භාර ගන්නේ නැහැ. මෙතෙක් මා කළ සියලුම චරිත එකිනෙකට වෙනස්. ඒකාකාරී චරිත නිරූපණයකට කොටුවෙන්න මම කැමැති නැහැ. මට අවශ්‍ය විවිධාකාරයේ චරිත හරහා මගේ දක්ෂතාවන් ප්‍රේක්ෂකයන් ඉදිරියට ගෙන ඒමටයි.

ප්‍රවීණයන්ගෙන් ලැබෙන සහයෝගය කොයි  වගේද?

මුලින්ම රංගනය ආරම්භ කළේ සුසිලා කෝට්ටගේ මහත්මිය සමඟ. ඇත්තටම එදා නම් රංගනයට සම්බන්ධ වුණේ ලොකු චකිතයකින් සහ බියකින්. නමුත් රංගනය සම්බන්ධව එතුමියගෙන් මා බොහෝ දේ් ඉගෙන ගත්තා. මා ලද සෑම නාට්‍යයකදීම, සෑම චරිතයකදීම හමුවූ ප්‍රවීණයන් සමඟ මා සුහදව කටයුතු කළා. ප්‍රවීණයන් සමඟ නවකයන්ට කටයුතු කිරීම තරමක් අපහසු යැයි ඇතැමුන් පැවසුවද, මා සිතන්නේ බහුතරයක් ප්‍රවීණයන් ඉතා කාරුණිකයි. ඔවුන් අප නොදත් දේ බොහෝ විට ඉතාම සුහදව හා කාරුණිකව අපට කියා දෙමින් උදවු උපකාර කරනවා. කලාව ඉදිරියට යෑමට අලුත් පරපුරක් බිහිවිය යුතුයි. මට හමුවූ ප්‍රවීණයන් නිතරම අප හට සහයෝගය ලබා දුන්නා හැර කකුලෙන් ඇද දමන්නට උත්සාහ කළේ නැහැ. එවැනි ප්‍රවීණයන් සමඟම වැඩ කරන්නට හැකිවීම මා ලද වාසනාවක්.



කේෂ්ත්‍රය තුළදී කැපිලි කෙටිලිවලට මුහුණ දීලා නැද්ද?

තමන් යන ගමනේදී කැපිලි කෙටිලි කියන දේවල් සාමාන්‍යයෙන් ඕනෑම කෙනකුට ඇති විය හැකියි. මටත් ඒවාට මුහුණ දෙන්නට සිදුවිය හැකියි. නමුත් මුහුණට කවුරුත් ඒ වගේ දේවල් කරන්නේ නැහැ. මට වැදගත් වන්නේ මම යන ගමන සාර්ථක කර ගැනීම පමණයි. ඒ වෙනුවෙන් තමයි මම නිතරම මහන්සි වෙන්නේ. කැපිලි කෙටිලි කියන දේ මට අදාළ නැහැ.

සිනමාවට සම්බන්ධ වුණේ නැද්ද?

චිත්‍රපටයකටත් ආරාධනා ලැබුණා. නමුත් ඒ මොහොතේදී රංගනය පිළිබඳ තවත් හැදෑරීම් කළ යුතුයි කියන දේ සිතුණු නිසාත්, එකල මගේ අරමුණ අවුරුදු කුමාරියක වීම නිසාත් මා එම ආරාධනාව භාර ගත්තේ නැහැ. ඇත්තටම මා රසිකයන් අතරට යා යුත්තේ රංගනය පිළිබඳව හොඳ අවබෝධයකින් යුතුව බව මා තේරුම් ගත්තා. එනිසා මගේ දක්ෂතාවන් හඳුනාගෙන රංගනය පිළිබඳ වැඩිදුර යමක් ඉගෙන ගැනීමෙන් පසුව ප්‍රේක්ෂකයන් අතරට පැමිණිය හොත් ඔවුනට වඩාත් සාර්ථක යමක් දිය හැකියි යන්න මා විශ්වාස කරනවා. 

පවුලේ විස්තරත් කියමු?

මම පවුලේ එකම දරුවා. ගෙදර ඉන්නේ අම්මයි තාත්තයි මමයි. මගෙ පාසල කොළඹ 06, ශාන්ත ලෝරන්ස් කන්‍යාරාමය. මගේ ගෙවල් දෙහිවල.

දිනූෂා මනෝරි නිශ්ශංක

[MUSIC]_$type=carousel$count=4$cols=4$cate=0

[ON LOCATION]_$type=left$va=0$count=3

[BOLLYWOOD]_$type=right$va=0$count=3

[CHIT CHAT]_$type=three$count=3$h=360$author=hide$comment=hide$date=hide

[FRESHERS]_$type=carousel$count=5$cols=4$cate=0$h=360

Logo

[GOSSIP]_$type=three$count=3$h=360$rm=hide$author=hide$comment=hide$date=hide

[STAR TALKS]_$type=three$count=3$h=360$author=hide$comment=hide$date=hide

Name

accident,1,BestCovers,1,bollwood,7,Bollywood,31,ChitChat,18,Cinema,28,Cinematic,9,Dance,6,Fashion,18,Featured,1,Freshers,5,Gossip,61,HotPoses,22,Interview,24,MoviePremieres,13,Music,23,News,40,on location,2,Photos,15,StarTalks,18,Trending,6,TV,51,Video,12,
ltr
item
Star Gossip - BottomLine News: පවුලේ අකැමැත්ත මත විවාහ වුන නිසා පරපුරෙන් අයින් කලා - මිශෙල්
පවුලේ අකැමැත්ත මත විවාහ වුන නිසා පරපුරෙන් අයින් කලා - මිශෙල්
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjRcyDqNgJdKguWe7Y4LQwDOk86fI9JkLK-Un_HT2hcyNoJqaE--ki5L7HNBwGiefg_VT1-M6B_3UskyT65c9b6BbANQ6xr5FmwB6c6PqdzFDACCpOEFWoSUOJISki4962kRRHUY49Qzv2LvlVaEY5p9-N5GROwYHl53mpIEC3x_b29WAiVYvx3ydXi/s16000/293973159_602099661320151_2086962100856475835_n.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjRcyDqNgJdKguWe7Y4LQwDOk86fI9JkLK-Un_HT2hcyNoJqaE--ki5L7HNBwGiefg_VT1-M6B_3UskyT65c9b6BbANQ6xr5FmwB6c6PqdzFDACCpOEFWoSUOJISki4962kRRHUY49Qzv2LvlVaEY5p9-N5GROwYHl53mpIEC3x_b29WAiVYvx3ydXi/s72-c/293973159_602099661320151_2086962100856475835_n.jpg
Star Gossip - BottomLine News
https://stargossip.bottomline.asia/2022/07/27-mishelle-jayarathne-actress-interview-.html
https://stargossip.bottomline.asia/
https://stargossip.bottomline.asia/
https://stargossip.bottomline.asia/2022/07/27-mishelle-jayarathne-actress-interview-.html
true
3404992472536326279
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL View Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU CATEGORY ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS PREMIUM CONTENT IS LOCKED STEP 1: Share to a social network STEP 2: Click the link on your social network Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy Table of Content