$type=grid$count=5$meta=0$sn=0$rm=0$show=home

[TV]_$type=carousel$count=24$cols=7$cate=0$space=10$show=home

වාහනේ ලොකු නිසා දැන් හිමින් ඩ්‍රයිව් කරනවා. - විනූ

විනූ සිරිවර්ධන දැන් රංගනයත් එක්ක දකින්න ලැබෙන්නේ නැති තරම්. ඒ වුණාට ඈ නිවේදිකාවක් විදිහට දැක ගන්න ලැබෙනවා. ඒ හද රැදි පැය තුළින්. විවාහයත් එක...




විනූ සිරිවර්ධන දැන් රංගනයත් එක්ක දකින්න ලැබෙන්නේ නැති තරම්. ඒ වුණාට ඈ නිවේදිකාවක් විදිහට දැක ගන්න ලැබෙනවා. ඒ හද රැදි පැය තුළින්. විවාහයත් එක්ක ස්වයං වාරණ ජීවිතයට දාගෙන ඉන්න ඈ එක්කත් ඇගේ ආදරණීය සැමියා කසුන් ලියනගේ එක්කත් කතාබහ කරන්න අපි කල්පනා කළා. අපි බලමු මේ දෙන්නා ඒ දෙන්නා ගැන මොනවද කියන්නේ කියලා.

 

l විනූව දකින්නම නැහැනේ, ඒ මොකද ..?

අලුත් නිර්මාණ වලට ආරාධනා නම් කරනවා. නමුත් එක දවසේ රූගත කිරීම් කරන නිර්මාණ වලට සම්බන්ධ වෙනවා. ටෙලි සිනමාවලට වගේ. ඊට අමතරව හද රැදි පැය කරනවා. ටීවී වැඩසටහන් වලට කතා කළොත් යනවා. එච්චරයි . කාර්‍යබහුල වෙන්න කැමති නැහැ. ඒක තමයි හේතුව

 

l එහෙම නැත්නම් විවාහයත් එක්ක ස්වයං වාරණ දාගෙන ද ඉන්නේ..?

ඒකට ස්වයං වාරණයක් කිව්වට වරදක් නැහැ . හේතුව මගේ සැමියා බොහෝම කාර්‍යබහුල කෙනෙක්. එයා උසස් පෙළ ළමයින්ට විෂයන් දෙකක් උගන්වන ගුරුවරයෙක්. එයාගේ කාර්‍යබහුලකම එක්ක මමත් කාර්‍යබහුල වුණොත් අපට පවුල් ජීවිතයක් නැති වෙයි. එයාගේ කාර්‍යබහුලකම මම ඇත්තටම අත්වින්දේ විවාහයට පස්සේ. මම හිතුවෙත් නැහැ මෙච්චර මෙයා කාර්යයබහුල වෙයි කියලා. පවුලක් කියන්නේ වගකීමක් . මම ඒ වගකීම සීමා දාගෙන ඉටු කරනවා. සතුටින්

 

l ඒ කියන්නේ විනූ හොද බිරිදක්..?

බිරිඳක් විදිහට මම සාර්ථක කෙනෙක් කියලා මගේ යාළුවොත් කියනවා. හොඳ සැමියෙක් ලැබිලා ඉද්දී මම කැප කිරිම් කරන එක සාධාරණ යි. එයා මට නිදහස දිලා තියෙනවා. නමුත් සල්ලි හම්බ කරන්න රඟපාන්න මහන්සි වෙන්න එපා කියලා කසුන් කියනවා. මම සල්ලී හම්බ කරනවා ඔයා සතුටින් ඉන්න ඔයා කැමති දේ කරන්න කියනවා. විවාහ වෙන්න කලින් මම බොහෝ නිර්මාණ වලට සම්බන්ධ වුණා . දැන් මේ විදිහ හොදයි. කොහොමත් මම පවුල් ජීවිතය අංක එක කරගත්ත කෙනෙක්

 


l බොහෝ දෙනෙක් කියනවා ජනප්‍රිය අයගේ පවුල් ජීවිතය අවුල් වෙන්නේ ජනප්‍රියත්වය පස්සේ හඹා යන කර්‍යබහුලකම නිසා කියලා ..?

