ලෝකය පුරාම නිර්මාණය වෙන හොලිවුඩ් , බොලිවුඩ් , කොලිවුඩ් , ටොලිවුඩ් වගේ විවිධ සිනමා නිර්මාණ කියන්නෙ අපි හැමෝම හරිම කැමැත්තෙන් රසවිඳින කළා කෘ...
ලෝකය පුරාම
නිර්මාණය වෙන හොලිවුඩ්, බොලිවුඩ්, කොලිවුඩ්, ටොලිවුඩ් වගේ විවිධ සිනමා නිර්මාණ
කියන්නෙ අපි හැමෝම හරිම කැමැත්තෙන් රසවිඳින කළා කෘතීන්.
මේ හැම
නිර්මාණයක් බලලා හමාර වෙද්දී ඒ නිර්මාණයට අදාලව එක් චරිතයක් අපේ හිතේ නවතිනවා.
එහෙම නවතින අය
අතරේ නිළියන් සුවිශේෂී වෙනවා.
ඉතින් මේ කියන්න
හදන්නේ ඒ සිනමා නිර්මාණ වල පෙනී සිටින නිලියන්
අතරිනුත් සරාගී බවින් ඉහලම නිලියන් විදිහට සැලකෙන නිළියන් කිහිපදෙනෙක් ගැනයි.
අද අපි උඩින්ම
ඉන්න කිහිපදෙනා ගැන කියන්නම්.
මේ අතර ඔයා
කැමති කෙනා ඉන්නත් පුළුවන්.
1. ඊවා ග්‍රීන් (Eva Green)
1980 වසරේ ඉපදුන
ඊවා. මේ වනවිට 42 වන වියේ
පසුවෙනවා.
ඇය ප්‍රංශ
ජාතික නිලියක් සහ නිරූපණ ශිල්පිනියක්.
Evaගේ මවත් ප්‍රංශ
ජාතික නිලියක්.
ඇය නමින් Marlène
Jobert
Eva මුලින්ම චිත්‍රපට
ක්ෂේත්රයට ඇතුලත් වෙන්නෙ The Piano Teacher (2001) කියන චිත්‍රපටය හරහායි.
එදා ඉදන් අද වෙනකල් විවිධ සිනමා නිර්මාණ, රූපවාහිනී ටෙලිනාට්‍ය විශාල ගණනාවකට රංගනයෙන් දායක වෙලා තියෙනවා.
ඒ වගේම සම්මාන විශාල ප්‍රමාණයකට නාමයෝජනා
වෙලා ඒ අතරින් සම්මාන තුනක් දිනාගන්නත් සමත් වෙලා තියෙනවා.
කොහොමවුණත් වයස
අවුරුදු 40 ඉක්මවලා
හිටියත් ඇගේ පෙනුමේ තියෙන සරාගීබව නිසාම ඇය ලෝකයේ ඉන්න සරාගීම නිළියන් ලැයිස්තුවේ
ඉහලම තැනක රැඳී ඉන්න සමත්වෙලා තියෙනවා.
2. ඇන්ජලීනා ජොලී
(Angelina Jolie)
ඒ තරමටම ප්‍රසිද්ධ
නිලියක් තමයි Angelina කියල කියන්නෙ.
1975 උපන් ඇන්ජලීනාට
මේ වෙද්දී වයස අවුරුදු 47 ක්.
ඇගේ මුල්ම
සිනමා නිර්මාණය වෙන්නෙ 1993 වසරේ
නිෂ්පාදනය වුණු Cyborg 2 කියන චිත්‍රපටය.
එතන ඉඳලා මේ වෙනකොට නිර්මාණ රාශියකට රංගනයෙන්
දායක වෙලා තියෙන Angelina සම්මාන
කිහිපයකුත් ලබාගන්න සමත්වෙලා තියෙනවා.
වයසින් වැඩි
වුණත් ලස්සනේ කිසිම අඩුවක් නැති Angelina ලෝකයේ ඉන්න සරාගීම නිලියන් අතරින් කෙනෙක් කියන කාරණාව එක්කනම්
කිසිම කෙනෙක් එකඟ නොවී ඉන්න එකක් නැහැ.
3. මේගන් ෆොක්ස් (Megan
Fox)
Megan Fox කියන්නෙත් අපිට
බොහොම හුරුපුරුදු නමක්.
ඇය ඇමරිකානු
ජාතික නිලියක්.
ඇයට මේ වෙද්දි වයස
අවුරුදු 36 ක්.
ඇය අපි හැමෝම දන්න
Transformers ඇතුළු චිත්‍රපට
ගණනාවකට රංගනයෙන් දායක වෙලා තියෙනවා.
ඇය රංගනය ආරම්භ
කරන්නේ 2001 වසරේ ඒ Holiday in the Sun (2001) කියන චිත්‍රපටය හරහා.
චිත්‍රපට, ටෙලිනාට්‍ය, වීඩියෝ ගේම් සහ ගීත රූපරචනා රැසකට
රංගනයෙන් දායකත්වය ලබාදීලා තියෙන Megan සරාගී බව ඉහළින්ම තියෙන සුන්දර
නිලියක් බවට නම් කිසිම විවාදයක් නැහැ.
නමුත් කොයිතරම්
සුන්දර පෙනුමකට හිමිකම් කිව්වත් ඇය තමන්ගේම ශරීරයේ අඩුපාඩු දකින body
dysmorphia මානසික රෝගී තත්වයෙන් පෙලෙන බවත්
කියවෙනවා.