කාර්‍යබහුලකම විතරක් නෙමෙයි, දෙන්නාට දෙන්නා අතර අවබෝධය තියෙන්න ඕන. අපි දෙන්නා ක්ෂෙත්‍ර දෙකක වුණත් අපි කරන දේවල් ගැන අපිට අවබෝධයක් තියෙනවා. ප්‍රශ්නයක් නොවෙන්න අපි වගබලා ගන්නවා. මට නම් ජනප්‍රියත්වය හා නිර්මාණ වලට වඩා පවුල වැදගත්

 

l විනූට දැන් රසට උයන්නත් පුළුවන් ද..?

ඉස්සර නම් උයන්න බැහැ. කොරෝනා මුල් කාලේ මම ගෙදරට වෙලා එක එක කෑම හැදුවා. දැන් උයන්න පුළුවන් ඒවා රසයි කියලා කසුන් කියනවා. එයාගේ යාළුවන්ට කියනවා මම හදන කෑම රසයි කියලා. එයාලා කසුන්ට විහිළු කරනවා ‘විනු ළඟ ඉන්න නිසා බොරු කියනවා‘ කියලා. ඉතිං එයාලට ගෙදරට එන්න කියනවා කෑමට. එතකොට මම තමයි කෑම හදන්නේ. අලුත් ගෙදරට ආව මුල් කාලේ මගේ වැඩේම කෑම හදපු එක. ඒ ගෙදරට එන අයට කන්න දෙන්න

 

l කසුන් කියන්නේ සාමාන්‍ය ජීවිතයක් ගත කළ කෙනෙක් , විවාහ වෙන්නේ නැහැ කියන තීරණයේ හිටපු කසුන්ව කොහොම හරි වෙනස් කරා නේද ..?

එයාගේ කාර්‍යබහුල ජීවිතේ එක්ක පවුල් ජීවිතයක් ගත කරන්න බැරි වෙයි කියලා හිතලා තමයි එයා විවාහය ප්‍රතික්ෂේප කරලා තියෙන්නේ, ගෙදරින් ගෙනා හැම යෝජනාවකටම බැහැ කියලා . කොහොම හරි මට කැමති වුණා. මම හිතනවා ඒක මගේ වාසනාව කියලා . මට හරියටම එයාව ගැළපෙනවා. සමහර පවුල්වලට එකතු වෙන බෑණා එයාගේ පවුල් ජීවිතේ ගැන විතරයි හිතන්නේ. නමුත් කසුන් මගේ පවුලේ අයට වගේම එයාගේ පවුලේ අයටත් ලැදියි. උදව් කරනවා. එයාට උදව් කරන්න මිනිස්සුන්නේ තරාතිරම වැදගත් නැහැ. ඒ වගේම කොච්චර කාර්‍යබහුල වුණත් මට දක්වන ආදරේ කරුණාව, ආරක්ෂා වෙන් අඩුවක් නැහැ

 

l එච්චර සරල මනුස්සයෙක් කොහොමද විනූ වගේ ජනප්‍රිය චරිතයක් විවාහ කරගත්තේ‍..?

මම විවාහ වෙන්නේ නැහැ කියන ස්ථිර තීරණයේ හිටපු කෙනෙක්. නමුත් මගේ යාළුවෙක්ගේ මාර්ගයෙන් විනූව හදුනා ගන්න පුළුවන් වුණා. ඒ වෙද්දී මම විනූ සිරිවර්ධන කියන නම අහලා තිබ්බට එයා නිළියක් කියලා හෝ දැකලා මතකයක් තිබ්බේ නැහැ. කෙටියෙන් කිව්වොත් මම පොඩි කාලේ ඩ්‍රමා බැලුවට පස්සේ බලපු කෙනෙක් නෙමෙයි. නමුත් මෙයාව දැකලා කතා කරාට පස්සේ මගේ හිත වෙනස් වුණා. මුල්ම දවසේ අපි පාන්දර තුන විතර වෙනකල් කතා කළා. මොනා කතා කරාද මන්දා. කොහොම හරි හිත වෙනස් වුණා අපි දෙන්නට මේ ජීවන ගමන ගෙනියන්න පුළුවන් කියලා හිතුණා. පස්සේ විවාහ වුණා. ඇත්තටම නිළියක් නිසා මගේ අදහස වෙනස් වුණා නෙමෙයි .

 


l මුලින්ම කවුද ආදරේ ප්‍රකාශ කළේ..?

දෙන්නගෙන් කවුරුත් ආදරේ ප්‍රකාශ කළේ නැහැ . අපි මුණගැහෙද්දි දෙන්නම හිටියේ අවබෝධය ක් තියෙන වයස් සීමාවේ. අපි දෙන්නාට තේරුණා අපි ආදරේ කරනවා කියලා .

 

l විවාහයෙන් පස්සේ බොහෝ දෙනෙක් සැමියාගේ වාසගම භාවිතා කරනවා, විනූ තවමත් සිරිවර්ධන, ලියනගේ කියන කොටස ඇයගේ නමට එකතු වෙන්නේ නැද්ද ?

විනු රංගන ශිල්පිණියක් වෙන්නේ කැමරාව ඉදිරියට විතරයි , එයා මගේ බිරිඳ . මගේ බිරිඳ විදිහට ඇයට හානියක් නොවී ජීවත් වෙන්න මම නිදහස දීලා තියෙනවා. වාසගමත් ඇය කැමති නම් ලබා ගනියි. මම කැමතියි එයා එයා විදිහට ජීවත් වෙනවා නම්. අනිත් එක විනූ ලියනගේ කිව්වොත් කාටවත් මතකයට එන එකක් නැහැ . හැමෝම දන්නේ සිරිවර්ධන නේ.

 

*විනූට නීති රීති දාන්නෙම නැද්ද ..?

අපි දෙන්නා අශ්‍රය කරන්න පටන් ගන්නකොටම මම එක දෙයයි කිව්වේ. ඒ චරිත තෝරා බේරා ගෙන රගපාන්න කියලා විතරයි . ඕන වෙලාවක මම එයාට උදව් කරනවා.

 

l විනූට වටිනාකමෙන් වැඩි වාහනයක් අරන් දුන්නේ එයා නිළියක් නිසා සමාජයේ කැපිපේන්න ඕන නිසා කිව්වොත් ..?

මම මට පුළුවන් උපරිම දේ කළා. මම කාලයක් කැමැත්තෙන් හිටියා මිනි කූපර් එකක් එලවන්න. මට බැරි වුණු නිසා මම විනූට අරන් දුන්නා. මට ඒ වෙලාවේ මුල්‍ය වටිනාකම නෙමෙයි දැනුණේ එයාගේ සතුට. ඒ වෙනකොට එයාට හරියට ඩ්‍රයිව් කරන්න වත් බැහැ . ඒ වාහනෙන් තමයි පුරුදු වුණේ. එයා හයියෙන් ඩ්‍රයිව් කරනවා. ඊට පස්සේ මම කලින් අරන් දුන්නු වාහනේ විනූට හොරෙන් විකුණලා අලුත් ලොකු වාහනයක් අරන් දුන්නා. ඒකත් එයාගේ උපන් දිනේට. එයාගේ අයියා ඒ වැඩේට මට හරියට උදව් කළා එයාව සප්‍රයිස් කරන්න .

 

l දැන් පරිස්සමින්ද ඇය වාහනය පදවන්නේ..?

වාහනේ ලොකු නිසා දැන් හිමින් ඩ්‍රයිව් කරනවා. අස්සෙන් මුල්ලෙන් දාන්න බැහැ නේ. පාරේ යන වාහන වලට බැන බැන යනවා හයියෙන් ඩ්‍රයිව් කරන්න බැරි නිසා. ඒ වගේම මිල අධික නිසා ආදරේ වැඩියි පරිස්සමත් තියෙනවා .

 

l බොහෝ පිරිමි පාර්ශවයට බිරිදගේ උපන් දිනේ විවාහ සංවත්සර දින අමතකයිනේ විනූගේ විශේෂ දවස් එහෙම අමතක කරලා බැනුම් අහලා නැද්ද ..?

අපි විවාහ වෙලා අගෝස්තු 28ට අවුරුදු දෙකක් වෙනවා. අවුලක් නැහැ උපන් දිනේ අමතක වුණොත් ගූගල් ගහලා හොයා ගන්නවා .

කොහොමත් එයා පොඩ්ඩක් එහාමෙහා වුණු ගමන් ටැප් එක ඇරගත්තා වගේ අඩනවා. හොදම උදාහරණයක් කියන්නම් ළඟදි වුණු. අපි කට්ටියක් එක්ක කෝච්ච්යේ ට්‍රිප් එකක් ගියා. කෝච්ච්‍ යේ යද්දී තේ බිව්වා. එයා හිටපු තැනට ටිකක් ඈතින් මම තේ එක බිබී හිටියේ. තේ එක ටිකක් අල්ල ගන්න මට කතා කරලා. මට ඇහුණේ නැහැ. එයාගේ ඇගේ තේ එක හැලිලා. මෙයා අඩනවා හැමෝම බලනවා විනූ ඇයි අඩන්නේ කියලා. අන්තිමට ඒකේ වැරැද්ද ත් මගේ පිටින් ගියා. උපන් දිනේ අමතක වුණොත් කොහොම තියෙයිද

ඒවා කොහොම වුණත් විනූ කියන්නේ හරිම ආදරණීය බිරිදක්. මට මම විදිහට ජීවත් වෙන්න ඉඩ දීලා පවුල් ජීවිතේ වෙනුවෙන් කැප කිරිම් කරන කාන්තාවක් ඇය. නිළියක් කියලා පවුල අමතක කරලා ජීවත් වෙන කෙනෙක් නෙමෙයි .

කසුන් ඒ විදිහට විනූ ගැන කතා කරද්දී පුංචි පවුලට අලුත් සාමාජීකයෙක් එකතු කරගන්න බලාපොරොත්තුවෙන්ද ඉන්නේ කියලා විනුගෙන්ම අහලා මේ කතාබහ අවසන් කරන්න හිතුවා, ඒ ප්‍රශ්නයට විනූ දුන්නේ මෙහෙම උත්තරයක්,

දරුවෙක් හදන්න අපි දෙන්නට නම් හදිස්සියක් නැහැ . නමුත් විවාහ වෙලා අවුරුදු දෙකක් ගත වෙන්න යන නිසා කසුන්ගේ අම්මා බලාපොරොත්තු වෙන් ඇති කියලා හිතනවා. ඒ ගැනත් හිතනවා.

 


 උපුටා ගැනීම - සිළුමිණ පුවත්පත

[MUSIC]_$type=carousel$count=4$cols=4$cate=0

[ON LOCATION]_$type=left$va=0$count=3

[BOLLYWOOD]_$type=right$va=0$count=3

[CHIT CHAT]_$type=three$count=3$h=360$author=hide$comment=hide$date=hide

[FRESHERS]_$type=carousel$count=5$cols=4$cate=0$h=360

[GOSSIP]_$type=three$count=3$h=360$rm=hide$author=hide$comment=hide$date=hide

[STAR TALKS]_$type=three$count=3$h=360$author=hide$comment=hide$date=hide

Name

accident,1,BestCovers,1,bollwood,4,Bollywood,22,ChitChat,15,Cinema,19,Cinematic,7,Dance,5,Fashion,9,Featured,1,Freshers,6,Gossip,43,HotPoses,22,Interview,18,MoviePremieres,11,Music,11,News,27,on location,2,Photos,10,StarTalks,6,Trending,4,TV,35,Video,12,
ltr
item
Star Gossip - BottomLine Media Networks (Pvt) Ltd.: වාහනේ ලොකු නිසා දැන් හිමින් ඩ්‍රයිව් කරනවා. - විනූ
වාහනේ ලොකු නිසා දැන් හිමින් ඩ්‍රයිව් කරනවා. - විනූ
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhMJapNj1yHs9knF1-b0C_q_VpQUzqtszA4bn12siBdvZCrMYwE4VzBjGWIA6-LsOWEbf5zVrmhRD2CmfOpf75dkX9qlJpWUvhDgz9WzH-Rp3f-mpKvpiFex4fuJr5q6_A-pHPpTpzWPOLadyd2GoA9AmivxdMxXGJ1khCHqCkzeBgP8xbAR-c4IE1W/s16000/vinu6.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhMJapNj1yHs9knF1-b0C_q_VpQUzqtszA4bn12siBdvZCrMYwE4VzBjGWIA6-LsOWEbf5zVrmhRD2CmfOpf75dkX9qlJpWUvhDgz9WzH-Rp3f-mpKvpiFex4fuJr5q6_A-pHPpTpzWPOLadyd2GoA9AmivxdMxXGJ1khCHqCkzeBgP8xbAR-c4IE1W/s72-c/vinu6.jpg
Star Gossip - BottomLine Media Networks (Pvt) Ltd.
https://stargossip.bottomline.asia/2022/07/17-vinuudanisiriwardane-familylife-vehical-.html
https://stargossip.bottomline.asia/
https://stargossip.bottomline.asia/
https://stargossip.bottomline.asia/2022/07/17-vinuudanisiriwardane-familylife-vehical-.html
true
3404992472536326279
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL View Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU CATEGORY ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS PREMIUM CONTENT IS LOCKED STEP 1: Share to a social network STEP 2: Click the link on your social network Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy Table of Content